ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, March 21, 2020

කොරෝනා වේ අඳෝනාව...

"“නිරෝධායනය පිළිබඳව සමාජයේ විරුද්ධත්වයක් දක්නට ලැබුණු නමුත් සමාජ ජාලාවලද විවිධ මත ප්‍රකාශ කෙරුණ නමුත් මෙහි වැදගත්කම කොතරම් දැයි තේරෙන්නේ රෝගීන් වැඩි ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සොයාගෙන ඇති නිසයි. නිරෝධායනය නොකළේ නම් මෙම පුද්ගලයන් යන්නේ සමාජයට. මුලින්ම තමන්ගේ ගෙදර , තමන්ගේ දූ දරුවන්ට මුලින්ම රෝගය බෝකරනවා. "

කොරෝනා නොහොත් කෝවිඩ් 19 පිළිබඳව ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඇත්ත සහ බොරුව අතර දෝලනය වේ. ඔබ කොරෝනා රෝගයෙන් පෙලෙනවාද එසේත් නොමැති නම් ඔබගේ අසල්වැසියා මෙම රෝගයෙන් පෙලෙනවාද යන්න සහ මේ වන විට මෙම වෛරසය සමඟ පොරබදන්නේ කවුරුන්ද යන්න පිළිබඳව නිවැරදි වැටහීම ලබාදීම ජාතික වගකීමකි. විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇති අවස්ථාවක මෙම රෝගය පිළිබඳව සහ එහි පැතිරීම සිදුවන්නේ කෙසේද යන්න මෙන්ම ඉන් ආරක්ෂාවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාමත්ම වැදගත් අනිවාර්ය කාරණා වේ.

පිටින් වෛරසය පැමිණ ලංකාවේ ඇතුළෙන් බෝවීමට පටන් අරගෙන තිබෙන මෙම කොරෝනා වෛරසය නොහොත් කෝවිඩ් 19 පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
“කලින් හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික රෝගියාගේ දියණියටත් මෙම රෝගය වැලඳී තිබෙනවා. ඇය පියා සමඟ දඹුල්ල ප්‍රදේශයේදී එකතැනක නිදාගෙන තිබෙනවා. පියාගෙන් මෙම වෛරසය ඇයට බෝවීමේ හැකියාව තිබෙනවා. අනෙක් සියලු දෙනාම විදේශවලින් පැමිණි අය එසේ නොමැති අය විදේශිකයන් සමඟ සම්බන්ධතා පැවැත් වූ අය. මෙය පාලනය කර ගත යුතුයි. එය පාලනය කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. එමෙන්ම අප රටේ නිරෝධායන වැඩසටහන පටන් ගැනීමට පෙර 10 වෙනිදාට පෙර ඉතාලිය වැනි රටවලින් පැමිණි අය රටේ විවිධ ප්‍රදේශවල ඉන්නවා. එම පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් ඔවුන් හරහා මෙම වෛරසය එම දියණියට බෝවුණ ලෙසම අනෙක් අයට ද බෝවීමේ හැකියාව තිබෙනවා."
වසර ගණනාවක සිට තිබුණු යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූයේ ත්‍රිවිධ හමුදාවයි. ගංවතුර අවස්ථාවලදී, හදිසි ආපදාවලදීත් ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස ඉදිරිපත් වන්නේ ත්‍රිවිධ හමුදාවයි. මෙම කොරෝනා ආපදාවේදී ද පිහිටට ඇවිත් සිටින්නේ යුද හමුදාවයි. නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු මෙහෙයවනු ලබන්නේ යුද හමුදා භට පිරිස් විසිනි. ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානවල අලුත්ම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා.
