ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 17, 2017

මොනවා වුනත් සිරිධම්ම කියන මේ දේවල් ඇත්ත....!!!

සියලූ භික්‍ෂුන් වහන්සේලාට අද දේශපාලන පක්ෂ ඇති නිසා ගෞතම බුදුන් වහන්සේ දේශනා කල දහම පිළිබඳව කතා කිරිමට කිසිවෙක් නැති බව දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්මජාත හිමියෝ පවසති.
බුදුගල ජිනවංශ හිමියන් විසින් බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ  වෙත යොමු කර ඇති ලිපියට පිළිතුරැ ලිපියක් යෝමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටිති.
අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.

ගරු විජේදාස රාජපක්ෂ ,
බුද්ධ ශාසන හා අධිකරණ අමත්‍යාංශය,
අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
ගරු ඇමතිතුමනි,
ආගමික සංහිදියාව හා හෙල බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමිගේ නිරුවත
2017 03 16 දින ගරු විජේදාස රාජපක්ෂ  වෙත බුදුගල ජිනවංස හිමි විසින් යොමු කරන ලද ලිපිය හා බැඳේ. ජිනවංස හිමි විසින් පල කරන ලද ලිපියට පිළිතුරු සැපයීම සඳහා පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පුජ්‍ය වත්තල ධම්ම ජාත වන මා තෝරා පත්කරන ලදී.
මා මුලින් බුදුගල ජිනවංස හිමිට උගන්වන පළමු උපදේශය නම් යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳව නිවැරදිව කරුණු සොයා බලා ඔබේ මතය සමාජයට යොමු කිරීමය, එසේ නොමැති කමින් සිදුවන්නේ මෙලෙස අසුචි බාල්දි තම හිස මත පෙරලා ගැනීමය.
පළමු කරුණ තුලින් උන්වහන්සේ (බෞද්ධයන් අතර සංහිදියාව ගැන ප්‍රශ්න කරන කිසිවෙක්  මෙවැනි ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ මන්ද?)  යනුවෙන් පවසයි. අපට ඇති ප්‍රශ්නනම් උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරන්නේ කටින් ද නැතිනම් වෙනයම් තැනකින්ද යන්නයි. පසුගිය අවු 5ක කාලය ඇතුලත අප ආරාමයට භික්ෂුන්  කණ්ඩායමක් පහර දුන්හ, එසේම පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් හිමියන් දම් දෙසුමකට ගාල්ල පෝද්දල ප්‍රදේශයට වැඩම කල විට භික්ෂුන් පිරිසක් පහර දුන්හ, එලෙසම පසුගිය මස තුල නැවත පිළියන්දල ප්‍රදේශයේද මැර භික්ෂුන් කණ්ඩායමක් පහර දුන්හ. අපට ඇති ගැටලුව නම් මෙකිසිවක් උන්වහන්සේ තොත්ත බබෙක් මෙන් නොදැන මෙලෙස අදහස් පැවසීමයි.
මෙම ම්ලේච්ඡ ක්‍රියා සම්බන්ධයෙන් අප පැමිණිලි කලද මේවනවිටද මේ සම්බන්ධව මෙම රටෙහි කිසිඳු
ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකා පොලිසිය හෝ බුද්ධ සාසන අමාත්‍යාශය හෝ කිසිඳු  නීතියක් ක්‍රියාත්මක කොට නොමැති වීම මෙරටෙහි ආගමික සංහිඳියාව දැයි මා ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ද විමසමි.
පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ දේශනා කරන හෝ යම් වැඩපිළිවෙලක දෝෂයක් තිබේ නම් බුදුගල ජිනවංස හිමියන් කල යුත්තේ ඍජුව උන්වහන්සේ හා ඒ පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමය. නමුත් එවැනි ඍජු කශේරුකාවක් උන්වහන්සේට නොමැති බව උන්වහන්සේ පල කල ලිපිය මගින් තහවුරු වේ. ඕනෑම කෙනෙකුට දර්ශනයක් මතවාදයක් දැරිය හැක. එහි යම් දෝෂයක් ඇතිනම් කල යුත්තේ තමුන්ගේ අසරණකම නොහැකියාව කුහකකම  සඟවා ගැනීම පිණිස හතර වටේ ලිපි යැවීම නොව, අදාළ පාර්ශවය සමග සාකච්ජා කිරීමය. අප දන්නා බුදු දහම නම් එයයි. අංගු-නි ඨාන සුත්‍රයේ සඳහන් වන්නේ සාකච්චාවෙන් ප්‍රඥාව දතයුතු මිස, බුද්ධ සාසන අමාත්‍ය වරයාට හෝ වෙනයම් පාර්ශවයන් වෙත ලිපි යැවීමෙන් ප්‍රඥාව දතයුතු නොවන බව මා උන්වහන්සේට මතක් කර දෙමි.
එසේම බුදුගල ජිනවංස හිමිගේ මහා පරික්ෂන, නිරීක්ෂණ, නිගමන අනුව පෙනී ගොස් ඇත්තේ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේගේ ක්‍රියාකලාපය ශාසනික පරිහානියට දැඩි බලපෑමක් ඇති කරන්නක් බවයි.
මා හට බුදුගල ජිනවංස හිමිගෙන් විමසීමට ඇත්තේ
  1. සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ සිව්ර ඔලුවේ ඔතාගෙන පොලු මුගුරු ගෙන මහා පාරේ උද්ඝෝෂණ කලාද ?
  2. සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ සමස්ත මානව චින්තනය තුලට අන්තවාදී වෛරී කුහක මතවාද පොවමින් දෙපිරිසක් අතර ගැටුම් නිර්මාණය කරමින් ජාතිය ආගම වනසමින් මිනි මරා ගැනීමට සැලස්සුවාද ?
  3. උන්වහන්සේ හොර කම්,මැර කම් ජඩ වැඩ, අපචාර කලාද?
එසේම මා බුදුගල ජිනවංස හිමිගෙන් තවදුරටත් විමසන්නේ,
  1. මෙතෙක් සම්බුද්ධ සාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඔබවහන්සේ කල යුතුකම් මොනවාද ?
  2. ඔබවහන්සේ මෙව්වෙන විට ආරාම කොපමණ නිමවා තිබේද ?
  3. ශිෂ්‍යයන් කී නමක් පැවිදි උපසම්පදා කොට තිබේද ?
  4. කී දෙනෙකුට ධර්මාවබෝධය පිණිස ඒ උතුම් ප්‍රත්‍යක්‍ෂ මාර්ගය දේශනා කොට තිබේද ? එසේනම් ඔවුන් සිටින්නේ කොහෙද?
  5. මිනිසුන් අන්‍යාගමිකරණය ගැන පම්පෝරි ගසන ඔබවහන්සේ ඒ දිළිඳු පවුල් වල ළමුන් කී දෙනෙකුට පොත්පත් ශිෂ්‍යත්ව දී තිබේද? කී දෙනෙකුට නිවෙස් තනා දී තිබේද ?
  6. නසික ප්‍රශ්න ඇති මිනිසුන් කී දෙනෙකුගේ එම ප්‍රශ්න විසඳා සුවපත් කර තිබේද
  7. බවහන්සේ පිණ්ඩපාතේ වඩිනවාද? පාත්ත්‍රයේ දානේ වළඳනවාද? ඔබවහන්සේ පොහොය විනය කර්ම කරනවාද? ඇවැත් දෙසනවාද ? දෙපට සිව්ර භාවිතා කරනවාද
  8. අඩුම තරමේ ඔබවහන්සේ වස් සමාදන් වන හා පවාරණය කරන කර්ම වාක්‍ය දන්නෙහිද? උදේ සවස වත පිරිත දේශනා කරනවාද ? ඔබ වහන්සේට සතර බණවර කට පාඩම් ද?
