ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, March 3, 2018

කාළකන්ණි පව්කාරයන් විසින් අපවත් කරවූ නාහිමි...!!!

සසුනඹර එකලු කල මිනි පහන නීවී යයි.. දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති…!!!
කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබේ.
අද අලුයම 04.00ට පමණ උන් වහන්සේ අපවත් වී ඇත්තේ කොලඹ පුද්ගලික රෝහලකදීය.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයෙන් පසු වූ උන් වහන්සේ ඇමරිකාවේ රෝහලකද නේවාසික ප‍්‍රතිකාර ගනු ලැබීය.

බලයේ සිටි සහ සිටින සිටි වළත්තු පාහරයන් කා දැමූ අප රටේ ආර්ථිකය...!!!

ජනතාව රවටමින් සිදු කරන මහා අපරාධයක්...!!!
  අවුරුදු 21 ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300 ක පාරිතෝෂිකයක්‌ (බෝනස්‌ මුදලක්‌) ගෙවන බව සිංගප්පූරු මුදල් ඇමැතිවරයා ඉකුත් දා නිවේදනය කළේය. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 7000 ක්‌ පමණ ) අතිරික්‌තයක්‌ ලැබී ඇති බවත් එහි ප්‍රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් පාර්ලිමේන්තුවේදී අයවැය ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ මුදල් ඇමැති හෙන්ග් ස්‌වී කීත් පවසා තිබිණි. ඒ අනුව ආදායම සිංගප්පූරු ඩොලර් 28,000 හෝ ඊට අඩු අගයක්‌ හෝ ගන්නේ නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස්‌ මුදලක්‌ද, ආදායම සිංගප්පූරු ඩොලර් 28,000- 100,000ත් අතර නම් එම පිරිසට සිංගප්පූරු ඩොලර් 200 ක බෝනස්‌ මුදලක්‌ද , ආදායම සිංගප්පූරු ඩොලර් 100,000 ඉක්‌මවන පිරිසට සිංගප්පූරු ඩොලර් 100ක බෝනස්‌ මුදලක්‌ද හිමි වේ. බෝනස්‌ මුදල ගෙවීමේදී සිංගප්පූරු රජයට සිංගප්පූරු ඩොලර් මිලියන 700ක පිරිවැයක්‌ දැරීමට සිදුවන අතර ජනතාවගේ ආදායම් තක්‌සේරු කිරීමෙන් අනතුරුව මෙම බෝනස්‌ මුදල ගෙවන බව වාර්තා වේ. මේ අනුව මේ වසර අවසන් වනවිට සිංගප්පූරුවේ ලක්‌ෂ 27 ක පිරිසකට මෙම බෝනස්‌ මුදල හිමිවනු ඇත.

මේ වළත්තු පාහරයන්ගේ හොරකම් තාම ඉවර නැතිලු...!!!

රනිල්, මලික්‌, වික්‍රම, චන්දිමාල් ‘මහපොළ’ටත් වැඩේ දීලා… බැදුම්කර මගඩියට සමවෙයි..!!!
බැඳුම්කර වංචාවට සමාන මූල්‍ය වංචාවක්‌ මහපොළ භාරකාර අරමුදලේත් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය.
ශිෂ්‍ය සුබසාධනය වෙනුවෙන් පිහිටුවා තිබෙන මහපොළ භාරකාර අරමුදලේ සිදුවී තිබෙන බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගත යුතු බවත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ උසස්‌ අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා වෙන් වුණු මුදල් මෙසේ වංචා කිරීම සම්බන්ධව වර්තමාන ආණ්‌ඩුව සෘජුව වගකිව යුතු බවත් පුබුදු ජයගොඩ  සඳහන් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ මූලස්‌ථානයේ 28 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී පුබුදු ජයගොඩ  වැඩිදුරටත් මෙසේද පැවසීය.
මහපොළ භාරකාර අරමුදල ආරම්භයේ සිට මේ දක්‌වාම මහපොළ භාරකාර අරමුදලේ පනතින්ම අයත්ව තිබුණේ වෙළෙඳ අමාත්‍යාංශයටයි. පසුකාලීනව නම් කළ විදිහට අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතේයි. 2015 සැප්තැම්බර් 21 නිකුත් කරපු ගැසට්‌ නිවේදනයකින් මහපොළ භාරකාර අරමුදල මලික්‌ සමරවික්‍රම අමාත්‍යවරයා යටතේ තිබෙන සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළා. මෙතරම් කාලයක්‌ පැවතුණු සම්ප්‍රදායක්‌ වෙනස්‌ කරන්න හේතුව ප්‍රශ්නයක්‌.

- ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු –

- ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු 
( රචනා /නිබන්ධන තරඟය )

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ
සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)


මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ සඳහන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු, චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය.

ඡන්දෙත් ඉවරයි පාරත් ඉවරයි....!!!

වනාතවිල්ලුව ප්‍රදේශයේ පුබුදුගම ධීවර ගම්මානයේ සිට රෙඩ්බානා ධීවර ගම්මානය දක්වා දිවෙන ඉපැරණි අම්බලම් ග්‍රාමිය මාර්ගය ගමනා ගමනයට අසීරූ ලෙසින් ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇතැයි ධීවරයින් ඇතුළු  ප්‍රදේශවාසීහු බලධාරින්ට චෝදනා එල්ල කරයි.
දැනට වසර 15ට පමණ කාලයකට පෙරාතුව බොරළු යොදා පිළිසකර කර තිබූ මෙම ග්‍රාමිය පටු මාර්ගය. පසුගිය වර්ෂයන් වල හා මේ වසරේ කඩින් කඩ ඇදහැලුන ධාරාණිපාත අධික වර්ෂාව හේතුවෙන්  ඇති වූ ජල පීඩනයට මාර්ගයේ අතුරා තිබූ බොරළු සේදී යාමෙන්, විශාල ප්‍රමාණයේ වලවල් සෑදීමෙන් මාර්ගයට යොදා ඇති බොක්කු කැඩී බිදී විනාශ වී අබලන් තත්ත්වයට පත්ව ඇති මෙම මාර්ගයේ  ගමනා ගමනයට අවහිරතා මතුව ඇති බව මනාව හෙළිදරව් වේ.

නාදුනන වැල් වර්ගයක් කල්පිටිය වනසති..!!!

නාදුනන වැල් වර්ගයක් හේතුවෙන්  තම වගා බිම් වලට තර්ජනයක් සිදුවෙමින් තිබෙන බව  කල්පිටිය   දළුව ප්‍රදේශයේ  වගාකරුවන් පවසති.
වසර දෙකකට ආසන්න කාලයක සිට දළුව ප්‍රදේශයේ පැතිරී යමින් තිබේන මෙම වැල්  කුඩා වර්ගයේ ගස් වලට සහ මල් වගා බිම් තුල  ශක්තිමත් කද සහිත වගාවන් තුලටද, ඉතා ඉක්මනින් ඇදි යන බවත්, පොලවට කිසිම ආකාරයෙන්  සම්බන්ධතාවයක් නොමැති මෙම වැල් වර්ගයේ අගක් මුලක් සොයා ගැනිමට නොහැකි නිසා අග මුල නැති වැල් නමින් හැදින්වීමට ජනතාව හුරුව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.