ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 30, 2015

තවත් සිඟිත්තියක් ගල්ගුහාවක....!!!


නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

අතුරුදහන්වී සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති අහිංසා (අවු 3 ½ ) නම්වූ දැරිවියකි.

ජිනීවා මානව හිමිකම් සැසියට උතුරෙනුත් යති....!!!

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ ගොදුරු බවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු යැයි   ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ උතුරේ දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති සංවාදයට උතුරේ දේශපාලනඥයන් වන සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, ආනන්දි ශෂීදරන් , එම්.කේ සිවාජීලින්ගම්,  උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු වන ගජේන් පොන්නම්බලම් එක් වූ අතර වගවීම සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි ඔවුහූ   පැවැසූහ.

මක්කම තදබදයෙන් මියගිය සංඛ්‍යාව 4000 පනී...!!!

හජ් වන්දනාව අතරතුර ඇතිවූ තදබදයෙන් මිය ගිය සංඛ්‍යාව 4173ක් දක්වා ඉහළ ගොස් ඇති බව සවුදි රජයේ ආරංචි මාර්ග විසින් වාර්තා කර තිබේ.
පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සවුදි අරාබියානු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හමාඞ් බින් මුහම්මද් අල් ඩුවෙයිලා පවසා ඇත්තේ වන්දනාකරුවන් 4173ක් මියගිය බවට දැක්වෙන ඡයාරූපයක් තමන් අතට පත්වූ බවයි.
අධික උෂ්ණත්වය නිසා විජලනයට පත්වීමත් හුස්ම හිරවිමත් මෙම මරණයන්ට ප‍්‍රධාන හේතූන් බවද සවුදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් පවසා තිබේ.

කරුපයියා අත්සන් කළ මුදල් ගිනිතබයි...!!!

ශ්‍රී-ලංකාවේ වලංගු මුදල් නෝට්ටු වල නිල අත්සන් තැබිය යුත්තේ මුදල් අමාත්‍යවරයාද නැතහොත් මහ බැංකුව අයත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ද යන්න පිලිබඳ නෛතික ගැටළුවක් පැනනැඟී ඇතැයි වාර්තා වේ.
මෙම ගැටළුවට හේතු වී ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී-ලංකා මහ බැංකුව අයත්වන්නේ කරුපයියා යටතේ පවතින මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීමයි.

අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න....!!!

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමටත්,ඇවන්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති නිදහස් කිරීමටත් මහාධිකරණ විනිසුරුවන් පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකු සහ තුප්පහි චිවරධාරියෙකුද සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එනම් අගමැතිගේ නම විකුණා තම දේශපාලන බලය පෙන්වීමට තැත්කරනා වරක් මහමැතිවරණයෙන් අන්ත පාරාජ වී ආතක් පාතක් නැතිව සිට යහපාලනයට පිං සිද්ද වෙන්න ඇමති කෙනෙකු ලෙස දිවුරුම්දුන් ඇමති තොත්ත බබා වජිර අබේවර්ධනයි. මොහු විසින් දින සියේ ආණ්ඩුව පැවති අවධියේදීද රාජපක්ෂ හෙන්චයියන්ගෙන් ඔහුගේ “වජිර අබේවර්ධන පදනමට” නොයෙක් ආකාරයෙන් මුදල් ලබාගෙන රාජපක්ෂ හෙන්චයියන් රැකීමට පොලිස් නිලධාරින්ට පවා බලපෑම් කල පුද්ගලයෙකි.පොලිස් ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් දෙමින් තමා කතා කරන්නේ අගමැතිවරයා වෙනුවෙන් යයි ඔහු පවසා තිබේ.
මෙහි ඇති විශේෂම කාරණය වන්නේ ඔහුගේ පසුගිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් මිලියන ගණනනින් මොහුගේ පදනමට ලබාදී තිබීමයි.

සමලිංගිකයන් යහපාලනයේ වැඩ අල්ලයි...කොළඹ සමලිංගික වැඩමුළුවක්…!!!

ශ‍්‍රී ලංකාව තුල සමලිංගිකයන් පිලිගැනීම, ඔවුනට නිත්‍යානුකූල අයිතීන් ලබා දීම ආදී සමලිංගික අයිතීන් ලබා ගැනීම සඳහා වූ වැඩමුළුවක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ දිනයේ පැවැත්වී තිබේ. මෙම වැඩමුළුව USAID සංවිධානය විසින් සූදානම් කර තිබූ අතර ඊට මෙරට සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හතකින් පමණ 20 දෙනෙකුගේ පමණ පිරිසක් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකේද සහභාගී වී තිබින.

Tuesday, September 29, 2015

ගීතාට අවුලක්.. මන්ත‍්‍රී ධුරය අත්හිටුවන්නැයි නඩු.. !!!

