ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, June 7, 2020

මහගෙදරක් යැයි සිතා හිස් ගෙදරක සිට තප්පුළන අම්බරුවන්ගේ කථාව...!!!

ඊයේ ස්වාධීන රූපවාහිනී සේවය සිය 41 වන උපන්දිනය සමරන ලදී.ඊට නිර්මාණශීලී දායකත්වය දහඩිය සහ ශ්‍රමය මෙන්ම ජීවිතයේ දශක කිිපයක් එහි උන්නතිය වෙනුවෙන් කැපකළ මාද ඒ පිළිබඳව සතුටු වෙමි .මා මෙන්ම අද ඵහි සේවය නොකලද ඊට සේවය කළ සෑම අයෙකුගේම සතුටට ඵය හේතුවකී.ඵදා සිටි බොහෝ අය අද නොමැත.

නමුත් අද ඵය පත්ව ඇති සෝචනීය තත්වය සරුව පිත්තල අටවා ,අළවා රටට ලෝකයට පෙනෙන්නට කෑ ගැසුවද වැඩක් නැත.
අද රූපවාහිනියේ මහගෙදර යනුවෙන් හැඳින්වුවද අද ඵහි එදා අප භාවිතා කළ මුල් යුගයේ කැමරා ආම්පන්න හෝ උපකරණ සංරක්‍ෂිතව නොමැත කොටින්ම කිවහොත් වෙනකක් තබා අතිවිශාලවූ වීඩියෝ කැසට් පට තොගයක් අද විනාශයට පත් කොට ඇත.මේ ගැන මා දිගින් දිගටම හෙළිදරව් කළෙමි.ඒවා ඵක ඵකාගේ බූදල නොව ඵදා මාද ඇතුළුව අතළොස්සක්වූ ශිල්පීන් පිරිසක් ඵක් රැස් කළ ඵකළ ලංකාවේ ජීවත්වූ රටේ විද්වතුන් සහ කලාකරුවන්ගේ ජීවදත්තය. මේවන විට ඒවා නැවත ප්‍රයෝජනයට ගත නොහැකිසේ විනාශ වී ඇත.මීට ඉහතදී දේශපාලන බලයෙන් ඵයට පත්ව ආ නිව්ටන් ගුණරත්න නැමැත්තා මෙම ආයතනය සතුව පැවති මිලිමීටර් 16 සහ 35 ප්‍රමාණයේ සිනමාපට අති විශාල සංඛ‍යාවක් සමග ජීවදත්ත ඇතුළත් යූ මැටික් වර්ගයේ කැසට්පට අතිවිශාල සංඛ‍යාවක් ගිණිතබා විනාශ කරවන ලදී. ඵකල අනාථව තිබූ ලක්හඬ ගුවන්විදුලිය මෙම ආයතනයට බද්ධ කරවන ලදී .ඵහි විපාකය ලෙසින් අදටත් ඵයින් ලබන පාඩු ස්වාධීන රූපවාහිනී සේවය විඳ දරා ගත යුතුය .ස්වාධීන රූපවාහිනී සේවයට දේශපාලනය ගෙනාවේ නිව්ටන් ගුණරත්නය .ඵවැනි මෙම ආයතනය විනාශකර දැමීමට මග පෑදු පුස් මිනිසෙකුගේ අදහස් මෙම 41 වන උපන්දිනය සමරන මොහොතේදී උඩින් තැබීම විහිළුවකී.

අනික නම් රොහාන් වැලිවිට ආයතනයේ ප්වෘත්ති ආරම්භ කලේ ඔහු යනුවෙන් පාරම්බානුද අප බලා සිටියෙමු.මුලින්ම ' ලොවවටා ' ලෙසින් ස්වාධීන රූපවාහිනී සේවය පුවත් සංග්‍රහයක් ආරම්භ කලේ 1986 වසරේදීය .