“මිනිසුන් කතා කරන්නේ නොයෙක් විදියේ නිරෝධායනයන් ගැන. රටක ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් කාරණයක්. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආයතන සම්බන්ධ වන විට ත්‍රිවිධ හමුදාව එහි ප්‍රධාන අංශයක්. ජාතික ආරක්ෂාව යනු යුද්ධයක් පමණක් නොවේ. රටේ ජාතියට විපතක් හෝ දැඩි බලපෑමක් ඇතිවන අවස්ථාවලදී රට ජාතිය ආරක්ෂා කර ගැනීම ත්‍රිවිධ හමුදාවේ වගකීම. මෙම වැඩසටහන ප්‍රථමයෙන්ම පටන් ගනු ලැබූයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින්. නිරෝධායන කටයුතු පටන්ගැනීමට දින දෙකකට කලින් ඉතාලිය, කොරියාව, සහ ඉරානයෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයන්ද නිරෝධායනයට ලක් කරනු ලබන බව ශ්‍රී ලංකාව මුලු ලෝකයටම දනුම් දුන්නා. පෙර දැනුම්දීමකින් පසුව ඉතාම සැලසුම් සහගතව රජය විසින් මෙම වැඩසටහන ආරම්භ කළා. පූනානිහි විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් සකස්කරන ලද පරිශ්‍රය සහ කන්දකාඩුව යුද හමුදා පරිශ්‍රය යන ස්ථාන දෙකදී මුලින්ම මෙම නිරෝධායන කටයුතු ආරම්භ කෙරුණා. අද වන විට එය නිරෝධායන මධ්‍යස්ථාන 10ක් දක්වා වර්ධනය වී තිබෙනවා. දැනට 1719 දෙනෙක් මෙම නිරෝධායන මධ්‍යස්ථාන 10ට ඇතුළු වී ඇති අතර 04 දෙනෙක් රෝහල්ගතව ඇත්තේ කොරෝනා හැර වෙනත් රෝග සඳහායි. 1715න් 1701ක් තවමත් මෙම මධ්‍යස්ථානවල රැඳී සිටින අතර 14 දෙනෙක් රෝහල් ගත කරනු ලැබුණා. නිරෝධායන මධ්‍යස්ථාන 10 තුළ එම වැඩකටයුතු පිළිබඳව සොයා බලනු ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරු සහ වෛද්‍ය කණ්ඩායම්. මෙහි ක්‍රමවේදය වන්නේ ගුවන් තොටුපළේ දීම මෙම කාර්යය ආරම්භ කරනු ලැබීමයි. ගුවන්යානා වර්ග දෙකකට බෙදීම මෙහි පළමු පියවරයි.”
රෝගයේ ආරම්භය, විෂබීජය හෝ වෛරසය සම්බන්ධයෙන් දැනුවත්වීම අවශ්‍යය. මීට මාස තුනකට පෙර කොරෝනා වෛරසය පිළිබඳ මාධ්‍ය මඟින් අසා තිබුණ ද, ජනතාව මෙතෙක් එය උනන්දුවෙන් අසා නැති බව පැහැදිලිය. මෙම වසංගතය ලෝකය තුළම ඇතිවූ දා සිටම ලංකාවේ IDH රෝහල, ශ්‍රී ලංකාවේ බෝවන ‍රෝග පිළිබඳ විද්‍යායතනය මේ පිළිබඳව දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියාකරනු දක්නට ලැබිණි. මෙම රෝගයේ විෂබීජය පිළිබඳ විවිධ මත සමාජ ජාලා තුළ පැතිර යමින් තිබේ. එය සාමාන්‍ය වෛරසයකට වඩා විශාලය. මෙය එළියේ පැය 12ක් පමණ තිබිය හැකි ය යන මතයක් පිළිබඳව අදහස් දැක්වූයේ ජාතික බෝවන රෝග පිළිබඳ විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ය.