ගීතා කුමාරසිංහ ගාල් දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස ඉල්ලා

එම දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් පිරිසක් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට ගැනීමට  අවසර දී තිබේ.
ඒ අනුව ලබන මස 19 වැනි දින අධිකරණය හවුවේ කරුණු දක්වන ලෙස ගීතා කුමාරසිංහ, සන්ධාන මහ ලේකම්, පොලිස්පති, ආගමන සහ විගමන පාලක, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසකට නියෝජග කර ඇත.

මහින්දට විරුද්ධව සජින් වාස් ..

මහින්ද රාජපක්ෂ  රට පාලනය කරද්දී සිදුවූයේ යයි කියන වංචා හා දුෂණ සිද්ධි ගැන පැවැත්වෙන නඩුවලදී හිටපු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට රුපියල් කෝටි 04කට වැඩි මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

ගුරු හිගය සහ අතිරික්තය...!!!


වයඹ පළාතේ සේවය කරන ඇතැම් ගුරුවරුන් සතියටම පාසල් වල දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඇත්තේ කාලචේද 05 කදී පමණක් බවට මේ වන විට තොරතුරු හෙලිවී ඇතැයි වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ  පැවසීය.
තව දුරටත් කරුණු දැක්වූ පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ  මෙසේද පැවසීය.

සිරාගේ මල්ලි “ඩඩ්ලි” කොළඹ සිරා හොටලයක් ගනී ...!!!

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් භිය ගන්වා ඔහුන්ගෙන් බලහත්කාරයෙන් එකතුකරගත් කෝටි ගණන් මුදල්වලින් මෛත්‍රීපාල සිරිසේනයන්ගේ සොහොයුරෙකු වන හාල් මාෆියාවේ පියා වන ඩඩ්ලි සිරිසේන හොර රහසේම කොළඹ නවීන තම සංචාරක හෝටලයක් මිලයට ගෙන පවත්වාගෙන යන බව අනාවරණය වි තිබේ.

අපි කියන දේ ලියනවා…” රනිල්ගේ අමුතුම මාධ්‍ය නිදහස

“තමුසෙලාට පණ්ඩිත කතා වැඩක් නෑ…අපි කියන දේ ලියනවා…” තව දෙදිනකින් (30) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම  (27 ) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී තරුණ මාධ්‍යවේදියකු යොජනාව සම්බන්ධයෙන් දිගින් දිගටම කල ප්‍රශ්ණ කිරිම් හමුවේ තර්ජනාත්මක අයුරින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෑ ගසා තිබේ.

Sunday, September 27, 2015

දූෂකයන්ට මරණ දඬුවම දියව්....!!!

ස්ත්‍රී දුෂකයින්ට සහ ළමා අපචාරකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන ලෙස රජයට බල කරමින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් පසුගිය 26 වැනිදා සවස මහවැව නගරයේදී පැවැත්වුණි.

ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියේය.

ජයටම පෙරා මාට්ටු....!!!

ආරක්ෂිත කැමරා පද්ධතියක ආරක්ෂාව ලබමින් සුවිසල් නිවසක් තුළ පවත්වා ගෙන ගිය මහා පරිමාන කසිප්පු ජාවාරමක් වැටලීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.
කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගිය බව කියන ජාවාරම්කරුවාවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු හිටපු නාවුක හමුදා සෙබළෙකි.
ඉකුත් 26 වැනිදා මෙම වැටලීම සිදු කර ඇත.
මාරවිල - කුරුස පල්ලිය ජාතික සිද්ධස්ථානය ආසන්නයේ මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගොස් තිබුණි.

Saturday, September 26, 2015

මෛත්‍රී ඊළාම් රාජ්‍ය දෙන බවට සහතික වු අයුරු....!!!

62 දෙලක්ෂයක (එයින් ලක්ෂ 10ක්ම බෙදුම්වාදී ඡන්ද )ශ්‍රි ලංකා ජනතාව ජනවාරි 8 වැනිදා ගත් තින්දුව මේ රට බෙදා වෙන්කිරිමේ දිශාවට යොමුකිරිමට සමත්වි ඇති බව අද අවිවාදයෙන් යුතුව පිලිගත යුතුව තිබේ.දකුණේ සිංහල ජනතාව ගොනාට අන්දමින් ජනාධිපති විමෙන් පසුව රෙද්ද කරේ තියාගෙන උතුරට දිවගිය මෛත්‍රීපාල ට උතුරේ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදීන් පහත ඡායාරූපයේ දැක්වෙන ආකරයට රටේ ජනාධිපතිවරයෙකුට සලකා ඇත්තේ මන්ද යන්න අමුතුවෙන් පාඩමක් ලෙස කියාදිය යුතු නැත.

පවුල් වාදය නැවත කරළියට ...!!! මෛත්‍රීගේ දහම් බේබිත් සමුළුවේලු හික්ස් ....!!!

