ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 23, 2017

මුලතිව් කඳවුර ඉවත් කිරීමේ උපක්‍රමය...!!!

මුලතිව්හි පිහිටි ගුවන් හමුදා කඳවුර ඊට නිදසුනකි. මේ කවුර අභය භූමි, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. එම භූමිය තමන්ට අයිති යයි පෙන්නුම්කර ද්‍රවිඩයන් පිරිසක්‌ වසර 8 කට පසු උපවාසයක්‌ අරඹා ඇත.
 ඉදිරියේදී නැවත වරක්‌ සන්නද්ධ අරගලයක්‌ ඇති නොවන බව රජයටත්, උතුරේ ආඥාපතිවරයාටත් සහතික විය නොහැකිය. මන්ද යත් උතුරේ සිටින්නේ බබාලා නොවේ. ආයුධ පුහුණව ලත් කොටි ඝාතනකයන් බව රජය තේරුම් ගත යුතුය. මෑතකදී සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම සඳහා සැළසුම් කළේ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසකි. ඔවුන් සතුව තිබූ ක්‌ලේමෝ බෝම්බයක්‌ද අසුවිය. මේ ඝාතන සැළසුම හෙළිවූයේද හිටපු කොටි ක්‍රියාකාරිකයකුගෙන්. එසේනම් සනාථ වන්නේ සතුරුන් අවස්‌ථාව එනතුරා බලා සිටින බවයි. වත්මන් රජයේ දේශපාලකයන් ජනතාවට තොරතුරු වසන් කිරීමට ක්‍රියාකළත් විදෙස්‌ගත ඊලාම් ඩයස්‌පෝරාව ශක්‌තිමත්වී ප්‍රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය රටවල් රැසක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ රටවල්වලදී විරෝධතා දක්‌වන්නේ එම ජාත්‍යන්තර ජාලයයි.
 ලොව කිසිම රටක්‌ යුද්ධවලින් පසුව ආරක්‌ෂක හමුදා කඳවුරු ඉවත් කරගත්තේ නැත. ඇමරිකානු හමුදාව ජර්මනියේ කඳවුරුද ජපානයේ පිහිටි ඔකිනාවා කඳවුරද ඉවත්කර ගැනීමට ක්‍රියා කළේ නැත. එහෙත් ද්‍රවිඩ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානය, බටහිර රටවල් උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත්කර ගැනීමේ මෙහෙයුමක යෙදමින් ඒ සඳහා ගෙන එන තර්කය වූයේ යුද්ධයක්‌ නැති බවයි. එහෙත් උතුරේ යුධ පුහුණුව ලත් කොටි 12000 ක්‌ වේ. මින් 300 ක්‌ පුනරුත්ථාපනය නොවූවන්ය. කිලිනොච්චියේද පුනරුත්ථාපනය නොවූ කොටි 200 කට අධික සංඛ්‍යාවක්‌ සිටින බව වාර්තාවේ. එසේම හමුදාවට අසුනොවූ අවි, ක්‌ලේමෝ බෝම්බ හා වෙනත් ආයුධ රැසක්‌ ඇත. මේ අවි ආයුධ තිබෙන ස්‌ථාන ගැන දන්නේ හිටපු කොටි පමණකි.

යහපාලනය කියලා මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ ...!!! බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..!!!

හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..
එදා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නායකයකු කිව්වා “අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සාමාජයක් කරනවා කියලා” කොච්චර හොදද ධර්මිෂ්ඨ කිව්වම, මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ යයි උත්සව සභාවක් අමතමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් ප්‍රකාශ කරන ලදි.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඉන් පසුත් නොයෙක් නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් බලයට පැමිණි බවත් පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැහ, වංචා නැහ, හොරකම් නැහ, මොකක්වත් නැහ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා යයි උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.

බුද්ධි අංශ ,ත්‍රිවිධ හමුදාවට එරෙහි මහා කුමන්ත්‍රණයක් ...!!!

…මානසික වශයෙන් දස වධ දෙන්න ජාත්‍යන්තරය හා එකගතා …ජාතික ආරක්ෂාව අවදානම් !!!

බුද්ධි අංශ අඩපණ කරමින් , ත්‍රිවිධ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක ආණ්ඩුව නියැලී සිටින බව ,පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.  (23) බත්තරමුල්ල ,නෙළුම් මාවතේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ජාත්‍යන්තරය හා එක්වී රජය සිදු කරන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මින් ඉදිරියට ජනතාව දැනුවත් කිරීමට සූදානම් නමුත් මෙහි අවසානය ඉතා භයානක බවයි ඔහු අවධාරණය කලේ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,
“අපි පළමුවෙන්ම බලන්න ඕන ජාත්‍යන්තර පොරොන්දු පත්‍රය ගැන.විශේෂයෙන්ම 2015 ආණ්ඩුව වෙනස් වෙලා ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව සහභාගි වුණා.ඒ සහභාගි වුණ වෙලාවේ පළවෙනි වතාවට ඇමරිකාව ගෙනාපු යෝජනාව සම අනුග්‍රහය හැටියට ඒ යෝජනාව ශ්‍රි ලංකාවත් ඉදිරිපත් කළා. මානව හිමිකම් කවුන්සිලයට දැන් ඒක ඉදිරිපත් කලාම අපි විටින් විට කිව්වා මේක අධූර දර්ශි ,අහිතකර ,සිංහල දෙමළ මුස්ලිම් භේදයක් ඇති කරන මේක මේ රටට ඉතා අහිතකරයි කියලා අපි එදා නිතර නිතර කිව්වා.

