හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ
නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින්
ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි
අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති
විමර්ශන කොමිසම හමුවේ (23) සාක්ෂි දෙමින් පැවසීය.
වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව
කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම්
නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන්
බදියුදීන් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයි ද හිටපු බුද්ධි අධ්යක්ෂවරයා සිය
සාක්ෂියෙන් සඳහන් කළේය.
සහ්රාන් හෂීම් යන අය තවත් ඉස්ලාම්
අන්තවාදී කණ්ඩායමක් සමග මඩකලපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේදී ගැටුමක්
ඇති කර ගෙන ඇති බවත් මොහු සම්බන්ධයෙන් අවස්ථා 09 කදී තමන් ජාතික බුද්ධි
ප්‍රධානියා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළ බවත් හිටපු බුද්ධි
අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
කාත්තන්කුඩි අල්ලියාර් ප්‍රදේශයේ ඇතිවූ
ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන්
පැන ගොස් මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක
මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට
තොරතුරු අනාවරණය වූ බව ද හිටපු බුද්ධි අධ්යක්ෂවරයා සදහන් කළේය.
යුද හමුදාපතිටත් 2019දී සහරාන් ගැන දැන්වූවා...
යුද හමුදාපතිටත් 2019දී සහරාන් ගැන දැන්වූවා...
එසේම, 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට
සහ්රාන් හෂීම් නමැත්තා යළි මෙරටට පැමිණි බව තම බුද්ධි තොරතුරු ඡාලයට හසුවූ
බව ද සාක්ෂිකරු පැවසීය.
වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට
බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ
සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ්
සේනානායක දැනුවත් කර 2019 මාර්තු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක
ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද ඔහු කීවේය.
එම ලිපිය යැවූ පසු මාර්තු මස 26, අප්‍රේල්
මස 02 සහ අප්‍රේල් මස 09 වැනිදා යන තෙදින තුළ බුද්ධි රැස්වීම් තුනක්
පැවතියද, ජාතික ආරක්ෂක කවුන්සලයේ රැස්වීමක් නොපැවති බවත්, රිෆ්ඛාන්
බදියුදීන් සම්බන්ධයෙන් වූ මෙම තොරතුර ආරක්ෂක ලේකම්වරයා හෝ ජාතික බුද්ධි
ප්‍රධානියා කිසිදු අවස්ථාවක සාකච්ඡාවට බදුන් නොකළ බවත් සාක්ෂිකරු සදහන්
කළේය.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර
විමලසිරි ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ
අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද්
ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හාමාරක මුදලක් යොදවා ඇති බවට
විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.
මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක්
සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ
ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට
දැනුම් දුන්නේය.
මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.
මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.