ඊයේ පස්වරුවේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 70 වැනි සැසිවාරය ආරම්භ විය.

සැකකාර සිසුවාගේ අධ්‍යාපන වගකීම් විදුහල බාරගනී...!!!

මහත් ආන්දෝලනයකට ලක්‌ වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සම්බන්ධ බව කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සම්පූර්ණ වගකීම දැරීමට ඔහු ඉගෙනුම ලබන පාසල තීරණය කර ඇත.

දිවයින කතුවැකියෙන් පිටවෙන සත්‍යය...!!!

මනුෂ්‍යයා වැඩ කරන විදි දෙකක්‌ තිබේ. විටක ඔහු හරකකු මෙන් ඉතා මහන්සියෙන් වැඩ කරයි. තවත් විටක හරක්‌ වැඩ කරයි. පසුගිය කාලයේදී මේ රටේ පොලිසිය විසින් කරන ලද හරක්‌ වැඩ කිහිපයක්‌, කිසිදු වෛරයක්‌ - ක්‍රෝධයක්‌ නැතිව මෙසේ සඳහන් කරමු.

ආත්මය ඝාතනයවූ පාසල් ශිෂ්‍යයා...!!!


අන්තිමේ ඔවුන් දරුවෝ දෙන්නම අරගෙන යන්න ලැහැස්‌ති වුණා.. ඒ වෙලාවෙත් අනේ අම්මේ

මම වරදක්‌ කරලා නැහැ.. මාව බේර ගන්න කියලා මගේ පුතා අඬා අඬා කිව්ව විදිහ දැනුත් මට මැවිලා පෙනෙනවා.. මම කියන්න පුළුවන් හැම විදිහෙන්ම පොලිසියේ මහත්තුරුන්ට කිව්වා මගේ පුතා නිර්දෝෂයි කියලා.. ඒත් ඔවුන් මට කන් දුන්නේ නැහැ..

පුතාව පොලිසියට අරගෙන ගියාට පස්‌සේ මට දරුවව බලන්නවත් ඉඩ දුන්නේ නැහැ.. මම පොලිසියට ගිය වෙලාවේ කොටදෙණියාව ඒ.එස්‌.පී කියා ගත්ත ලොකු මහත්තයෙක්‌ ජරා ගෑණියෙක්‌ට වගේ අන්තිම පහත් විදිහට මට බැන්නා.. අපි මොන වරදක්‌ කළාටද පොලිසිය අපිට මෙහෙම කළේ.. 

පිට රටවල් පවා ඵපා කියද්දී අපේ රටේ මහ අමනයෝ අනුමත කරන ජිනීවා යෝජනා...!!!


ශ්‍රී ලංකාවට හානි කරන

ජිනීවා යෝජනා එපා
රටවල් හතරක්‌ කියති....

ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ. මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්ද යන්න ගැන ඡන්ද විමසීමක්‌ පැවැත්වේ. මෙකී වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට එරෙහිව කර ඇති නිර්දේශ ගැන රුසියාව, චීනය, කියුබාව හා පාකිස්‌තානය දැඩි විරෝධතාවයක්‌ දක්‌වා ඇත.

මාරියෝ ජයතුංග වෙනුවෙන් ආයාචනයක්...!!!

මාරියෝ ජයතුංග නමැති අධ්‍යක්ෂකවරයා මට හමු වෙන්නේ ඔහුගේ අවසාන චිත්‍රපටය නිර්මාණය කිරීමට.මම එහෙම කියන්නේ ඔහු පහුගිය සතියේ මිය ගිය නිසා.කලාත්මක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සුභ ප්‍රාර්ථනාව ඔහු අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයකම තිබුණා.ඔහු 2009 අවුරුද්දේ තිර නාටකයක් අරගෙන මා ලඟට එනකොට චිත්‍රපට 5ක් අධ්‍යක්ෂණය කරලා තිබුණා.ඒවායේ නම් මම මෙතැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඒ හැම නමකම සැඟවුණු ලිංගික ප්‍රේරණයක් තිබුණා.ඒ තමයි කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන්නට අවශ්‍ය සුදුසුකම යැයි ඔහු සිතූ විදිහ.ඇත්තටම සම්භාව්‍ය යැයි හඳුන්වා ගන්නා අධ්‍යක්ෂකවරයකු මරියෝට වඩා හොඳ වෙන්නේ ටිකයි.

හදිසියේ ඇති වූ ගින්නක්.....!!!


හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත නගරයේ පවත්වාගෙන ගිය වාහන අළුත් වැඩියා කරන ස්ථානයක් (ගරාජයක්) සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පසුගිය 25 වැනිදා රාත්‍රී 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.
හලාවත - කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේ පිහිටි ගිනි ගෙන විනාශ වී ඇති මෙම ගරාජය තුළ වාහන කීපයක ඇන්ජින් ඇතුළු අමතර කොටස් ද තිබී ඇත.

