පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා මුහුදෙන් වැලි
පොම්ප කර ගල්කිස්සේ තිබුණ සුන්දර මුහුදු තීරය වෙනුවට කෘත්‍රිම නොහොත්
ආටිෆිෂල් වෙරළක් ඇඳිරි නීතිය මධ්‍යයේම බලහත්කාරයෙන් ගොඩ නැගීම නිසාය. මේ
අකටයුත්තට පළාත්වාසීන් විරුද්ධ වුවත් ඔවුන්ගේ හඬ කාටත් නෑසුනේ කොරෝනා
උවදුරෙන් මුළු රටම ලොක්ඩවුන් වී තිබුණ නිසාය.
විදේශීය සංචාරකයන්
මෙරටට ආකර්ෂණය වූ ප්‍රධාන සාධකයක් වන්නේ ලංකාවේ සුන්දර වෙරළ තීරයයි.
උණවටුන, නිලාවේලී, හික්කඩුව, ආරුගම්බේ මෙන්ම විදේශිකයන්ට කොළඹ සුන්දර වෙරළ
තීරයක් වූයේ ගල්කිස්ස මුහුදු වෙරළයි. මවුන්ට් යන්ත්‍රාලයේ අධිපති කොග්ගල
මලලගල මාර්ටින් වික්‍රමසිංහ ගල්කිස්ස නිවසේ සිටි සන්දියේ හැන්දෑවට ඇවිද්දේ
මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේය. සිළුමිණ පුවත්පත සත දහයේ විශ්ව විද්‍යාලය
කොට ලංකාවේ ජනප්‍රියතම ඉරිදා පත්‍රය බවට පත් කළ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ
සිළුමිණ කර්තෘතුමා මාර්ටින් වික්‍රමසිංහගේ ගෙදර ඉන්න කාලේ සිත් ගත් තැනක්
වූයේ මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයයි. මෙහි සුන්දරත්වය නිසාම ගීත
ලියැවෙන්නට ඇත්තේ රටේ කොතැනකත් ඇති සුන්දර වෙරළ තීරයක අත්දැකීම කොළඹ දී ලබා
ගල්කිස්ස වෙරළ තීරයේ නිසා විය යුතුය.
මේ ගල්කිස්ස වෙරළ තීරය ගැන පළ
වූ පුවතකින් පසුගිය සතියේ මුළු රටටම කම්පාවට පත් විය. කළුතර කැලිඩෝ වෙරළ
තීරය, රත්මලාන අඟුලාන වෙරළ තීරය හා ගල්කිස්ස වෙරළ තීරය ආරක්සා කර ගැනීමේ
අරමුණින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ කෘත්‍රිම වැලි පෝෂණ
ව්‍යාපෘතිය කොරෝනා ඇඳිරි නීතිය ඔස්සේ ක්‍රියාත්මක වී තිබුණේ කොයිකාටත් හොර
රහසේය. ඒත් ගල්කිස්ස වෙරළ තීරයේ පිර වූ වැලිවලින් විශාල කොටසක් නැවත මුහුදට
ගසාගෙන ගොස් තිබුණි.
මෙම ව්‍යාපෘතියට වැය වූ මුදල ලෙස සැලකෙන්නේ
රුපියල්මිලියන 890 ක් වන අතර ගල්කිස්ස වෙරළ තීරයට වැය කළ මුදල රුපියල්
මිලියන 110 ක් ලෙස තවත් තැනක සඳහන් වේ. ඒත් මේ ගැන වෙරළ සංරක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ කෘත්‍රිම
වැලි පෝෂණ ව්‍යාපෘතිය සාර්ථක බවය. ඔහු කියන්නේ ගල්කිස්සේ පිර වූ කෘතිම වැලි
මුහුදට ගසාගෙන ගියේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා බවය.
‘‘ගල්කිස්ස
මුහුදු වෙරළට පිර වූ කෘත්‍රිම වැලිවලින් කොටසක් ආයි මුහුදට ගිහින් නැහැ.
ඒවා ඊට උතුරින් පිහිටි වෙරළ තීරයේ තැන්පත්වෙලා තියෙන නිසා වියදම් කරපු මුදල
අපතේ ගියා කියලා කාටවත් කියන්න බැහැ.’’
