පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජූනි මස 20 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
අද රැස්වූ මැතිවරණ කොමිසන් සභාව විසින් මෙම තීරණය ගත් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වූ අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
මැතිවරණ කොමිසම විසින් අද දිනයේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරින් ඇතුළු රජයේ ඉහල නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදු කර ඉන් අනතුරුව මැතිවරණ සඳහා දිනයන් නියම කිරීමට කටයුතු කර ඇත.පරණ පාර්ලිමේන්තුව කැදවිල්ලක් නෑ..