මෙන්න මෙහෙ වරෙන් හරකුනි නට නටා වරෙන්....!!! මැයි දිනේ වරෙව්...!!!
අද මැති ඇමැතිවරුන්ට රට ගැන තේරෙන්නේ නැති තරම්ය. ඒ ඔවුන්
සාමාන්‍ය ජනතාවගෙන් සැබෑ ලෝකයෙන් ඈත නිසාය. රටේ සාමාන්‍ය ජනතාව
විඳින දුක තේරෙන්නට නම් මේ මැති ඇමැතිවරුන් සාමාන්‍ය ජීවිතයට
හුරුකළ යුතුය. මොවුන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නට බල කළ
යුතුය.එසේ නැතිනම් ආරක්ෂක භටයන් නොමැතිව තමන්ම තම වාහනය
පදවාගෙන මහමග ගමන් කරන්නට යොමුකළ යුතුය. සාමාන්‍ය ජනතාව මෙන්
රජයේ රෝහල්වල පෝලිමේ ගොස් බෙහෙත් ගන්නට, සාමාන්‍ය කඩේකින් කෑම
කන්නට, සාමාන්‍ය පාසලකට සාමාන්‍ය රටේ නීතිය යටතේ තම දරුවන්
ඇතුල් කරන්නට යොමු කළ යුතුය. එවිට මේ මැති ඇමැතිවරුන්ට රටේ
සාමාන්‍ය ජනතාව විඳින දුක යම් තරමින් වත් තේරුම් යනු ඇත. එවිට
ඔවුන් පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ ප්‍රශ්න කතාකරනු ඇත. ජනතාවගේ
ප්‍රශ්න එවිට ඔවුන්ට තේරුම් යනු ඇත. වහාම මේ තත්ත්වය රට තුළ
ඇති නොකළහොත් රටේ ජනතාව වැඩිකල් නොගොස් මේ දේශපාලන මාෆියාවට
එරෙහිව වීදි බසිනු ඇත. අද රටේ මැති ඇමැතිවරුන් සිදුකරනු ලබන
කාර්යයන් බොහොමයක් මීට වඩා පහසුවෙන් අඩුවියදමින් කර ගන්නට
අදාළ කාර්යය කළමනාකරණ සේවා සමාගමකට පැවරීම සුදුසු බව සිතන්නට
තරම් රටේ ජනතාව තුළ දේශපාලනඥයන් පිළිබඳ ආකල්ප බිඳ වැටී ඇත.
අද
රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි යන ප්රශ්නය බොහෝදෙනා
අසති. ඒ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දිය නොහැකි තරමට රටේ ඇත්තේ
සංකීර්ණ තත්ත්වයකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැරුණුවිට බොහෝ
ඇමැතිවරුන් කිසිදු වැඩක් කරනු නොපෙනේ. රටක් දුවවන්නට
ජනාධිපතිවරයාගේ උත්සාහය පමණක් මදිය. ඒ සඳහා සමස්ත ඇමැති
මණ්ඩලයේම පාර්ලිමේන්තුවේම සහයෝගය අවශ්‍යවේ.
කුණු කන්ද නාය ගියද විශාල පිරිසක් එයින් මියගියද තවමත්
ආණ්ඩුවට ඒ සඳහා නිසි විසඳුමක් ලබාදෙන්නට නොහැකි වී තිබේ. රටේ
සෑම දෙසින් ම පෙනෙන්නේ වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාරයන්ය.
මෙවර ඉන්ධන සේවක වැඩ වර්ජනයේදී එය පැහැදිලිවම දක්නට ලැබුණි.
ඊට විසඳුම ලෙස ආණ්ඩුව ඇමැති සරත් ෆොන්සේකා ගේ
ප්‍රධානත්වයෙන් විශේෂ ඒකකයක් ස්ථාපිත කරන්නට යන බව පැවසේ.
ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී යුද හමුදාපතිකම
හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නැයි පසුගියදා පැවති
කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකාගෙන් ඉල්ලා සිටි බව ඇමැති රාජිත සේනාරත්න පවසා තිබේ.
