ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, November 30, 2017

උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා ....!!!

උදාවන නව වසරේ ජනවාරි පළමු වනදා දිනය යනු මුළු ලෝකවාසීන්ට සුවිශේෂී දිනයකි. ඒ නිසා ම විවිධ රටවල ජනතාව ඔවුන්ට අනන්‍ය වු ක්‍රමවේදයන්ට අනුව එදින සමරනු ලබයි. වසරක ආරම්භය උදාවන මොහොතේ රටවල ආවේණික සම්ප්‍රදායින්ට අනුකූලව මිනිසුන් තම වසර වෙනස් වු අකාරයට ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මේ ලෝකයේ විවිධ රටවල ජනයා උදා වන 2018 වර්ෂය සමරන අකාරය වේ.

Tuesday, November 28, 2017

රටේ වටිනා පුරවැසියනට සළකනුයේ මෙසේද...!!! පාහර පාලකයෙනි ලැජ්ජයි..!!! නින්දිතයි...!!!

ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන හිමි ඉසිදෝර් කලාකරුවාට රජයෙන් දෙන දීමනාවෙන් ලොකු පොල්ගෙඩියක්‌ ගත හැකියි...!!!


 ජනපති සම්මාන හා කලාභුෂණ සම්මාන ඇතුළු ශ්‍රී ලංකාවේ අත්කම් හා විශ්වකර්ම සම්මාන රැසක්‌ හිමිකර ගනිමින් ශ්‍රී ලංකා මාතාවට ඉමහත් කීර්තියක්‌ අත්පත් කරදුන් ඇම්. ඉසිදෝ මැන්දිස්‌ කලාකරුවා අද රෝගිව ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටී. මොහුට මේ වනවිට සංස්‌කෘතික දෙපාර්තමේන්තුවෙන් මසකට ලැබෙනුයේ රුපියල් 135/-කි.
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ආයුර්වේද රෝහල් මාවත ලිපිනයේ පදිංචිව සිටියි. කලාවට මාහැඟි සේවාවක්‌ කොට තමන් අන්ත අසරණ වූ විට ඔහුට මෙසේ සැලකීම කලා ක්‌ෂේත්‍රයටම කළ මහත් අවමානයක්‌ බව ප්‍රදේශවාසීs ජනතාව පෙන්වා දෙති.

දුප්පතාගෙ සමෘර්ධියටත් විද්ද දේශපාලන පරයෙක්...!!!

ඇමති SBගේ පුද්ගලික ලේකම් බිරිද තමාරා තෙල් ගහන්න රජයේ මුදල් 215,000 අරන්....!!! මුන් වගේ දේශපාලන පාහර  පවුල්...!!!


ඇමති එස්.බී. දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඔහුගේ බිරිද වන තමාරා දිසානායක විසින් ඇගේ ඉන්ධන වියදම් ලෙස රුපියල් 215,770ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය.
ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඩයලොග් ජනතාව කොල්ල කාලා මාට්ටු...!!!

ඩයලොග් සමාගම මහදවල් මහමග පාරිභෝගිකයා ගසා කයි..!!!
 මෙරට ප‍්‍රමුඛතම ජංගම දුරකන සේවා සපයන්න වන ඩයලොග් සමාගම මහ දවල් මහ මග පාරිභෝගිකයා ගසා කන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි..

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ  ප්‍රශ්න කරයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.
ඔහුගේ ෆේස්බුක් සටහන..
“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”
මුහුන්දන්  පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.
මුහුන්දන්  වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්යස්ථානයේ...!!!

බොහෝ මංකොල්ලකාරයින්ගේ කාර්යාල පවත්වාගෙන යන්නේ ලෝක වෙළද මධ්යස්ථානයේ..එයට තිබෙනා විශේෂිත හේතුව එම ස්ථානයේ කොටස් වෙළද පොල පිහිටා තිබීමයි...මේ කොල්ලකරුවන් කොටස් වෙලදපොල හරහා තමයි මේරටේ ආර්ථිකය හසුරුවන්නේ..

අපේ රටේ ව්යාපාර නෑහෑ....තිබෙනා දෑ ව්යාපාර ලෙස හෑදින්වූවත් ඒවා කොල්ලාකාර ආයතන..ඒවා සම්පූර්ණයෙන්ම දෙස්පාලුවන් විසින් ඔවුන්ගේ අනුග්‍රහය මත ඈති කරනා ලද මංකොල්ලකාරයින්ගේ තිප්පොලවල්.. මේ
උදාහරණ බොහෝමයක් තිබෙනවා නුමුත් ඉතා වෑදගත් යයි හෑගෙනා සිද්ධීන් කිහිපයක් පෙන්වන්නම්...:

Sunday, November 26, 2017

නපුංසක ආණ්ඩුවේ නීතිය....!!! කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා තවම හිරේ කොටියා නිදහස්...!!!

මුලු කොළඹම පුපුරවන්න කිලෝ 1200ක බෝම්බ ගෙනා කොටියා ඇල්ලූ බුද්ධි ප්‍රධානියා” සිරගත කර සිටින කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය දරු දුකෙන් ළිදට පනී ...!!!


නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය සිය දිවි නසා ගත් පුවත අප ඔබට මින් පෙර වාර්තා කළෙමු. කමාන්ඩර් සුමිත් රණසිංහ මේ වනවිට සිරගත කොට සිටින අතර මාස ගණනක් ගත වූවත් කමාන්ඩර් සුමිත් රණසිංහට ඇප හිමි නොවීමේ වේදනාව උහුලාගත නොහැකිව , ඔහුගේ නැන්දණිය වන මේරී මාතාව පසුගිය දින රාත්‍රීයේ බඹ හතක් ගැඹුරු ගෙදර ළිඳට පැන සිය දිවි නසා ගෙන තිබුණි.
මේරි අම්මා නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය ය. සුමිත් රණසිංහගේ පියාගේ නැඟණිය ය. සුමිත් විවාහ වුණේ සිය නැන්දණියගේ දියණිය සමඟය. කුඩා අවධියේත් අම්මා කෙනෙක් මෙන් සුමිත්ව ඇති දැඩි කරගෙන තිබුණේ මේරි අම්මාය. සුමිත් මේරි අම්මාගේ දියණිය විවාහ කරගත් පසු ඇය නැවැතී සිටියේ සුමිත්ගේ නිවෙසේය. සිය කුලුඳුල් දරු උපතේදීවත් බිරිය ළඟ නොඉඳ ක්‍රියාන්විත රාජකාරියේ නියැළී සිටි සුමිත්ගේ බිරියට රැකවරණය ලබාදුන්නේ මේරි අම්මාය.