“මෙම විෂබීජය කොරෝනා වෛරසයේ එක් ප්‍රබේදනයක්. කොරෝනා වෛරසය කාලයක් තිස්සේ වරින් වර ජනතාවට සාමාන්‍ය රෝග තත්ත්වයන් ඇති කරන ලද වෛරසයක්. කෝවිඩ් 19 යන ප්‍රබේදය හේතුවෙන් එය බරපතළ තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම ප්‍රබේදය සොයාගෙන තවමත් මාස තුනක පමණ කාලයක් බැවින් ජනතාවට වෛරසය පිළිබඳ දැනුම අඩුයි. එම විෂබීජය පැතිරෙනු ලබන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව. එය කහින විට පිටවන කෙළ බිඳිති මගින් වායුගෝලයට එක්වනවා. මෙය රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වී ශරීරයේ වෙනත් ස්ථානවලටද යා හැකි නමුත් මෙම වෛරසය නිසා ඇතිවන බලපෑම ඇතිවන්නේ ශ්වසන පද්ධතියට. ශ්වසන පද්ධතිය නිසා මෙය පිටතට යාමේ හැකියාව පවතිනවා. කෙළ බිඳිති හරහා පිටවන වෛරසය ළඟ සිටින කෙනකුගේ ශ්වසන පද්ධතියට ඇතුළුවීමේ ඉඩකඩ තිබෙනවා. එසේ නොමැති නම් එම කෙළ බිඳිති මතුපිට පෘෂ්ඨයක් මත වැටී ඒවා යම් කෙනකුගේ අතෙහි තැවරී එම පුද්ගලයා තමන්ගේ නාසය හෝ කට ඇල්ලීමෙන් එම පුද්ගලයාට වෛරසය ඇතුළුවීමේ ඉඩකඩ තිබෙනවා. පෘෂ්ඨයක් මත මෙම වෛරසය කොපමණ කාලයක් තිබේ දැයි යම් යම් මත පළ වෙන අතර යම් පාරිසරික තත්ත්වයක් මත එම කාලය වෙනස්වනවා. දැඩි උෂ්ණාධික පරිසරයක අඩු වෙලාවකුත් සීතල පරිසරයක වැඩි වෙලාවකුත් මෙම වෛරසය පවතිනවා. කොපමණ පැය ගණනක් යන්න තවම නිශ්චිතව සොයාගෙන නැහැ. අප උෂ්ණ රටක සිටින බැවින් මෙම රෝගය වැලඳීමේ හැකියාව අඩුය යන මතයක නොපිහිටා එය වැළැක්වීමට ගතයුතු පියවර වහාම ගත යුතුයි. මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්න් උණ සහ කැස්ස. වියළි කැස්සකින් පටන් ගෙන ඉන්පසු සාමාන්‍යයෙන් සෙම කැඩී යන කැස්සක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනවා. ඊට අමතරව ඇඟ පත වේදනාව, මහන්සි ගතිය වැනි රෝග ලක්ෂණ ද ඇතිවන අතර ඇතැම් අපට උගුරේ වේදනාව සහ සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණත් ඇතිවිය හැකි යි. ලංකාවේ සොයාගෙන ඇති කොරෝනා‍ රෝගීන් දෙස බැලූවිට ඔවුනට එකම දින උණ සහ කැස්ස යන රෝග ලක්ෂණ මතුව තිබෙනවා."
කෙනකුට වෛරසය තිබේ නම් එය තව කෙනකුට ව්‍යාප්ත වීම වළක්වාගැනීමට කළයුත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය.
“කෙළ බිඳිතිවලින් බෝවෙන මෙම වෛරසය මීටරයකට වඩා ඈතින් සිටියහොත් එතෙක් දුරට කෙළ බිඳිති විසිවිය නොහැකියි. ගමනක් ගොස් පැමිණිවිට සහ කාර්යාලයේ වැඩකටයුතු කරන විට ද හොඳින් අත්දෙක සෝදා ගත යුතුයි. එමඟින් පෘෂ්ඨවල තැවරී ඇති වෛරසය අත්වල තැවරුණ විට විනාස කර ගත හැකියි. නාසය මුඛය අතපත ගෑම මඟින් මෙම වෛරසය ශරීරයට ඇතුළුවිය හැකි බැවින් නිතර අත් දෙක සේදිය යුතුයි. සාමාන්‍ය සම හරහා මෙම වෛරසය ඇතුළුවිය හැකි ද යන්න තවම සොයාගෙන නැහැ. රෝගියා සමඟ ඉතාම ළඟ ඇසුරකදී පමණක් මෙය බෝවිය හැකියි. අවට නිවෙසක රෝගියා සිටීම බියක් ඇතිකර ගත යුතු කාරණයක් නොවන්නේ මම වෛරසය බිත්ති සිදුරු කරගෙන පැන පැන නොයන නිසයි. වෛරසය එළියට පැමිණි පසු වියළී යනවා. වෛරසය වැඩීමට ශරීරයක් අවශ්‍යයි. ශරීරයේ සෛලයක් තුළ පමණක් වර්ධනය වන වෛරසය එළියට පැමිණි පසු වර්ධනය වීමේ හැකියාවක් නැහැ.”