Friday, September 25, 2015

අපි රැවටෙයි ...!!!

මාලයක් කඩා ගන්න උවමනාවක් තිබුණු එ‍කෙකුට ඕන නං, ඒ අපරාධයේ බර අඩු කර ගන්න මෙහෙමත් කියන්න පුඵවන්.
'උඹ දැන ගනින් මං කඩා ගත්තෙ උඹේ මාලෙ විතරයි. ඕන නං මට තිබුණා උඹව උස්සන් ගිහින්, කටේ පාන්කඩ ඔබලා, උඹව දූෂණය කරලා, බෙල්ල මිරිකලා මරලා, මාලෙයි, කරාබු කුට්ටමයි, පර්ස් එකේ සල්ලියි, උඹේ ‍ෆෝන් එකයි අරගෙන, ඊට පස්සෙ මිනිය උස්සන් ගිහින් කොහේට හරි විසි කරල‍ා යන්න. නමුත් මං එහෙම කළේ නැහැ. උඹේ මාලේ විතරයි කඩා ගත්තෙ‍‍.'

හරක් මරණ හරක්...!!!


නීත්‍යාණුකූලව තාවකාලික බලපත්‍රයක් ‍ලබා නොගෙන උත්සව සදහා සතුන් ඝාතනය තහනම් කර තිබියදී හජ්ජි උත්සවය වෙනුවෙන් පැවැත්වෙන “කුරුබාන්” නම් ආගමික කටයුත්ත සදහා හලාවත - සවරාන ප්‍රදේශයේදී ගවයින් 05 දෙනෙකු ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
ස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන හජ්ජි උත්සවයේදී “කුරුබාන්” නම් ආගමික වතාවත් සදහා ගවයින් ඝාතනය කරණු ලබයි.මේ සදහා ස්ලාම් දේවස්ථාන වල අනුමැතිය ඇතිව පළාත් පාලන ආයතන විසින් තාවකාලික සත්ත්ව ඝාතන බලපත්‍ර නිකුත් කරණු ලබයි.එම බලපත්‍රය නිකත් කිරීම සදහා පළාත් පාලන ආයතන විසින් රුපියල් 1200 ක මුදලක් අය කිරීම සිදු කරයි.

කිරි ඉබ්බන් මැරූ ඵකෙක් මාට්ටු.... !!!

කිරි ඉබ්බන් තිදෙනෙකුව (03) මස් කිරීම සදහා ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් භාරතී විජේරත්න  රුපියල් 30,000 ක දඩ මුදලක් නියම කලාය.
මෙසේ දඩ නියම වුයේ මංගළඑළිය - කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩික්සන් සංජීව ප්‍රදීප් නිලන්ත නම් අයෙකුටය.

තවත් බාලාපචාරයකට පෙදරේරුවෙක් මාට්ටු...!!!

වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 19 හැවිරිදි පෙදරේරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව - ඉහල අත්තංගනය ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියකි.

Thursday, September 24, 2015

හොට්‌ ගොසිප් හිරිකිත සන්නිය


කොටදෙණියාවේ බඩල්ගම ප්‍රදේශයේ අහිංසක දැරිවියගේ ඝාතකයන් යෑයි සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගත් බව ඊයේ පුවත්පත් වාර්තාකර තිබිණි. මෙවර ස්‌ථිර වශයෙන් ම ඒ අදාළ සැකකරුවාම අත්අඩංගුවට ගෙන ඇති බව කිව හැකිය. ඒ කවර පරීක්‍ෂණයකට වුව පෙරාතුව ඔවුන් විසින්ම ඝාතනය සිදු කළේ තමන් බව පොලිසියට පාපොච්චාරණය කර ඇති නිසාය. මෙතැන් පටන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ද පෙර ඒ පාපිෂ්ටයන් එල්ලුම් ගස්‌ ඇරීමට අපි සූදානම් නොවෙමු. කොටදෙණියාවේ දැරියගේ ඝාතනය අතිශය කෲරතර, ම්ලේච්ඡ ක්‍රියාවක්‌ බවට විවාදයක්‌ නැත. සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්, දෙදෙනා පමණක්‌ නොව එවැනි පාපතර ක්‍රියාවකට පෙළැඹෙන ඕනෑම පුද්ගලයකු ම්ලේච්ඡත්වය ද ඉක්‌මවා ගිය තිරිසන් ගති විදහා දක්‌වන අය බවද කිව යුතුය.

උද්ඝෝෂණයක්

මල් කැකුළු වන් අහිංසක දරුවන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් 24 වැනිදා පෙරවරුවේ වෙන්නප්පුව - තෝප්පුව මංසන්ධියේදී පැවැත්වුණි.
පසුගියදා අමනුෂික ලෙස ඝාතනයට ලක්වූ කොටදෙණියාවේ සේයා සදමිණි දැරියගේ ඝාතකයාට නිසි දඬුවම් ලබා දෙන ලෙසද රැස්වී සිටි පිරිස් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියේය.

