එය මරා දැමිය හැකි ඖෂධයක් හෝ ඉන් මිනිසා ආරක්ෂා කරගත හැකි එන්නතක් තවමත් සොයා ගෙන නොමැත.
ඒ වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයෝ දිවා රෑ සටනක යෙදී සිටිති. එසේනම්, නව කොරෝනාවෛරසයට අභියෝග කළ හැකි ඒ ඖෂධය හෝ එන්නත මේ වනවිට ඇත්තේ තව කෙතරම් ඈතින් ද?
කොරෝනාවෛරස එන්නත බිහිවන්නේ කවදාද ?
පෙර නොවූ විරූ තරම් වේගයකින් පර්යේෂණ සිදු වෙමින් ඇත.මේ වනවිට එන්නත් 20ක් පමණ සකස් කර වර්ධනය කරමින් පවතී. ඉන් එක් එන්නතක් මිනිස් දේහය මත අත්හදා බැලීම මේ වනවිටත් ආරම්භ වී ඇත.
සාමාන්‍යයෙන් එන්නතක් මුලින්ම අත්හදා බැලෙන්නේ සත්ව දේහ මතය. නමුත් මෙම එන්නත එම සම්ප්රදාය බිඳ ඇත.