අත්අඩංගුවට
ගන්නා රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොග සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමේ
යෙදුණු බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු
පොලිස් නිලධාරීන් දොළොස්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ( 02/07/2020 ) 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන පෙළේ
හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් හෙරොයින් ලබාගෙන ඒවා අලෙවි කළ බවට චෝදනා ලබා
අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්
සිව්දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම නිලධාරීන්
අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සැකකාර පොලිස් නිලධාරීන් දොළොස්දෙනා ඊයේ පෙරවරුවේ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. එහිදී
මොවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරීන් දොළොස්දෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දොළොස්දෙනා වෙත චෝදනා එල්ල වී ඇත්තේ
මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත රැුගෙන එන හෙරොයින් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත්
කිරීමට සූදානම් කරද්දී ඒවාට වෙනත් අමුද්‍රව්‍ය කලවම් කර එම හෙරොයින්
ලබාගෙන පසුව ඒවා ජාවාරම්කාරයන්ට අලෙවි කර ඇති බවටය.
මෙම නිලධාරීන්
දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ද විමර්ශනවලින් හෙළි වී
ඇත. සැකකාර නිලධාරීන් උපයාගත් දේපළ සහ ඔවුන්ගේ සමීපතම ඥාතීන්ට අයත් දේපළ
පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා බලාගෙන යයි.
මේ අතර
මෙම හෙරොයින් ජාවරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ රාජකාරි කරන
තවත් නිලධාරීන් පිරිසක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන
පවත්වාගෙන යයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක් වී හෙරොයින්
ජාවාරමේ නිරත වූ බවට චෝදනා ලැබ සිටින පොලිස් පරීක්ෂකවරයා ඊයේ වන විටත්
අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ගණන
දහසයකි.
මේ අතර අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොග
විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටම ආපසු අලෙවි කිරීමේ ජාවාරම
සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක
කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස්
පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකු ලබන 8 වැනිදා දක්වා රඳවාගෙන
ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න 02
දා* පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එකී
පොලිස් පරීක්ෂකවරයා, උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරුන් දෙදෙනා
හා පොලිස් කොස්තාපල්වරුන් අටදෙනා මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන උප පොලිස්
පරීක්ෂකවරයා ඇතුළු සෙසු පොලිස් නිලධාරීන් සිව්දෙනා සමඟ එකී මත්ද්‍රව්‍ය
ජාවාරමට සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශන අනුව කරුණු අනාවරණය වී
ඇතැයි පෙන්වා දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්
ජනරාල් දිලීප පීරිස් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන
මහෙස්ත්‍රාත්වරිය එකී අවසරය ලබා දුන්නාය.
එම සැකකාර පොලිස්
නිලධාරීන් 12 දෙනා අධිකරණයේ නිරීක්ෂණය සඳහා ලබන 8 වැනිදා යළි අධිකරණයට
ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට
නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් අනුව
සිදුකළ විමර්ශනවලින් පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උප
පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකු හා සිවිල්
පුද්ගලයන් තුන්දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, සැකකාර මෙම පොලිස්
නිලධාරීන් 12 දෙනා ද විවිධ ආකාරයෙන් එකී ජාවාරමට සම්බන්ධ බවට මෙතෙක් සිදුකළ
විමර්ශන අනුව හෙළි වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී
අධිකරණයට පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවය කළ සැකකාර
නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරම සමූහ
ව්‍යාපාරයක් ලෙස එක්ව සිදුකර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී
අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරුවන් එලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන්
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ එම කාර්යංශයේ
අධ්යක්ෂවරයා අධීක්ෂණයක් කර නොමැති දැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය
එහිදී විමසා සිටියාය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් අංශ
භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කළ ඔහු යටතේ
රාජකාරි කළ සුවිශේෂ නිලධාරින් කණ්ඩායමක් වන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර්
ජනරාල්වරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය.
එකී ජාවාරම
සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන
වාර්තාවේ ඉදිරි විමර්ශනවලට බලපාන ඉතා සංවේදී කරුණු ඇති බවත් පිටු අටකින්
යුත් එකී විමර්ශන වාර්තාව පිටස්තර පාර්ශ්වයක් අතට පත්වුවහොත් විමර්ශනවලට
අගතියක් සිදුවිය හැකි බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර්
ජනරාල්වරයා විමර්ශන ගොනුව රහස්‍ය ගොනුවක් ලෙස ඉතා සුරක්ෂිතව තැබීමට
නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී ඉල්ලීම සලකා බැලූ
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එකී විමර්ශන ගොනුව සුරක්ෂිතව තැබීමට අවශ්‍ය
පියවර ගන්නා ලෙසට නියෝග කළාය.
එමෙන්ම විමර්ශන නිලධාරීන් හා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ සවිස්තර කරුණු දැක්වීම් අනුව සැකකරුවන්
සිදුකර ඇතැයි කියන වරදේ ස්වභාවය, එනම් මත්ද්‍රව්‍ය ජාවාරමක් කිරීමේ චෝදනාව
අනුවත්, ඉදිරි විමර්ශන තවදුරටත් සිදුකළ යුතු බවට ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරිවරයකු ඉදිරිපත් කළ වාර්තාවත් සලකමින් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න
කිරීමට තම අධිකරණය අවසර ලබා දෙන බව පෙන්වා දුන්නාය.
සහකාර පොලිස්
අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වා
අත්අඩංගුවට ගෙන තිබූ එම සැකකරුවන් ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක,
ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව, උප පොලිස් පරීක්ෂක පාලිත ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
රජයේ අධිනීතිඥ
කසුන් සරත්චන්ද්‍ර, රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි සමඟ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන්
අධිකරණයට කරුණු දැක්වූහ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, July 3, 2020
නාකොටික් 12 ක් අල්ලයි... අයි පී තාමත් අතුරුදන්... උසාවි ගෙන යෑමට පෙර කුඩුවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර කුඩු පන්නලා
Posted by
sihaneth
at
July 03, 2020
Labels: drugs, heroin mafia, පොලිස් නිලධාරීන්, ලක්පුවත්, හෙරොයින්
නාකොටික් 12 ක් අල්ලයි... අයි පී තාමත් අතුරුදන්... උසාවි ගෙන යෑමට පෙර කුඩුවලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර කුඩු පන්නලා
2020-07-03T07:17:00+02:00
sihaneth
drugs|heroin mafia|පොලිස් නිලධාරීන්|ලක්පුවත්|හෙරොයින්|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...