හජ්ජි උත්සවය නිමිත්තෙන් ....!!!

හජ්ජි උත්සවය නිමිත්තෙන් සංවිධනය කරන ලද විශේෂ අගමික වැඩසටහනක් 24 වැනිදා පෙරවරුවේ පුත්තලම සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
එහිදී පුත්තලම ජාත්‍යන්තර ස්ලාමීය අරාබි කාන්තා  විද්‍යාලයේ කථිකාචාර්ය එච්.එම්.මින්හාජ් මව්ලවි තුමන් විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.

වසර පහක්‌ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර 15158 ක්‌ ...!!!

සේයා වෙනුවෙන් ගයේෂා පෙරේරා සටනේ, 😀 හැබැයි ...ගයේෂා  කරන ඒවා  බලලා තමයි කරලා තියෙන්නේ.....


වසර පහක්‌ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර 15158 ක්‌ සිදුවී ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව 2015 මැයි මස 10 වැනිදා ජාතික පුවත්පතක පළවී තිබුණි. මෙම සංඛ්‍යාලේඛන ලිතව වාර්තා වූ ඒවා පමණි. මීට අමතරව වාර්තා නොවන අපරාධ තවත් කොතරම් ඇද්ද.
දිවා රෑ බණ පිරිත් අහන බෞද්ධයෝ සිටින නිර්මල ථෙරවාදී බුදුදහම සුරැකෙන "බුදුන්ගේ දේශයයි" කියා බෝඩ් ගසා ගත් අය සිටින අප රටේ සිදුවන අපරාධවලින් ස්‌වල්පයකි ඉහතින් පළවුණේ. එම අපරාධ දෙස බලන විට අපට ඇතිවන්නේ තදබල වේදනාවකි. රටේ මෙතරම් අපරාධ සිදුවන යුගයක්‌ අප මතකයෙහි නැත. ඉහතින් දැක්‌වූයේ කාන්තා දූෂණ හා ළමා අපචාර පමණි. මීට අමතරව කාන්තා ඝාතන, ළමා ඝාතන, මංකොල්ල, කප්පන් ගැනීම්, ආදී අපරාධ එකතු වන විට මෙය බුදුන්ගේ දේශයයි කිව හැකිද...?

Wednesday, September 23, 2015

රටම පාවාදුන් කාළකණ්නි “රෝ” ඔත්තුකරුවන් මෙන්න....!!!

ජනතාවාදි රාජපක්ෂ ආණ්ඩුව පෙරලා ජාත්‍යන්තරවාදි යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිම සදහා ඉන්දිය රෝ සංවිධානය බිලියන් ගණන් මුජ්දල් පොම්ප කරමින් අවසානයේ මෛත්‍රීපාල වැනි රූකඩ පාලකයෙකුට පිංසිදුවන්නට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් රෝ සංවිධානයේ මාසික පඩි ලබන රනිල් ගැත්තේක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත් ජයතිලික සිය පැටිකිරිය හෙලිවිම හෙතුවෙන් කලබලයට පත්ව මෛත්‍රීගේ  සම්බන්ධීකරණ ලේකම්වරයා  නීතිඥ ශිරාල් ලක්තිලකද ලග තබාගනිමීන් සුද්ධ වන්තයා විමට උත්සහ දරා තිබේ.

බල්ලාගේ බලු ගතිය ප්‍රසිද්ධයේ කියයි...!!!

දැනටත් මට බිරියන් දෙකයි.. එයත් ඩිවෝස් වෙලා ආවොත් එයත් බඳිනවා.. – අසාද් සාලි..තමන්ට මේ වන විටත් බිරියන් දෙදෙනෙක් සිටින බවත් තමන් පැහැර ගෙන ආ බවට චෝදනා එල්ල වන කාන්තාවද දික්කසාද වී පැමිණියහොත් ඇයද විවාහ කරන්නා බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාල් පවසයි.

කොටි ජිනිවා නුවර යකා නටයි….!!!

කොටි පොලිසිය හා ස්විස් පොලිසිය ඇනගනී..රනිල් නිදහස් කල “වානිකුමාර්”මානව හිමිකම් සැසියේ (Video)
දෙමළ ජනතාව වෙත යුක්තිය ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත ගමන් කළ ඊළාම් වාදින්ගේ මහා විරෝධතා පෙළපාලියට සහභාගි වූ විරෝධතාකරුවන් සීමා උල්ලංඝනය කර ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කල අවස්ථාවේ ස්විට්සර්ලන්ත විශේෂ පොලිස් අංශයටත් විරෝධතාකරුවන්ටත් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්‌ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත් වූහ.

