කොරෝනා
වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද
අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මෙම
ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර
පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු
කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි මෙම ලාංකිකයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් වන අතර ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.
මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය පැවසුවාය .
මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.