අද වන විට රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීම සඳහා මෙම
යෝජනාව කළ බවත් ප්‍රමාණවත් බලයක් සහිතව දෙන්නේ නම් තමන් ඊට
සූදානම් බව ඇමැති ෆොන්සේකා ප්‍රකාශ කළ බවද රාජිත ඇමැතිවරයා
වැඩි දුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ඇමැති සරත් ෆොන්සේකා
පවසන්නේ ජනාධිපතිවරයා තමනට එවන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී
නොකළ බවයි.
නමුත් අත්‍යවශ්‍ය සේවාවන් හදිසි අවස්ථාවකදී පවත්වා ගෙනයාම හා
කළමනාකරණය කිරීම සංවිධානයක් පිහිටුවා එය තමන් යටතට පත් කිරීමට
යෝජනා කළ බවද කී ඔහු එය බාර ගැනීමට තමන් සූදානම් බවද ෆොන්සේකා පවසයි.
කෙසේ වෙතත් වැඩවර්ජන හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩපන
කරන්නට ආණ්ඩුව සරත් ෆොන්සේකා යොදාගන්නට තීරණය කිරීම මෙරට
වෘත්තීය සමිති ක්රියාකාරිකයන් තුළ දැනටමත් තිගැස්මක් ඇතිකර
තිබේ. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා එල්.ටී.ටී.ඊ.ය මර්දනය කළ
ආකාරයට වෘත්තීය සමිති මර්දනයට උත්සහ ගතහොත් එය ෆොන්සේකා ට
මෙන්ම ආණ්ඩුවටද කිසිදා නිවැරදි කළ නොහැකි වරදක් වනු ඇත. මානව
හිමිකම් ගැන සපත කර බලයට පැමිණි රජයක් මේ ආකාරයට වෘත්තීය
සමිති මර්දනයට උත්සාහ ගන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. රටේ
ජනතාවගේ ප්‍රශ්න වලට වැඩකරන ජනතාවගේ ප්‍රශ්න වලට වෘත්තීය සමිති
ඉල්ලීම්වලට කන්දෙන්නට විසඳුම් දෙන්නට නොහැකි නම් රටකට
ආණ්ඩුවක් අවශ්‍ය නැත. අද අපේ රටේ සුපිරිම පැලැන්තිය
දේශපාලනඥයන්ය. එනම් මැති ඇමැතිවරුන්ය. මේ අය අද රටේ ජනතාව
වෙනුවෙන් කරන්නේ කුමක්ද යන්න ජනතාවට ගැටලුවකි. අපේ රටේ අද Rජු
හා වක්‍ර බදු රාශියක් ක්‍රියාත්මකය. මේ බදු නිසා බඩුමිල
ජනතාවට දරාගන්නට පවා අසීරුය.මේ රටේ ජනතාවට අසීමිත ලෙස බදු පනවා
එකතු කරගන්නා බදු මුදලින් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුර සැප
විඳිති. රටේ ජනතාව දහදුක් විඳිද්දී මැති ඇමැතිවරු කෝටි ගණන්
වටිනා නවීන වාහන තරගයට මෙන් මිලදී ගනිති. වැටුප් හා දීමනා
අතිවිශාලය. අපේ රටේ පාර්ලිමේන්තුව හා ඇමැති මණ්ඩලය නඩත්තු
කරන්නට වැය වන මුදලෙන් නිසි සේවාවක් සිදුවෙනවාද යන්න දැන්වත්
රටේ ජනතාව සිතා බැලිය යුතුය. අද මැති ඇමැතිවරුන් අසනීප වලට
බෙහෙත් ගන්නට යන්නේ සිංගප්පූරුවට හෝ වෙනත් විදේශ රටකටය. ඒ
කියන්නේ රටේ සෞඛ්‍ය සේවාව ගැන ඇමැතිවරුන්ට නිසි විශ්වාසයක්
නොමැත. රටේ උසස් අධ්‍යාපන ඇමැති කතා කරන්නේ පුද්ගලික
විශ්වවිද්‍යාල විවෘත කරන්නටය. ඇමැතිවරුන්ගේ දරුවන් බොහෝවිට
අධ්‍යාපනය ලබන්නේ විදේශ විශ්වවිද්යාලවලය.