ඵය නිෂ්පාදනය කලේ චන්ඳ්‍රා රණතුංග විසින් වන අතර ගුණරත්න අබේසේකරයන් ඵය ඉදිරිපත් කළේය.ඵම කාලයේදීම ජාතික රූපවාහිණී පුවත් පටිගත කොට අපද විකාශය කරන ලදී.නියමාකාරයෙන් පුවත් විකාශයක් ආරම්භ කළේ දේශීය පුවත්ද සමගින් 1988 පමණය .පසුව මා හට ප්‍රවෘත්ති අංශය 1995 දී භාරදුන් විට ලංකාව පුරා අයදුම්පත් කැඳවා ප්‍රාදේශීය වාර්තාකරුවන් බඳවා ඔවුන් ක්‍රමවත් ලෙස පුහුණු කොට සිංහල ,ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂා ත්‍රිත්වයෙන් යුතුව ක්‍රමවත්ව ප්‍රවෘත්ති විකාශයන් ආරම්භ කිරීමට හැකිවිය.රොහාන් වැලිවිට ස්වාධීන රූපවාහිනී සේවයට ආවේ ඊට බොහෝ කලකට පසුවයි .උන් ගෙන ආ ඵකම දෙය දේශපාලනයයි .මන්ද දේශපාලුවන්ගේ වලිගයේ ඵල්ලීම හැරෙන්නට වෙනත් විකල්ප ඒ අයට නැත.ඵම නිසා ප්‍රවෘත්ති ගැන පාරම්බෑමට අයිතියක් නැත.අදටද ස්වාධීන රූපවාහිනී සේවයේ පවතිනුයේ ඒ ක්‍රමවේදයයි . උඩ සිට පහළට ඵන ඵන රජයනට කඩේ යන උන්ගෙන් ආයතනය පිරී ඇත .
ස්වාධීන රූපවාහිනී සේවයේ මුල්ම ජාතික සම්මානය ලබාගනුයේ 1995 වසරේදී සුමති සම්මානයයි .
https://www.youtube.com/watch?v=Y1fVy0sg-MI
https://www.youtube.com/watch?v=nzXk-1NCntc
ඉන්පසුව දෙවසරක් පිට පිටම ඵම සම්මානය මා නිර්මාණය කළ විමසුම කාලීන සංවාද සංග්‍රහය වැඩසටහන දිනා ගන්නා ලදී.අදටද ඵම වැඩසටහන ලංකාවේ ප්‍රථම රූපවාහිනී ගවේෂණ වැඩසටහන ලෙසට හැඳින්වේ.අද ස්වාධීන රූපවාහිනී සේවයේ සිටින කුහකයන් ඵම ඵදා අප මහන්සියෙන් කළ වැඩසටහන් අකාමකා දමා ඇත .ඵමෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ සිටින උන් ඵම ආයතනික සැමරුම් උවමනාවෙන් යටපත් කරති.
පසුව මා ඵදා නිපදවූ ඒ විමසුම වැඩසටහනේ නමින්ම දේශපාලන වැඩසටහනක් මහින්ද අබේසුන්දර නැමැත්තෙකු ලවා කරවීය.මෙම වැඩ සටහන මගින් ඉතා ග්‍රාම්‍ය සහ නිවට නිහීන ලෙසින් ඵකල රජයේ මඩ ප්‍රචාර දියත් කරවන ලදී. මහින්ද අබේසුන්දර නැමැත්තාද මුලින්ම රූපවාහිනී කැමරාවකට ගෙන ආයේ මා විසිනී.
ආයතනයට ගෞරවයක් ගෙන ආ සම්මානනීය වැඩසටහනක නාමය ඵසේ දේශපාලන ගණිකා වෘත්තියේ යොදවන විටද අයි.ටී.ඵන් කුහකයන් නිහඬව සිටියෝය .
1989 වසර වල පැවති භීෂණකාරී යුගයේදී කෝපිකඩේ නාට්‍යය රූපගත කලේද ස්වාධීන රූපවාහිනී සේවා භූමියේම ඇති කෝපිකඩේ පසුතලයේදීමය .ඵම අවදියේදී ස්වාධීන රූපවාහිනී සේවයේ නිසිබලධාරී වූ තේවිස් ගුරුගේ මහතාද ඝාතනය විය.ඵක දිගට අඛණ්ඩව කෝපි කඩේ නාට්‍යය රූපගත කොට ප්‍රචාරය
කිරීමේ අභියෝගය මා හට පැවරී තිබුණී .ඵම නිසා ආයතනයට රැගෙන ඵන ඉතා සීමිතවූ නළුනිලි සංඛ‍යාවෙන් ඒ ඵන ආකාරයට ඵවේලේම පිටපත ලියමින් ඇතැම් විටෙක කැමරාවද හසුරවමින් .ඵමෙන්ම සංස්කරණය කරමින් මා කළ මෙහෙවර කාට අමතක වුවද මාගේ ජීවිතයේ අමරණීයවූ අත් දැකීමකී.ඵදා ඵසේ සහභාගී වූ කෝපිකඩේ නළුනිළියන් ගෙන් අද ජීවතුන් අතර ඇත්තේ රත්නා සුමනපාල ( හාමිනේ ) ,සුසිලා කෝට්ටගේ ( දයාවතී ) සහ කේ.ඩී.සිරිපාල ( ඩිංගි ) සහ කේ.පියකරු ( කුරුං ) පමණී.මේ අත් දැකීම් සියල්ල ලියා පොතක් පළකිරීමට මා සිතූ සිතිවිල්ල තවදුරටත් වැඩිවූයේ .එවන්වූ අතීතයක සුන්දර සහ කටුක අත්දැකීම් රටේ ජනතාවද දැනගත යුතු නිසාවෙනී.නැතිනම් මහගෙදර යැයි හිස් අතින් උදම් නගන අප ආදරය කරන මාගේ ජීවිතයේ දශක දෙකකට ආසන්න කාලයක් ගෙවා දැමූ ආයතනයට කළ මෙහෙය කිසි ඉතිහාසයක් නොදැන ඵහි සිටින අයටත් විනාශ කළ අකාමකා දැමු වීඩියෝ කැසට් පට මෙන් උවමනාවෙන්ම අප කළ සේවාවන් මකා දැමීමට උත්සාහ ගන්නා කුහකයන් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතිහාසයෙන් මා ඇතුළු පැරැණ්නන්ගේ සේවාවන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා නිසයි.








