ලස්සන මල් පිපිලා
මුළු මිදුලම පිරිලා
බඹරෙක් හොරෙන්
මොකෝ බලන්නේ
ගුමු ගුමු නද දීලා....
කාලය බොහෝ දුර ඉක්ම ගොසිනි. වසර හැටක අතීතය..., ආයෙත් අප දෙසවන් ඒ සුන්දර අතීතයට ගෙන යන්නට සැරැසේ. ඈ... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත... වසර හැටකට පසු යළිත් අසන්නට ලැබේ නම්..., ඒ අසෙන්නේ එදා ළමා හඬින් නොව... අද... ඇගේ පරිණත වූ හඬින් නම්, කාලයේ වෙනස කොතරම් ද යන්න කදිමට පැහැදිලි වේ. විශාරද නන්දා මාලිනිය ඇගේ ළමා කාලයේ ගැයූ ගීත එකතුවක්, ගුවන් විදුලියේ තැටි ගබඩාවටම ගොස්... අවුස්සා මකුළු දැල් කඩා... යළි... අපේ ළමා පරපුරට දායාද කරන්නට සැරසෙන්නීය.
වයස අවුරුදු හැත්තෑවක ප්‍රවීණ ගායිකාවක්... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත එකතුවක් එළිදක්වන ඓතිහාසික උත්සවය මෙම 20 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී පැවැත්වේ.
"ලස්සන මල් පිපිලා..." වසර හතකට පසු ඈ විසින් එළිදක්වන ගීත එකතුවයි. ඒ ගැන අප විශාරද ගායිකා නන්දා මාලිනිය සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්වේ.
ඔබේ අවසන් සංගත තැටිය චිත්‍රපට ගීත මාලාව එළිදැක්වූයේ 2007 වසරේ, අවුරුදු හතක් නිහඬව සිටියේ ඇයි?
මම මේ කරන්නේ තිස්පස්වැනි ගීත එකතුව. හැත්තෑ අටේ දී තමයි පළමු කැසට් පටය සූරිය ලේබලය යටතේ කළේ. ඉන්පස්සේ 2007 දක්වා වසරින් වසර කැසට්පට, සංගත තැටි එළිදැක්වූවා. "ලස්සන මල්පිපිලා" ගීත සොයා ගැනීමද කළේ සෑහෙන කාලයකට කලින්. මේ ව්‍යාපෘතිය මගේ ඔලුවට ආවේ 2001 දී. මට වුවමනා වුණා මම ළමා මණ්ඩපයේ ගැයූ ගීත මාලාවක් යළි ගයන්න. මම මේ සිංදු ටික සොයාගන්න හුඟාක් මහන්සි වුණා. ගුවන් විදුලියේ තැටි ගබඩාවට ගිහින් මා ගැයූ ළමා ගීත එකතු කළා. එකතු කරද්දී තමයි තේරුණේ ගුවන් විදුලියේ මේවාට හොඳ ඉඩක් තිබුණේ නැති බව.
ගීත සියල්ල විනාශ වෙලාද තිබුණේ?
සමහර තැටි කැඩිලා. සමහර ඒවායේ ඉරි වැදිලා. දූවිල්ලෙන් නෑවිලා. මකුළුදැල් බැඳිලා. සමහර ඒවායේ නම් ගම් කිසිවක් නෑ. මම ඒ තැටි අරගෙන ඒ විදියටම කොළයක සටහන් කරගත්තා. අරගෙන ගිය පුංචි රෙකෝඩරයෙන් ඒ ගීත ටික රෙකෝඩ්කර ගත්තා. මම එකල ගැයූ ළමා ගීත තිහක් විතර තිබුණා. 2001 දී තමයි මම මේ සින්දු ටික සොයාගෙන අලුතින් කරන්න හිතුවේ.
2001 දී කළේ නැත්තේ ඇයි...?
