විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත
තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන්
සමන්විත කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව (SCAPC) මගින් කෙරවලපිටියේ
ස්වභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය
අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය
ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක්
නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB)
විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක් වන චීනයේ GCL China සමාගමට ලබාදීමට
අනුමැතිය ලබා දී ඇත.
විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත
තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත
කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව මගින් කෙරවලපිටියේ ස්වභාවික වායු
සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත්
දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය
නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති නිලධාරින්
තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් එම ටෙන්ඩරය
විදේශීය සමාගමක් වන චීනයේ GCLChina සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
මෙම මණ්ඩලය තමන්ගේ නියමිත කාර්යය පටිපාටියෙන් සම්පූර්ණයෙන් ම බැහැරව
ගොසින් තමන්ට කිසිදු අද්දැකීමක් හෝ නිපුණතාවයක් නොමැති තාක්ෂණික කරුණු
විකෘති කරමින් කැබිනට් මණ්ඩලය ද නොමඟ යවමින් රටට ද රුපියල් කෝටි 5000 ක
අලාභයක් සිදු කරමින් අදාළ ටෙන්ඩරය චීන සමාගමට ලබා දීමට අනුමැතිය ලබා දී
තිබේ.
මෙම තීරණය පදනම් කරගෙන චීන සමාගමට ටෙන්ඩරය ප්රදානය
කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව විදුලිබල අමාත්‍යවරයා විසින් ඉතා
ඉක්මනින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කොට
ඇත.
පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම විදුලි
බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්‍යමය
ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය. විවිධ
ක්ෂේත්රවල විශේෂඥ දැනුම සහිත නිලධාරීන් 13 දෙනෙකුගෙන් සැදුම්ලත්
තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය
නොසලකා හරිමින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් විසින් මුල සිටම ඊට දැඩි
විරුද්ධත්වයක් දැක්වූ අතර මුලදී කොරියාවේ සැම්සුන්ග් සමාගම වෙත මෙම
ටෙන්ඩරය හිමිකර දීමට ඔහු උත්සාහ කළද සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩරයේ පැවති
බරපතළ දෝෂ සහගතබව නිසා එම සමාගම ඉවත් කරන ලදි. අනතුරුව GCLChina නම් සමාගම
වෙත මෙම ටෙන්ඩරය හිමිකරදීම සඳහා ඔහු දැඩි ආයාසයක් ගනිමින් සිටියි.
මාස ගණනාවක් පුරා ප්‍රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්රියාදාමයේ අවසන් අදියරට
පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම ඉන් ඉවත් කරන ලෙසත්
ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීනයේ GCLChina සමාගම විසින් අභියාචනාවක්
මගින් ඉල්ලා සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන
ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු කරන ලදි. එහි කරුණු 9ක් සඳහන්
විය. සම්මත ආචාරධර්ම වලට පටහැනිව තමාද සාමාජිකත්වය දැරූ කැබිනට් අනුමත
ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ උඩුයටිකුරු වන හා ඉහත කරුණු 9නවයම සනාථ වන
පරිදි රහසිගත වාර්තාවක් සැකසීමට ලේකම්වරයා එඩිතර වී ඇත. එහිදී පෙරකී චීන
සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු
බවටත් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යංශයේ මතය ලෙස සඳහන්
කරමින් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත එම රහසිගත වාර්තාව ලබාදී ඇත.
ලක්ධනවි සමාගම ටෙන්ඩරය ලබා ගැනීමට නුසුදුසු බව සනාථ කිරීමට විදුලිබල
අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ වාර්තාවේ හුවා දක්වන කරුණු පුදුම සහගතය.