මා ඔය මතක් කළේ ඉතා කෙටි මෙන්ම මාගේ පෞද්ගලික අදහස් පමණී. ස්වාධීන රූපවාහිනී සේවයේ අද සිටින කුහකයන් අමතක කරන්නට උත්සාහ දරණ පැරණ්නන් බොහෝමයක් පිටත සිට මේ දෙස බලාසිටී .ලංකාවේ ප්‍රථම වරට ගීත රූප වැඩසටහනක් කළ චන්දන ෆොන්සෙකා ඵවැන්නෙකී .ඔහු කළ 'ගීතයේ රාවය ' ආයතනයේ කිතු රැන්දවීය .චන්ඳ්‍රා රණතුංග ඵදා ස්වාධීන රූපවාහිනී සේවයට කළ කැපවීම මහත්‍ ය.මධුරසාංග පී.ඵල්.ඒ සෝමපාල ( මාස්ටර් ) යටතේ නිෂ්පාදනය කළේ ඔහුය. ස්වාධීන රූපවාහිනී සේවයේ ඉංග්‍රීසි වැඩසටහන් ඵකල අතීශය ජනප්‍රිය විය .
ඒ පසුපස සිටි
පුළස්ති රණතුංග
සංජය සේනාරත්න
පාලිත වික්‍රමසිංහ ( අද ජීවතුන් අතර නැත )
චින්තානන්ද අබේසේකර
bright and breezy.
fanclub,musical showcase ,
මීට අමතරව ඇන්ඩෲ ජයමාන්නයන් ආරම්භ කළ කෝපිකඩේ,
ආනන්ද සිරිසේනයන් අධ්‍යක්‍ෂණය කළ ආයතනයේ පළමු ප්‍රසාංගික ටෙලි නාට්‍යය 'වජිරා'( ඵහි සහාය අධ්‍යක්‍ෂක වූයේ මාය ) වීදුරු ගෙවල් ප්‍රසාංගිකය.ඵය ලංකාවේ දෙවෙනි සෝප් ඔපෙරාව විය.
ඵදා ආයතනයේ ද්‍රවිඩ වැඩසටහන් කළේ වර්ධරාජන් මාරියම් පිල්ලේ Varatharajan Mariampillai සහ කෙනත් නාගලිංගම්ය Kennts Nagalingam
ෆරැන්සිස් වන්නිආරච්චි මහතා ඵකළ සංස්කෘතික අංශ ප්‍රධානියා විය .ඔහු කළ මෙහෙයද ඉතා අගනේය.කලාරසාංග වැඩසටහන කරමින් ඔහු අද ජීවතුන් අතර නැති සිය දහස් ගණනක් කලා ශිල්පීන්ගේ පිළිසඳරවල් ඵක් කළේය .නමුත් ඔහුගේ ඵකී වැඩසටහන්ද අනාගත පරපුරට නොමැත.මෙම ආයතනයට අරක් ගෙන සිටින ගෙවළ මුග්ධයන් ඵම කැසට්පටද අකාමකා දමා විනාශ කොට අවසන්‍ ය.ඒ ගැන මීට වසර ගණනාවකට ඉහතදී මිය යාමට සතියකට පමණ පෙර මා සමග කළ කථාබහකදී මහත් වේදනාවෙන් කළ කථා බහක්ද මා මේ සමග අමුණමි.
https://www.youtube.com/watch?v=KS_-V2Y3kTU
ලංකාවේ ප්‍රථම බාහිර පටිගත කිරීමේ රථය සැකසුවේද අයි.ටී.ඵන් දක්‍ෂයෝය.ඵදා බාහිර වැඩසටහන් කිරීමට මහා වෙහෙසක් ගත් උපාලි රංජිතද ,ප්‍රියන්ත ආටිගල , අනුරුද්ධ උඩුගම ,චින්තානන්ද අබේසේකරද , නිශාන්ත ඩයස් ,මෙහිලා සනිටුහන් කරන්නෙමි.