අද මැති ඇමැතිවරුන්ට රට ගැන තේරෙන්නේ නැති තරම්ය. ඒ ඔවුන්
සාමාන්‍ය ජනතාවගෙන් සැබෑ ලෝකයෙන් ඈත නිසාය. රටේ සාමාන්‍ය ජනතාව
විඳින දුක තේරෙන්නට නම් මේ මැති ඇමැතිවරුන් සාමාන්‍ය ජීවිතයට
හුරුකළ යුතුය. මොවුන්ට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නට බල කළ
යුතුය.එසේ නැතිනම් ආරක්ෂක භටයන් නොමැතිව තමන්ම තම වාහනය
පදවාගෙන මහමග ගමන් කරන්නට යොමුකළ යුතුය. සාමාන්‍ය ජනතාව මෙන්
රජයේ රෝහල්වල පෝලිමේ ගොස් බෙහෙත් ගන්නට, සාමාන්‍ය කඩේකින් කෑම
කන්නට, සාමාන්‍ය පාසලකට සාමාන්‍ය රටේ නීතිය යටතේ තම දරුවන්
ඇතුල් කරන්නට යොමු කළ යුතුය. එවිට මේ මැති ඇමැතිවරුන්ට රටේ
සාමාන්‍ය ජනතාව විඳින දුක යම් තරමින් වත් තේරුම් යනු ඇත. එවිට
ඔවුන් පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ ප්‍රශ්න කතාකරනු ඇත. ජනතාවගේ
ප්‍රශ්න එවිට ඔවුන්ට තේරුම් යනු ඇත. වහාම මේ තත්ත්වය රට තුළ
ඇති නොකළහොත් රටේ ජනතාව වැඩිකල් නොගොස් මේ දේශපාලන මාෆියාවට
එරෙහිව වීදි බසිනු ඇත. අද රටේ මැති ඇමැතිවරුන් සිදුකරනු ලබන
කාර්යයන් බොහොමයක් මීට වඩා පහසුවෙන් අඩුවියදමින් කර ගන්නට
අදාළ කාර්යය කළමනාකරණ සේවා සමාගමකට පැවරීම සුදුසු බව සිතන්නට
තරම් රටේ ජනතාව තුළ දේශපාලනඥයන් පිළිබඳ ආකල්ප බිඳ වැටී ඇත.
අද ලොව පුරා පැතිර යන්නේ දේශපාලනඥයන් නොවන පිරිස් විවිධ රටවල
පාලකයන් ලෙස තෝරා ගැනීමය. ප්‍රංශ ජනාධිපතිවරණයේදී එය
පැහැදිලිවම දක්නට ලැබුණි. එම ජනාධිපතිවරණය එරටට පමණක් නොව
යුරෝපයේ සහ බටහිර දේශපාලනයේ අනාගතයට බලපාන වැදගත් සාධකයකි.
ජනාධිපතිවරණ පළමු වටයේ ඡන්ද විමසුම පැවැති අතර ඒ සඳහා තරග කළ
අපේක්ෂකයන් එකොළොස් දෙනෙකු අතරින් දෙදෙනෙක් ජනාධිපතිවරණ
අවසන් වටය සඳහා තේරී පත් වූහ.
ඒ අනුව මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්රෝන් සහ අන්ත
දක්ෂිණාංශික නායිකා මරීන් ලඡ්පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා
තරග කිරීමට නියමිතය. දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන තිස්නව
හැවිරිදි එම්මානුවෙල් මැක්රෝන් හිටපු බැංකුකරුවෙකි.
ජනාධිපතිවරණය සඳහා ඔහු තරග කරන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක
සහාය ද නොමැතිව වීම විශේෂත්වයකි. පළමු වටයේ ඡන්ද විමසුමේ
ප්‍රතිඵලවලට අනුව ඉහළින් සිටින එම්මානුවෙල් මැක්රෝන් මැයි 07
වෙනිදා පැවතීමට නියමිත ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් එරට එම ධුරයට
පත්වන ලාබාලතම පුද්ගලයා ඔහු වනු ඇත. වසර හැටකට පසු ප්‍රංශයේ
ප්‍රධාන වාමාංශික හෝ දක්ෂිණාංශික පක්ෂ නියෝජනය කරන
අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයේ දෙවන වටය සඳහා තේරී පත් නොවූ පළමු
අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
මෙවැනිම තත්ත්වයක් ඉදිරියේදී අපේ රටේ ද දක්නට ලැබෙනු ඇත. ඒ
තරමට මේ දේශපාලන ක්‍රමය රටේ ජනතාවට තිත්ත වී තිබේ. දැන් රටට
අවශ්‍ය වී ඇත්තේ ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කරන දේශපාලනඥයින් ය.