  9. භික්ෂුන් වහන්සේලා අතර වර්ගවාදී, කුල වාදී, ගෝත්‍රවාදී අදහස් මුල් බැහැලා, එසම්බන්ධයෙන් ඔබවහන්සේ මෙ අකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍යතුමා දැනුවත් කර තිබේද?
  10. පසුගිය වසර තුල ඇතැම් භික්ෂුන් ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මත්ද්‍රවය අලෙවිය හා නොයෙකුත් මැර ක්‍රියා, නිදන් හැරීම් හා බේබදු කම් වල නිරත වූ අකාරය අප දුටුවෙමු. නමුත් ඔබ වහන්සේ ඒ ගොන්වහන්සේලා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? ( ඔබවහන්සේලාගේ කන්ඩායමේ සිටින වැද්දා මුවා මැරුවත් තලගොයෙක් මැරුවත් ඔබවහන්සේලාට කම් නැත, නමුත් අනෙකෙක් මදුරුවෙක් මරනවා දුටු විට ඔබවහන්සේලාට හරියට රිදෙන බව මෙහි ඇතුලාන්තයේ ඇති සත්‍යයි.)
බුදුගල ජිනවංස හිමියනි.
සසුන වෙනුවන් යමක් කල යුතු නම්, කල යුතු එකම දෙය එක එක අයට ඉර්ශියා කරමින් කුහක කම් කරමින් දුෂ්ඨ කම් කරමින් යටිකුට්ටු කම් කරමින් හතරවටේ ලිපි ලිය ලිය ප්‍රදර්ශනය කරන එක නොවෙයි. තම තමුන්ට හැකි උපරිම ධාරිතාවෙන් හා ශක්තියෙන් සම්බුද්ධ සාසනය හා සමස්ත මානවයා වෙනුවෙන් කටයුතු කිරීමය. ඉහත කී සියල්ල අප විසින් මනාව ඉටු කොට ඇත , ඉදිරියටද අප එය තවත් පුළුල් අන්දමින් කරන්නෙමු.
සිරි සදහම් ආරාමයේ සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ යටතේ උපසපන් භික්ෂුන් වහන්සේලා 21 නමක් හා භික්ෂුණින් වහන්සේලා 20 නමක් පැවිදිව ඒ විමුක්ති මාර්ගය වඩයි, ධර්මය හදාරයි, පිඬුසිගා වඩි, පොහොය විනය කර්ම කරයි. එසේම සිරි සදහම් ආශ්‍රමය මෙරටෙහි බුද්ධ ප්‍රඥප්තීන්ට අනුකුලව වැඩිම විනයක් හා ශික්ෂණයකින් යුතු භික්ෂුන් වහන්සේලා හා භික්ෂුණින් වහන්සේලා වැඩ සිරින එකම අරාමයයි. තවද මැල්සිරිපුර පුර ප්‍රදෙශයේ අක්කර 55 ක භූමියක් ඔස්සේ නව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ඉදි කොට ආරාම කුටි නිවමා ඇත. අවට දිළිඳු පවුල් වල ළමුන් 450ක් සඳහා නොමිලේ පොත් පත් ලබා දෙමින් නව පාසලක් ආරම්භ කොට ඇත. එසේම අඩු අදායම් ලාභී පවුල් සඳහා කිරි ගම්මානයක් ඉදි කොට ඇත. ආරාම භුමිය තුල වස විසෙන් තොර නැවුම් එළවලු හා පලතුරු වගා කොට පරිබෝජනය සඳහා ඔවුනට ලබාදීමට කටයුතු කොට ඇත. එසේම වකුගඩු රෝගීන් හා අක්ෂි රෝගීන් හට වෛද්‍ය සායන පැවැත්වීමට කටයුතු කොට ඇත. නිවෙස් නැත්ත වුනට නිවෙස් තනා දී ඇත.
