ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, August 26, 2020

පොලිසියේ තවත් ජාවාරමක්හෙළිවේ..

 


ගිනිඅවි තොගය සහ මත්ද්‍රව්‍ය පාතාලයටදුන්නේ පොලිසිය 


 ගිනිඅවි දෙකක් ඇතුළු ගිනිඅවි හතරක් එම උණ්ඩ සහ කිලෝ 11කට අධික හෙරොයින් තොගයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ කණ්ඩායමක් විසින් රත්ගම ප්‍රදේශයේදී ඊයේ (25දා) සොයාගෙන ඇත්තේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් දකුණේ පාතාල නායක පොඩි ලැසීගේ කල්ලියට විකුණා තිබූ ආයුධ සහ මත්ද්‍රව්‍ය බව වාර්තා වනවා.


ටී-56 වර්ගයේ ගිනිඅවි උණ්ඩ 82ක් සහ රිවෝල්වර් 2ක් සහ මිලිමීටර් 9 ගිනිඅවි සඳහා යොදන උණ්ඩ 39ක් මෙලෙස සොයාගෙන ඇත. මීට අදාළව සැකකරුවකුද අත්අඩංගුවට ගෙන තිබුණා.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පිරිසක් සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ව සිදු කළ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ජාවාරමට අදාළව සිදුවන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.


අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරයකුගේ සබඳතා මත මෙම ටී-56 ගිනිඅවි සහ හෙරොයින් පොඩි ලැසීගේ කල්ලියට ලබාදී සඟවා තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.


අත්අඩංගුවේ පසුවන සැකකරුවකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත මෙම වැටලීම සිදුකර තිබුණා.

Monday, August 10, 2020

රනිල් නායකත්වයෙන් ඉවත්වෙයි

 එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව තහවුරු කර ඇත .


අද දින මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ,
 එක්සත් ජාතික පක්ෂ නව නායකත්වය සඳහා , වජිර අබේවර්ධන ,දයා ගමගේ , රවි කරුණානායක සහ අකිල විරාජ් කාරියවසම් ගේ නම්  ඉදිරිපත් වී ඇති බවයි .

තව දුරටත් මාධ්‍යවේදීන් අමතා එම මහතා කියා සිටියේ ,  ඉදිරියේදී පක්ෂය ප්‍රති ව්‍යුහගත  කිරීමෙන් අනතුරුව පක්ෂය පක්ෂය අනාගතය ගැන කටයුතු කරන බවයි . එම පක්ෂයේ නායකයා පිළිබඳ අවසන් තීරණය බදාදා ලස්සන පක්ෂය ක්‍රියාකාරි කමිටුවට ඉදිරිපත් කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය .

එලෙසම නව නායකයා පිළිබඳව තීරණයකට ගැනීමෙන් අනතුරු ව ජාතික ලැයිස්තු සඳහා  පක්ෂයේ මන්ත්‍රීවරු තේරීම සිදු කරන බවද ඔහු  සඳහන් කළේය

Friday, July 3, 2020

නාකොටික් 12 ක් අල්ලයි... අයි පී තාමත් අතුරුදන්... උසාවි ගෙන යෑමට පෙර කුඩුවලට වෙනත් ද්‍රව්‍ය මිශ‍්‍ර කර කුඩු පන්නලා

අත්අඩංගුවට ගන්නා රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොග සොරාගෙන ඒවා විකිණීමේ ජාවාරමේ යෙදුණු බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දොළොස්දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ( 02/07/2020 ) 02 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
 
ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් හෙරොයින් ලබාගෙන ඒවා අලෙවි කළ බවට චෝදනා ලබා අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
සැකකාර පොලිස් නිලධාරීන් දොළොස්දෙනා ඊයේ පෙරවරුවේ ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. එහිදී
මොවුන්ගෙන් ප‍්‍රකාශ ලබාගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරීන් දොළොස්දෙනා අත්අඩංගුවට ගන්නා ලදී.
ඊයේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දොළොස්දෙනා වෙත චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත රැුගෙන එන හෙරොයින් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් කරද්දී ඒවාට වෙනත් අමුද්‍රව්‍ය කලවම් කර එම හෙරොයින් ලබාගෙන පසුව ඒවා ජාවාරම්කාරයන්ට අලෙවි කර ඇති බවටය.

