ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 17, 2014

CPH: DOX සිනමා සවාරිය ...

2003 වසරේදී ඇරඹි CPH: DOX ජාත්‍යන්තර වාර්තා සිනමා උළෙල මෙවරත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර උත්කර්ෂවත් ලෙසින් පැවැත් වීමට සියළු කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
CPH:DOX, Copenhagen International Documentary Film Festival, is the largest documentary film festival in Scandinavia.

 
මෙම සිනමා උළෙලේ විශේෂත්වය නම් මේ සඳහා සහභාගී වන සියලුම නිර්මාණකරුවන් හට සහතික පත්‍රයක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමයි.

අපි ඊළම අතහැරියා.. දැන් විධායකය අහෝසි කරන්න – TNA

තම පක්‍ෂය ඊළාම් සංකල්පය මුළුමනින්ම අත් හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් දී ඇති බවත් එබැවින් පොරොන්දු වූ පරිදි ජනාධිපතිවරයා වහාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

එදා මහින් රාජපක්‍ෂ මට හිරේ දාන්න තිබුණා.. නොකලාට මුළු රටම මට සමාවෙන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද ජනාධිපති පුටුවේ ඉන්නේ තමන් නිසා යයි හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා පවසයි.


ඇමති ජොන්ස්ටන් සජීවීව හිරු නාලිකාවේදී රන්ජන්ට කුණුහරුපෙන් බනී..

ඊයේ රාත‍්‍රියේ හිරු නාලිකාව විසින් සජීවීව විකාශණය කරන ලද ‘බලය’ දේශපාලන සංවාදයේදී එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක හා ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් 
 ඇති විය


.

පුතාට පහර දී තිබෙන අයුරු ශ්‍රී ලාංකිකයෙක් ඡායාරූපගත කර තිබුණා - පියා කියයි

ග‍ලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මැ‍ලේසියාවට රැකියාවට ගොස් එහිදී සිය වැටුප හාම්පුතාගෙන් ඉල්ලූ විටදී හාම්පුතා ඇතුළු තවත් පිරිසක් විසින් එම තරුණයාට සතියක් පමණ පහර දී දසවද දී මරා දමා ඇතැයි මියගිය තරුණයාගේ ඥාතීහු පැවසූහ.


මෙලෙස මරණයට පත් වී ඇත්තේ මොහොමඩ් සෆ්රීන් නමැති තරුණයෙකි. මියගිය තරුණයා මීට වසර 1 1/2 කට ඉහත දී මැ‍ලේසියාවට රැකියාවට ගොස් ඇත්තේ සිය හෘද රෝගී පියාට කිසිවක් කරකියාගත නොහැකි නිසා තම පවු‍ලේ අගහිඟකම් පියවීමටත්, නැගණියගේ වැඩිදුර අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමටය.
 
අපට ලැබී තිබෙන මෙම සිදුවීමට අදාළ ඡායාරූප ....

යුරෝපය කොටින්ට නටන්න ඉඩදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි - අමාත්‍ය විමල් වීරවංශ

යුරෝපා සංගමයට අයත් රටවල කොටි සංවිධානයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීම ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවත් පසුගියදා විපක්ෂ නායකයාගේ යුරෝපයේ සිදුකළ සංචාරයන්ද මේ සමග සබඳතාවයක් ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා ‍පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ජයලලිතාට ඇප ලැබෙයි...

තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ඇප ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඇය ඇතුළු කිහිප දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 27 වනදා බැංගලෝර් අධිකරණයකින් සිව්වසරකට සිරගත කිරීමට නියෝග කෙරිණි.

රජයේ දැඩිඅවධානය එල්.ටී.ටී.ඊ සම්බාධක යුරෝපා සංගමය විසින් ඉවත් කිරීම පිළිබඳව...

 එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.


යුරෝපයේදී කොටි දිනයි....

යුරෝපා සංගමය විසින් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ අවහිර සම්බාධක ඉවත් කරන්නට යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය තීරණය කර තිබේ.
මෙතෙක්කල් එල්. ටී. ටී. ඊ.ය යුරෝපයේ තහනම් සංවිධානයක් ලෙස පැවැතීම හේතුවෙන් එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ.ය වෙනුවෙන් දෙමළ නීතිඥයන් පිරිසක් මේ නඩුව පවරා තිබිණි.


තොපිට, ජාති ජාතිත් ශාප වේවා....!

මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ, පාහර අලි ජාවාරම්කරුවන් විසින්, සිය මවගේ ඇකයේ රැදෙමින්, වනයේ නිදැල්ලේ සැරිසරමින්, කෙළි දෙළෙන් කාලය ගෙවූ, අහිංසක අලි පැටවුන්ට, නීති විරෝධී ගුබ්බෑයම්වල තබා ගෙන දස වධ දෙමින් තිබෙන ආකාරය ය.


ඇතැම් පැටවකු ගේ, පුඩු ගැසූ කකුල කුණුවෙමින් තිබේ. ඇගිලි ගිලිහී තිබේ.
වඩාත් වේදනාකාරී දෙය නම්, මේ කිසිවකට ඔෟෂධ ලබා නොදීම ය. එහි අරමුණ හදිසි වැටලීමකදී, අලි පැටවා ගේ අසනීප තත්ත්වය කියා තවදුරටත් ජාවාරම කරගෙන යෑමේ අසික්කිත අරමුණ ය.

පන්සලේ අලියාට එලොවට වීසා අද උදෑසනදී ලබාදී තිබේ ....

මේ වනවිට අලියාගේ අවසන් කටයුතු වෙනුවෙන් ආගමික වතාවත් සිදුවෙමින් පවතින බවත් මාධ්‍යවේදීන්ට හා පරිසරවේදීන්ට එහි ඇතුල්වීමට අවසර නැති බවත් කියති.

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ නමැති අලියා (45) අද අලුයම මියගියේය.
කකුලේ පැවති තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින කිහිපයකට පෙර නිර්වින්දනය කළ බවත් ඉන් පසු සිහි නොලැබූ බවත් තතු දන්නෝ කියති.
අලියකු මළ පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයකි.
නීතීඥ ජගත් ගුණවර්ධන මහතා පවසන්නේ 2009 අංක 22 දරණ සංශෝධිත වන සත්ත්ව හා තුරුලතා ආඥා පනතේ 22(අ) වගන්තියට අනුව අලියකු මියගිය විට ඒ බව වනජීවී දෙපාර්තාමේන්තුවට දන්වා අනිවාර්යයෙන් ම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. හිමිකරුගේ හිතුමතයට මරණ පරීක්ෂණ පැවැත්වීම ගැන තීරණය කළ නොහැකි බව ද ගුණවර්ධන  කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.