ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 6, 2016

“රැජිණගේ අත අල්ලනකොට සිරිසේනට දැනුන සනීපෙ ජනතාවට දැනිලා නෑ..” – ගම්මන්පිල

එළිසබෙත් මහ රැජින ස්වකීය අත්වැසුම් ගලවා අතට අතදීමේදී ජනාධිපතිවරයාට දැනුණු සනීපය රටට දැනී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල  පවසයි.
ලොව ජයගත් බවට පම්පෝරි ගැසූවද අවසානයේ සිදුව ඇත්තේ අපේ නායකයින් ඒ රටවල ගොස් කා බී විනෝදවී පැමිණීමත්, ඒ නායකයින් අපේ රටට පැමිණ කා බී විනෝදවීමත් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියේ (06)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ජනපති හා අගමැති තරඟයට මෙන් රට සවාරි යන බවත්,අගමැති ලෝක ආර්ථික සමුළුවට යනවිට ජනපති ජී-07 සමුළුවට යන බවත්,ලෝක නායකයනුත් පෙළගැසී ලංකාවට පැමිණියත් රටට ප්‍රයෝජනයක් වී නොමැති බව ඔහු සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය රජයේ සහකාර ලේකම්වරු දෙදෙනෙක්‌ දිවයිනට

මෙරට මානව හිමිකම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහකාර ලේකම්වරුන් දෙදෙනකු වන සයිමන් මැක්‌ඩොනල් හා මාර්ක්‌ලොට්‌ කොක්‌  (6 දා) දහවල් දිවයිනට පැමිණ ඇත.
මෙම සහකාර ලේකම්වරු දෙදෙනා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලයට හා ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියට සම්බන්ධ වූවෝ වෙති.

දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද...?

කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහඹු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා කළ අනාවරණය අනුව තහවුරු වන බවත් කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිමත් කදවුරේ ආරක්ෂක ක්‍රමවේදයන් සහ ආරක්ෂක නිළධාරීන් මිට දින 10කට පෙර වෙනස් කිරිම වැනි සිදුවිම් හරහා කඳවුරේ පිපිරුම අහබු සිදුවිමක් නොවන බවට  ආරක්ෂක තොරතුරු වාර්තාකරු කල අනාවරණයන් තහවුරු කරමින් තවත් සැක සහිත කරුණු කිහිපයක් අනාවරණය වි තිබේ. ( EXCLUSIVE )

මේ ඛේදවාචකයට යුද හමුදාපති වගකිව යුතුයි...!!!

මා ආරක්‌ෂක ලේකම් නම් ඔහු ඉවත් කරනවා
- ගෝඨාභය රාජපක්‌ෂ
කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  පැවසීය.
මෙවන් වැදගත් ස්‌ථානයක්‌ නිසි ලෙස ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

හදවත් සැත්මකට ලක්‍ෂයක වැට් බද්දක්…

පුද්ගලික රෝහල්වලට මෑතකදී පනවන ලද වැට් බද්ද නිසා හදවත් සැත්කම් ඇතුලූ සැත්කම් සඳහා 15%ක අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

සාලාව කඳවුරේ ඇතිවූ පිපිරුම....!!!


සාලාව කඳවුර අළු ගොඩක්‌
ගම්මාන 10 ක ජනතාව අවතැන්
...


කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යැමෙන් එම කඳවුර මුළුමනින්ම අළු ගොඩක්‌ බවට පත් වී අවට පිහිටි ගම්මාන දහයක පමණ ජනතාව අවතැන්ව ප්‍රදේශයේ විහාරස්‌ථාන, කිතුනු දෙව් මැදුරු හා පාසල්වල පිහිටි කඳවුරුවල රඳවා සිටිති.
ඉතා දැකුම්කළු ගොඩනැඟිලි සමූහයකින් යුක්‌තව ඉදික
ර තිබුණු සාලාව යුද හමුදා කඳවුරේ ජල ටැංකිය පමණක්‌ ඉතිරිව තිබෙනු  (6 දා) එහි ගිය අපට දැක ගන්නට ලැබිණි.
මෙම පිපිරීමෙන් ප්‍රදේශයේ නිවාස රාශියක්‌ මුළුමනින්ම විනාශ වී ගොස්‌ ඇති අතර කඳවුර ආසන්නයේම තිබූ රණවිරු ගම්මානයේ නිවාස හා මුරුතගම, ආනන්දගම නිවාස ඒ අතුරින් දරුණු ලෙස විනාශයට පත්ව ඇත. පිපිරීමෙන් සාලාව නගරයට සහ රෝහලට ද දැඩි අලාභහානි සිදුව තිබේ.අළුත්ම ඡායාරූප ඵකතුවක් සහිතයි....

