ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් විනාශ කරලා...!!!

ළදරුවන්ගෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙ… ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාව ලක්‍ෂ පනහකට අධිකයි….-.!!!
රජයේ ‘මිල්කෝ’ සමාගමේ රට පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් එක්රැස් කළ කිරි ලීටර් දෙලක්‍ෂ අසූදහසක් පමණ මැයි මස අවසන් දින තුන තුළ විනාශ කර දමන ලද බවට තොරතුරු අනාවරණය වි තිබේන බව ලංකා ටෘත් වෙබ් අඩවිය සදහන් කරනවා.
එම සමාගම විසින් ගොවීන්ගෙන් එක් කිරි ලීටරයක් මිල දී ගනු ලබන්නේ රුපියල් 65ක් වැනි අවම මිලක් ගෙවීමෙන් වන අතර විනාශ කරන ලද කිරි වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 130ක් ගෙවා තිබේ. සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි මාසයේදී මිල්කෝ සමාගම සතු ගබඩා කිරීමේ උපරිම දෛනිකව ධාරිතාවය වන ලක්‍ෂ දෙකක් දක්වා ළඟා වේ.

එවැනි අවස්ථාවල දී අතිරික්ත තොග කොත්මලේ සහ පැල්වත්ත සමාගම්වලට අඩු මිල ගණන් යටතේ හෝ ලබා දීමට පියවර ගැනිණ. එහෙත්, මෙවර එම ක්‍රියාමාර්ගය හෝ අනුගමනය නොකර විනාශ කර තිබේ. මෙයින් වැඩි ම විනාශය සිදු කර ඇත්තේ අඹේවෙල දී වන අතර ලීටර් 6,000ක ධාරිතාවකින් යුත් බවුසර් 20ක කිරි අවම වශයෙන් එහි දී විනාශ කර ඇත.
පොළොන්නරුව ගබඩා කිරීමේ මධ්‍යස්ථානය ලීටර් 70,000යි, දිගන මධ්‍යස්ථානයේ ලීටර් 30,000යි, කොළඹ නාරාහේන්පිට මධ්‍යස්ථානයේ ලීටර් 60,000ක් වශයෙන් කිරි ශීත කර ගබඩා කිරීමේ මධ්‍යස්ථානවලදී අතිරික්ත බව කියමින් විනාශ කර තිබේ.
තමන් යටතේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන බව පෙන්වීමට පශු සම්පත් ඇමතිවරයා ක්‍රියා කරමින්, මිල්කෝ නිලධාරීන්ට දැඩි බලපෑම් කරමින්, ගොවීන්ගෙන් කිරි වැඩි ප‍්‍රමාණයක් එකතු කිරීමට සලස්වා ඇත. එහෙත්, මිල්කෝ ආයතනයේ ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කර දී නොමැති නිසා මෙසේ විනාශ කිරීමට සිදුව තිබේ.
වයස අවුරුදු 05ට අඩු ළදරුවන්ගෙන් 16%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන සහ ඊටත් වඩා ජල ගැලීම්වලින් අවතැන් වූ ජනතාව ලක්‍ෂ පනහකට අධික පිරිසක් සිටිය දී මේ තරම් කිරි ප‍්‍රමාණයක් විනාශ කිරීම තවත් කාලීන විශේෂත්වයක් වේ.
මේ ආකාරයට අවසන් වරට කිරි විශාල ප‍්‍රමාණයක් විනාශ කරන ලද්දේ පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ 2012 වර්ෂයේ දී ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.