අපේ බෙර නම් වූ ලංකාවේ ප්‍රථම සහ දිගම වාර්තාමය වැඩසටහන වසර ගණාවක් පුරා සිය මුදලින් ඵදා ප්‍රේමකුමාර ඵපිටවෙල නම් ශ්‍රේෂඨ මිනිසා ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ඔහුගේ මුදලින් නිෂ්පාදනය කරන ලදී . ලංකාවේ ජන සංස්කෘතිය හා බැඳුණු දේශීය නැටුම් සහ ශාන්තිකර්ම ,පාරම්පරික ශිල්පීන් සොයා ඔහු සමග අප රූපවාහිනී කණ්ඩායම දින ,සති, මාස ගණන් ලංකාව පුරා සැරිසරන ලද්දේ ප්‍රේමකුමාර ඵපිටවෙලයන්ගේ සුදු පැහැති මිට්‍ෂුබිසි වර්ගයේ මෝටර් රථයකිනි.මෙම වැඩසටහන විශ්වකෝශයක් බඳුවිය.අපට ඒ දිනවල නවාතැන් ලැබුණේ පේරාදෙණියේ තිබූ ඔහුගේ තම්බපණ්නී නම් විසල් නිවසේයී. මෙහි ප්‍රධාන කැමරා ශිල්පියා වූයේද උපාලි රංජිතය ,ඒ සඳහා ඵකළ පටිගත කිරීමේ ශිල්පීන් ලෙසට මා සමග සමන් මංචනායකද සහභාගී වූවා මතකය.ඊට අමතරව ස්ටර්ලි සූරියආරච්චි ,ඵවකට සිටි සෙසු කැමරා ශිල්පීන් වන ජයන්ත කරුණාරත්න , ඉන්ඳ්‍රජිත් වන්නිඅච්චි ,හැරල්ඩ් විජයසිංහ ( අද අප අතර නොමැති ) ඇතුළුව ඵදා සිටි ස්වාධීන රූපවාහිනියේ සියළුම ශිල්පීන් ගේ දායකත්වය ඒ සඳහා ලැබුණී .( පැය ගණනාවක කොටස් සිය ගණනකින් යුුුතු ඵම වැඩසටහන් පෙළ තවමත් ලංකාවේ ඵතෙක් මෙතෙක් කළ දීර්ඝතම වාර්තා වැඩසටහනයි.)ඵදා ඔබේ ගෙවත්ත නම් කෘෂිකර්ම බාහිර වාර්තා වැඩසටහන 1984 සිට කැමරාගත කොට නිෂ්පාදනය කරන ලද්දේ උපාලි රංජිතය .අද මේ වැඩසටහන් සියල්ලම විනාශ කොට ඇත.මෙවන්වූ ජාතික අපරාධයන් කළ වසලයන් හට සොයාබලා දඬුවම් දිය යුතුමය.නම් ලෙසින් ගතහොත් විපුල ලියනපටබැඳි, පුෂ්ප කුමාර අතුකෝරළ ,අශෝක නිශ්ශංක , නන්දන ඩයස් ,ඩෙනිස් රුද්‍රිගු ( අද අප අතර නොමැති ), ගාමිණී වේරගල ,වර්ණකුලසූරිය ආයතනයට අමතක කළ නොහේ .ඵමෙන්ම තේවිස් ගුරුගේ මහතාගෙන් පසු ආයතනයට පත් කළ නිසි බලධාරී ආනන්ද සමරකෝන් මහතාද මෙනෙහි කළ යුතුමය .ආයතනයේ උන්නතිය වෙනුවෙන් තම දිවියෙන් දශක ගණනාවන් කැප කළ සහබන්ධු ( සංරක්‍ෂණ පුස්තකාලය භාරව සිටි )ශාන්ත ගුණසේකර ,මහීෂා අපොන්සු ,කාන්ති ගුණසේකර ,හැරිසන් ,ලින්ටන්,අශෝක මාළිමගේ මහතා,බර්ටි ගළහිටියාව ,රංජිත් නිව්ටන් ප්‍රනාන්දු ,සුනිල් ජයසිරි දම්පහළගේ,ෂෙල්ටන් විතාරණ,ජයන්ත ගුණවර්ධන, මදනායක මහත්මිය ,සී.ඩී .