මේ පාහර කොටියාගේ මුදල්ද. නැත්නම් අපේ ජනතා මුදල්ද....!!! ජඩපාලකයන්ගේ නපුංසක කමේ තරම

අවසන් සටනේ විනාශ කල LTTE සොහොන් කොත් 97ක් වෙනුවෙන් ලක්ෂ හතලිහක මන්ත්‍රී ප්‍රතිපාදන...!!!


 2009 වසරේ විනාශ වූ සොහොන් කොත් 97ක් පෙර තිබූ අයුරින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ හතලිහක මුදල් ප්‍රතිපාදන ලබාදිමට මළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් කටයුතු කර තිබේ.
කිලිනොච්චියේ කනකපුරම් හි පිහිටා ඇති මෙම එල්.ටී.ටී.ඊ සොහොන් කොත් 97ක 2009 වසරේදී විනාශ කොට දමන ලද එවා වේ.
කිලිනොච්චි දිස්ත්‍රික් වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරයා වෙත හිමිවු විමධ්‍යගත අරමුදලෙන් මෙම මුදල යෙදවීමට දිස්ත්‍රික් සංවර්ධන කිමිටු රැස්වීමේදී අනුමත වී ඇති අතර ඊට කිලිනොච්චි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ද අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රභාකරන්ගේ පොස්ටර් වලින් යාපනය සරසවිය වැසී යයි…ඊළාම්,කේක් කපලා උපන්දිනය සමරලා….

දෙමළ ඊළාම් සටනේ යුද්ධයෙන් පැරදවු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 63 වන උපන්දින සංවත්සරය වෙනුවෙන් යාපනය විශ්ව විද්යාල භූමියේ සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.PHOTOS

දැන් කතාව යන්නේ මුලින්ම සිංහල මිනිස්‌සු පහර දුන්න විදිහට...!!!

"අපේ ගෙවල් ළඟට පොලිසිය එනකොටත් පෙට්‍රල් බෝම්බ, පොලු අතින් ගත්ත මුස්‌ලිම් මිනිස්‌සු හිටියා. එතකොට මම කිව්වා 'සර් මේ බලන්න කරලා තියෙන අපරාධය මේ අයව අත්අඩංගුවට ගන්න' කියලා. ඒත් පොලිසිය කිසිම පියවරක්‌ ගත්තේ නෑ. පස්‌සේ අපේ පන්සලේ ස්‌වාමීන් වහන්සේලා මැදිහත් වෙලා නීති මාර්ගයෙන් කටයුතු කරන තැනට ගැටුම සමථයකට පත් කරලා තියෙද්දී මුස්‌ලිම් මිනිස්‌සු නැවත සිංහල මිනිස්‌සුන්ට ගහන්න පටන් ගත්තා. ඒත් දැන් කතාව යන්නේ මුලින්ම සිංහල මිනිස්‌සු පහර දුන්න විදිහට. සිද්ධිය මුල ඉඳලා අපේ කඩේ සී.සී.ටී කැමරාවේ තියෙනවා. ඕන කෙනෙකුට බලන්න පුළුවන්..." කතාව උච්ච ස්‌වරයට නැග, ශ්‍යාමාගේ හඬ ද බිඳී ගියාය. ඒ ඇසිල්ලට ඇය අසළම සිටි තවත් කාන්තාවක්‌ හඬ අවදි කළාය. ඇය අචිනිය. දෙදරු මවකි. මේ ඇයට සිදු වූ විපතය. 

Friday, November 24, 2017

මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද...!!! ලක්‍ෂමන් සෙනෙවිරත්න

බැදුම්කර හොරුන් සමග කෝප්  කමුටුවේ කිසිවෙකු හෝ සාකච්චා කර ඇත්නම් එය බරපතල වරදක්. මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.
දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද.
ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්’ යයිද ඇමතිවරයා සදහන් කරයි.
බැදුම්කර මගඩියෙන් මෙරම් විශාල වංචාවක් සිදුව ඇති බව ඇසි පනාපිට පෙනෙද්දී මුන් රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු යන්නේ කෙසේදැයි ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න ප‍්‍රශ්න කරයි.
‘බැදුම්කර මගඩියට සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයි. හිටපු මහ බැංකු අධිපති වගකියන්න ඔ්නේ.

මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ..

බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පති නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.
බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌  සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන සුජීව සේනසිංහ,අජිත් පෙරේරා  පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක්‌ ක්‍රියාත්මක කර ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පැවසීය.

Thursday, November 23, 2017

මෙදා පොටෙත් ජනතාවට දුන්නා බැටේ...!!! පාහර මෝංගලයාගේ මංගල අයවැය...!!!


අයවැයෙන් මිල ඉහළ යන භාණ්‌ඩ හා සේවා මෙන්න..!!!
 මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ඍජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
  පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.

සුමන්තිරන්ගේ සිංහල විරෝධය....!!!

නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක්‌ පිළිබඳව අපේ අවධානය යොමුවිය. ඒ කවරක්‌ද? "මේ ජාතික කොඩියට මමත් කැමැති නැහැ" යන්නයි. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයාද උතුරේ අධ්‍යාපන ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කරනු පෙනේ. මේ රටේ ජාතික කොඩිය නිර්මාණය විය යුත්තේ දෙමළ සන්ධානයට අවශ්‍ය ලෙසද? සියලු ජනයාගේ ගරුබුහුමනට ලක්‌ව ඇති ජාතික කොඩිය වෙනස්‌ කිරීමට කවර බලවේගයක්‌ උත්සාහ දරයිද? එම ජාතිවාදී බලවේගවලට අවශ්‍ය පරිදි ජාතික කොඩිය වෙනස්‌ කළ නොහැකිය. ජාතික කොඩියටත් සංහිඳියාවේ ප්‍රහාර එල්ලවී තිබේද යන්න ගැටලුවයි.

  නව ව්‍යවස්‌ථාව වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්  පවා පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කිරීම හෙළා දකිද්දී අනෙක්‌ පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.

දෙනෙත් අන්ධ රූපසිංහ වැසිකිළියක්‌ තනා ගන්න ඔබේ පිහිට පතයි...!!!