මේ අමන තකතීරුවා පාර්ළිමේන්තුවෙන් නෙරපනු...!!!

තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් අමු තිත්ත කුණුහරුපයෙන් බනිමින් පොලිස් නිලධාරීන්ට එලව එලවා ගුටි දෙති.නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් හොරණ කලාප කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් පාලනය කරන්න ආ පොලිස් නිලධාරීන්ට එලව එලවා පහර දුන්හ.වීඩියෝ සහිතයි

කඳවුරේ පිපිරීම ගැන .දනෝ කියති මෙසේ...

 ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි තුළින් ජනතාව සිය අදහස් බෙදා හදා ගනිති මේ ඵවන්වූ  තෝරාගත් කාලීන නිර්මාණ රැසක් ඔබගේ රස වින්දනයට ...

බුද්ධි අංශ අල්ලාගත් මහා කොටියා රහසේම කැනඩාවට

යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් ඔත්තුවකට අනුව පසුගියදා කිළිනොච්චි‍යේදී ත්‍රස්ත මර්ධන ඒකකය අත් අඩංගුවට ගත් ස්වේච්ඡා සංවිධානයක සේවකයෙකු ලෙස පෙනි සිටිමින් දෙමළ ඊළාම් ත්‍රස්ත සංවිධානය නැවත ගොඩනැගීමට සැලසුම් කල සංකරලිංගම් ශෂිකරන් නැමත්තා රහසිගතව කැනඩාවට පිටත් කර යැවිමට ආරක්ෂක අමාත්‍යංශය හොර රහසේම කටයුතු කරමින් සිටින බව  වාර්තාකරු අනාවරණය කළා.
දෙමළ ඩයස්පොරාවේ ඉල්ලිම මත යුධ හමුදා බුද්ධි අංශ අත් අඩංගුවට ගත් සංකරලිංගම් ශෂිකරන් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත පොලිස්පතිවරයාගේ අනුදැනුම මත පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමකට භාරදි ඇති අතර ඔහුන් විසින් රැගෙන ගිය ශෂිකරන් මේ වනවිට රටින් පිටුහල් කිරිමට කටයුතු යොදවා තිබේ.

හමුදාව උතුරෙන් ඉවත් විය යුතුයි....!!!

විග්නේෂ්වරන් කියයි

හමුදා කඳවුරු ඉදිකිරීම පොදු අවශ්‍යතාවක්‌ නොවන බැවින් හමුදාව උතුරු ප්‍රදේශයෙන් ඉවත් විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්  ප්‍රකාශ කර ඇත.
ජනතාවට නිලධාරීන්ට මෙන්ම දේශපාලනඥයන්ට ද දැනගැනීමට නොහැකි අන්දමේ විශාල ඉඩම් ප්‍රමාණයක්‌ හමුදාව සතුව තිබෙන බව ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

කොස්ගම පලමු ප්‍රහාරය LTTE යෙන්ද...?,නිකන්ම පුපුරන්න කවදාවත් බෑ....!!!