සුණඛයෝ රැළක්ම ජනතා මුදලින් රට සවාරියේ....!!!

මහා භාණ්ඩාගාර මුදලින් නිළධාරින් 100 ක් සිංගප්පුරුවේ චාරිකා …රජයේ ප්‍රධානියාට අතේ මාට්ටුයි …එකාට එක බැගින් අධි සූඛෝපභෝගි කාමර පහසුකම් … ජනතා මුදලින් නිළධාරින් 100 ක් රට සවාරියේ...!!!
රජයේ අවසරයකින් තොරව මහජන මුදල් වැය කරමින් මහා භාණ්ඩාගාරයේ නිළධාරින් 100 දෙනෙකු පසුගිය සතියේ සංචාරයක නිරතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය මේ වන පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා .අදාළ නිළධාරින් පිරිසට සිංගප්පුරු ගුවන් තොටුපළේදී , රජයේ ප්‍රධාන පෙලේ නායකයෙකු මුණ ගැසී ඇති අතර මහා භාණ්ඩාගාරයේ නිළධාරින් පවසා ඇත්තේ අධ්‍යන කටයුත්තක් සදහා මෙලෙස සිංගප්පූරුව බලා ආ බවයි .නමුත් මෙතරම් පිරිසක්‌ එකවර විදේශ සංචාරයක නිරතවීම ගැන එහිදී එම නායකයා පුදුමයට පත්වී ඇති අතර ඔහු මේ සම්බන්ධයෙන් රජයේ අදාළ බළධාරීන්ගෙන් විමසීමක් කර ඇත.

කඩේ යන පිරිමි නර්ස් අපතයාට රුපියල් ලක්‍ෂ 111කට ඉඩමක් ...!!! පිරිමි නර්ස්ගේ වෘත්තිය නොකර වටේට බිරීමේ යථාර්තය මාට්ටු...!!!

විල්පත්තු උතුරු රක්ෂිතයේ මහා වන සංහාරයක් සිදුවන බව තමන් වහන්සේ සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට සූදානම් වුවද , පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රියට රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් ලබාදෙන මුදල්, වරදාන හමුවේ ඔහු විල්පත්තු වන සංහාරය සාධාරණිකරණය කිරීම වෙනුවෙන් පෙනී සිටින බව,පරිසර සංවිධාන එකමුතුවේ පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියෝ චෝදනා කරයි.
හිරු රූපවාහිනියේ “බලය”සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.මෙහිදී මෝඩයෙකුසේ පරලව හැසිරුණු තිලක් කාරියවසම්  පිශාචයාගේ කෙරුවාවද  රටටම දැක බලා ගත හැකිවිය.
රුපියල් 34,000 ක මාසික වැටුපක් ලබන වෘත්තියෙන් හෙද සේවකයෙකු වන සමන් රත්නප්‍රිය මෑතකදී නුගේගොඩ ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 111කට ඉඩමක් මිලදී ගත්තේ කෙසේදැයි උන්වහන්සේ එහිදී ප්‍රශ්න කළා.
උන්වහන්සේ පැවසුවේ ,
“සියළු ජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් හදනවා විනා මේ රිෂාඩ් බදුයුර්දීන් ඇමතිවරයාගේ සල්ලි වලට වැඩ කරන මේ චර පුරුෂයන්ගේ ක්‍රියාකලාපය හෙළි කිරීම යුගයේ අවශ්‍යතාවය හැටියට අපි දකිනවා.රිෂාඩ් බදුයුර්දීන් අමාත්‍යවරයා ගත් සල්ලි වලට කතා කිරීම ඔබගේ යුතුකම.”සම්පූර්ණ සජීවි වැඩසටහන ( VIDEO)

සයිටම් ලොක්කා 09 වරක්ම වෛද්‍ය සභාවේ විභාගය අසමත් ....!!!

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස් මූලස්ථානයට  (22)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර රේණුක සේනාරත්න වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින බවයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ.
ඒ පිළිබද අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ පැවසුවේ වෛද්‍ය සමීර සේනාරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගය 9වරක් අසමත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොලිස්පතිවරයා වෙත කල පැමිණිල්ල පහත පරිදි වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.