කෙනකු පිළිගැනීමේදී අතට අත දීම වෙනුවට අත් දෙක එකතුකොට ආයුබෝවන් කියා පිළිගැනීමේ සම්ප්‍රදායට යළිත් එළැඹිය යුතු කාලය පැමිණ තිබේ. ජංගම දුරකතනය පරිහරණයේ දී මෙන්ම ආහාරපාන පිළියෙළ කරන අවස්ථාවලදීත් දෑතේ පිරිසිදුකම පිළිබඳවත් වඩාත් විමසිලිමත් විය යුතු ය. බොහෝ දෙනා එකතුවන ස්ථානවලින් ඈත් වී සිටිය යුතුය. පොදු ප්‍රවාහන රථවල ගමන් කිරීමේදී මෙන්ම ගොඩනැඟිල්ලක රැස්වීම් ශාලාවක දී ද කවුළු විවෘත කොට වාතාශ්‍රය ලැබෙන පරිදි තබා ගත යුතුය.
මාධ්‍ය ආයතන සියල්ල එකතුවී මෙවැනි එකම වැඩසටහනක් සියලු මාධ්‍යවල එකවිට විකාශය කිරීම පිළිබඳව අදහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතා.
“මෙය සෞඛ්‍යයට පමණක් පොදු වූවක් නොවේ. ජාතික ව්‍යසනයක්. මෙම ජාතික ව්‍යසනයේදී ප්‍රධාන පාර්ශ්වකරුවා වන්නේ මාධ්‍යයයි. ජනතාව දැනුවත් වන්නේ මාධ්‍යය හරහා යි. රජය කුමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ ත් එය නිසි විදියට ජනතාවට සම්ප්‍රේෂණය නොවුණ හොත් එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය හැකි යි. එම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍යයේ වගකීම ඉටුකිරීමට මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට යෙදුණා.”
තවදුරටත් එම වෛරසය වෙනත් රටවල් මඟින් අපරට තුළට පැමිණීම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැරූයේ මෙවන් අදහසකි.
“ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ ක්‍රමක්‍රමයෙන්. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, අධ්‍යයනය කරමින් එම ක්‍රියාමාර්ග ගනු ලැබුව දුර්මත ද පළවා හැරිය යුතු යි. මෙම රෝගීන් සංඛ්‍යාවක් සමගම සමාජය තුළ මෙම විෂබීජය ගමන් කරන්නට පුළුවනි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ උත්සාහය වනුයේ මේ වෛරසයේ ගමන නැවැත්වීම. ඒ සඳහා පියවර ගත යුත්තේ ලෝකයේ අනෙක් රටවලට සිදුවූ ව්‍යසනයන් සැලකිල්ලට ගනිමින්. රජය අවසාන වශයෙන් ගත් පියවර වන්නේ, රටවල් 3කින් පැමිණි අය නිරෝධායනයට ලක්කිරීම, ඉන්පසු යුරෝපයේ තවත් රටවල් සංඛ්‍යාවක් ඊට එක් කිරීම. මෙය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාව නොසිටින්නට සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මෙය කළ නොහැකියි. “
රාජ්‍ය නායකයන් පවා ස්වේච්ඡාවෙන් නිරෝධායන ක්‍රියාවලියට එකතු වූ බව අසන්නට ලැබිණි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එසේ නිරෝධායන ක්‍රියාවලියට එකතු වී කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බව තහවුු කර ගත්තේය. නමුත් ශ්‍රී ලාංකිකයන් ඇතැම් අවස්ථාවලදී එම ක්‍රියාවලියට එකතුවීමට මැළිකමක් දැක්වීමෙන් අප රටට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සිදුවුණි. නිරෝධායන ස්ථාන කරා යාමට විදෙස් රටවල සිට පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් මැළිකමක් දක්වන්නේ එම ස්ථාන ඔවුනට සැප පහසුකම් අතින් ප්‍රමාණවත් නොවන නිසාදැයි සෑකසංකා මතුව තිබේ. නිරෝධායන මධ්‍යස්ථානවල ඇති සැප පහසුකම් පිළිබඳව අදහස් දැක්වූයේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාය.