Thursday, June 25, 2020

රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ (23) සාක්ෂි දෙමින් පැවසීය.

වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස ක්‍රියා කර ඇතැයි ද හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා සිය සාක්ෂියෙන් සඳහන් කළේය.

ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ...!!!

 ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසුවිය.
ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ දමිළ අංශයේ නිවේදකයෙකු වූ සින්නයියා නඩරාජසිවම් මහතා ජාතික රූපවාහිනියේ  විකාශය වූ “ආයුබෝවන්” ඇතුළු වැඩසටහන් රැසකට දායක විය.
ඔහු එම නාලිකාවන්හි දමිළ ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙස ද වසර ගනනාවක් සේවය කොට තිබේ.

Monday, June 15, 2020

මංගල – චන්ද්‍රිකා හමුව

පසුගියදා සමගි බලවේගයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවී තිබෙනවා.
ඒ, හොරගොල්ල වලව්වේදියි.
ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
මේ අතර ඇතැමුන් මේ ඡායාරුපය ගැන පවසා තිබෙන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ දේශපාලන ජීවිතයේ වෙනස් පැතිකඩක්ද යන්නයි.
මීට දින කිහිපයකට පෙර තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පැවසුවා.

කාන්තාවකට මරු කැඳවූ පාමංකඩ වැගන්ආර් - සුබාරු අනතුර CCTV


පාමංකඩ අයිඒඑස් ආසන්නයේදී සිදුවූ වාහන අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්විය.
අළු පැහැති WegonR වර්ගයේ වාහනය පදවමින් සිටි කාන්තාව වාහනය  අතුරු පාරක් දෙසට හරවන්න උත්සාහ කරන්නේ පැමිණි වේගය බාල නොකරමිනි. එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි නිල් පැහැති සුබාරු රථය ප්‍රධාන මාර්ගයේ
වේගයෙන් පැමිණි අතර


මෙම වාහනයේ ඉදිරිපස කොටස කුඩුපට්ටම් කරමින් ඇදී ගොස් අසළ ගේට්ටුවකද හැපී විසිවේ.වීඩියෝ දර්ශණ ඇතුළත්....

Sunday, June 14, 2020

මෝඩයාගේ දවසේ කැබිනට් පත්‍රිකාවකින් ගෙනා කෝටි 85ක වැලි මුහුදට යයි

පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා මුහුදෙන් වැලි පොම්ප කර ගල්කිස්සේ තිබුණ සුන්දර මුහුදු තීරය වෙනුවට කෘත්‍රිම නොහොත් ආටිෆිෂල් වෙරළක් ඇඳිරි නීතිය මධ්‍යයේම බලහත්කාරයෙන් ගොඩ නැගීම නිසාය. මේ අකටයුත්තට පළාත්වාසීන් විරුද්ධ වුවත් ඔවුන්ගේ හඬ කාටත් නෑසුනේ කොරෝනා උවදුරෙන් මුළු රටම ලොක්ඩවුන් වී තිබුණ නිසාය.
විදේශීය සංචාරකයන් මෙරටට ආකර්ෂණය වූ ප්‍රධාන සාධකයක් වන්නේ ලංකාවේ සුන්දර වෙරළ තීරයයි. උණවටුන, නිලාවේලී, හික්කඩුව, ආරුගම්බේ මෙන්ම විදේශිකයන්ට කොළඹ සුන්දර වෙරළ තීරයක් වූයේ ගල්කිස්ස මුහුදු වෙරළයි. මවුන්ට් යන්ත්‍රාලයේ අධිපති කොග්ගල මලලගල මාර්ටින් වික්‍රමසිංහ ගල්කිස්ස නිවසේ සිටි සන්දියේ හැන්දෑවට ඇවිද්දේ මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයේය. සිළුමිණ පුවත්පත සත දහයේ විශ්ව විද්‍යාලය කොට ලංකාවේ ජනප්‍රියතම ඉරිදා පත්‍රය බවට පත් කළ හික්කඩුව ශ්‍රීලාල් ලියනගේ සිළුමිණ කර්තෘතුමා මාර්ටින් වික්‍රමසිංහගේ ගෙදර ඉන්න කාලේ සිත් ගත් තැනක් වූයේ මේ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයයි. මෙහි සුන්දරත්වය නිසාම ගීත ලියැවෙන්නට ඇත්තේ රටේ කොතැනකත් ඇති සුන්දර වෙරළ තීරයක අත්දැකීම කොළඹ දී ලබා ගල්කිස්ස වෙරළ තීරයේ නිසා විය යුතුය.