එම්. රූපසිංහ වයස අවුරුදු 3 දී ගෝනුස්‌සකු දෂ්ට කිරීමෙන් සිදු වූ විෂ ශරීරගතවීමකින් සිය දෙනෙත් අන්ධභාවයට පත්ව අසරණව සිටිනා පුද්ගලයෙකි.
  ඔහු අංක 46 3/4 , පැරකුම් පෙදෙස, පදියතලාව පාර, මහියංගණ යන ලිපිනයේ පදිංචි ය. මේ වන විට විවාහක එක්‌ දරු පියකු වන අතර ජීවත් වීම සදහා වැව් මාළු කපා අලෙවිය සිදු කරයි.

  රූපසිංහ, ඇස්‌ පෙනෙන කෙනකු සේ පුදුමය දනවමින් මනාසේ වැව් මාළු මුවහත් පිහියකින් කපා, කැබලි කර, පොතු ගැලවීමට සමතෙකි. ඇස්‌ පෙනෙන අයට ද එය අසීරු කාර්යයකි. එසේම මුදල් ගනු දෙනුව වැරදීමකින් තොරව සිදු කිරීමට සමතෙකි.

Monday, November 20, 2017

සුජීව සේනසිංහ චානකගේ බැදුම්කර ප‍්‍රහාරයෙන් චප්පචෝරු වෙයි..වීඩියෝව

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශල දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.

Sunday, November 19, 2017

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න -

මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්...!!!
 යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්  යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
  මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අයිවෝ ඩෙනිස්‌ දැඩි සත්කාර ඒකකයේ

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගී ගායකයෙකු, සංගීත ගුරුවරයෙකු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙකු ද වූ ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස්‌ මහතා බරපතළ ලෙස රෝගාතුරවී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
  පනහ දශකයේ ගුවන් විදුලියේ සංගීත වැඩසටහනකට සුනිල් ශාන්තගේ වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ ගීතය අයිවෝ ඩෙනිස්‌ විසින් ගායනා කරන ලදි. මෙය ශ්‍රවණය කළ සුනිල් ශාන්ත තමාගේ හඬට සමාන හඬක්‌ ඇති මේ නවකයා සොයා ගෙන එන ලෙස තම හිතවත් පැටි්‍රක්‌ දෙනිපිටියට දැන්වීය. ඒ අනුව පැමිණි අයිවෝ ඩෙනිස්‌ සුනිල් ශාන්තගේ ගෝලයකු බවට පත්විය.

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

සංහිදයාවේ තරම මෙන්න.. ගිංතොට ගැටුමේ සුලමුල බොදු බල සේනාව කියයි..

ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ ඇතිව වූ සිදුවීමෙන් ආන්ඩුවේ සංහිදියාවේ තරම හොදින්ම පෙනී යන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.
පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

Sunday, November 12, 2017

2018 අයවැය පාරිභෝගිකයා ගොනාට ඇන්දවූ අයවැයක්...!!!

බඩගින්නේ ඉන්නා පිරිසට බිලී පිත්තක් දෙනවා කියු මුදල් ඇමති චීනයේ හා ඉන්දියාවේ ඇම ගිලලා...!!!

2018 නොවැම්බර් මස 08 වන තමන් ඉදිරිපත් කරන අයවැය පිළිබදව ඉගියක් පළකරන මුදල් ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ බඩගින්නේ ඉන්නා පිරිසට බිලී පිත්තක් දීම තම අදහස බව වුවත් අය වැය ඉදිරිපත් කල පසු අපට පෙනී යන්නේ මුදල් ඇමතිවරයා චීනයේ හා ඉන්දියාවේ ඇම ගිල ඇති බව යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
2018 අයවැය පාරිභෝගිකයා ගොනාට ඇන්දවූ අයවැයක් බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකාව ගැන ජිනීවා කොමිසමෙන් තවත් පරීක්‍ෂණයක්‌

සුනන්ද දේශප්‍රිය නම්වූ ජාති ද්‍රෝහියාද ඒ පසුපසින්....!!!
 ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් 60 කට දරුණු වධහිංසා පැමිණ වූ බවට හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මිත් සුකා ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව ගැන තවත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.
හිටපු කොටි ක්‍රියාකාරීන් වූ මේ පිරිසගෙන් යස්‌මිත් සූකා සාක්‍ෂි ලබාගෙන එම සාක්‍ෂි මානව හිමිකම් කවුන්සිලයට යොමු කර තිබේ.
වත්මන් රජය යටතේ මේ වධහිංසා සිදු වූ බවද ඇය සිය පැමිණිල්ලේ දක්‌වා ඇත.

ඉරණමඩු හමුදා කඳවුර ඉවත් කරයි -මෙන්න ඇත්ත....!!!

ගුවන් කඳවුරද ඉවත්කරන්නැයි ද්‍රවිඩ සන්ධානය ඉල්ලා සිටියි
"ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන විසින් උපවාසයේ යෙදීසිටින සිරකරුවන් එල්. ටී. ටී. ඊ හෝ කොටි යනුවෙන් නම්කර ඇත. මේ සිරකරුවන් තමන් කොටි සංවිධානයට සම්බන්ධ නැති බවට ප්‍රකාශ කර තිබේ. "
- උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පසුගිය 16 දා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත සංදේශයක්‌ යවමින් ඉහත කී ප්‍රකාශය කර උපවාසයේ යෙදී සිටි තිදෙනාගේ නඩුව අනුරාධපුර අධිකරණයෙන් වව්නියාවට මාරුකිරීමට මැදිහත්වන ලෙස ඉල්ලා ඇත.
මෙය මෙරට අධිකරණ පද්ධතියට බලපෑමක්‌ නොවන්නේද?
විග්නේෂ්වරන් පවසන මේ තිදෙනා බිහිසුණු මිනිමරුවන්ය.
එහෙත් මේ අපරාධකරුවන් බේරාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය, යාපනය විශ්වවිද්‍යාලය සිසුන් සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම්ද දැඩි උත්සාහයක යෙදී සිටිති.
මතියරාසන්, සුලක්‌ෂන්, රාසතුරෙයි තිරුවරුල් සහ ගනේෂන් තර්ෂන් යනු අහිංසකයන් නොවේ. මොවුන් කොටි බුද්ධි අංශ නායකයාව සිටි පොට්‌ටුඅම්මාන්ගේ ඝාතන කල්ලියේ ප්‍රබලයන් තිදෙනෙකි.

නාග විහාරය ඉදිරිපස මාර්ගය සෝභිත හිමි වෙනුවෙන් නම් කරන්නට බැරි යහපාලන පාහරයො ගැන මොන කථාද....!!!

