නැවතත් ඔහු මේ නිළ නොලත් ඇමති මණ්ඩළයේ සිටියමින් ඒ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීම රටේ ජනතාවගේ විරෝධය නිසා හකුලා ගත්තද කෙසේ හෝ ඵම සිහිනය සැබෑ කරනා බවට නැවත නැවතත් උදම් ඇනුවා.
නමුත් ලැජ්ජාවට කරුණක් නම් ඔහුව ඔසවා තැබූ හෝමාගම මැතිවරණ කොට්ඨාශයට අයිති බොහෝ නගර ,ගම් සහ මංමාවත් මේ වනවිටද ඉතාමත් අබළන් වූ තත්වයක පවතිනවා.මේ ගලගෙදර දකුණ ග්‍රාම සේවා වසමට අයත් මීපේ සහ පාදුක්ක නගර යා කරන පුස්සැලිඔය පාළම අසලින්ම ඇති මාවත මේ වනවිට ඉතා සුළු වැස්සකට උවද පුස්සැලිඔය පිටාරගලා යටවන අතර .මාර්ගයද ඉතා අබලන්.
මෙම ප්‍රදේශයේ ජීවත්වන සහ මෙම මාර්ගය දෛනිකව භාවිතා කරන සිය ගණනක්වූ ජනතාව මහත් අසීරුවෙන් මෙම මාර්ගය තරණය කරති.( "සිටිපාර්ක්" ලෙසින් හඳුන්වන මෙම ප්‍රදේශයේ ජීවත්වන පවුල් 150 පමණ පිරිසකට අමතරව මෙම මාර්ගය භාවිතා කරන ජනතාව ඉතා විශාලය ) පසුගියදා ඇතිවූ ඉතා සුළු වර්ෂාවක අවසානයේ මෙම පාර ජලයෙන් යටවී ගොස් තිබූ අයුරු අප නිරීක්ෂණය කරනු ලැබුවා.ජාත්‍යයන්තර සිහින ඉටු කිරීමට පෙර තමනට ඡන්දය දුන් ප්‍රදේශවාසීන් ගැන සොයා බැලිය යුතු නොවේද...?
බන්ධුල ගුණවර්ධන අමාත්‍ය වරයා මෙම ඉතා අබලන්වූ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරයි යන විශ්වාසයෙන් යුතුව පසුවෙති.ඵැබැවින් සැබෑ ජනතා නියෝජිතයෙකු නම් ඉතා කඩිනමින් මෙය ඉටුකොට දෙනු ඇතැයි අපද සිතමු.නැතහොත් මෙවර මැතිවරණයේදී මෙවන්වූ දේශපාලනඥයනට ඇපද අහිමිවනු ඇත.