මම ළමා ලෝකයට කළ දේ බොහෝ දෙනෙක්‌ දන්නේ නෑ....!!! - විශාරද නන්දා මාලිනී

ලස්‌සන මල් පිපිලා
මුළු මිදුලම පිරිලා
බඹරෙක්‌ හොරෙන්
මොකෝ බලන්නේ
ගුමු ගුමු නද දීලා....

කාලය බොහෝ දුර ඉක්‌ම ගොසිනි. වසර හැටක අතීතය..., ආයෙත් අප දෙසවන් ඒ සුන්දර අතීතයට ගෙන යන්නට සැරැසේ. ඈ... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත... වසර හැටකට පසු යළිත් අසන්නට ලැබේ නම්..., ඒ අසෙන්නේ එදා ළමා හඬින් නොව... අද... ඇගේ පරිණත වූ හඬින් නම්, කාලයේ වෙනස කොතරම් ද යන්න කදිමට පැහැදිලි වේ. විශාරද නන්දා මාලිනිය ඇගේ ළමා කාලයේ ගැයූ ගීත එකතුවක්‌, ගුවන් විදුලියේ තැටි ගබඩාවටම ගොස්‌... අවුස්‌සා මකුළු දැල් කඩා... යළි... අපේ ළමා පරපුරට දායාද කරන්නට සැරසෙන්නීය.
වයස අවුරුදු හැත්තෑවක ප්‍රවීණ ගායිකාවක්‌... වයස අවුරුදු දහයේදී ගැයූ ගීත එකතුවක්‌ එළිදක්‌වන ඓතිහාසික උත්සවය මෙම 20 වැනිදා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේදී පැවැත්වේ.
"ලස්‌සන මල් පිපිලා..." වසර හතකට පසු ඈ විසින් එළිදක්‌වන ගීත එකතුවයි. ඒ ගැන අප විශාරද ගායිකා නන්දා මාලිනිය සමඟ කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

Friday, June 12, 2020

ආණ්ඩුවෙ කෙරුවාව සහ පම්පෝරිය...!!!