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඊයේ දිනයේ සිදු වූ පිපිරීමෙන් අනපෙක්ෂිත සිදුවිමක් නොවන බව මේ

වනවිට ඉතාවමත් වගකිමෙන් තහවුරු කිරිමට අප  වාර්තාකරු සමත්ව තිබේ.
ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ අදාළ කදවුර තුල අනපේක්ෂිතව යම් පිපිරුමක් සිදුවිමට ඇති ඉඩකඩ සම්පුර්ණයෙන් අහුරා තිබුන බව ආරක්ෂක ප්‍රධානින් තහවුරු කර ඇති අතර ඒ හේතුවෙන් යම් පලමු පිපුරුමක් බාහිරින් සිදුකර ඇති අතර ඒ අනුව අවි ගබඩාව පිපුරුම ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකි බවයි තහවුරු වි ඇත්තේ.
මේ අතර අදාළ කදවුරේ ආරක්ෂාවේ වෙනසක් මිට දින 10කට පෙර සිදුකර ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ හමුදා බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් බවද අප  වාර්තාකරු සදහන් කළා.
මේ අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරිම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය රැස්විමක් ආරම්භ කර ඇති අතර එය මේ වනවිටත් අවසන්ව තිබුනේ.

කඳවුර පිපුරුණාද පිපුරුවාද....??? විශාල සැකයක්....!!!

අවි ගබඩාවේ පිපුරුමේ වගකිම හමුදා කරමත -ආරක්ෂක මණ්ඩලය ලිස්සා යයි,පිපුරුමෙන් පසු කඳවුරේ ඡායාරූප...!!!කොස්ගම සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වු වගකිම යුධ හමුදාවට බාර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය යුධ හමුදාපතිවරයාට නියෝග කල බව අප වාර්තාකරු අනාවරණය කළා.කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපුරුම කවර ආකාරයකින් සිදුවුවද ඒ සම්බන්ධයෙන් දැන් පරික්ෂණ සිදුකිරිම වැදගත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දි ඇති අතර අදාළ පිපුරුම සම්බන්ධයෙන් විවිධ මතයන් මාධ්‍ය හරහා පලනොවිමේ වගකිමද යුධ හමුදාවට පවරා තිබේ.පිපුරුමෙන් පසු කඳවුරේ ඡායාරූප...!!!

සාටක සුණඛයා යළි රිමාන්ඩ් කිරීමේ තැතක්....

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ( සාටක සුණඛයා) අද දිනයේ නැවත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ ප‍්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්දයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේය.

තව පිරිසක් ඇමතිකම් අරන් ආණ්ඩුවට…?

පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ඇමකි ධුර ලබා දී ආණ්‌ඩුවට එක් කර ගැනීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන්නේ යයි වාර්තා වෙයි.
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර කිහිප දෙනෙකුට ඇමතිකම් ඇතුළු වරප‍්‍රසාද දී ආණ්‌ඩුවට එක්‌කර ගැනීමට ආණ්ඩුව යෝජනා කර ඇති බවයි.

පිපිරී ඇත්තේ ලංකාවේ විශාලතම අවි ගබඩාව..?

ඊයේ දිනයේ කොස්ගම සාලාවේ ප‍්‍රදේශයේදී පුපුරා ගියේ මෙරට විශාලතම අවි ගබඩාව යයි පලවන වාර්තා සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ එය එසේම කිව නොහැකි බවයි. යම් යම් කාරණාවල රහස්‍යභාවය රැුකිය යුතු බව ඔහු කියා සිටියේ  රූපවාහිනිය හා අදහස් පල කරමිනි.

කොස්ගම පිපුරුවාද?පරික්ෂණ වලින් හමුදා බුද්ධි අංශ ඉවතට...!!!

කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගැනිම අහබු සිදුවිමක් නොව පලමු පිපුරුම සිදුවු අකාරය සියසැසින් දුටු එම කදවුරුරේ ආරක්ෂක නිළධාරියා අනාවරණය කර තිබේ.පිපුරුම සම්බන්ධයෙන් මේ වැන විට යම් සැක සහිත තත්ත්වයක් හටගෙන තිබේන අතර එය තවත් තීව්‍රව කිරිමට හේතු වි ඇත්තේ කදවුරේ සම්පූර්ණ වගකිම් යුධ හමුදා බුද්ධි අංශයට භාර නොදි යහපාලනයේ සුරතලුන් බවට පත්ව සිටින රහස් පොලිසියට ලබා දිම බවයි අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියෝග මත කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ ගින්න ගැන පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක  උපදෙස් දී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.