වැලි ජාවාරම ලංකාවේ මිනී
මරාගන්නා දේශපාලන ව්‍යාපාරයක් වී හමාරය. අපිට වැලි කියූ විට මතකයට එන්නේ
‘මනම්පිටියේ’ වැලිය. මෙම ව්‍යාපෘතියට යොදාගෙන ඇති මුළු වැලි මීටර කියුබ්
ගණන ලක්ෂ 8 කි. මේ තරම් වැලි කන්දරාවක් ගඟකින් නම් ගත නොහැකිය. මේ සඳහා
වැලි ගෙන ඇත්තේ රත්මලාන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැලි නිධියෙනි. කළුතර
කැලිඩෝ වෙරළ තීරයට වැලි මීටර් කියුබ් ලක්ෂ 3 කුත්, රත්මලාන මුහුදු වෙරළ
තීරයට 350,000 ක් සහ ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් 150,000 කුත්
එම වැලි නිධියෙන් ලබාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය කළුතර කැලිඩෝ වෙරළ
තීරයෙන් අරඹා ඇත්තේ පෙබරවාරි 29 වැනිදාය. ගල්කිස්සෙන් අප්‍රේල් 22 වැනිදා
මේ වැලි කොන්ත්‍රාත් එක අවසන් විය. මෙම ව්‍යාපෘතිය ඇඳිරි නීතිය සමයේ
ක්‍රියාත්මක වීම ගැන ඇති චෝදනාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර
බඳින්නේ මෙසේය.
‘‘ව්‍යාපෘතිය අනුමත කරපු ජාත්‍යන්තර කොම්පැනියට දීලා
තිබ්බ කාලය මාස 3 ක්. අපි ව්‍යාපෘතිය නවත්වන්න නියෝග කළා නම් ගිවිසුමේ
හැටියට අපි පැයකට රුපියල් ලක්ෂ දෙක ගානේ දවසකට ලක්ෂ 48 ක් ගෙවන්න ඕන. ඒ
නිසයි අපි අවශ්‍ය තැන්වලින් අවසර අරගෙන ඇඳිරි නීතිය කාලේ මේ ව්‍යාපෘතිය
නිමා කරන්නට කටයුතු කළේ.’’
මෙම වැලි කොන්තරාත්තුව පරිසර විරෝධී එකක්
යැයි පරිසරවේදීන් උද්ඝෝෂණ කළත් මෙය අනුමත කොට ඇත්තේ ද එවකට පරිසර ඇමැති
හිටපු ජනපති මෛත්‍රිපාල විසිනි. උන්නැහේ මේ ගැන කැබිනට් පත්‍රිකාවක්
ඉදිරිපත්කොට ඇත්තේ මෝඩයාගේ දවස නොහොත් අප්‍රේල් 01 වැනිදාය. පසුගිය වසරේදී
2019 මැයි 8 වැනිදා මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලැබී ටෙන්ඩර් කැඳවා ඇත්තේ
සැප්තැම්බර් 12 වැනිදාය. තෝරාගත් ටෙන්ඩර්කරුට ඔක්තෝබර් 8 වැනිදා ටෙන්ඩර
මණ්ඩලයේ අනුමැතිය හිමි විය. මෛත්‍රීපාල ජනපති යුගයේ ඇරඹි මේ ව්‍යාපෘතියට
අනුමැතිය ලැබී ඇත්තේ ගෝඨාභය ජනපති යටතේ කැබිනට් මණ්ඩලයෙන් 2020 ජනවාරි 14
වැනිදාය. තෝරාගත් සමාගම ඩෙන්මාක් සමාගමකි.
මේ ගල්කිස්සේ වැලි මුහුදට ගසාගෙන යාම ගැන යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වූ පාඨලී චම්පික රණවක අපූරු කතාවක් කියා ඇත.
‘දැන් අසාර්ථක වුණාම කියනවා මේක ගිය ආණ්ඩුවේ වැඩක් කියලා.’’
මෙම ව්‍යාපෘතියට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් නම් මේ සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ අවසරය ලබාගෙන නොමැති බවය.
කෘතිම
වැලි පෝෂණ ව්‍යාපෘතියට අපේ අනුමැතිය අනවශ්‍ය බව වෙරළ සංරක්ෂණ හා වෙරළ
කළමනාකරණ දෙපාර්තමේන්තුව කියනවා නම් අදාළ ව්‍යාපෘතියෙන් වෙරළට සහ සමුද්‍රයට
වන පාරිසරික හානියට වග කිව යුත්තේ අදාළ තීරණ ගත් නිලධාරින්.’’
මේ ගැන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරයේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර පවසන්නේ තමන්ට එම ව්‍යාපෘති යෝජනාවත් ලබා නොදුන් බවය.
‘‘මේ
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ කැමැත්ත විමසලා පසුගිය පෙබරවාරි මුල ලියුමක්
එවලා තිබුණා. ඒ අනුව අදාළ ව්‍යාපෘති යෝජනාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ
අධිකාරියට තවමත් ලැබී නැහැ.’’ මේ වගේ ව්‍යාපෘති කරනකොට සමුද්‍රය දූෂණය නොවන
විදිහට තමයි කරන්න අපි නිර්දේශ කරන්නේ.’’
මේ වැලි ව්‍යාපෘතිය ලංකාවේ
නීතියට පටහැනි බව කියන්නේ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධනය. ඔහු පවසන්නේ වෙරළ
සංරක්ෂණය තම කටයුත්ත තමා විසින්ම විනිශ්චයකර තමන්ම අනුමත කරවා ගැනීමක් බවය.