 අප්‍රේල් මස සිට ජූනි දක්වා වීසා දික් කිරීමට රුපියල් හාරදහසක් සමග බදු මුදලක් අය කරලා....!!!
පසුගියදා ආණ්ඩුව පුන පුනා පම්පෝරි ගසමින් සහ ගැසට් නිවේදන ,මාධ්‍ය ප්‍රකාශණ රටට ඉදිරිපත් කරමින්  හෙළිකලේ ලංකාවේ මෙම කෝවිඩ් වසංගතය නිසා සිරවී සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍රයන් නොමිලේ දිගු කරන බවයි.ඵය සැබවින්ම ගල්පැලෙන මුසාවකී
පසුගියදා ඵසේ සිය වීසා දිගුකිරීමට ගිය විදේශිකයන්ගෙන් දඩ මුදල හා සමානවූ බදු මුදලක් අයකොට තිබේ ඵසේම වීසා දිගු කිරීමටද අමතර මුදලක් අයකොට තිබේ .රටට ලෝකයට බොරු කීවද සත්‍යය තත්වය ඵසේයි.  සමහරවි සත් භාවයෙන් යුතුව ජනාධිපති හෝ අගමැති හෝ පාර්ළිමේන්තුව ගත් ඵම තීරණය බලධාරී අපතයන් සිතාමතා ආණ්ඩුව අපහසුතාවයට ලක් කිරීමට ඵසේ කරනවා දැයි සැක ඇතිවේ.අදාළ බලධරයනී මේ ගැන සොයාබලා ඒ අසාධාරණ ලෙසට අය කළ මුදල් නැවත ඔවුන් වෙත ලබා දෙන්න .

කියන්නේ ඵහෙමයි ...! තියෙන්නේ මෙහෙමයි...!!!


පසුගිය දවස්වල ඵක්තරා දේශපාලඥයෙක් ජාත්‍යන්තර උදම් ඇනුවෙ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයක් කෙසේ හෝ ඉදිකරණ බවට.ඒ කවුරුවත් නෙවි රුපියල් දෙදහස් පන්සීයකින් පස්දෙනෙකුගෙන් පවුලක්  මාසයක්  කාබී ජීවත්විය හැකි බවට උදම්  ඇනූ බන්ධුල ගුණවර්ධන අමාත්‍ය වරයා.
නැවතත් ඔහු  මේ නිළ නොලත් ඇමති මණ්ඩළයේ සිටියමින් ඒ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදිකිරීම රටේ ජනතාවගේ විරෝධය නිසා හකුලා ගත්තද කෙසේ හෝ ඵම සිහිනය සැබෑ කරනා බවට නැවත නැවතත් උදම් ඇනුවා.


නමුත් ලැජ්ජාවට කරුණක් නම් ඔහුව ඔසවා තැබූ  හෝමාගම මැතිවරණ කොට්ඨාශයට අයිති බොහෝ නගර ,ගම් සහ මංමාවත් මේ වනවිටද ඉතාමත් අබළන් වූ තත්වයක පවතිනවා.මේ ගලගෙදර දකුණ ග්‍රාම සේවා වසමට අයත් මීපේ සහ පාදුක්ක නගර යා කරන පුස්සැලිඔය පාළම අසලින්ම ඇති මාවත මේ වනවිට ඉතා සුළු වැස්සකට උවද  පුස්සැලිඔය පිටාරගලා යටවන අතර .මාර්ගයද ඉතා අබලන්.

අද්භූත ගුවන්විදුලි ශබ්දයක් වෙනත් මන්දාකිනියකින් පෘථුවියට ඇවිත්...!!!

තාරකා විද්‍යාඥයන් විසින් දෙවන වරටත් වේගයෙන් පුනරාවර්තනය වන වේගවත් ගුවන්විදුලි ශබ්දයක් සොයාගෙන ඇත - එය එතරම්ම ඈත , නොව අපගේම සර්පිලාකාර මන්දාකිනියක ඇත.
වේගවත් ගුවන්විදුලි පිපිරීම් හෝ FRB යනු අභ්‍යවකාශයේ ඇති රේඩියෝ තරංගවල මිලි තත්පර ගණනක් පුපුරා යාමකි. තනි ගුවන් විදුලි පිපිරීම් එක් වරක් විමෝචනය වන අතර නැවත නොකෙරේ. වේගවත්
ගුවන් විදුලි සංඥා නැවත නැවත සිදු කිරීම කෙටි ශක්තිජනක ගුවන් විදුලි තරංග කිහිප වතාවක් සංඥා යැවීම පිටුපස ක්‍රමවත් සහ විධිමත්වූ සම්ප්‍රේෂණයක් පවතින බවට  ලොව විද්‍යාඥයන් තරයේ විශ්වාස කරතී.