මේ වනවිට මැයි දිනය සඳහා සියලු පක්ෂ සුදානම්ය. ශ්‍රීලනිප මැයි
රැලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයන්
මහනුවරදීද, එජාපයේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදීද
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර දීද පැවැත්වේ. මේ සියලු
රැස්වීම් වලට අතිවිශාල ජනතාවක් සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ.
මෙවර මහනුවරදී පැවැත්වෙන ශ්‍රීලනිප මැයි රැළියට සහභාගී වන ලෙස
සියලු ශ්‍රීලනිප මන්ත්‍රීන් ඇතුළු සාමාජිකයින්ට ලිතව දන්වා
යවා ඇත. එම පක්ෂ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක
පවසන්නේ වෙනත් මැයි රැළියකට සහභාගී වන ශ්‍රීලනිප සාමාජිකයින්
සඳහා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂටද අදාළ බව ඔහු කියා සිටී. ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය විසින් පවත්වනු ලබන මැයි රැළියට සහභාගී නොවන සියලු මහජන
නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව
තීන්දු කර ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
කෙසේ වෙතත් පසුගිය දිනවල ශ්‍රීලනිප පතාක යෝධයන් වැනි ආසන
සංවිධායකවරුන් එම ධුර වලින් ඉවත් කිරීම පක්ෂය බරපතළ දෙදරීමකට
ලක් කෙරෙනු ඇත. සියලු පාර්ශව ඒකරාශී කරගෙන ඒකාබද්ධ කරගෙන
ඉදිරියට නොගියහොත් දෙපාර්ශයටම අනාගතයක් නැත.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මේ වන විට ඉන්දියාවේ නිල
සංචාරයක නිරතවී සිටී. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී
ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලි නුවර
හයිද්‍රdබාද් මන්දිරයේ පැවැති සාකච්ඡා වලින් අනතුරුව දෙරටේම
ජනතාවට සමබර ප්රතිලාභ ලැබෙන ගිවිසුමකටද අත්සන් තබන ලද බව
අගමැති කාර්යාලය පවසයි.
මෙම ගිවිසුමට ද්‍රව ස්වාභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර
ස්ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය, වරාය හා ආර්ථික කලාප
සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලුම්
පර්යන්ත, කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී
ක්ෂේත්‍ර ගණනාවක් ඇතුළත් වේ.
මෙම ගිවිසුම සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ඇමැතිනී ශුෂ්මා
ස්වරාඡ් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය
මලික් සමරවික්‍රම අත්සන් තැබූහ.
මෙම සමහර ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ජපානය ඉන්දියාව හා ශ්‍රී
ලංකාව එක්ව කටයුතු කරන්නට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන අධිවේගී මාර්ගය
සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව
ඉන්දීය මහාමාර්ග හා නාවික කටයුතු ඇමැති නිතින් ගද්කාරී සිය
ට්විටර් ගිණුම මගින් සඳහන් කර තිබේ.
මෙම මාර්ගය ඉන්දියාවේ දනුෂ්කොඩි හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම
යා කරමින් මුහුද මැදින් එන පාලමක් ඉදිකරන බව මීට පෙර පවසා
තිබුණි.
ජනිත සෙනෙවිරත්න
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, April 29, 2017
අපතයන් රජ කරන්නට දර දිය අදිනා මී හරකුන් සිටින එකම රට....!!!
Posted by
lankanews
at
April 29, 2017
Labels: history of parliyament, income of politicians, lanka politics, lankanews, srilanka parliament, srilankan politics, yahapalanaya
අපතයන් රජ කරන්නට දර දිය අදිනා මී හරකුන් සිටින එකම රට....!!!
2017-04-29T11:40:00+02:00
lankanews
history of parliyament|income of politicians|lanka politics|lankanews|srilanka parliament|srilankan politics|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
