සංවර්ධන කාර්යයන් සදහා විදෙස් රටවල් සමග ගිවිසුම්ගත වූ මුදල් වෙනත් කාර්යයන් සදහා යොදාගන්න බැහැ කියන එකවත් විපක්ෂ නායකතුමාට තේරෙන්නේ නැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා 😂😂😂 සදහන් කරයි.රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් පළ කර සිටින්නේ මාධ්‍ය වෙත අදහස් දක්වමණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා,
ලෝකයේ පවතින කොරෝනා වසංගතය හමුවේ වුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකරලීම සදහා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් රටේ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති අපට උපදෙස් දීලා තියෙනවා.
අපි විදෙස් රටවල් සමග ගිවිසුම් ගත වෙලා තියෙන සංවර්ධන කාර්යයන් නතර කළහොත් අපිට සිදුවෙනවා අදාළ කොන්ත්‍රාත් සමාගම්වලට වැඩිපුර ගෙවන්න. එහෙම ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒනිසා තමා පවතින තත්ත්තවය හමුවේ වුවත් ප්‍රමාදයකින් තොරව සංවර්ධන කාර්යයන් ගිවිසුම්ගත වෙලා තියෙන විදියට ඉදිරියට කරගෙන යන්නෙ.
විපක්ෂනායකතුමා කියනවා සංවර්ධන කාර්යයන්ට තියෙන මුදල් කොරෝනා වසංගතයට යොදවන්න කියලා. එහෙම ගිවිසුම්ගත වුන මුදල් එහෙම වෙනත් කාර්යයකට යොදවන්න බැහැ කියලවත් තේරෙන්නේ නැහැ. රජය විසින් මිලදී ගැනීමට යන හෙලිකොප්ටර් සදහා වන මුදල් කොරෝනා වසංගතය වෙනුවෙන් යොදවන්න බැහැ. ගුවන් හමුදාපති පැහැදිලිව කියනවා රුසියානු ණය ආධාර යෝජනා යටතේ ඒවා මිලදී අරගෙන එක්සත් ජාතීන්ගේ සාම හමුදාවට ඒවා එක් වෙනවා කියලා.
මාර්ග සංවර්ධනයට හෝ වෙනත් සංවර්ධන කාර්යයකට වෙන් කරලා තියෙන, විවිධ රටවල් සමග ගිවිසුම්ගත වෙච්ච මුදල් වෙනත් කටයුත්තකට යොදවන්න බැහැ කියන එකවත් දන්නෙ නැතිව විපක්ෂනායකතුමා කටයුතු කරනවා. මධ්‍යම අධිවේගයේ ගහ නිසා අවුරුදු දෙකක් ප්‍රමාද වෙනවා කියන්නේ අපිට වැඩිපුර මිලියන 4,000 ක් විතර ගෙවන්න සිදුවෙනවා. මේ ජනතාවගේ සල්ලි. අපි ජනතාවගේ බදු මුදල් ආරක්ෂාකරගෙන යන්න පුලුවන් ක්‍රියාමාර්ගයකට තමා ගමන් කරන්නේ.
කොරෝනා වසංගතය පාලනය කිරීම ගැන කතා කරනකොට අපිට මොන චෝදනා එල්ල කළත් පළවෙනි හා දෙවැනි රැල්ල පාලනය කිරීමට කටයුතු කළා. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලනකොට අපි හොද තැනක හිටියා. තෙවැනි රැල්ල අසීරු වුනත් රජයක් විදියට අපි එය පාලනය කිරීමට සියලු කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ සදහා මිලියන 22 ක් වූ ජනතාවගේ සහායෝගය අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා වැඩිදුරටත් එහිදී සදහන් කළේය.
– Media Unit