ලේකම්වරයාට අනුව, ලක්ධනවි සමාගම විදුලිබල මණ්ඩලයට අයිතියක් ඇති සමාගමක්
නිසා ලක්ධනවි සමාගම අඩුම ලංසුව ඉදිරිපත් කළද ටෙන්ඩරය එම සමාගමට ලබාදීමෙන්
අනෙකුත් ලංසුකරුවන්ට අසාධාරණයක් සිදුවේ. ටෙන්ඩර් පත්‍රිකාවේ කිසිවිටකත්
විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ආයතන ටෙන්ඩරයට සහභාගී වීම සීමා කොට නැති අතර
සියලු ඇගැයීම් අවසන්කොට ටෙන්ඩරය ලක්ධනවි සමාගමට ප්රදානය කිරීමේදී මෙය
ඔහුට මතක් වීම පැහැදිලි සැකයකට තුඩුදෙයි. කරුණු සොයා බැලීමේදී අපට
පෙනීගියේ ලක්ධනවි සමාගම දශක දෙකකටත් වඩා ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ
විශාල කාර්යභාරයක් ඉටුකර ඇති ප්‍රවීණ සමාගමක් බවයි. 1996 වර්ෂයේ ඔවුන්
මුලින්ම ඉදිකළ මෙ. වොට්. 24 ක බලාගාරයේ සිට මේ දක්වා ඔවුන් මුළු ධාරිතාව
මෙ.වොට් 500 කට වඩා වැඩි තාප බලාගාර 7ක් ලංකාවේ ඉදිකර ඇති අතර මුළු
ධාරිතාව මෙ. වොට් 350 පමණ වන බලාගාර 6ක් විදේශ රටවල ඉදිකර ඇත. මීට අමතරව
මේ මොහොත වන විටත් ඔවුන් බංගලාදේශයේ මෙ. වොට් 550 මුළු ධාරිතාව ඇති බලාගාර
5ක් ඉදිකිරීම් කටයුතු කරමින් පවතී. ලක්ධනවි සමාගම පුත්තලමේ ඉදිකළ මෙ.
වොට් 100ක් ධාරිතාව ඇති හෙලධනව් බලාගාරය ලංකා ඉතිහාසයේ අඩුම මිලට විදුලිය
සැපයූ තාප බලාගාරයයි. මෙවන් දක්ෂතාවක් ඇති සමාගමක් විදුලිබල මණ්ඩලය
සතු වීම ගැන අමාත්‍යාංශ ලේකම්වරයා ආඩම්බර විය යුතු අතර එම සමාගම රටේ
පුරවැසියන්ගේ සුභ සිද්ධිය උදෙසා වැඩි වැඩියෙන් විදුලිබල ව්‍යාපෘති වල
යෙදවීමට ඔහුට වගකීමක් ඇති බව අපගේ අදහසයි. එම වගකීම පසෙකලා විදේශ සමාගමකට
වැඩි මිලට මෙම ටෙන්ඩරය ප්රදානය කිරීම ඔහු නිර්දේශ කර ඇත.
යම්
අභියාචනයක් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු වූ විටදී ඔවුනට එම
ටෙන්ඩර් ක්‍රියාවලිය නීත්‍යානුකූලද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි
අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම් කරන ක්‍රියාවලියට බලපෑම් කළ නොහැක.
නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව පවා
මින් පෙරදී අනුමත කළ ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට ඒ වෙනුවට මින් පෙර
කිසිදාකවත් LNG විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන
ලෙසට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කරනු ලබන නිර්දේශයන් කිසිසේත්ම
නීත්‍යානුකූල නොවේ. එසේ නිර්දේශ කිරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය ට
කිසිදු බලයක් නොමැත. කරුණු එසේ වුවද විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා
විසින් ඉහත නිර්දේශය මත පදනම්ව චීන සමාගමට ටෙන්ඩරය පැවරීමට අවශ්‍ය කැබිනට්
පත්‍රිකාව මේ වන විටත් සකස්කොට ඇති අතර අද හෙටම එය කැබිනට් මණ්ඩලයට
ඉදිරිපත් කිරීමට නියමිතය.
GCLChina සමාගම එක් විදුලි ඒකකයක්
සඳහා රු 15.97 ක මුදලක්ද, ශ්‍රී ලාංකික, ලක්ධනවි සමාගම විදුලි ඒකකයක්
සඳහා රු. 14.98ක් ද ලන්සු ලෙස ඉදිරිපත් කර ඇතá එනම්, ලක්ධනවි සමගම ඒකකයකට
රු 1ක් ලාභදායී වේ. විදුලි බලාගාරය ඉදිකළ පසු, වසරකට ඒකක මිලියන 2,500ක්
ජනනය කිරීමට නියමිත වන බැවින්, චීන ඨCඛ සමාගමට ටෙන්ඩරය ලබාදුනහොත් වසරකට
රු. මිලියන 2,500 ක පාඩුවක් ද, වසර 20 තුළ රු. මිලියන 50,000 ක පාඩුවක්ද
විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවනු ඇත. අවසානයේදී මේ අලාභයේ බරද දැරීමට
සිදුවන්නේ විදුලි පාරිභෝගිකයාටය.
සිරිමන්ත රත්නසේකර
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, June 19, 2018
රජයට කෝටි 5000ක පාඩුවක් - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට....!!!
Posted by
lankanews
at
June 19, 2018
Labels: bribes in srilanka, champika, champika ranawaka, commies, fake champika, GCL China
රජයට කෝටි 5000ක පාඩුවක් - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට....!!!
2018-06-19T00:01:00+02:00
lankanews
bribes in srilanka|champika|champika ranawaka|commies|fake champika|GCL China|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...