වාහන, සල්ලි පවා සමහරු අරගෙන ගිහිල්ලා... සෝභිත හිමියෝ නොමැතිව වසර දෙකක්‌ ගතවූ නාග විහාරයට ගියෙමි...!!!
කෝට්‌ටේ ශ්‍රී නාග විහාරය පාලනය කරන වතුරුවිල සුජාත හිමියෝ...
 

 ස්‌වාමින් වහන්ස, නාග විහාරය ඉදිරිපසින් දිවෙන මේ මාර්ගය සෝභිත ස්‌වාමින් වහන්සේ වෙනුවෙන් නම් කර ගන්න තවම ඔබ වහන්සේට බැරි වී තිබෙනවා...

 ඇත්තටම අපි ඒ ඉල්ලීම කළේ, උන්වහන්සේගේ පළවැනි ගුණ සමරුව සමඟයි. අපේ බලාපොරොත්තුව වුණේ උන්වහන්සේගේ අපවත්වීමෙන් වසරක්‌ සපිරෙන විට ඒ කර්තව්‍යය ඉටුකරන්නයි. ඒ සඳහා අවශ්‍ය සියලු අනුමත කිරීම් ලැබිලා තිබුණා. වෙන එකක්‌ තබා, උන්වහන්සේගේ නමින් ඉදිකරන පුවරුව පවා සකස්‌ කොට තිබුණා. ඒත් හිටි හැටියේම ඒ කටයුත්ත නතර වුණා. මම හිතන්නේ තවම ඒ කට්‌ටියට කාලය මදිවෙලා ඇති.

 ජනවාරි අට සිදුවූ ආණ්‌ඩු පෙරළියේ නිර්මාතෘවරයා උන් වහන්සේය. නොවැම්බර් අට වැනිදා දවසක උන් වහන්සේ ජාතියට සමුදුන් සේක. දැන් උන් වහන්සේට අයිතිකාරයෝ බොහෝය. අද උන්වහන්සේ සිටියා නම් යන මාතෘකාව යටතේ තම අපේක්‌ෂාවන් වෙනුවෙන් කතා කරන පිරිස බොහෝය. ඒ සියල්ල අතරින් අපි කෝට්‌ටේ නාග විහාරයට පැමිණියේ මාදුළුවාවේ සෝභිත ස්‌වාමින් වහන්සේගේ උද්දේසිකත්වය තවමත් එහි රැඳී ඇති නිසාය. උන්වහන්සේ සමරමින් කරන ලද පිංකම්, සහ සැමරුම් හි අවශේෂ ඒ වන විටත් එහි ශේෂව පැවතුණේය. ඊට පෙර දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි දෙන ලද දාන පිංකම සඳහා ඉදිකරන ලද ශාලාව, ඒ සඳහා පිළියෙළ කරන ලද කළමනා ආදිය අස්‌පස්‌ කරමින් තිබුණි. එම වැඩ සඳහා නායකත්වය දෙමින් සිටියේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියෝය. සෝභිත හිමියන්ගේ ඇවෑමෙන් දෙවසරකට පසු යන මාතෘකාව අපි උන්වහන්සේ වෙතින් විමසුවෙමු.

 ස්‌වාමින් වහන්ස... ඔබ වහන්සේ සහ නාග විහාරය අතර සම්බන්ධතාව ගැන අපි මුලින් දැන ගන්න කැමැතියි...

Saturday, November 11, 2017

මනෝ ගනේෂන්, දිගම්බරන්, හකීම්,ෆයිසර් කල්ලිය ශ්‍රී පාද සමනොළ අඹගමුවෙන් වෙන් කරයි ...!!!

* යහපාලන රජය තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක්‌ ඉටු කරයි...!!!


 බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවැනි ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොල කන්ද මස්‌තකයට පිවිස එහි තමන් වහන්සේගේ ශ්‍රී පාදය තැබූ බව ඓතිහාසික ජනප්‍රවාදයන්හි මෙන්ම වංශකතා ප්‍රවෘත්තිවලද දැක්‌වෙයි. ශ්‍රීපාද මස්‌තකයට ළඟා වන මාර්ග නවයක්‌ පමණ තිබේ. ඉන් ප්‍රධාන මාර්ග දෙකින් එකක්‌ රත්නපුර පළාබත්ගල හරහාද අනෙක හැටන් හරහාද වැටී ඇත. පළමු වැනි විජයබාහු රජු ශ්‍රී පාද නමස්‌කාරයට සිත් ඇතිව එහි ළඟා වීම නිමිති කොට පළාබත්ගල ශ්‍රී පාද මාර්ගයට යාබදව ගිලීමලේ විහාරස්‌ථානයේ ශිලා ලේඛනයක්‌ කරවූහ. ගිලීමලය බඹරබොටුව ආදී ගම් ශ්‍රී පාදයට පූජා කළහ. එයට සමාන තවත් ලිපියක්‌ ගිනිගත්හේන නගරයට ආසන්නයේ අඹගමුවේ සන්ක්‌ලයින් නමැති තේවත්තක පැරණි විශ්‍රාම ශාලාවක්‌ ඉදිරිපස පිහිටුවා ඇත. මෙහි සඳහන් වන්නේ ශ්‍රී පාදස්‌ථානයට කළ යුතු වත්පිළිවෙත් මෙන්ම මගීන් උදෙසා දන්හල් පැවැත්වීම සඳහා පිදූ ගම්වරයන් ගැනයි. උඳුවප් මස පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක්‌ පොහොයෙනි. එම කාලය තුළ ශ්‍රී පාද රජ මාවත ලෙසින් සැලකෙන රත්නපුර මාර්ගයත් හැටන් මාර්ගයත් නඩත්තු කරනු ලබන්නේ එම පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා මගිනි. හැටන් මාර්ගයේ තිබෙන එකම ප්‍රාදේශීය සභාව අඹගමුව ප්‍රාදේශීය සභාවයි.

ශ්‍රීපාද අඩවිය බෙදා වෙන් කිරීම...!!!

අද රටේ ජනමතය සකස් කරන්නන් අතර ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා ජාතික අරමුණු ඇති ව නොව දේශපාලන අරමුණු ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත‍්‍රිපාලගේ වැරැුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප‍්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්.
මගේ ලිපි කියවන්නන් ගැන මට යම් තක්සේරුවක් තියෙනවා. ඔවුන් මේ ලිපියක් සමස්තයක් ලෙස කියවන්නේ නැහැ. වාක්‍යයක් දෙකක් පමණක් තමන් කැමති ආකාරයකින් ග‍්‍රහණය කර ගන්නවා. ලිපියක හරය ග‍්‍රහණය කර ගන්නේ නැහැ. මේ රටේ ව්‍යාජ සමාජවාදය ජාතිකත්වයට උඩින් තිබෙනතාක් රටට යහපතක් වන්නේ නැහැ. මහා සංඝයා වහන්සේ මැදිහත් වූ අවස්ථාවක ජාතිකත්වයට තාවකාලික ජයග‍්‍රහණ පමණක් ලබා ගන්න පුළුවන් වේවි.