ඒ කාලේ තිබුණ වාතාවරණය අනුව, ආපු සංගීත රැලි සමඟ මේ වගේ ළමා ගීත එකතුවක් කරලා ජයගත හැකිද, ළමා ලොවට මෙය කෙසේ සන්නිවේදනය වේවිද... කියන ප්‍රශ්න මතුවුණා. ඒ නිසා මම ඒ ව්‍යාපෘතියේ µයිල්එක වහලා දැම්මා. එහෙම හිඳිද්දී තමයි 2013 මැදදී එම්. ඩී. ගුණසේන සමාගමේ රජීව් ගුණසේන මහත්මයා ගෙදරටම ඇවිත් මට කතා කළේ "අපිත් එක්ක එකතුවෙලා යමක් කරනවා නම් හොඳයි.... මහාචාර්ය කුසුමා කරුණාරත්න, සිබිල් වෙත්තසිංහ, කැත්ලින් ජයවර්ධන අප සමඟ ඉන්නවා... ඔබතුමියත් එන්න" කියා රජීව් කිව්වා. ළමයින් වෙනුවෙන් නිර්මාණ එකතුවක් පොතක් සමඟ කරමු කියලත් කිව්වා. ඒ ආරාධනාව හරිම ළෙන්ගතුයි. මම තීරණය කළා, 2001 දී අත්හැර දැමූ ව්‍යාපෘතිය යළි කරන්න. වහලා දාපු ෆයිල් එක ඇදලා අරන් රෝහණ වීරසිංහ සමඟ සාකච්ඡා කළා. මම රෙකෝඩ් කරගත්ත ගීත ටික දාලා අහන්න දුන්නා. "මේ සිංදු ඇහෙන්නේ නෑනෙ..." කියා රෝහණ කිව්වා. මම ඇහෙන්නේ නැති කොටස් ගායනා කරලා පෙන්නුවා. සිංදු තිහෙන් දහයක් රෝහණ තෝරාගත්තා. රෙකෝඩරයෙන් කබල් විදිහට ඇහුණ සිංදු ටිකට රෝහණ හරියට ලස්සනට ප්‍රාණයක් දුන්නා. කැඩී බිඳී මියගිය ගීත ටිකට ජවයක් ලැබුණා.
මේ ගීත ඔබ කුමන කාලෙක ගයපුවාද...?
මම වයස අවුරුදු දහයේදී පහළොවේදී ගායනා කළ ගීත. මම ළමා මණ්ඩපයට යද්දී වයස අවුරුදු නවයයි. කොටහේන ගුණානන්ද විදුහලේ ඉගෙන ගන්නා කාලයෙ පංති භාර මාග්‍රට් පෙරේරා ගුරුතුමිය තමයි මාව ගුවන් විදුලියට දැම්මේ. ඒ කාලේ කරුණාරත්න අබේසේකර අයියා ළමා මණ්ඩපයට ආ ගමන් සිංදු කියන්න දුන්නේ නෑ. අවුරුද්දක් විතර යනකං කවි ගායනා කළා. ලියුම් කෑලි කියවූවා. නැත්නම් නිකංම හිටියා. මුලින්ම ගැයූ ගීය තමයි "බුදු සාදු.... බුදු සාදූ... සඳුන් ගසක් වෙන්නම්..." ගීය. අශෝක කොළඹගේ රචනා කළේ. සංගීතය ඩී. ඩී. ඩැනීගේ. මට වයස අවුරුදු දහයයි එය ගයද්දී. අවුරුදු හැටක් ගතවෙලා... ඒත් අදත් බොහෝ දෙනකුට මේ ගීය අමතක නෑ.
ඔබත් කාලයක් ළමා මණ්ඩපය මෙහෙයවූවා?
ඔව්... පසු කලෙක ගුවන් විදුලියේ ළමා මණ්ඩපය මෙහෙයවූවා. මම තනු හැදුවා. කතා කළා. ළමයින් ගෙන්වා ගත්තා. අවුරුදු තුනක් කළා. මගේ ළමා මණ්ඩපයෙන් බිහිවූ අය අතර ගීතා කාන්ති ජයකොඩි, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග, රෝහණ සිරිවර්ධන, දමයන්ති ජයසූරිය, ගාමිණී පෙරේරා, ලංකා රාජිනී ගුණසේකර, මංජුලා නානායක්කාර, එල්. සී. රුද්රිගූ (කුරුම්බැට්ටි මැෂිමේ ගීය ගැයූ), ලලිත් සිරිවර්ධන වැනි අය බිහිවුණා.