වෙරළ
සංරක්ෂණ පනතේ 16 වැනි වගන්තිය සංශෝධනය කර, සංකෝචනය කිරීමේ කාලය තමයි දැන්
එලඹිලා තියෙන්නේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේදී මධ්‍යම පරිසර
අධිකාරියට හෝ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අදාළ වාර්තාවන් ඉදිරිපත් කර
එම ආයතනවල අනුමැතිය ලබා ගැනීමේ හැකියාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට
තිබුණා.
වෙරළ සංරක්ෂණ පනතේ 14 සහ 16 වැනි වගන්ති දෙක ගතහොත් වෙරළ
සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට අභිමතය තිබෙනවා පාරිසරික
බලපෑම් තක්සේරු වාර්තාවක් කරනවාද නැද්ද යන්න පිළිබඳ. ඒ අභිමතය පාවිච්චි කරන
විට එය සිදු කළ යුත්තේ සාධාරණව සහ යුක්තිසහගතව කල්පනා කර බලා මිසක් තමන්ට
සිතෙන පරිදි නෙවෙයි. උසාවියේ නඩු තීන්දු ගණනාවකදී පිළිගත් මූලධර්මයක් තමයි
තමන්ගේ රුචි අරුචිකම් මත නෙවෙයි කරුණු සියල්ල සලකා බලා භාවිත කළ යුතු
අභිමතයක් කියන එක සදාචාරාත්මක තීන්දුවක්.
මේ කෘතිම වැලි ව්‍යාපෘතිය
ගැන වගේම මේ ඉදිකිරීමට අදාළ වෙරළ තීරය අසල ජනතාව හාන්කවිසියක් දැන සිටියේ
නැත. ලංකාවේ රාජ්‍ය නිලධාරින් හා සාමාන්‍ය ජනතාව අතර සම්බන්ධයක් නැති අතර
මේ ප්‍රදේශවල සිටි ජනතාව වෙරළ ගොඩ කරනවා යැයි දැන ගන්නේ මුහුදු වෙරළට
එස්කැවේටර් ගෙනා විටය. වෙරළාශ්‍රිතව වන පරිසර හානිය ගැන එක්සත් ජාතීන්ගේ
වාර්තාවකත් මේ ගැන සඳහන් වේ.
ලංකාවේ වෙරළ ගැන නීතිමය අණපනත්
පැනවෙන්නේ කොරල් පර කඩා ජීවත් වූ ගැමියන් නිසා බව අද බෙහෝ දෙනාට අමතකය.
1981 දී වෙරළ සංරක්ෂණ පනත සම්මත වන විට මුහුදු වෙරළ ආශ්‍රිතව කොරල් පර කඩා
ජීවත් වූ පවුල් සංඛ්‍යාව 5000 කට අධිකය. මේ කෘත්‍රිම වැලි ව්‍යාපෘතිය නිසා
රැකියා අහිමි වූ පිරිස ගැන කරපු ශක්‍යතා වාර්තාවක් නැත. ඒත් එදා වෙරළ
සංරක්ෂණ පනත නිසා අසරණ වූ කොරල්පර කැඩූ ජනතාවට එදා ආණ්ඩුව විකල්ප රැකියා
හදා දී තිබුණි.
ලංකාවට අයත් භූමිය වැනි හයගුණයක මුහුදක් අපේ රටට
නීතියෙන් හිමිවී ඇත. රට වටේම මුහුද තිබුණත් ලංකාවට ඉන්දියාවෙන් ලුණු ගෙන එන
බව පසුගිය ‘සති අග අරුණේ’ සඳහන් විය. වෙරළ යනු සංචාරක ආකර්ෂණය ඇති ධන
නිධානයකි. පිලිපීනය, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල ප්‍රධාන සංචාරක ධන
නිධානය වන්නේ සුන්දර මුහුදු වෙරළය. එය ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඉහළ
ප්රතිශතයකි. ඒත් අපි ඒ සුන්දර වෙරළත් කෘතිම කොට වෙරළට ගොඩ කළ වැලි ටික
මුහුදට ගහගෙන ගියා යැයි කම්මුලට අත තබාගෙන කම්පා වෙමින් සිටිමු.!
වජිර ලියනගේ
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, June 14, 2020
මෝඩයාගේ දවසේ කැබිනට් පත්‍රිකාවකින් ගෙනා කෝටි 85ක වැලි මුහුදට යයි
Posted by
lankanews
at
June 14, 2020
Labels: benthota beach, bribery commission, mount lavinia, mount lavinia beach
මෝඩයාගේ දවසේ කැබිනට් පත්‍රිකාවකින් ගෙනා කෝටි 85ක වැලි මුහුදට යයි
2020-06-14T17:20:00+02:00
lankanews
benthota beach|bribery commission|mount lavinia|mount lavinia beach|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...