ලංකාවේ පාතාලයේ නරුමයන්ට හෝ පවුල් සාමාජිකයන් හට ඔබේ ඡන්දය නොදෙන්න...!!!

* දකුණ හොල්ලන පාතාල සෙල්ලමේ අලුත්ම තත්ත්වයයි මේ
 


 * කොස්‌ගොඩදි තුනක්‌ මරුට... බටපොලදි පහකට වෙඩි...

  තාරුකගේ මවද මේ වනවිට දේශපාලනයට සම්බන්ධ කාන්තාවක ලෙස කටයුතු කරමින් සිටියි. එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඇය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීමටද වරම් ලබාගෙන සිටින බව පැවසෙයි.!!!
  ලොකුවාගේ සොහොයුරා තාරුක සමග කීවේය. තාරුකට අවශ්‍ය වී තිබුණේ ලොකුවා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පළිගන්නා අතරම දකුණේ පාතාලයේ තම බලය ව්‍යාප්ත කර ගැනීමය. කොස්‌ගොඩ තාරුක ඒ වනවිට රට පුරා මහා පරිමාණ බැංකු මංකොල්ල රැසක්‌ සිදු කර තිබුණේය. මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ල කෑම, මීරිගම කොමාර්ෂල් බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් විසි ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කෑම සිදු කළේ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් ය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම කටින් පමණයි….ගැසට්ටුව ලොවෙත් නෑ


පසුගිය 08 වෙනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම මේ වන තෙක් සිදු නොමැති බවට වාර්තා වෙනවා.
එම මාධ්‍ය හමුවේදි මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ 08 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට එම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම ට අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කරන බව වුවත් එම ගැසට් නිවේදනය මේ වන තෙක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කිරීමට බලාපෙරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළ අතර එම ගැසට් නිවේදනය නිකුත් වන් තුරු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු නොවනු ඇති.

නපුංසකයා ඵළිදැක්වූ නපූ අයවැයේ සැබෑ පසුබිම...!!!

රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්....!!!
හැංගි හොරා වෙස්‌ බැඳි බියර් සමාගම්, එළිපිට නටන 2018 අය වැය...!!!
 අයවැයෙන් මත්පැන් බදු ලිහිල් කිරීමට ඉඩ දෙන්න එපා - වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි
 2015 ජනවාරි 08 සිදුවූ ආණ්‌ඩු පෙරළිය සමග රටේ බොහෝ දේ වෙනස්‌වූ ආකාරය අප මේ වන විට හොඳින්ම අත්විඳිමින් සිටී. එසේ කලින් කලට විවිධ හේතු මත ආණ්‌ඩු වෙනස්‌ වුවද වෙනස්‌ නොවන බියර් කර්මාන්තයේ න්‍යාය පත්‍රයෙන් බිඳක්‌ හෙළිකිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුය. එහිදී කුමන පාලනයක්‌ පැවතියත් මද්‍යසාර කර්මාන්තයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටින කිසියම් හෝ පිරිසක්‌ පවත්වාගෙන යැමටද මෙම කර්මාන්තය අමතක නොකරයි. 

වර්තමානය වන විට, එනම් 2018 අයවැය අභිමුව සිටියදී මද්‍යසාර සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි වෙනස්‌වීම් පිළිබඳව නොයෙක්‌ ආකාරයේ කතා අහන්නට ලැබේ. මේ සියලු කරුණු කාරණාහි පසුබිම රටට අනාවරණය කිරීම සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. වසරක කාලයක පටන් බියර් කර්මාන්තය මාධ්‍ය හරහා නොයෙක්‌ ආකාරයේ ප්‍රචාරයන් ගෙනයමින් සිය කර්මාන්තය ඇදවැටෙමින් ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන් රටේ මද්‍යසාර භාවිත කරන මිනිසුන් පිළිබඳ අනුපමය දයාවකින් ප්‍රකාශ කර සිටින්නේ, සැර මත්පැන් භාවිතය අවම කිරීම උදෙසා බියර් සඳහා පනවා ඇති නීති රීති වෙනස්‌ කළ යුතු බවයි.

මසකට රුපියල් කෝටි 223ක බද්දක්.. ජංගම දුරකතන ගාස්තු අසීමිතව ඉහලට..

2018 අයවැය මගින් මෙරට දුරතකත සම්පේ‍්‍රෂණ කුළුණු සදහා පනවා ඇති බද්ද හේතුවෙන් ජංගම දුරකතන ගාස්තු ඉහල යනු ඇති බව වාර්තා වෙයි.
එක් සම්පේ‍්‍රෂණ කුළුණක් සදහා මසකට ලක්‍ෂ දෙකක බදු මුදලක් අයවැය මගින් යෝජනා කරනු ලැබූ අතර එම බද්ද සමාගම් විසින් සෘජුවම පාරිබෝගිකයා මත පටවනු ඇති බවද සදහන්ය.

වෙනත් රටක පුරවැසි භාවයක්‌ නොමැති බවට සෑම මන්ත්‍රීවරයකුගෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබාගන්න - පැෆරල් සංවිධානය කථානායකගෙන් ඉල්ලයි


වෙනත් රටක පුරවැසිභාවයක්‌ නොමැති බවට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස පැµරල් සංවිධානය කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්‌ යවමින් ඉල්ලා සිටී.
  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ හැර වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු ද්විත්ව පුරවැසි සහතිකයක්‌ නොමැති බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවද ද්විත්ව පුරවැසිභාවය හෙළිදරව් නොකළ පිරිස්‌ පිළිබඳ නිශ්චිත හා නිරවුල් අදහසක්‌ ඒ තුළින් ඉදිරිපත්ව නැතැයිද එම සංවිධානය පවසයි.

  වර්තමානය වන විට ඒ පිළිබඳව විශාල වශයෙන් සමාජ කතිකාවතක්‌ ඇතිව ඇතැයිද යම් ආකාරයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක්‌ මෙන්ම නීතිය නොසලකා හැරීමක්‌ බවද සඳහන් කරයි.

