මේ වන විට ආරම්භවී දින ,සති කිහිපයක් පුරාම ඇඳිරිනීතිය රටේ සෑම අස්සක මුල්ලකම ක්‍රියාත්මක වේ. ඵය රටේ පුරවැසියන් ලෙසට අප මේ අවස්ථාවේදී නිතර්කයෙන්ම පිළිපදිමින් රජය ගෙන යන කොරෝනා වෛරසය මැඩළීමේ ක්‍රියාවලියට සහය දෙන්නෙමු. නමුත් මෙසේ ඵක් වරම අනපේක්ෂිත ලෙසින් ඇඳිරි නීතිය ඒක පාක්ෂික තීරණයෙන් දැමීම අපට අනුමත කළ නොහැකිය. අප සමහර අයගේ නිවෙස් තුළ ඇතැම් විටෙක වැඩිහිටියන් සිටිය හැකිය.ඔවුනට ඖෂධ අවශ්‍යය .රජයේ අමනෝඥ පුරෝහිත සට්ටැඹියන් ගේ ගොබ්බ තීරණ මතින් රටේ ඖෂධ ශාලා මේ වන විට වසාදමා ඇත .ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ වැඩි මිළට ඖෂධ විකිණීමයි කියැවේ .එය ඵසේ නම් ඊට ඵරෙහිව ඵකී ඖෂධ ශාලා හිමි කරුවනට ක්‍රියාමාර්ග ගැනීමට ක්රමවත්වූ වැඩ පිළිවෙලක් සකසනු විනා ඒවා වසා දැමීමෙන් ජනතාව මහත්සේ අසීරුතාවයකට ලක්වේ .ඵය මේ වනවිටද සිදුව ඇත. රජයේ ඔසුසැල් රටේ සෑම ස්ථානයකම නොමැත.
ඊළඟට අප සාමාන්‍යය දුගී දුප්පත් ඵදිනෙදා හරිහම්බ කරන් කෑ අසරණ දරුපවුල් මේ නිසා මහත් අසරණ තත්වයකට පත්ව ඇත.
සතොස වැනි ආයතන මගින් නිවෙස් කරා ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ඇතැයි කියැවේ .නමුත් සතොස ශාඛා රටපුරාම නොමැත .දී ඇති දුරකථන අංකයනද සැම වේලාවකම කාර්ර්ය බහුලය.මේ අසීරු අවස්ථාවේ ජනතාව අතර ඇති ජංගම දුරකථන රීලෝඩ් කිරීමටද පහසුකම් අවස්ථා නොමැත .ඵම නිසා සතොස හෝ ඵවැනි ආහාර ද්‍රව්‍ය බෙදාහරින ස්ථානවලට අමතා පැයගණන් සිට නිකරුණේ තමන් සතුව ඇති ජංගම දුරකථන තුළ ඇති සීමිත මුදල් නාස්ති කරගත නොහැකිය.
ඇතැම් සතොස ආයතන වලට ඇමතුම් ගැනීමේදී ජනතාවට කුණු බැණුම් දෙසන පහත් පෙළේ අපතයන්ද සිටී ( http://www.lankanews.org/2020/03/blog-post_45.html ) උන්ට විරුද්ධව වහා කටයුතු කොට උන් ඒ තැන් වලින් ඉවත් කළ යුතුය.සතොස මෙහෙයුම් නිළධාරීන් පවසනුයේ ජංගම දුරකථනයේ පික් මී නැමති ඇප් ඵක ස්ථාපනය කොට ඵමගින් ඇණවුම් ලබාදෙන ලෙසයි.රටේ සාමාන්‍ය ජනතාව ඔය ඇප් ගැන නොදනී .අනෙක නිවස්ථ දුරකථනයක් පමණක් ඇති අයට ඇප් ඵක ලොප් වේ. මෙවැනි ගොබ්බ අමන කථා ඇසීමට ඇතැම් සතොස හිපාටුවන්ට කථා කිරීම මේ අවස්ථාවේදී ජනතාව වශයෙන් අප දෙවරක් සිතිය යුතුය.
ජනතාව මෙසේ අපා දුක් විඳිද්දී අප විසින්ම පත් කළ අපගේ මුදලින්ම පින්බත් කෙළින 225 වන අම්බරු අපතයන් වගේ වගක් නොමැතිව නිවෙස් තුළටවී සැප ගනිති.උන්ට කිසි අහේනියක් අඩුවක් නොමැත උන්ට මේ කොරෝනාව වැළඳී හැඳි ගෑවී යනු දැක්ම අප බහුතර ජනතාවගේම උතුම් පැතුම බවට පත්වී ඇත.
මෙසේ තනි තීරණ මතින් ඇඳිරි නීතිය දික් කොට ජනතාව තළා පෙළා දමමින් කටයුතු කිරීම වෙනුවට ජනතාවගේ මානුෂික සහ දෛනික අවශ්‍යතාවයන් දෙස සොයා බැලීම වගකිව යුතු පාලකයන් ලෙසින් කළ යුතුය.ඵසේම මේ ගැන රටේ ජනමාධ්‍යයන්ද අවධානය යොමුකළ යුතුය.මන්ද උන්ගේ අඳෝනාවල් සහ උන්ගේ දේශපාළන සට්ටැඹි ක්‍රියාකාරකම් පමණක් ජනතාව පිට පැටවීමේ කාළකණ්නි න්‍යායෙන් ගොඩ විත් මේ අවස්ථාවේ පොදු මහත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුය.
මෙයට පොදු ජනතා නියෝජිත පුරවැසියෙක්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, March 30, 2020
පොදු ජනතාව රජයට මෙසේ කියයි....
Posted by
lankanews
at
March 30, 2020
Labels: corona, corona virus, covid19, Human Immunodeficiency Virus, media, Muslim mosque, Police curfew, virus
පොදු ජනතාව රජයට මෙසේ කියයි....
2020-03-30T09:01:00+02:00
lankanews
corona|corona virus|covid19|Human Immunodeficiency Virus|media|Muslim mosque|Police curfew|virus|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
