පසුගිය සඳුදා (16) පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගැනීමට එහි මහ ඇමැතිනිය ජයලලිතා ජයරාම් සමත් වී ඇත. මෙම ජයග්‍රහණය සමග ඇය තවදුරටත් එම ප්‍රාන්ත මහ ඇමැතිනිය ලෙස රැඳී සිටිනු ඇත.
කේරල ප්රාන්තයෙන්ද කොංග්රස් පක්ෂය පරාජය වූයේ වාමාංශික ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජයගැනීම හේතුවෙනි. මෙහි ප්‍රතිඵල නිකුත් වීමත් සමග කොංග්රස් පක්ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනතාවගේ තීරණය පිළිගන්නා බවයි.
බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආසන 294කින් ආසන 217ක් ජය ගනිමින් මමාටා බැන්ර්ජිගේ ට්රයිනාමූල් කොංග්‍රසය ජයග්‍රහණය කර ඇත. මෙම ජයග්‍රහණය ප්‍රකාශ වීමත් සමග බැනර්ජී ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂය විසින් ප්‍රකාශයට පත්කළ සියලු බොරු ප්‍රචාර මහජනතාව පසෙක තබා ඇති බවයි.
තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234න් ඊයේ දහවල් වනවිට ජයලලිතාගේ පක්ෂය ආසන 130ක් හිමිකරගෙන ඇත. මෙය ප්‍රාන්ත පාලනය සඳහා අවශ්‍ය වන ආසන 118 ඉක්මවා ගොස් ඇති හෙයින් ඇයගේ ජය තහවුරු වී ඇත.
ජයලලිතාගේ සහ බැනර්ජීගේ ජයග්‍රහණ තහවුරු වීමත් සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඔවුනට දුරකථනයෙන් කතා කර සුබපැතුම් එක්කර ඇත. මෝදි එමගින් අසාම් තමිල්නාඩු, පුඩුචෙරි සහ කේරල ජනතාව මොවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ සහයෝගයටද ස්තුතිය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රාන්තවල දියුණුව සඳහා අවශ්‍ය සියලු දෑ සැපයීමට කැපවන බවට ප්‍රතිඥාවක්ද දී ඇත.