ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 30, 2019

මහනායක සිව්රෝ බදාගෙන කන සම්පත් එපා කීයු ආදර්ශමත් කිතුණු හිමිපාණෝ ....!!!

අගරදගුරුතුමෝ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරති...!!!  රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල්  රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ.
තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලීමක් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.      ‘‘ආරංචියක් ගියා  වෙඩි නොවදින රථයක් මට දුන්නා කියළා. එවැනි රථයක්  මට දීලා තියෙනවා. අනිත්  එක මට එහෙ මෙහේ යන්න එපා කියලත් කියලා තියෙනවා.
ආරක්ෂාව  සදහා යොදවලා තියෙන අය  ගෙනත් දෙන වාහනයකට මම නගිනවා. මම අහන්න  යන්නේ නැහැ මෙකට වෙඩි වදිනවද නැද්ද කියළා. ආරක්ෂකයින් ලබා දෙන වාහනයකින් මම මගේ ගමන යනවා. වෙඩි නොවදින රථයක් මට ලබා දුන්නා කියන ආරංචිය ලැබුණු විගස  මම එම රථය ප‍්‍රත්ක්ෂේප  කරලා ඒක රැගෙන යන ලෙසට දැනුම් දුන්නා. දැන් ඒක යවලා තියෙනවා.  ඒක ඉස්සරහට මම පාවිචචි කරන්නේ නැහැ.

කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රී තමයි මේක අරන් දෙන්න  ඕන කියලා තියෙන්නේ.  මම  කිවුවා මේක ආපහු  රැගෙන යන්න කියලා. මට සාමාන්‍ය වාහනයක ගිහින් ආරක්ෂාව සපය ගන්න පුළුවන්. ඒ ආරක්ෂාව  දෙවියන් වහන්සේ මට ලබලා දීලා තියෙනවා. ආරක්ෂාව නැතුව මොනව හරි හිරිහැරයක්  කරදරයක් වුනොත් ඒකටත් මුහුණ දෙන්න මම සූදානම්.
ජනතාවගේ සහ රටේ ආරක්ෂාව තමයි මෙතනදි  මට වඩා වැදගත් වෙන්නේ. මම කියන්නේ  එක පුද්ගලයෙක් විතරයි. මුළු ලංකාවේම  ජනතාව ආරක්ෂා කිරීම වැදගත් වන නිසා තමයි මම එවැනි පියවරක් ගත්තේ’’ යැයිද අගරදගුරුතුමා එහිදී පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.