සජිත් ඇප මත නිදහස්..!!!

මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන   කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
ඔහු එසේ නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනයක මුදල් ඇපයක් හා රුපියල් කෝටි 02ක ශරීර ඇප දෙකක් මතයි.

අසාද්ට ඉවත්වන ලෙස බල කළොත් සාකච්ඡ වැඩිදුර යන්නේ නෑ – ප‍්‍රංශය -

සිරියානු ජනාධිපති බෂාර් අසාද් නොමැතිව සිරියාවට දේශපාලන විසඳුමක් උදා කරගැනීම සිදුකළ නොහැක්කක් බව ප‍්‍රංශ විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් පවසා ඇතැයි වාර්තා වේ.ඔහු පවසා ඇත්තේ සාකච්ඡුා ආරම්භ වීමටත් පෙර අසාද් ඉවත්වනු දැකීමට අවශ්‍ය වුවහොත් සාකච්ඡුා වැඩි දුර යාම උගහට බවයි.සිරියාවට දේශපාලන විසඳුමක් අත්පත් කරගැනීම සඳහා අසාද් පාලනයේ කොටස්ද එක්කරගත් ජාතික ඒකාබද්ධතා රජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බව ෆේබියස් පවසා ඇත.

ගයිඩන්ගෙන් "සැබෑ සංචාරක මඟපෙන්වන්නා" වහා වෙන්කර ගත යුතුය....!!!

එය සංචාරක කර්මාන්තයට පමණක්‌ නොව රටටත් හොඳය. ඊළඟට වැදගත්ම දේ

සංචාරකයන්ගේ ආරක්‍ෂාවය. මේ බ්‍රිතාන්‍ය ජාතික යුවළ මහ පාන්දර පයින්ම නවාතැන කරා ඇවිද යන්නේ රටේ ආරක්‍ෂාව ගැන හොඳ විශ්වාසයකින් බව කිව යුතු නැත. පරණ තංගල්ලේ සිද්ධියේදී, ඊට සහභාගි වූ පුද්ගලයන්ට නොව එවකට ආණ්‌ඩුවට ලවක්‌ දෙවක්‌ නැතුව බැණ වැදුනේ එවකට සිටි විපක්‍ෂයයි. දැන් ආණ්‌ඩුව කරන පක්‍ෂය කුමක්‌ද විපක්‍ෂය කුමක්‌දැයි තෝරා ගැනීමට නොහැකි වුවත් සංචාරකයන්ගේ ආරක්‍ෂාව ගැන තව ටිකක්‌ වැඩිපුර හිතන්නට වන බව සිහිපත් කරමු.බ්‍රිතාන්‍ය ජාතික "කුරාම් ෂෙයික්‌" ඝාතනයත් ඔහුගේ පෙම්වතිය වූ වික්‌ටෝරියාට පහරදී රංචු ගැසී දූෂණය කිරීමේ සිද්ධියත් සිහි කල්පනාව ඇති කාටත් අමතකව නැතැයි අපි තදින්ම විශ්වාස කරමු. රටේ නම අපකීර්තියට පත් කළ, එමෙන්ම මිනිසකුට එතරම්ම ම්ලේච්ඡ ගති පැවතුම් ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැකි සිදුවීමක්‌ ලෙස එය ඉතිහාසයට එකතු වී තිබේ.

පිට කොන්දක් සහිත රටවැසියෙක් ගේ ඉල්ලීමක්....!!! ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට තීන්දු කරන්න....!!!

එවකට පැවති රජය විසින් දෙමළ ඊළාම් විමුක්‌ති කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයේ 2009 අවසන් අදියර තුළ සිදුවූවා යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පැවැත්වෙන ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට පිළිගන්නා ලෙසට බලකරන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රසිද්ධ ගත්කරුවෙකු සහ සාහිත්‍යධරයෙකු වන ආචාර්ය ගුණදාස අමරසේකර  ඊයේ (23 දා) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.

වීද්‍යෝදය කාව්‍ය (සම ) සම්මානයක් - කදුමුදුනට-

Samitha B. Atuwabendela කියන්නේ කවිය ගැඹුරින් අවශෝෂණය කරගත් අපේ පරපුරේ කවියෙක්. කවිය සංවේදනා පලකිරීමට පමණක් මාධ්‍යක් කොට නොගන්නා සමිත රසිකයා ප්‍රඥාවව දිශානත කිරීමට උත්සාහ කිරීම ඔහුගේ කාව්‍ය මාර්ගයේ මා දකින සුවිශේෂත්වයයි. ඔහු වැදගත්කොට සලකන්නේ කවියෙන් සංවේදන පලකිරීමට වඩා කවියේ තේමාත්මක ගැඹුරයි. ඔහු සුවිශේෂ වන්නේත් එනිසයි. ඔහුගේ කවිය තවමත් කොළොඹ කේන්ද්‍රීය කතිකා,සංවාද, වටමේස ,කව වල ප්‍රමාණාත්මක ලෙස සාකච්චාවට ලක්වී නැහැ.කොළඹීන් එපිට සිටින නිසා සැර මදුවිතක් සමග ඔහුට එවැනි දෑ ප්‍රයෝගිකව සංවිධානය කිරීමට ඇති නොහැකියාව නිසා නුතන කවියේ භාරකරුවන්ට ඇතැම් විට ඔහුගේ කවිය ගිලිහී යන්නට ඇති .