සිල්වා ,ජයසිංහ ,හෂීම් ,,ජගත් ගාමිණී මාවතගම ඔහුද මෙම ආයතනයේ සිටි දක්‍ෂතම නිර්මාණ කරුවෙකී. , ඵකළ පරිපාලනය භාරව සිටි වික්‍රමසිංහ මහතා ,වේරගොඩ,රම්‍යසිරි ,කරුණාරත්න මහතා ,නිහාල් අබේසූරිය ,ගුණසේන ,ඩබ්ලිව්.ඵස්,ඊ ,ප්‍රනාන්දු,වෙත්තසිංහ මහතා ,භාරතී මහතා ,මුදන්නායක ,ලින්ටන් ,විපුල රත්නසිරි ,ලලිත් සමරවීර , රේණුකා දිවිතොටවෙල ( මැය අද අප අතර නොමැත ඵහෙත් ඇයගේ අවසාන කාළයේදී විනාශ කිරීමට ඉවතට දමා තිබූ පැරණි ගායක ගායිකාවන්ගේ ගීත හැකිතරම් බේරා ගැනීමට උත්සාහ දරා ඇත. ) රේණුකා කස්තුරි ආරච්චි ,බාහිරව සිය දායකත්වය සැපයූ නිවේදක නිවේදිකාවන් අතරට රත්නාපුෂ්ප කුමාරි ,සාගරිකා ගෝමස් ,බෙවිල් පළිහවඩන ,මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු ,ඩොනල්ඩ් අබේසුන්දර ,ගීතානන්ද අබේසුන්දර ,වසන්ත කොටුවැල්ල ,ගැමුණු රත්නායක ,ගාමිණී පහළවත්ත ,හරිත පෙරේරා ,තවද ඵකී මෙකී නොකී රියැදුරු මහතුන් ,කාර්ය සේවක ,මහතුන් ඇතුළු බාහිර ශිල්පීන් බොහෝ දෙනෙකු මෙහිලා මාහට සිහිවේ .( රජයට පවරාගත් ස්වාධින රූපවාහිනියෙට බලධරයින් දෙදෙනකු පත් කිරීමට රජය විසින් පියවර ගන්නා ලදී. ඉන් එක් අයකු වූයේ 1923 මාර්තු 22 දා උපන් ප‍්‍රවීණ ගුවන් විදුලි පරිපාලකයකු වූ දොන් තේවිස් ලෙලිවල ගුරුගේ නොහොත් තේවිස් ගුරුගේ මහතාය. අනෙක් නිසි බලධරයා රාජ්‍ය අමාත්‍යංශයේ උපදේශක සුනිල් අබේසුන්දර මහතාය.
තේවිස් ගුරුගේ ස්වාධින රූපවාහිනිය භාරගත්නාවිට එහි සිටි මුළු සේවක ගණන තුනකි. අද නම් එය සිතාගත නොහැකි සංඛ්‍යාවකි. ගුරුගේ මහතා විමතියට පත්ව ඇත්තේ මේ සුළු පිරිස මාස 3කට තරම් ප‍්‍රමාණවත් වැඩසටහන් සූදානම් කර තිබීමය.
ගුවන්විදුලියේ ෙඩිවිඞ් බුවල් David Buwal ප‍්‍රධාන ඉංජිනේරු ලෙස පත්කළ ගුරුගේ ඔහුගේ සහායට රුක්මින් විජේමාන්න එක්කළේය. ගුවන්විදුලියේම ඒච්.එම්. ගුණසේකර සහ ෂර්ලි පෙරේරා ද ස්වාධින රූපවාහිනියට එක්වන්නේ ඉන් පසුවයි. තේවිස් ගුරුගේ පරිපාලනය යටතේ මුලින්ම විකාශනය කොට ඇත්තේ ‘සෙසමි ස්ටි‍්‍රට්’ නම් ඇමෙරිකානු ළමා වැඩසටහනයි. )
මෙකී නොකී බොහෝ අයෙකුගේ නම් මෙයට ඇතුළත් කළ යුතුය.ඵවිට මෙම සටහන මහා ග්‍රන්ථයක් කළ හැකිය .නුදුරුවම මා ඵය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරමි.
සුමිත් ජයන්ත ඩයස්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.