පාමංකඩ අයිඒඑස් ආසන්නයේදී සිදුවූ වාහන අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්විය.
අළු පැහැති WegonR වර්ගයේ වාහනය පදවමින් සිටි කාන්තාව වාහනය අතුරු පාරක්
දෙසට හරවන්න උත්සාහ කරන්නේ පැමිණි වේගය බාල නොකරමිනි. එම අවස්ථාවේ
ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි නිල් පැහැති සුබාරු රථය ප්‍රධාන මාර්ගයේ
වේගයෙන් පැමිණි අතර
මෙම වාහනයේ ඉදිරිපස කොටස කුඩුපට්ටම් කරමින් ඇදී ගොස් අසළ ගේට්ටුවකද හැපී විසිවේ.වීඩියෝ දර්ශණ ඇතුළත්....
කාන්තාව මෙම අනතුරින් මරණයට පත්වන අතර අනෙක් වාහනය පැදවූ පුද්ගලයාට තුවාල
සිදුවන්නේ නැති බව ප්‍රදේශ වාසීන් වාර්තා කර තිබේ. කෙසේ වෙතත් සන්ධ්‍යා
කාලයේ වාර්තාවූයේ සුබාරු රථය පැදවූ තැනැත්තා තුවාල සහිත බව හඟවන්නට මේ
වනවිට නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් වෙත ඇතුළත්ව ඇති බවකි.
ඔහු අනතුර සිදුවූ විගස වාහනයෙන් බසින අයුරුද සිසීටීවී හි සටහන්ව ඇත.