ලොකු ළුණු බදු රුපියල් 200%කින් වැඩි කෙරේ..

 ලොකු ළුණු ආනයනය කිරීමේදී රජය විසින් කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 10ක් වූ කිලෝවකට ආනයන බද්ද රුපිියල් 30ක් වනු ඇත.

ජනපති නියෝග නොතකා ග්ලයිපොසේට්‌ ජාවාරම ජයටම....!!!

ජනාධිපතිගේ සෘජු මැදිහත්වීම යටතේ ග්ලයි පොසේට්‌ (රවුන්ඩ්අප්) තහනම රට පුරාම ක්‍රියාත්මක කර තිබියදීත් කොළඹ ආනයනික සමාගම් මගින් ප්‍රාදේශීය වෙළෙඳුන්ට රහසිගතව ග්ලයි පොසේට්‌ අලෙවි කිරීම නිසා ගොවීන් මේවා රහසිගතව වැඩි මුදලක්‌ ගෙවා ලබාගෙන භාවිතයට ගන්නේ යෑයි නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී. ටී. ජයසූරිය  අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවට පැමිණිලි කළේය.

යහපාලන හතුරන්ට ඇමැතිධුර දීමෙන් අපේ ඡන්දවලින් අපටම ගුටි කන්නවෙලා...!!!

යහපාලන ආණ්‌ඩුවට ඡන්දය දුන් ඡන්දදායකයන්ට මැර ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින

මහව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු සහ මන්ත්‍රීවරු දෙදෙනකු උපවාසයක නියෑළිනි. ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක  පිළිගැනීම සඳහා උත්සවයක්‌ මහව නගරයේදී පසුගියදා පැවැත්විණි. උත්සවයට පෙර මහව නගරය කොළ පැහැති කොඩිවැල් වලින් සරසා තිබුණු අතර උත්සවය සඳහා පෙරදින රාත්‍රී නිල්පැහැති කොඩිවැල්වලින් නගරය සරසා තිබිණි. උත්සවය නිමා වූ දින රාත්‍රී නැවත කොඩිවැල් ඇදීමක්‌ සිදුකිරීමට යැමේදී දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ හටගෙන තිබූ බව මහව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

පොලොන්නරුවේ වී ගොවියෝ පාරට බසිති...!!!

තම වී අස්‌වනු මිලට ගන්නා ලෙස රජයට බලකරමින් වී තොග රැගත් ට්‍රැක්‌ටර් රථ හා වී ගෝනි ප්‍රධාන මාර්ග අසලට ගෙනැවිත් එම මාර්ග අවහිර වන සේ නවතා තබා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන රැසකදී ගොවීහු ඊයේ (22 දා) දහවල් විරෝධතා දැක්‌වූහ.

UN වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කල යුතුයි.. – මහින්ද ගේ නිවේදනයක්..

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සමුළුව විසින් එළිදක්වා ඇති වාර්තා  ප‍්‍රතික්‍ෂෙප කල යුතු යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පවසයි.
මේ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

UN අවසන් වාර්තාව සූදානම්.. හමුදාවේ 400කගේ නම් ඇතුලත්.. සාක්‍ෂිකරුවන් 2032 වනතුරු හෙළි නොකරයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සූදානම් කර ඇති අවසන් වාර්තාවට මෙරට අවසන් යුධ මෙහෙයුම්වලට සම්බන්ධ වූ නිලධාරීන් 400ක පමණ නම් ඇතුළත්ව ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම එම කාලයේදී සිදු කල මෙහෙයුම් 300ක පමණ තොරතුරුද වාර්තාවේ සඳහන්ව ඇතැයිද පැවසෙන අතර ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා නම් සඳහන් කර ඇති බවද පැවසෙයි.

Tuesday, September 22, 2015

‘වාසනාවට ත‍්‍රස්තවාදයෙන් මගේ දිවි බේරුනා..’ – ජිනීවා යෝජනාව ගැන රනිල්ගේ කතාව…

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව ගැන අගමැති රනිල් වික‍්‍රමසිංහ  විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ සම්පූර්ණ කතාව පහත වෙයි.

සිවුරැ ගලවා දමා සංගීතයකට ගොස් ගංජා උරමින් නැටූ හතරක් අත්අඩංගුවේ.. -!!!

