විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අමතර මූල්‍ය උපකාර සැපයීම සඳහා බාධාවක් නොමැති බවත් ඊට අවසර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මෙසේ පවසයි.දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත් උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
1.අධ්‍යයන හෝ වෛද්‍ය අරමුණු සඳහා පිටත් ව ගොස් ඇති පුද්ගලයන් වෙනුවෙන් විශ්ව විද්‍යාල/උපකාරක පන්ති/පුහුණු/පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, වෛද්‍ය ගාස්තු හෝ වෙනත් ඕනෑ ම අදාළ ගාස්තු ලෙස ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙඳුන් (ඕනෑ ම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ අවසරලත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්) හරහා ඔවුන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන අදාළ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මුදල් යැවීමට එම පුද්ගලයන්ගේ ශ්‍රී ලංකාවේ සිටින පවුලේ සාමාජිකයන්ට අවසර ලබා දී ඇත.
2.එවැනි පුද්ගලයන්ට විදේශයන්හි රැඳී සිටින කාලය තුළ ස්වකීය පෞද්ගලික ස්වභාවයේ වන ගනුදෙනු සඳහා විදේශ මුදල්වලින් ගෙවීම් කිරීම හෝ මුදල් ආපසු ගැනීම/මුදල් අත්තිකාරම් ලබා ගැනීම පිණිස බලයලත් වෙළෙඳුන් විසින් නිකුත් කරන ලද ඔවුන්ගේ ණය, හර (ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර) සහ විදේශ සංචාරක කාඩ්පත් භාවිත කළහැක.
3. දැනටමත් දැනුම් දී ඇති පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචරණ අරමුණු සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් නෝට්ටුවල උපරිම සීමාව අඩු කිරීම, ප්‍රාග්ධන ගනුදෙනු සඳහා වන ප්රතිමුඛ ප්‍රේෂණයන්හි සීමාකිරීම් වැනි විනිමය අනුපාතය මත වන පීඩනය ලිහිල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද මෑතකාලීන ක්‍රියාමාර්ග හේතුවෙන්, ඉහත දක්වා ඇති විදේශීය අධ්‍යාපන, වෛද්‍ය සහ පවුල් ජීවන වියදම් ඇතුළු ව ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රේෂණ/ගෙවීම් සීමා කිරීමක් සිදු නො වේ.
ඒ අනුව, මෙම අසීරු අවස්ථාවේ දී ඉහත සඳහන් කළ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අමතර මූල්‍ය උපකාර සැපයීම සඳහා බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. නමුත් මෙම අවස්ථාවන් වගකීමෙන් යුතු ව ප්‍රයෝජනයට ගන්නා ලෙස අදාළ සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, April 20, 2020
පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීමට අවසර දෙයි
Posted by
lankanews
at
April 20, 2020
Labels: ATM card srilanka, central bank, money transfer
පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීමට අවසර දෙයි
2020-04-20T17:17:00+02:00
lankanews
ATM card srilanka|central bank|money transfer|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...