ඔබට වගේම එදා ළමා මණ්ඩපයේ සිටි අදටත් සංගීත ක්ෂේත්රයේ සැරිසරන අනෙකුත් ශිල්පීන්ටත් හොඳ ළමා ගීත එකතුවක් ඇති?
ඇත්තටම ඔව්... මම මේ ගීත ගොන්න සොයා පාදා ගනිද්දී මම දැක්කා මගේ ඒ කාලේ මටත් වඩා හොඳ ගීත ගොන්නක් ඇති තුන්දෙනෙක් සිටින බව. මල්ලිකා කහවිට, චන්ද්‍රdණි ගුණවර්ධන සහ එස්. ලියනගේ. මම මේ තුන්දෙනාටත් ආරාධනා කරනවා. මම වගේම ඒ කාලේ ගැයූ ගීත එකතුවක් අද එළි දක්වන්න එන්න කියලා. "ලේනගෙ පිට මැද ඉරිතුන ඇන්දේ කවුරුද අම්මේ..." එදා මල්ලිකා ගැයූ එක ළමා ගීයක්. "අපෙ අම්මා පොළට ගිහිල්ලා..." එස්. ලියනගේ ගැයූ ගීයක්. "දැං නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ" චන්ද්‍රdනි ගැයූ ළමා ගීයක්. මම ළමා මණ්ඩපයට ගියේ මේ අයට පසුවයි. කවුරු හරි අත දේවි... අමාරුවෙන් හරි මේ සිංදු ටික සොයාගන්න. ඒ කාලේ තමයි හොඳම ළමා ගීත ආවේ. ඉන්පසු එවැනි ගී ආවේ නෑ. අද තියෙන හොඳම ළමා ගීත මාලාව තමයි එදා ළමා මණ්ඩපයෙන් බිහිවූ ගීත.
ඔබේ 'ලස්සන මල් පිපිලා' එළිදැක්වීම සිදු කරන්නේ කවදාද... කොහෙදීද?
මාර්තු විසි වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ බී කමිටු ශාලාවේ හවස 5.00 ට. ප්‍රධාන දේශනය සමන් අතාවුදහෙට්ටි මහතා. ඔහුත් ළමා මණ්ඩපයේ කරු අයියාගේ සෙවණේ ඉඳලා ගුවන් විදුලියේ ඉතිහාසය හදාරපු කෙනෙක්. සිබිල් වෙත්තසිංහ මහත්මයාගේ කෙටි අදහස් දැක්වීමකුත් තියෙනවා. මගේ සංගත තැටි සියල්ලේම පොත්වල චිත්‍ර ඇන්දේ ඇය. නෙරංජලා සරෝජිනී තමයි මේ උත්සවය මෙහෙයවන්නේ. ඇය දක්ෂ ප්රවෘත්ති නිවේදිකාවක්. ගායිකාවක්. ඇය මගේ ළමා පිටියේ සිටි දරුවෙක්. එදාට මම 'ලස්සන මල් පිපිලා' ගීත එකතුවේ තියෙන ගීත පහක් විතර ගායනා කරනවා. මම විවෘතව ආරාධනා කරනවා හැම කෙනෙකුටම මගේ රසිකයෝ වගේම ළමා මණ්ඩපයේ සිටි මගේ සමකාලීන අයටත්. ඒ වගේම ගුරුවරුන්ට, දෙමවුපියන්ට දරුවන් සමඟ පැමිණෙන ලෙසට ආරාධනා කරනවා. මේ ගීත එකතුව ඉදිරිපත් කරන්න ලැබීම සතුටක්. 2001 දී මගේ හිතේ පැළපදියම් වූ දේ සොයා බලා මතුකිරීම තුළින් මම යළිත් ඉපදුණා. මේ ගීත පටිගත කරද්දී සංගීත කණ්ඩායමේ සිටි තරුණ ළමයින් දහසය දෙනාම පුදුමාකාර ආශ්වාදයක් ලැබුවා.
අද ඉරිදා... හෙට සඳුදා
ඉස්කෝලේ පළ වැනිදා....
කැලැන්ඩරේ පෙරළි පෙරළී අපිට කියනවා...
මේ සමහර තැටිවල නමක්වත් සටහන් වෙලා නෑ. ඒ විදියටම තමයි සංගත තැටියටත් දාන්න වුණේ. ඕනෑම කෙනෙකුට මගේ 'ලස්සන මල් පිපිලා' සංගත තැටිය අහලා ඊට දායක වී සිටින නිර්මාණකරුවන් කව්ද කියලා දන්නවා නම් නිවැරදි කළ හැකියි. ගීතවල රචකයා, සංගීත නිර්මාණ ශිල්පියා කවුද කියලා සටහන්වී නෑ...
මේ ඔබ ළමා පරපුර වෙනුවෙන් කරන ප්‍රථම නිර්මාණ කටයුත්ත නොවේ...?
ඔව්.. හුඟාක් අය දන්නෙ නෑ අපි ළමා ලෝකයට කළ දේවල්. හැත්තෑ හතේදී මහාචාර්ය සුනිල් ආරියරත්න සමඟ "බාලොලියා මල්" නමින් ගීත පොතක් කළා ස්වර සටහන් සමඟ. ඉන්පසු ධර්මසිරි ගමගේ සමඟ "කුරුලු කැදැල්ල" නමින් ස්වාධීන රූපවාහිනියේ අවුරුදු දෙකක් වැඩසටහන් කළා. පසුව 'කුරුලු කැදැල්ල' නමින් පොත් දෙකක් කළා. මානවසිංහයන් ලියූ ළමා ගී අත්පිටපත් පනහක් විතර උදය මානවසිංහ ගෙනැත් දුන්නා මොනවා හරි කරන්න කියලා. මම ස්වර සටහන් තැබුවා. පසුව පොත් දෙකක් එළිදැක්වූවා. පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් කහටපිටිය ළමා ගීත විසි පහක පොතක් කළා. මම ඊට තනු සහ ස්වර සටහන් යෙදුවා. සමන් තිලකසිරිගේ ළමා ගීත පොතට ස්වර සටහන් තැබුවා. දයා අල්විස් නාට්‍යවේදියාගේ ඉල්ලීම අනුව ඔහුගේ ළමා ගීත පොතට තනු දාලා ස්වර සටහන් නිර්මාණය කළා.
රත්තරං රටේ, මල් දරුවෝ, තිත් තිත් තුත්තිරි නමින් පොත් තුනක් කළා. මම මේ වෙද්දී පොත් දහයකට වඩා කරලා තියෙනවා. මෙවරත් "ලස්සන මල් පිපිලා" සංගත තැටිය සමඟ පොතක් නිකුත් කරනවා. මගේ සංගීත ආශ්රමයට අවුරුදු තිහයි. මම තවමත් ක්‍රියාකාරී ගායිකාවක් ලෙස ඉන්නේ මේ ආශ්‍රමය නිසා. මගේ කාලයෙන් සීයට අනූපහක් යෙදවෙන්නේ මේ ආශ්‍රමයෙ වැඩට. අපි හැම විටම පුහුණුවේ යෙදිය යුතුයි. නැතිනම් ස්වර නාල මැරිලා යනවා. ඇට මස් ලේ නහර... මේ ක්ෂේත්රය වෙනුවෙන්මයි ක්‍රියා කරන්නේ....
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 14, 2020
මම ළමා ලෝකයට කළ දේ බොහෝ දෙනෙක් දන්නේ නෑ....!!! - විශාරද නන්දා මාලිනී
Posted by
lankanews
at
June 14, 2020
Labels: nanda malini, sinhala music, sinhala songs, slbc srilanka
මම ළමා ලෝකයට කළ දේ බොහෝ දෙනෙක් දන්නේ නෑ....!!! - විශාරද නන්දා මාලිනී
2020-06-14T09:08:00+02:00
lankanews
nanda malini|sinhala music|sinhala songs|slbc srilanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