සිවුරැ ගලවා දමා සාමාන්‍ය ඇදුම් ඇදගෙන සංගීත සන්දර්ශනයකට ගොස් ගංජා පානය කරමින් නටමින් ගයමින් සිටියේ යයි චීවරධාරීන් සිවුදෙනෙකු මහරගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

විල්පත්තු වනපෙත භක්‍ෂණය කළ හොර හම්බයාටම තවත් බෙදයි....!!!


රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌ ඇමැති රිෂාඩ්ට පවරයි දයාට හා සාගලට එක බැගින්

නව කැබිනට්‌ අමාත්‍යවරුන්ට අයත් විෂයයන් හා රාජ්‍ය ආයතන පැවරීමේදී වැඩිම ආයතන ප්‍රමාණයක්‌ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්ට හිමිව ඇති අතර තවත් ඇමැතිවරුන් දෙදෙනකුට එක්‌ රාජ්‍ය ආයතනය බැගින් පවරා දී තිබේ.
ඇමැතිවරුන්ගේ විෂයයන් බෙදීමේ ගැසට්‌ නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක්‌ පවරා ඇත.

මුළු රටේම ඇස් වසා ජිනිවාහි සිදුවන්නේ කුමක්‌ද....?

ජිනිවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය ඊලම්වාදීන් විසින් මුරුගාදාසන් චතුරශ්‍රය ලෙස නම් කර ඇත.


පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්‌ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත් වූහ.

තමිල්නාඩුවේ මැයි 17 නැමැති බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරී කල්යාණසුන්දරම් සහ එහි සම්බන්ධීකාරක මුරුගන් මෙන්ම කොටි හිතවාදියකු වූ චිත්‍රපට අධ්‍යක්‍ෂක ගෞවතනම්ද උද්ඝෝෂණයට එක්‌වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ ඊළම් රාජ්‍යය ස්‌ථාපිත කළ යුතු යෑයි කියමින් ඝෝෂාවක්‌ කළහ.

Sunday, September 20, 2015

හයිබ්‍රිඩ් අධිකරණයෙන් හොයන්නෙ යුද අපරාධ කරන්න අණ දුන්නු අයයි...!!! මෝංගල කියයි

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් සෙයිඩ් කුමරු විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 16 දා ප්‍රකාශයට පත් කළ වාර්තාව මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්වී තිබේ. ඒ පිළිබඳවත් කතාබහට ලක්‌වී ඇති “සීපා” ගිවිසුම් සම්බන්ධයෙනුත්, චීන ශ්‍රී ලංකා සබඳතාවල අලුත් තත්ත්වය විමසීම සඳහාත් අප විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවුණෙමු.
ප්‍ර. – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාව පිළිබඳව ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද...?

අලි – හක් – සීනු – ගිනිසිළු අව_ජාතක තොරණ....!!!!

  • තොරණේ චිත්‍ර චන්ද්‍රගුප්ත තේනුවර
  • තොරණේ කථා පිටපත සහ කවි රචනය පිනාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක සහ ලූශන් බුලත්සිංහල.
  • තොරණේ සැලසුම්කරණය සහ විදුලි ආලෝකකරණය – ගෙයක්වත් වයරින් නොකළ විදුලි ඉංජිනේරු  චම්පික රණවක
  • සෙත් පිරිත් සජ්ජායනය රතුඑලියේ අතන හිමි සහ අඹර දමිල හිමි ප්‍රමුඛ කුඩාපොළ භික්ෂු බලකාය
  • මහජනතාව හැසිරවීම පිං මාෂල් සරත් පොංසේකාගේ සහ සුදත් චන්ද්‍රසේකරගේ අණදීම යටතේ කීර්ති විජේබාහු බලකාය
  • එක්රැස්වෙන ජනතාවට කොයිවැයිනුත් උපරිම ලෙස සංග්‍රහ කිරීම  කවදත් තම  යුතුකම දත් රෝසි සේනානායකගේ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් සමන්මලී ගුණසිංහ ප්‍රමුඛ සමාජවාදී කාන්තා සංගමය
  • විවිධ සහ බහුවිධ සහය අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක
  • සියලු කාර්යයන් සඳහා බරපැන – චන්ද්‍රිකා කුමාරතුංග,රුද්‍රකුමාරන් මගින් කොටි ඩයස්පෝරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය

ජිනීවා ගිය බොරු හිල...!!!රට බල්ලට දමන්නට ජිනීවා යන ජාති ද්‍රෝහියෝ ...!!!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ විසින් රහසිගත රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන බව  ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනිවා නුවරදි පවසා තිබේ.

Forum Asia සහ Franisans Intenational සංවිධාන ඒකාබද්ධකර ඩොලර් ගිලින එක්සත් ජාතික පක්ෂයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නිමල්කා ප්‍රනාන්දු හා  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ, ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.