ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, January 13, 2020

ගුරු තරුව නිවී යයි


කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නැතහොත් ඔබ අප ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න නම් ප‍්‍රතිභාපූර්ණ රංගනවේදියාණන් සිය දිවිසැරියට සමුදී ඇත. වේදිකාවේ තුන්වැනි සීනුව ලෙසින් ප‍්‍රකට වූ හෙතෙම යුගයේ විශිෂ්ටතම කලාකරුවෙකු බව අවිවාදිතය. ඔහු 1970 සිට 2019 දක්වා අඛණ්ඩව මෙරට කලාව වෙනුවෙන් විවිධ අංශ ඔස්සේ මහඟු මෙහෙවරක් ඉටුකළ අපූර්වතම කලාකරුවෙකි. වේදිකාව තුළ ආකර්ෂණීය දැවැන්ත ප‍්‍රතිරූපයක් අත්පත් කරගත් ඔහු රඟපෑ වේදිකා නාට්‍ය ප‍්‍රමාණය 80 ඉක්මවා ඇති බව නොරහසකි. එනිසාම හොඳම නළුවා, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය යනාදී ඉසව් කිහිපයකින්ම ඔහුට රාජ්‍ය සම්මාන දිනාගැනීමට හැකිවිය. එතුමාගේ රංගන දිවියට මහඟු පිටිවහල සැපයෙන්නේ පේරාදෙණි සරසවියේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මුණගැසීමෙනි.
මෙම හමුව ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කළා යැයි සඳහන් කළ යුතුය. ‘පේමතෝ ජායතී සෝකෝ‘ මහාසාර, මනමේ, සිංහබාහු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, නරියා සහ කේජු, මකරා, චූලෝදර මහෝදර, ගජමන් පුවත, නරි බෑණා, රතු හැට්ටකාරී, දුන්න දුනුගමුවේ, පොකුරු වැස්ස, රාස්සපති, සිරිසඟබෝ, අසාත මන්තරේ, අහස් මාලිගා, සුබ සහ යස, අංගාරා ගඟ ගලාබසී, දිවැස් හෙලනු මැන, මෝදර මෝල, මහගිරිදඹ, මා වැනි බිළින්දා, සහතික නොකළ මරණයක්, සෙල්ලම් නිරිඳු, සත සහ සත, සොක‍්‍රටීස්, රයිනෝසිරස්, මායා දේවී, තාරාවෝ ඉගිලෙති, ඔත්තුකාරයා, උක් දඬු ගින්න, සුද්දෙක් ඔබ අමතයි, වාසුදේව, ද්විත්ව, හොරු සමග හෙළුවෙන් ආදී වේදිකා නාට්‍ය රැුසකට ඔහු රංගනයෙන් දායක විය. නළුවෙකු කෙසේ විය යුතුද යන්න ඔහු පුවත්පතකට මෙසේ හෙළි කර තිබිණි. ” නළුවා රූකඩයක් හෝ මැටි ගොඩක් නොවෙයි. අධ්‍යක්ෂවරයෙකු යටතේ රංගනයක් කරන්නට නළුවාට යම් පරිකල්පනයක් තිබිය යුතුයි. ලෝකය පිළිබඳ මත වාදයක්, සමාජය පිළිබඳ දැක්මක් ඔහුට අවශ්‍යයි. මේ දේවල් වෙනුවෙන් විශාල කැපකිරීමක් වුවමනායි.” අද හතු පිපෙන්නාක් මෙන් නළුවන් බිහිවෙන සමයක ජයලත් මනෝරත්න වැනි රංගධරයකු අහිමිවීමද පිරිමැසිය නොහැකි අඩුවකි. මනෝරත්න මහතා පවසන පරිකල්පනය අද සමහර නළු නිළියන්ට ඇත්ද යන්න බරපතළ ප‍්‍රශ්නයකි. නළුවන්ගේ නිරුවත හෙළිවන සමයක මේ මහා කලාකරුවා නොකියාම සමුගෙන ඇත. එය ජාතියට පාඩුවකි. මනෝරත්න මහතා ලොවට ජනිතව ඇත්තේ රංගනය වෙනුවෙන්ම පැහැදිලිය. ඒ තරමටම ඔහුගේ රඟපෑම ආකර්ෂණීය බවින් යුතුය. දශක කිහිපයක් පුරාම ඔහු පණ පෙවූ සෑම චරිතයකටම උපරිම සාධාරණත්වයක් ඉටුකළ රංගනවේදියෙකි. ඔහුගේ සිනමා ප‍්‍රවිෂ්ටය සිදුවන්නේ අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘තිලක හා තිලකා‘ චිත‍්‍රපටයෙනි. පුංචි තිරය නිසා ඔහු අතිශයින් ජනප‍්‍රිය නළුවෙක් බවට පත්වේ. එකිනෙකට වෙනස් චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය චරිත නිරූපණයන් බොහෝමයක් සඳහා මනෝරත්නයන් ජනාධිපති සම්මානය, සරසවි, රයිගම්, සුමති සම්මානයෙන් පිදුම් ලැබුවේය මනෝරත්නයන් ඉතා සියුම්ව ජීවිතය ස්පර්ශ කළ කලාකරුවෙකි. දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය ශෛලිය පෝෂණය කරන ලද්දේ ජයලත් මනෝරත්න විසිනි. එය පහසු කටයුත්තක් නොවීය. සම්ප‍්‍රදාය පෝෂණය කර ඉදිරියට ගෙනයෑමට හැකි වන පරිදි අපේ මවුබිම විසින් බිහි කරන ලද සුවිශේෂ සාහිත්‍යවේදී නාට්‍යකරුවා වූයේ ජයලත් මනෝරත්න බව සටහන් කළ යුතුය. එහෙත් ගුරු තරුව නිවී ගොස් ඇත. එතුමාට නිවන් සුව පතමු !

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.