ඔබවහන්සේට එය නිරීක්ෂණය කිරීමටය අවශ්‍ය නම් Link – 01 02 03 04 05  06
ඔස්සේ ඔබට දැක ගත හැක. නමුත් ඔබවහන්සේලා සම්බුද්ධ සසුන හා මෙරටෙහි මිනිසුන් වෙනුවෙන් කල කිසිවක් නැත. කල එකම දෙය බුද්ධ ප්‍රඥප්ති උල්ලංගනය කරමින් විවිධ දේශපාලන මත ඔලුවේ කරපින්නාගෙන නොයෙකුත් දේශපාලන පක්‍ෂ හා දේශපාලඥයන්ට කඩේ යමින් යමෙක් යහපත් දෙයක් කරනවිට කුහක කමින් ඔහුට අකුල් හෙලා විනාස කිරීමය.
ඇත්තෙන්ම දැන් ගෞතම බුදුන් වහන්සේ දේශනා කල දහම පිළිබඳව කතා කිරිමට කිසිවෙක් නැත. මක්නිසාද සියල්ලන්ටම දේශපාලන පක්ෂ ඇත. ඉදින් ඔබවහන්සේලා වැනිහිවලුන්ට සම්මා දිට්ඨියක් කෙසේ පහල වන්නද? අත්තේනම් ඔබ වහන්සේ මේ සියල්ල සිදු කරන්නේ කිසිවක් නොදන්නා කමින් නොවන බවත් වෛරය හා කුහකකමින් බවත් අප ඉතා හොඳින් දනිමු. ඔබ වහන්සේ අප සම්බන්ධයෙන් තොරතුරු ගෙන ඇත්තේ 2014 වසරේ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින්වහන්සේගේ ජන්මදින පිංකම සම්බන්ධයෙන් ජාතික රුපවාහිනේයේන් දුෂ්ඨ සහ ද්වේශ සහගතව විකෘර්ති කරන ලද වීඩියෝපටයෙන් බව ඔබවහන්සේගේ facebook ගිණුම පරික්ෂා කරන ඕනෑම අයෙකුට දැක ගත හැක. ඇත්තෙන්ම හාමුදුරුවනේ ඔබ වහන්සේ තවම ජිවත් වන්නේ 2014 වසරේය. නමුත් මේ ගතවෙන්නේ 2017 වසර බව මා ඔබට මතක් කර දෙමි. අනෙක් කරුණ නම් සිරි සමන්තභද්‍ර හිමියන් ටී ෂර්ට් ඇඳි ජායාරුපය පසුගිය වකවානුව තුල ඔබවහන්සේලා තදින් විවේචනය කළහ. නමුත් දැන් දැන් ඔබවහන්සේත් ඒ අයුරින්ම ටී ෂර්ට් අඳිමින් ලොව පුරා සංචාරය කරන බව ඔබවහන්සේගේ facebook ගිණුම පරික්ෂා කරන ඕනෑම අයෙකුට දැක ගත හැක. එහි ප්‍රවේශ මෙහි දක්වා ඇත. (Link 0102)
අනෙක් කරුණ නම් භික්ෂුවකගේ විනය සම්බන්ධව ගිහියන්ට හෝ රාජ්‍ය තන්ත්‍රයට තීන්දු තීරණ ගත නොහැක. ඔබවහන්සේලා සිටින්නේ එ සඳහාය. ඔබවහන්සේ කලයුත්තේ ගිහියන්ගේ කලිසමට හෝ සුදු සරමට මුවා නොවී ඒ පිළිබඳව ඍජුව පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේගෙන් ප්‍රසිද්ධ සභාවක විමසීමය. අප කල සියල්ල බුද්ධ ප්‍රඥප්තීන් හා විනයට අනුකුලය. එසේ නොවෙන යම් තැනක් ඇත්නම් එය කරුණු සහිතව පෙන්වාදෙන මෙන් අප ඔබට අභියෝග කරන්නෙමු. අඩුම තරමේ ඔබවහන්සේ හට පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා  ස්වාමින්වහන්සේ කෙසේ වෙතත් අප ආරාමයේ සිටින භික්ෂුණින් වහන්සේ නමක සමග හෝ සංවාද කිරීමට නොහැක, මක්නිසාද ඔවුන්ද ධර්මයෙන් හා අවබෝධයෙන් සන්නද්ධය. එසේම පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින්වහන්සේ හට කිසිවෙකුට ඛණ්ඩනය නොකළ හැකි දර්ශනයක් ඇත. උන්වහන්සේ දිනෙන් දින ඉහලට එසවෙන්නේ උන්වහන්සේගේ දක්ෂතාවයෙන් හා පුණ්‍ය මහිමයෙන් විනා ඔබවහන්සේමෙන් අනෙකාට ඉරිසියාකම් කරමින් උගුල් අටවමින් යටිකුට්ටු පහත් වැඩ කර නොවේය. නමුත් ඔබවහන්සේට එවැනි දක්ෂතාවයක් හෝ පුණ්‍ය මහිමයක් නොමැත. මක්නිසාද සසර පුරාවටම බුද්ධාදී ආර්යන් වහන්සේලාට නින්දා හා අපහස කල බැවිනි. ඇත්තෙන්ම මෙය මුළු චිවරයටම නින්දාවකි. බුදුගල ජිනවංස හිමියනි, ඇත්තේන්ම ඔබවහන්සේ ධර්මය නොදන්නේ නම් කරුණාකර සමාජයට මෙවැනි විහිලු සපයන්නේ නැතිව සිව්රු හැර රැකියාවක් කරමින් ජිවත් වන්න. එසේ නොමැතිව ඔබවහන්සේලාගේ නොහැකියාව වසා ගනිමින් මෙලෙස රාජ්‍ය අනුග්‍රහය පතමින් පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් ස්වාමින් වහන්සේ මර්ධනය කිරීමට ගන්නා වෑයම නින්දිතය තුච්ජය සෝචනීයය. ඇත්තෙන්ම ඔබවහන්සේ මේවනවිටත් නිරුවත් වී අවසානය. මේසියල්ල සලකා බලන බුද්ධ සාසන අමාත්‍යංශයට නම්  ඔබවහන්සේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති මගේ හැගීමයි.
අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබවහන්සේ මේ කරන කුහක තුච්ජ නින්දිත පාහර ප්‍රතිපත්තියට එරෙහිව මා ඔබ වහන්සේට අභියෝග කරමි. කිසිදා අලි බිත්තර නොදාන බව හොඳින් මතක තබා ගන්න. මාධ්‍ය හා කට කතා තුලින් අලි බිත්තර දානවා කියුවිට එය විශ්වාස කරමින් මෙලෙස පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ දර්ශනය හා වැඩපිළිවෙල විවේචනය කරීම තුලින්ම ඔබවහන්සේගේ චින්තනයේ පළල ඔබවහන්සේගේ දැක්ම අප හට හිතා ගත හැක.
ගරු බුද්ධ සාසාන අමාත්‍යතුමනි, බුදුගල ජිනවංස හිමිවරු වැනි මෝඩයන්ගේ මෝඩ අදහස් වලට කන් යොමමින් තව දුරටත් ඔබතුමන්ගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු නොකර උන්වහසේට පැමිණ පුජනීය සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ සමග මුහුණට මුහුණ සාකච්චා කොට කරුණු කාරණා වටහා ගන්නා ලෙසත් එහි අවසාන තීරණය ඔබතුමා හට ලිඛිතව දන්වන ලෙසත් බුදුගල ජිනවංස හිමිට දන්වන මෙන් මා ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ වගට,
සිරිසදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්ම ජාත ස්වාමින්වහන්ස
පිටපත් 
බුදුගල ජිනවංස හිමි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.