නීතීඥයා අත්අඩංගුවට ගත්තේ ප්‍රමාණවත් සාක්ෂි අනුවයි...!!!
ගිය වසරේ පාස්කු ඉරු දින
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙවන පෙළ බෝම්බ ප්‍රහාරයක් සිදු කිරීමේ
සැලසුමක් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න
පැවසීය. මේ අනුව පළමු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු යම් කිසි දිනකදී නැවත
දෙවන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව ද ඔහු කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම දෙවන පෙළ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
සහරාන් සිටි කාලයේම මේ ප්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප්‍රහාර කි‍්‍රයාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද එහෙත් සිදු කරන ලද පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීමට යැයි ද ඔහු පැවසීය.
දැනට අත්අඩංගුවට පත්ව ඇති නීතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැුසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කීවේය.
එම අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ එකක් බව ද ඔහු සඳහන් කළේය.
දැනට අත්අඩංගුවට ගත් අය අතර යම් යම් සංවිධාන ඇති කර ඊට නායකත්වය දෙමින් එම
කටයුතු කළ තැනැත්තන් සිටින බව ද ඔවුන් මේ අන්තවාදය පැතිරවීම සඳහා සහ
ඉස්ලාම් ධර්මය වැරදි ආකාරයට අර්ථ නිරුපණය කරමින් යම් යම් තරුණ කණ්ඩායම්
නොමග යැවීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද ඔහු කීවේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම දෙවන පෙළ ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
සහරාන් සිටි කාලයේම මේ ප්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප්‍රහාර කි‍්‍රයාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද එහෙත් සිදු කරන ලද පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීමට යැයි ද ඔහු පැවසීය.
දැනට අත්අඩංගුවට පත්ව ඇති නීතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැුසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කීවේය.
එම අත්අඩංගුවට ගැනීම ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ එකක් බව ද ඔහු සඳහන් කළේය.
මේ සංවිධාන හරහා අන්තවාදය ප්‍රචාරය කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු කීවේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඉතා ඛේදනීය ප්‍රතිඵල ඇති කළ ප්‍රහාරයක් බව ද මේ නිසා එම ප්‍රහාර සිදු කළ අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා පොලිසියේ පරම යුතුකම වන බව ද ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණ නව මුහුණුවරක් ඔස්සේ සිදු කරගෙන යන බව ද ඔහු තවදුරටත් කීවේය.
මේ අත්අඩංගුවට ගත සැකකරුවන් බෝම්බකරුවන් සමග එක්ව යම් යම් සංවිධාන පිහිටුවා ගෙන අන්තවාදය පැතිරවීමට ක්‍රියා කර ඇති බව ද අදාළ නීතීඥයාගෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත