අපගේ ප්‍රතිපත්තිමය තීරණ මතින් මෙම ඔබගේ ලංකානිව්ස් වෙබ් අඩවිය ඉතා
ඕළාරික සහ පහත් අන්දමින් වෙනත් ගොසිප් වෙබ් අඩවිකරුවන් මෙන් සංඛයාත්මකව
ජනතාව අපගේ අඩවියට ගෙන්වා ගනු රිසියෙන් මිනීමැරුම් සහ බාල අපරාධයන් රසකර
එළිදරව් කරමින් කරන්නාවූ අතීශය ග්‍රාම්‍ය මට්ටමේ මාධ්‍ය සංස්කෘතියකට මං
පැදුවේ හෝ පාදන්නේ නැත .එමෙන්ම පොලිසියේ බේරීමට අහිංසකයන් මාට්ටු කොට මහා
ප්‍රචාරයක් දුන්නද අපගේ වෙබ් අඩවියේ ඒ සියල්ල නිසි පරිදි සනාථ වන තුරාවට
හිතළු ගොතා රසවත්සේ ගෙන එන්නේද නැත මේ නිසාම පසුගිය දිනවල අප අඩවියට ආ
පිරිස සංඛයාත්මකව ඉතා අඩුවිය. සංඛයාත්මකව අප ග්රාහකයන් වැඩිවනවාට වඩා
බුද්ධිමත් ඔබ වැනි කිහිප දෙනෙකු වුවද අපට අමිලය.
නමුත් අප සතුටුය අප සමග නිරන්තරව අත්බැඳ සහ විශ්වාසය තබා ඇති ඔබ සියළුම දෙනාට අපගේ ආචාරය පිරිනමමු.
සමාජයේ ප්‍රගමණය උදෙසා කිසිදු පක්ෂ පාටකින් තොරව ඔබ වෙනුවෙන් අප පෙනී සිටිමු.
අපගේ
මාධ්‍ය සම්ප්‍රධාය වන්නේ බුද්ධිමත් ජනතාවක් උදෙසා මෙම වෙබ් අවකාශය යොදා
ගැනීමය.මෙය තේරුම් ගැනීමට නොහැකිවූ ඇතැමෙකු මුල් අවස්ථා තුළදී අපවද විවිධ
කෝණ තුළින් බලා නිර්දය විවේචන ඵල්ල කළාහුය. නමුත් ඔවුන් දැන් අපගේ නිත්‍ය
පුරෝගාමී සාමාජිකයන් වී ඇති බව සතුටින් සඳහන් කරමු.
යහපත් සමාජයක් උදෙසා යන්න සහ සත්‍යයවාදී මාධ්‍ය විවරණ නිරභයවම ගෙන ඒමට හෙට දිනත් අප කැපවෙමු.
ප්‍රධාන සංස්කාරක
ඇත්ත ඇති සැටියෙන් කියනවිට ...කාටවත් කඩේ නොයන විට ...එම මාධ්‍ය හසුරුවන්නන් ප්‍රවේශම් විය යුතුය ...පසුගිය කාලයේදී එවැනි පැත්තක් නොගෙන කාටත් ඇත්ත පෙන්වා දුන් වෙබ් අඩවි කිහිපයක් ලංකාවේ අන්තර්ජාල කළාපයට වාරණ පනවා විලංගු දමන ලදී .. මේවා තුළින් මතුවන යථාර්තයක් ඇත .
ජනතාවට ඇත්ත දැන ගැනීමටත් ...ඔවුනට ඇති අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත් ඇති සාධාරණ අයිතිය කප්පාදු කොට දැමීමට ඇති උවමනාව සහ සත්‍යය එළිදරව් වීමෙන් එම හොර සිල්ගත් දේශපාලන කපටි නරීන්ගේ සැබෑ තත්වය රටේ ජනතාව දැනගන්නා නිසා ඒවා සඟවා තබාගත යුතු බවත්ය ....මේ සියල්ල
වනාහි ඉතා තුච්ඡ ක්රියාවන්ය ...අප මෙම අඩවිය මිට කිහිප කාලෙකට ඉහත ආරම්භ කොට ඊට අවශ්‍ය යාවත් කාළීන නිසි ලෙසින් ඉටු කිරීමට නොහැකි වූ නිසා ටික දොහක් සංස්කරණය නොකොට තබා තිබුණි .
නමුත් බොහෝ පිරිස් මෙම කාලින අවශ්‍යතාවයේ වැදගත්කම අපට නිරන්තරව දන්වා එවමින් දිරිමත් කරන්නට යෙදුණි ...රතු,කොළ ,නිල් පැහැ දේශපාළනය මෙන්ම පුද්ගල වන්දනාවේ යන අපේ රැහැට ඵයින් මිදී රටේ දියුණුව සහ සමාජ සුභ සාධනය උදෙසා මාධ්‍ය පෙරගමන් කරුවෙකු ලෙසින් අප වෙබ් අවකාශය පෙරමුණේ ඇත.
එම නිසා නැවත නව ආකාරයකින් සහ නව මුහුණු වරකින් යුතුව අප මෙම අඩවිය අරඹමු .
කිසිදු පාටක් පක්ෂයක් හෝ කඩේ යාමක් නොමැතිව ඔබ වෙනුවෙන් නිදහස් අදහස් පැවසීමේ ,නිදහස් මතවාදයනට ඉඩ දීමේ මුලික අදිටනින් ලංකා නිව්ස් පළකෙරෙනු ඇත .විවිධ වෙබ් අඩවි අද විවිධාකාරයෙන් පවත්වාගෙන යනු ලබන්නේ .එකිනෙක ගේ දේශපාලන මතවාදයන් ඉදිරියට ගෙනයාමේ අදිටනින්ය .
අපගේ මෙම වෑයම නිදහස් සමාජයක් සඳහා වන නිදහස් කතිකාවතක් පමණී ....
ඔබගේ අදහස් සහ යෝජනා අපට ඵවන්න.ඔබ කුමන කොදෙව්වක සිටියද ඔබගේ අදහස්,ප්රවෘත්ති අපට ඵවන්න.
[email protected]
ලංකානිව්ස් සංස්කාරක
foxyform
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

අප අරමුණ ...
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