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු වරප්‍රසාද ලබන සියලු දෙනා හිරේ දැමිය යුතුයි - ඇමැති මහින්ද සමරසිංහ

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භූක්‌ති විඳින සියලුම දෙනා හිරේ දැමිය යුතු යෑයි වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ  පැවැසීය.
  ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක්‌ ලබා දුන් බව ද, ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලබාගෙන සිටින අය හිරේ දමන ලෙසට ආණ්‌ඩුවට යෝජනා කරන බව ද ඇමැතිවරයා කීවේය.

  ඒ අනුව තවදුරටත් ද්විත්ව පුරවැසිභාවය හිමි අය පිළිබඳව රජය විසින් සොයා බැලිය යුතු බව ද මහින්ද සමරසිංහ  සඳහන් කළේය.

විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.
එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.
ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.

කෘෂිකර්මයට ගත් සබීතාගේ බිල්ඩිමට මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම වසරේ මාස තුනක විදුලි බිල ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලි විය.
ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මෙම ප‍්‍රකාශශය කලේ ඕ පිලිබදව විමසා තිබූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.
ඊට අමතරව මාස දහතුනක කාලයක් සදහා විදුලි බිල ලෙස රුපියල් එක් කෝටි තිස් නව ලක්‍ෂයක් ගෙවා ඇති බවද ඔහු සදහන් කලේය.

Wednesday, November 8, 2017

පට්ට හොරෙකුගේ වරප්‍රසාද අඳෝනාව....!!!

අනිකාට තර්ජනය කළ ශනිල් නෙත්තිකුමාර ඥාතියකු බව ඔප්පු කළොත් ඉල්ලා අස්‌වෙනවා - රවි කරුණානායක...!!!
 අප දන්නා පරිදි ශනිල් නෙත්තිකුමාර වනාහී දේශපාළු කරුප්පයියා නැමති පට්ට හොරාගේ අති සමීපතම මිතුරෙකී.කපටි කරුප්පයියා මේ දඟලන්නේ කුට්ටමේ වෙනත් තුරුම්පුවක් ඇදීමටයි.
 අනිකා විඡේසූරියට තර්ජනය කළැයි කියන ශනිල් නෙත්තිකුමාර නමැති අය තමන්ගේ ඥාතියකු බවට ඔප්පු කළොත් තමන් ඉල්ලා අස්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක  (07 දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් කියා සිටියේය.
  
කපටි කරුප්පයියා  වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මෙසේද කීවේය.
  පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ (අ) කොටසේ 8 වන ඡේදය යටතේ මාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක්‌ සිදුවී තිබෙනවා.
  අද දින මා නැගී සිටින්නේ වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කිරීම සඳහායි. ඒ සඳහා මට අවස්‌ථාව සලසාදීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්‌තුතිවන්ත වෙනවා.

 2017.10.17 දින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ  විසින් මහ බැංකු බැඳුම්කර කොමිසම අවසාන වීමට නියමිතව තිබූ දිනයේ කරන ලද ප්‍රකාශයක්‌ නිසා මාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව මම ඔබතුමාට දන්වනු කැමැත්තෙමි.

දේශපාළු පාහරයන්ගේ අමතර වියදම් මෙන්න...!!!

අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක්‌ තිබියදී හදිසි අවශ්‍යතාවක්‌ යෑයි කියා කෝටි 1126 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌...!!!


 අයවැය ඉදිරිපත් කිරීමට දින දෙකක්‌ තිබියදී හදිසි අවශ්‍යතා ව්‍යාපෘති යටතේ යෑයි පවසමින් පසුගිය සැප්තැම්බර් මාසය තුළ පමණක්‌ වියදම් කළ රුපියල් කෝටි 1126 කට අධික මුදලක්‌ අනුමත කර දෙන ලෙස ඉල්ලා  (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

 මෙම පරිපූරක ඇස්‌තමේන්තුවට අනුව එම මාසය තුළ අතිරේකව වැය කර ඇති පුනරාවර්තන වියදම රුපියල් කෝටි 534 කි. ප්‍රාග්ධන වියදම් රුපියල් කෝටි හාරසිය අනූ දෙකකි. එම මාසය තුළ විදෙස්‌ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි තුනහමාරක්‌ වැය කර ඇත. ඒ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය රුපියල් ලක්‍ෂ පහක්‌, විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් තුන්කෝටි දහසය ලක්‍ෂයක්‌, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය රුපියල් ලක්‍ෂ තිහක්‌ සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය රුපියල් හාරලක්‍ෂ අනුහය දහසක්‌ මෙසේ විදෙස්‌ ගමන් සඳහා සැප්තැම්බර් මස තුළ වැය කර තිබේ.
  වාහන නඩත්තුව සඳහා රුපියල් පන්කෝටි පනස්‌ නව ලක්‍ෂ පනස්‌ දහසක්‌ එම මාසයේදී වැය කර ඇත. ඒ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, සභානායක කාර්යාලය සහ ගුවන් හමුදාවය. දරිද්‍රතාව පිටු දැකීම පිළිබඳ බිම්ස්‌ටෙක්‌ සමුළුව සඳහා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය රුපියල් කෝටි එකහමාරක්‌ වැය කර තිබේ.

සෝභිත හිමිගේ අනුස්මරණයට බලයට පත්වූ සිරා රනිල් ඇතුළු ඵකදු පාහරයෙකු නෑ....!!!

මාදුළුවාවේ සෝභිත නාහිමි අපවත්වී වසර 2 ක් පිරිම නිමිත්තෙන් ඊයේ (08) වෙනිදා උන්වහන්සේ වැඩසිටි කෝට්ටේ නාග විහාරයේ පිංකම් මලාවක් පැවත්විනි.
විශේෂයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් එම විහාරස්ථානයේ කෞතුකාගාරයක් ද මල්වතු පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි හිමියන් අතින් සිදු කළ අතර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛව විශාල පිරිසක් එයට සහභාගි විය.
මෙහිදී මහා සංඝරත්නය විශෙහිලා දහවල් දානමය පිංකමක් ද පැවත් වුන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මෙන්ම හිටපු අධිකරණය ඇමති විජේදාස රාජපක්ෂත් සහභාගි වී සිටියේ ය.
එහිදි මාධ්‍යවෙදීන් විසින් ආචාර්ය විජේදාස රාජපක්ෂගෙන් විමසුවේ මෙම අනුස්මරණ පිං කම් මාලවට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් සහභාගි නොවුයේ මන්ද යන්නයි.

