කරවල විසවීමෙන් එක පවුලේ පස්දෙනෙක් රෝහලේ .
මේ දිනවල රටේ පවතින තත්වය හෙතුවෙන් වගකිමෙන් තොර තැන් තැන් වලින් මතුවන හා ගෙන් ගෙට යන වෙළඳුන් වෙතින් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමේදි පෙරට වඩ සැල්කිලිමත්වීමට ජනතාවද වගබලා ගතයුතුය. මිනිස් සිරුරට ඇතුලු වුනු විට ඇස්, උගුර, සම දැවිල්ල ගැනිමත් කැස්ස ඇතිවීමත්, එය වඩාත් වැඩි අවස්තාවක හුස්ම ගැනීමට අපහසු තත්වයන් හා සිහි විසඥ වීමට පවා ඉඩ තිබේ.
මාලු , කරවල වැනි දේ කල් තබා ගැනීමට ෆොමලින් වැනි විශබීජ නාශක එක් කිරිම නීත්‍යානුකූල දෙයක් නොවේ. වර්තමානයේ වෙළදපොලේ ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමට මිනිස් සිරුරට හිතකාරක නොවන යම් යම් දේ ප්‍රමිතියකින් තොරව යොදා ගැනිම නිරන්තරයෙන් සිදුවෙමින් පවතී. නිතිය පවා නොතකමින් මිනිස් ජිවිත අනතුරට හෙලමින් කටයුතු කරන මෙවැනි වෙලදුන් පිලිබදව පාරිභොගික අදිකාරියේ සේම අදාළ නීති අන්ශයන්හිද අවදානය යොමු විය යුත්තක්. වර්තමානයේ රටේ පවතින කොවිඩ් වසන්ගත තත්වය හෙතුවෙන් අසරණ වුණු ජනතාව තවත් විපතකට හෙලමින් අනිසි ලෙස කටයුතු කරන මෙවැනි වංචනික වෙළෙදුන් වෙනුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කලයුතු කාලයය මේ.