“යුද හමුදා කඳවුරු පිළිබඳ හොඳ දැනුමක් ඇති අතිගරු ජනාධිපතිතුමා වූහාන් නගරයේ සිට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන කටයුතුවල යෙදවීමට පියවර ගනු ලැබුවා. දෙවැනි අදියරක් ලෙස ස්ථාන 2කින් පටන් ගත්තා. මීට පෙර අප රටෙහි නිරෝධායන මධ්‍යස්ථාන කිසිදිනක පැවැත්වූයේ නැහැ. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. මෙම නිරෝධායන මධ්‍යස්ථාන ගොඩනැඟීමේ කටයුතු සිදු කෙරුණේ දින ගණන්වලින් නොව පැය ගණන්වලින්. පුනානි විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ල පමණක් තිබුණු අතර ඇඳන් සියල්ල යුද හමුදාව විසින් සකස් කෙරුණා. වැසිකිළි තිබුණ ද වැසිකිළි වළවල් නොතිබුණු අතර වැසිකිළි වළවල් කැපීමේ කටයුතු කෙරුණේද යුද හමුදාව අතින්. විදුලිය සහ ජලය ද නොතිබුණු අතර ඒ සියල්ල සිදු කෙරුණේ ද යුද හමුදාවේ මැදිහත්වීමෙන්. ඇතැම් අය මෙහි පැමිණීමට අකමැත්තක් දැක්වූයේ මෙම ගොඩනැඟිලි දකින්නටත් පෙර ගුවන්තොටුපළේදීයි. නමුත් පැමිණි සෑම පුද්ගලයකුටම ඇඳක් ලබා දුන්නා. කාමරවල ද පුද්ගලයන් රඳවා තබා ඇත්තේ යම්කිසි ක්‍රමවේදයකට අනුව සියලුම කාමරවල විදුලි පංකා ක්‍රියාත්මකයි. රෙදි සෝදන යන්ත්‍ර, රූපවාහිනී, අල්මාරි ඇතුළු පහසුකම් ද සලසා තිබෙනවා. යුද හමුදාවේ ආහාර ක්‍රමවේදය අනුව උපරිම ලෙස මෙම පුද්ගලයන්ට ආහාර ලබාදෙනවා. සමාජයේ ඇති මිථ්‍යා මතය දුරු කළ යුතුයි. මන්ද යුද හමුදාව විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ජනතාවට උපරිම ලෙස සලකනු ලබන නිසයි. මෙය රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවරක්."
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,
“නිරෝධායනය පිළිබඳව සමාජයේ විරුද්ධත්වයක් දක්නට ලැබුණු නමුත් සමාජ ජාලාවලද විවිධ මත ප්‍රකාශ කෙරුණ නමුත් මෙහි වැදගත්කම කොතරම් දැයි තේරෙන්නේ රෝගීන් වැඩි ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සොයාගෙන ඇති නිසයි. නිරෝධායනය නොකළේ නම් මෙම පුද්ගලයන් යන්නේ සමාජයට. මුලින්ම තමන්ගේ ගෙදර , තමන්ගේ දූ දරුවන්ට මුලින්ම රෝගය බෝකරනවා. ඔවුන්ගෙන් සමාජයේ තවත් විශාල පිරිසකට බෝවීමට ඉඩ තිබුණා. එය නවත්වා ගැනීමට හැකිවූයේ මෙම නිරෝධායන ක්‍රමවේදය නිසයි. මෙම රෝගීන්ගෙන් 80%කට පමණ උණ සහ කැස්ස ඇතිවන අතර 20%කට පමණ පිරිසකට නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. පෙනහල්ලේ යම් කොටසකට මෙම විෂබීජය ඇතුළුවීම නිසා ඔක්සිජන් අඩුවීමේ ඉඩකඩ පවතිනවා. මින් 5%කට පමණ පිරිසකට මෙම රෝගය උත්සන්න විය හැකියි. ඔවුන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළුකොට ප්‍රතිකාර කළ යුතුයි. උණ සහ කැස්ස පමණක් ඇතිවන 80% පිරිසට තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය මතම රෝගය සුව වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා ක්‍රමයෙන් ඇතිවන රෝග ලක්ෂණ.”