හැදුවොත් ගඩොලින් ගඩොල ගලවනවා.

ශ්‍රීපාදයේ ඉදිකිරීම් කරන අරාබි සමාගම ගැන ඤාණසාර හිමි හෙළිකරයි...!!!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් මගින් ඉදිකිරීමට නියමිත හෝටලය හෝ එම ඉදිකරීම් සිදු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත්, යම් හෙයකින් ඉදිකිරීම් කටයුතු සිදුකළහොත් ගඩොලින් ගඩොල ගලවා දමන බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.
ශ්‍රීපාද රක්ෂිත මායිමේ සිදුවන ඉදිකිරීමක් සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළබදව  පැවැත්වූ මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියන් අදාළ ඉදිකිරීමට සම්බන්ධ අරාබි සමාගම පිළිබදව හෙළිදරව් කර සිටි අතර මධ්‍යම කදුකරයේ ඉඩම් අත්පත් කරගැනීම පිටුපස සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ඇමතිවරයෙකු පිළිබදවද හෙළිදරව් කර සිටියහ.VIDEO
උන්වහන්සේ දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

වසර අටක්‌ තිස්‌සේ ඉරණමඩු ජලාශයට ආරක්‍ෂාව ලබාදුන් ඉරණමඩු හමුදා කඳවුර ද්‍රවිඩ සන්ධානයේ දැඩි බලපෑම මත ඉවත් කර ඇත.
මෙම හමුදා කඳවුර නිසා ගොවීන් දුෂ්කරතාවලට මුහුණපා ඇති බවට ද්‍රවිඩ සන්ධානය පවසා තිබුණි.

විදේශ ටෙලිනාට්‍ය සදහා අයකරනු ලබන ගාස්තුව ඉහලට

ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා රූපවාහිනි නාලිකා හරහ ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකකිරිමට මුදල් හා ජනමාධ්‍ය අමත්‍යංශය කටයුතු කර තිබේ.
ඒ අනුව දැනට විදේශ ටෙලිනාට්‍ය සදහා අයකරනු ලබන ගාස්තුව රු 90,000 සිට රු 150,000 දක්වා වැඩිකර තිබේ.

Monday, November 6, 2017

වික්ටර්ගේ "තනිතරුව "ප්‍රංශයේ පායයි...!!! ඒ වසර දහයකට පසුවය...!!!

විශාරද වික්ටර් රත්නායකයන් සහ නිරෝෂා විරාජිනී සහභාගීවූ " තනිතරුවේ " සංගීත සංධවනිය ඊයේ සවස ප්‍රංශයේ නුයී සු සේන් ( පැරිසියට ආසන්න ) ප්‍රදේශයේ ඵස්පාස් සෙන් පියෙර් ශාලාවේදී සාර්ථකව පැවැත්වූවා .සුරේෂ් මාලියැද්දගේ සංගීතය සැපයූ මෙම සංගීත විරාමයට ප්‍රංශයේ වෙසෙන බොහෝ පිරිසක්ද සහභාගී විය.මේ සඳහා මේ දිනවල ලංකාවෙන් ප්‍රංශයට පැමිණ සිටින දේශපාළුවෙකුවන සුසිල් ප්‍රේම ජයන්තද ඒ සඳහා සහභාගි වී සිටිනු දක්නට ලැබිණ.ඵසේම පෙර ඔහුගේ අමාත්‍යංශයේ කාර්‍ර්‍යාල   සහයකයෙකු ලෙස සේවය කළ ප්‍රංශයේ ජීවත්වන සට කපටියෙකුද ඔහු අසල දැවටෙමින් සිටිනු දක්නට ලැබුණී.

රට පාවා දීමේ කැණහිල් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් කියවන්න....!!!.


මානව හිමිකම් කොමිසම පවා නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ආ යුතු බව අවධාරණය කරන්නේ යුද අපරාධ චෝදනාව පදනම් කරගෙන. එම චෝදනාව පිළිබඳව එංගලන්තයේ සාමි මන්ත්‍රී මණ්‌ඩලය නියෝජනය කරන නෙස්‌බි සාමිවරයා පසුගිය ඔක්‌තෝම්බර් මාසයේදී වැදගත් ප්‍රකාශයක්‌ කළා. ඒ සාමිවරයා ප්‍රකාශ කරල තිබෙනවා 40000 ක්‌ මිය නොගිය බවත්, සිතා මතා මිනිසුන් ඝාතනය කිරීමක්‌ සිදුවී නොමැති බවත්. ඒ වගේම නෙස්‌බි සාමිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. යුද්ධයේදී මියගියේ 8000 ක පමණ පිරිසක්‌ බව.
එහෙත් එම ප්‍රකාශය පිළිබඳව මේ දක්‌වා පාර්ලිමේන්තුවේදීවත් කිසිම ප්‍රකාශයක්‌ කළේ නෑ. යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම සඳහාත්, එය පදනම් කරගෙන නව ව්‍යවස්‌ථාවක්‌ සකසන ලෙසට කරන බලපෑම්වලින් ගැලවීම සඳහාත් නෙස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය යොදා ගතහැකිව තිබියදී එය එසේ කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්‌. 2017 වර්ෂය තුළදී නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේ කටයුතු සම්පූර්ණ කරන බවට ආණ්‌ඩුව ජිනීවාවලට පොරොන්දුවී තිබෙනවා. අපගේ රට නොකළ වරදකට දඬුවම් විඳින රටක්‌ බවට පත්වී තිබෙනවා.රටම අන්දවා කරළියට ගෙන ඒමට සූදානම් කූඨ ව‍්‍යවස්ථාවේ සම්පූර්ණ පිටපත අපට ලැබී තිබේ.

Sunday, November 5, 2017

නීති අධ්‍යාපන වැඩසටහන-සිංහල මාධ්‍ය


ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ඇසුරෙන්

- 4 ඉ ව්‍යවස්ථාව තුළට පළාත් සභා මැතිවරණය ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිඳ වැටෙයිද...?

නීති අධ්‍යාපන වැඩසටහන-සිංහල මාධ්‍ය

කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන
සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී
2017.11.10 දින (සිකුරාදා)
සවස 3.00 සිට ප.ව.6.00 දක්වා

යහපාලන රජය තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක්‌ ඉටු කරයි...!!!

මනෝ ගනේෂන්, දිගම්බරන්, හකීම්,ෆයිසර් කල්ලිය ශ්‍රී පාද සමනොළ අඹගමුවෙන් වෙන් කරයි...!!!

බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවැනි ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොල කන්ද මස්‌තකයට පිවිස එහි තමන් වහන්සේගේ ශ්‍රී පාදය තැබූ බව ඓතිහාසික ජනප්‍රවාදයන්හි මෙන්ම වංශකතා ප්‍රවෘත්තිවලද දැක්‌වෙයි. ශ්‍රීපාද මස්‌තකයට ළඟා වන මාර්ග නවයක්‌ පමණ තිබේ. ඉන් ප්‍රධාන මාර්ග දෙකින් එකක්‌ රත්නපුර පළාබත්ගල හරහාද අනෙක හැටන් හරහාද වැටී ඇත. පළමු වැනි විජයබාහු රජු ශ්‍රී පාද නමස්‌කාරයට සිත් ඇතිව එහි ළඟා වීම නිමිති කොට පළාබත්ගල ශ්‍රී පාද මාර්ගයට යාබදව ගිලීමලේ විහාරස්‌ථානයේ ශිලා ලේඛනයක්‌ කරවූහ. ගිලීමලය බඹරබොටුව ආදී ගම් ශ්‍රී පාදයට පූජා කළහ. එයට සමාන තවත් ලිපියක්‌ ගිනිගත්හේන නගරයට ආසන්නයේ අඹගමුවේ සන්ක්‌ලයින් නමැති තේවත්තක පැරණි විශ්‍රාම ශාලාවක්‌ ඉදිරිපස පිහිටුවා ඇත. මෙහි සඳහන් වන්නේ ශ්‍රී පාදස්‌ථානයට කළ යුතු වත්පිළිවෙත් මෙන්ම මගීන් උදෙසා දන්හල් පැවැත්වීම සඳහා පිදූ ගම්වරයන් ගැනයි. උඳුවප් මස පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක්‌ පොහොයෙනි. එම කාලය තුළ ශ්‍රී පාද රජ මාවත ලෙසින් සැලකෙන රත්නපුර මාර්ගයත් හැටන් මාර්ගයත් නඩත්තු කරනු ලබන්නේ එම පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා මගිනි. හැටන් මාර්ගයේ තිබෙන එකම ප්‍රාදේශීය සභාව අඹගමුව ප්‍රාදේශීය සභාවයි.

පවුල් තුන ආවේ ක්‍රිකට්‌වලට ඇති ආදරයට නොව ක්‍රිකට්‌ ආයතනය හරහා හම්බ කළ හැකි මුදලටය...!!!

 මේ රටේ ක්‍රිකට්‌ පිරිහුණේ ඇයි? මේ රටේ දේශපාලනය පිරිහීමට හේතු වූ සාධකයට එයද බලපෑවේය. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සංගමය ක්‍රමයෙන් පවුල් 3 ක්‌ අතට ගියේය. සභාපති පුටුවත්, පරිපාලනයත් කාලයෙන් කාලයට මේ පවුල් 3 අතට ගියේය. එය හරියටම තට්‌ටු මාරුවට කුඹුරු කොටන්නාක්‌ වැනි වැඩකි. මේ පවුල් තුන ආවේ ක්‍රිකට්‌වලට ඇති ආදරයට නොව ක්‍රිකට්‌ ආයතනය හරහා හම්බ කළ හැකි මුදලටය.
 

 අද වන විට මේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව සුප් හැලියකි. එහෙත් ඒ සුප් එක තුළ කිසිදු එළවළු කැබැල්ලක්‌ නැත. ඇත්තේ උණු වතුර සහ ලුණු පමණි. නුදුරේදී මෙකී උණුවතුර සහ ලුණු සහ හිස්‌ හැලිය හොරුන් විසින් ගෙන යනවා ඇත. එවිට ඉතිරි වන්නේ ලිප් ගල් තුන පමණි.
 
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ 'හොඳ කාලය' පටන් ගත්තේ 1981 දී බව විශ්වාස කරනු ලැබේ. ඒ ගාමිණී දිසානායක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මණ්‌ඩලයේ සභාපති තනතුරට පත් වීමත් සමඟම ය. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ 'හොඳම කාලය' 1995 දී පටන් ගත් බව විශ්වාස කරනු ලැබේ. ඒ ආනන්ද රාජසිංහ පුංචිහේවා හෙවත් ආනා පුංචිහේවා එම වසරේදී ක්‍රිකට්‌ මණ්‌ඩලයේ සභාපති වූ බැවිනි.

Saturday, November 4, 2017

මම මෙලෝ දෙයක් දන්නෙ නැහැ මෙලා තමයි දන්නෙ...!!! කරුප්පයියා කළ ඩීල් හෙළිවේ...!!!

“තවත් මහා වංචාවක් අතේ පත්තු වෙයි..- කඳපොළ මහකුඩුගල මුළු වතුයායම රුපියල් 8000කට තීන්දු වෙයි”


රජයට අයත් නුවරඑළිය, කඳපොළ පිහිටි මහකුඩුගල වතුයාය මසකට රුපියල් 8000ක් වැනි අඩු මුදලකට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් ට වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය තුළදී ලබාදීමේ අප්‍රකට ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. එම ප්‍රසාදජනක ආර්ථික වාසිය ලබා ඇති ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් ගේ පියා බවද සඳහන් කළ යුතුය. බරපතළ රාජ්‍ය දේපළ අපහරණයක් ලෙස සැලකිය හැකි මෙම ගනුදෙනුව සිදුකර තිබෙන්නේ 2016 සැප්තැම්බර් 26 වැනි දිනය. ජෙෆ්රි ඇලෝසියස් විසින් මෙම ගනුදෙනුව සඳහා සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන් (පෞද්ගලික) සමාගම නමින් නව සමාගමක්ද ලියාපදිංචි කොට තිබේ.
බි්‍රතාන්‍ය රන් පවුම් වතු රජයට පවරා ගැනීමෙන් පසු ජනතා වතු සංවර්ධන මණ්ඩලයට හා රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ වතු 440ක් පසුව පෞද්ගලික සමාගම් 22කට බදු පදනමින් පවරා දෙනු ලැබීය. ප්‍රථමයෙන් වසර 5කට බදුදෙනු ලැබූ අතර එය පසුව වසර 50ක් දක්වා දීර්ඝ කරන ලදී. ඉහත සඳහන් කඳපොළ මහකුඩුගල වතුයාය පාලනය කරන ලද්දේ මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ් (නමැති සමාගම විසිනි. මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස්ලාට පවරාදී තිබෙන්නේ එම සමාගම විසිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.