ලෝක වාර්තා තුනකට හිමිකම් කියු ශ්‍රි ලංකීක නාවික හමුදා භට සනත් බණ්ඩාර
ක්‍රීඩකයා පසුගිය 27 දා
සම්මාන ප්‍රධාන උත්සවය ඉංදියාවේ ඇරෝවීල්හි පැවැත්විණි.
ඔහු තනියම ගොස් මේ සම්මාන ලබා ගත්තේය.මුදල් මත පාවෙන ඵසේම කණ්ඩායම් වශයෙන් තරඟ කරනා ක්‍රිකට් සඳහා අපමණ අගයන් ලැබෙද්දී ....රට වෙනුවෙන් තනිවම තරඟ කොට ලෝක සම්මාන ගෙන ඵද්දී ...රාජ්‍ය බුහුමන් ,හරසර රතු පළස් නොමැත.නායක දේශපාලන තකතීරුන්ද නොමැත (ජාතික අපදා වලදී මෙන්ම ) නමුත් ඔබට සමස්ත ලාංකික ජනතා හරසරය ඇත.
ලෝකයේ රටවල් ගණනාවක ලෝක වාර්තා තැබූවෝ මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ශ්‍රි ලංකාව නියෝජනය කළ නාවික හමුදාවේ නායක නැව් ගල්කිරියාගම සනත් බණ්ඩාර 2007 වසරේ පැය 24ක් නොකඩවා කිලෝමීටර් 256ක් මීටර් 800 දුරක් දිවීම, 2008 වසරේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් පුරා පැය 24ක් කිලෝමීටර් 251 සහ මීටර් 550 දිවීම සහ 2012 වසරේ ටී ෂර්ට් 257 ක් ඇඳීම, වෙනුවෙන් ඔහු ලෝක වාර්තා සමකළ බව ලෝක වාර්තා කමිටුව නිර්දේශ කැර තිබුණි.
ඇසස්ට් ලෝක වාර්තා කමිටුව සම්මාන උළෙල සංවිධානය කෙරුණි.
ඊළඟ ලෝක වාර්තාවේ පුහුණු කටයුතු සඳහා ලබන 06 වන දින ඔස්ට්‍රේලියාවට යාමට සුදානම් බව ඔහු කීය.