රෝහල්වල සේවකයින් සඳහා මුඛ ආවරණ, අත්වැසුම් (Glouses) අවශ්‍ය ඇඳුම් හිඟයක් පවතින බවට විවිධ කටකතා සමාජය තුළ විසිරෙමින් තිබේ. කුමන අරමුණකින් මෙම කටකතා පැතිරුණ ද මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අදහස් දැක්වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියයි.
“අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ලැබී ඇති බැවින් මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. රෝහල්වලට අවශ්‍ය ඖෂධ සියල්ල, “රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සැළසුම් සමාගම් මඟින් ලබා දී තිබෙනවා.”
වැරදි තොරතුරු සමාජය තුළට ගොස් අනවශ්‍ය කලබල ඇතිවීම වළක්වාලීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දැක්වූයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලු වැව මහතා.
“මෙහි කිසිදු වාරණයක් නොමැති අතර ප්‍රධාන මාධ්‍ය ධාරාවන්ගෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් දැන් අනුගමනය කරනුයේ තහවුරු කළ ප්‍රවෘත්ති පළකිරීම සහ ඕනෑම ප්‍රවෘත්තියක් තහවුරු කරගැනීමෙන් පසු පළකිරීමයි.සුවසැරිය වෙබ් අඩවිය හෝ 0710107107 ඔස්සේ විශ්වාසවන්ත තොරතුරු ලබාගත හැකියි.
නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන දැක්වූයේ මෙවන් අදහසකි.
“නිරෝධායනය යනු නිරෝගී පුද්ගලයකුට කිසියම් රෝගයක් තිබේ යැයි අප සැක කරන්නේ නම්, ඒ අයගෙන් රෝගය පැතිරීමට ඉඩකඩ ඇතිය යන අරමුණින් කිසියම් රෝගයකට ඒ අය නිරාවරණය වූයේ යැයි හැඟීමෙන් අන් අයගෙන් ඉවත් කොට තිබීමයි. නිරෝධායනයට ලක්වන්නේ සෞඛ්‍ය සම්පන්න අයයි. රෝගය ඇති අය නොවේ. ඉතාලිය පුරා වසංගතය පැතිර යන අවස්ථාවක ඉතාලියෙන් පැමිණෙන අයගේ ශරීරය තුළත් මෙම වෛරසය ඇති බවට සැක කොට මේ අයව නිරෝධායනය සඳහා යොමු කෙරෙනවා. ඒ අය ඒකරාශී කොට එක් ස්ථානයකදී රැකබලා ගන්නවා. ස්වයං නිරෝධායනය (Self Quarantine) යනු තමා පිටරට සිට පැමිණ රෝගය වැලඳීමට ඉඩ ඇති අය නිවෙසේ අනෙක් අයගෙන් වෙන්ව රැඳී සිටීමයි. තමන් භාවිත කරන කෝප්පය, පිඟාන, වෙන්කර ගෙන කාමරයක් තුළම රැඳී සිටිය යුතුයි.”
නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරනු ලැබූයේ මාර්තු 10 දින සිට පැමිණි අය පමණි. ඊට පෙර ද ඉතාලිය ඇතුළු රටවලින් පැමිණි පිරිසක් ද සිටිති. ඒ අය සඳහා යෝජනා වූ ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසූ පරිදි,
ඉතාලියෙන් පැමිණි අය පමණක් නොව වෙනත් රටවලින්ද කොරෝනා වෛරසය වැළඳී පැමිණෙන අය ලැයිස්තුගත කොට වසංගත අංශය සම්බන්ධ වී ප්‍රාදේශීය වසංගත විද්‍යාඥයින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා, මහජන සෞඛ්‍ය මහත්වරුන් එම නිවෙස්වලට දින 14ක්ම ගොස් මොවුන්ට එම රෝග ලක්ෂණ මතුවනවාදැයි පරීක්ෂණ කෙරිණි. අද වන විට 4000ක් පමණ මෙම ක්‍රමයට අනුගත වී සිටිති. ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඒ පිළිබඳ අධීක්ෂණය කරති. 01 දා සිට 10 වෙනිදා දක්වා ඉතාලියේ සිට පැමිණි අය ලැයිස්තුගත කොට ඒ අය විශේෂයෙන්ම නිරෝධායනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ පමණක් නොව ශ්‍රී ලංකා පොලිසිය ද ඒ සඳහා යොදවා තිබේ.
ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ සියලු මාධ්‍ය ආයතන එකගොන්නකට වැටී මෙම සමාජ සද්කාර්යය සඳහා කැපවී ක්‍රියාකරනු ලබයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ගරු ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා “අතිගරු ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් රජයක් විදියට මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ව්‍යසනයක් තුළදී සත්‍යයෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව. යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාටත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ සම්පත් දායකත්වය දැරූ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජනකොටස් තමන් කැමති තැනක ජීවත්විය යුතුයි. සුවපත් වූ රටක් බවට පත්කර ගැනීම සඳහා සියලු දෙනාම ප්‍රයත්න දරනවා. පොදු ජනතාව ලෙස සියලු දෙනාගේ වගකීමක් තිබෙනවා. අප විසින් අපේ පවුල අපේ කුටුම්භයා නිරෝධායනය කර ගැනීම කළ යුතුය. බෝවන රෝගවලින් තම දරුවන් ආරක්ෂා කළ අම්මාවරු සිටි සංස්කෘතියක් අපට තිබෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් පිළිපැද තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමේ වගකීම භාරගත හොත් කෙටි කාලයක් තුළදී මෙම උවදුරෙන් මිදීමට අපට හැකිවෙනවා."
ඉදිරියේදී රෝගීන් වැඩිවුවහොත්, හුස්ම ගැනීමේ අපහසුතා ඇති ‍‍රෝගීන් සඳහා දැඩිසත්කාර ඒකක අවශ්‍ය විය හැකිය. ඒ සඳහා ඇති සූදානම සම්බන්ධයෙන් ද අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වීය.
“කලින් සිටම මෙම සූදානම දිගටම කරනු ලැබුවා. එමෙන්ම යම් යම් තීරණ ගැනීම සඳහා රැස්වීමක් ද කැඳවනු ලැබුවා. රෝගීන් වැඩිවුවහොත් කරන ක්‍රමවේදය පිළිබඳව දැනුවත්කිරීම දැනුම් දෙනවා. මෙය ජාතික වැඩපිළිවෙළක් බැවින් පළාත්බද තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. මාස 8ට සම්පූර්ණ වූ ගැබිනි මවුවරුන් පමණක් සායනවලට සහභාගිවීම කළ යුතු අතර අනෙක් ගැබිනි මවුවරුන් නිවෙස්වලට වී පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියා කළ යුතුයි. ගැටලුවක් තිබේ නම් පමණක් පැමිණීම කළ යුතුයි. ළමා ප්‍රතිශක්තිකරණය ද මෙම සති දෙක තුළ නොකිරීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවේ. සායනයක් යනු ජනතාව පිරෙන ස්ථානයක්. මෙම පිරිස අඩුකර ගත යුතුයි. අනෙකුත් ආයතන ද මෙම ක්‍රියාවලිය අනුගමනය කරන්නේ නම් වඩාත් සුදුසුයි.”
විෂබීජ හරණය සඳහා ගතයුතු බෙහෙත් වර්ග පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ,
එවැනි සැකයක් ඇති අවස්ථාවල යම් විෂබීජ නාශකයක් භාවිතා කිරීම යහපත්ය. තමන්ගේ අත් සෝදා ගැනීම සඳහා සුදුසුම දේ සබන් දියරය බවයි. ඉන් විෂබීජ සම්පූර්ණයෙන් විනාශ වේ. ඇල්කොහොල් ද්‍රාවණයන් විෂබීජ විනාශ වීම යනුවෙන් අදහස් කරනුයේ ඇල්කොහොල් පානය කිරීම නොවේ. චීනයේ දත්ත දෙස බැලූවිට පෙනීයන්නේ මෙම රෝගයේ සංකූලතා වැඩි පිරිසක් සිටිනුයේ දුම් පානය කරන්නන් අතරය. දැන් හෝ දුම්පානය නැවැත්වීමෙන් රෝගය වැලඳුණු විට ඇතිවන බරපතළ තත්ත්වයන් මගහරවා ගත හැකිය. කුඩා දරුවන්ට අවදානමක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.