පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහභාගී වීමට නියමිතව තිබූ වඳුරඹ
රුස්වීමේ වේදිකාව ගිනි තබා ඇත්තේ එහි සංවිධායකයන් විසින්ම බව නියෝජ්‍ය
ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම කියයි.
‘මම ජනාධිපතිගෙ අතිජාත ගොලයා. ඒ නිසා මගේ දේශපාලනයට මඩ ගහන්න
විපක්ෂය උත්සාහ කරනවා. අපි සාමකාමී මිනිස්සු. අපි ළඟ අයුධ නෑ. සිරිසේනගේ කණ්ඩායමක් ඒ ගොල්ලන්ට ප්‍රචාරය ගන්න ඒ අයම ගිනි තියාගෙන අපිට
චෝදනා කරනවා.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර විය.
ව්‍යාජ සමාගමකින් යුද හමුදාවට අවි සැපයීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ 2010 වසරේ දී ය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ෆොන්සේකාගේ දියණියක සමග විවාහ වී සිටින ඔහු එතෙර පදිංචිව සිටියේය.
හයිකෝ
ප්‍රයිවට් කම්පැනි නමින් සමාගමක් පිහිටුවාගෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්
කම්පැනියේ නියෝජිතවරුන් බව කියමින් මහජන මුදල් වංචා කළැයි ධනූන සමග
වෙලිංග්ටන් දි හෝඩ් හා සරත් ෆොන්සේකාට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනු
කැරිණි. එසේ උපයාගත් බව කියන මුදල් ධනූන තිලකරත්න නමින් ඇමෙරිකා බැංකුවක
තැන්පත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
මේ වනවිට තමන් විසින් අල්ලා ගනු ලැබූ ඉරාක හමුදා සෙබළුන් 1,700 ක් දෙනා මරා දැමූ බව අයිඑස්අයිඑස් ත්රස්තයෝ කියති.
ඉරාකයේ සුන්නි ත්රස්ත්රවාදීහු සටන්වලදී අල්ලා ගන්නා ඉරාක රජයේ හමුදා
සෙබළුන් සිය ගණනින් පෙළට තබා අමු අමුවේ මරා දමති. ඉරාකය සුන්නි
ත්රස්තයන්ගෙන් බේරා ගැනීමට ඇමෙරිකාව එතොත් ඉරානයද සහාය දීමට සැරැසේ.
ඉරාකයේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ, අයිඑස්අයිඑස් නමැති සුන්නි ත්‍රස්තවාදී කණ්ඩායමය.
‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් ලෙවොන්ත්’ යනුවෙන් හැඳින්වෙන මොවුන් ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ට පක්ෂපාතී පිරිසකි.
හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි.
ප්‍රශ්න කිරීමේදී අජිත් රෝහණ කුමාර ඝාතනයට තිබු සම්බන්ධය හෙළිදරවු කළේය.රෝහණ කුමාර ඝාතන චෝදනාවෙන් ආණ්ඩුව බේරා ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ බියුරෝවේ ප්‍රධානියා (ෂෝ වික්‍රමසිංහ )කළේ ආණ්ඩුවට හානියක් නොවන පරිදි ගෙතු කථාවක් කීමට තාර අජිත් එකඟ කරවා ගැනීමය.
කිසියම් දිනෙක තමා මොරටුව සමන් සමඟ කඩුවෙල අජිත් සමඟ මත්පැන් බොමින් සිටින අවස්ථාවක තමන් වෙත පැමිණි පුද්ගලයෙකු රෝහණ කුමාර නමැති පුද්ගලයෙකු තමන්ගේ බිරිඳගේ නිරුවත් ජායාරූප ඇති බව කියමින් තමුන්ගෙන් දිගින් දිගට කප්පම් ඉල්ලන බවත් , ඔහුට වෙඩි තබා මරා දැමිය හැකිනම් ඒ වෙනුවට මිලක් ගෙවීමට තමා එකඟ බව දන්වා සිටි බවත් , ඒ අනුව ඔහුගේ වුවමනාව මත තමන් දෙදෙනා රෝහණ කුමාර ඝාතනය කළ බවත් ඔහු කියා සිටියේය.
රට ගැන හිතන සංවේදී කලාකරුවන් ලෙස, මෙවර ජනපතිවරණයේදී ජනාධිපති මහින්ද
රාජපක්ෂ ගේ විජයග්‍රහණය වෙනුවෙන් එක සිතින් සහයෝගය ලබ දීමට තමන්
දැනටමත් තීරණය කර අවසන් බවත්, ඒ වෙනුවෙන් නළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්
රට පුරා පැවැත්වීමට නියමිත ‘‘මහින්දට ඉඩදෙන්න‘‘ සංදර්ශන මාලාවවේ පළමුවැන්න
දෙසැම්බර් 19වැනිදා පස්වරුවේදී පානදුරේදී පැවැත්වීමට නියමිත බවත් හෙළබල කලා
සංසදයේ සභාපති නළාකරු අර්ජුන් කමලනාත් ප්‍රකාශ කලේය.
කලාවේ හා නළාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් හෙළ බල නළා සංසදය ඉදිරිපත්කල
යෝජනා මාලාව වසර 4ක් තුල ඉටුකර දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ඔහු කියා
සිටියේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
අසරණ සිරිසේන, මෝඩිගේ කෑල්ලක් එල්ලගෙන පෞර්ෂය ගන්න හදනවා..අනුර ප්‍රියදර්ශන
මෝඩි ගෙ ඇඳුමෙ කෑල්ලක් ගෙනල්ලා
එල්ලූවට පෞර්ෂය ඇති වෙන් නෑ.
ජනාධිපති ඉන්නකල් රනිල් වික්‍රමසිංහට රජවෙන්නත් බෑ. මේ මගේ
පක්ෂෙ මිනිහ මට වඩා වැඩ කලා නේද කියා චන්ද්‍රිකාට කල්පනා වෙනවා. ඒ
ගැන දෙන්නටම ඉරිසියාවක් තියෙනවා. රනිල්ගේ තියෙන කුහකකමයි චන්ද්‍රිකාගෙ ඉරාසියාවයි එකතු වුණාම රඡ අම්ලයක් හැදෙනවා. මේ රාජ අම්ලයට
තෝරාගත්ත මිනිහා තමයි අපේ මෛත්‍රීපාල. ඒකට අලූත් නමකුත් දාල මෛත්‍රීපාලනය
කියලා අනුකරණවාදියෙක් මැතිවරණයට දැම්මා.