නන්දිමිත්‍රගේ නිධානයටත් වැඩක් දෙන්න ගිහින් ....!!!

නන්දිමිත‍්‍ර යෝධයාගේ නිධානයේ රන් හා මැණික් ගැනීමට ගිය වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තිදෙනා රිමාන්ඞ්...!!!

වවුනියාවේ, නන්දිමිත‍්‍රගම ප‍්‍රදේශයේ නන්දිමිත‍්‍ර යෝධයාට අයත් බව කියන රන් ආභරණ රැුසක් හා මැණික් මුට්ටියක් සොයමින් නිධානයක් හාරමින් සිටි වෛද්‍යවරයකුගේ බිරිඳක් ඇතුලූ තුන් දෙනෙකු 24 දා දක්වා
  බන්ධනාගාරගත කරන ලෙස වවුනියව දිස්ත‍්‍රික් මහෙස්ත‍්‍රාත්වරිය 11 දා නියෝග කළාය.

Tuesday, June 9, 2020

ඇන්ජලා සෙනෙවිරත්නට A පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි

ලංකාවේ රූපවාහිනි සේවාවන් ඇරඹූ දින වකවානු

මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි මගේ මතකයේ තියෙන කරුණු මට කොච්චර දුරට මතක තියෙනවද කියල self test කරන එක. අදත් එහෙම මතක් කරගත් ඒවා ටිකක් ඔය අයත් එක්ක බෙදාගන්න ඕනේ කියල හිතුවා. ලංකාවෙ terrestrial transmission ක්‍රමයට ලබාදෙන ටී.වී.චැනල් පටන්ගත්තු දවස් බොහෝදෙනෙකුට මතක නැති නිසා ඒ ගැන සටහන් කළොත් හොඳයි කියල හිතුණා. මට මොනවහරි මහ ඇරිලා තියෙනවා නම් හෝ වැරදි දෙයක් ලියලා තියෙනවා ඒවා පෙන්නලා දෙන්න ඕනේ හොඳද... ?තුෂාන් ජයසූරිය

රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...!!!

රට යන දිශාව ගැන ඔබට මොකද හිතෙන්නේ...
-කෙටි උත්තරයයි. රට යන විදිය වැරැදියි. ඒ ගැන මං ඕනෙ තරම් අගමැතිතුමාට කියලත් තියෙනවා. මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුලක්.-
-JR ගේ ආණ්ඩුව මගේ ITN එක බලෙන් ම වගේ පවරා ගත්තා.-
ශාන් වික්‍රමසිංහ / සභාපති - TNL
ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් ඔබ මේ තරම් නිහඬ ඇයි...
මම කොහොමටත් සද්ද කරන කෙනෙක් නෙවෙයි. මට TNL එකේ වැඩ තියෙනවා. හැමදාමත් රෑ දොළහ එක වෙනකල් මම ඉන්නෙ එතැන.
ඒ තරම් රෑ වෙනකල් සභාපතිවරයෙක් ආයතනයේ රැඳිය යුතු ද...
ඒ මගේ හැටි. ට්‍රාන්ස් මීටර්ස්, රෙකෝඩර්ස්, වීඩියෝ කැමරා වගේ උපකරණ කැඩුණොත් ඒවා හදන්න තමයි රාත්‍රි කාලය මං වැඩිපුර වැය කරන්නේ. ප්‍රායෝගික මනුස්සයකුට, වැඩකරන්න පුළුවන් කොයි වෙලාවත් එකයි. TNL කියන්නෙ කණ්ඩායමක් නම් මං ඒ කණ්ඩායමේ මඟ පෙන්වන්නා. ජපන් ඉන්ජිනේරුවන් පරදන දැනුමක් ඇති තරමට ‍ගෝල පිරිසක් බිහිකරන්න මට පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා.

Sunday, June 7, 2020

මහගෙදරක් යැයි සිතා හිස් ගෙදරක සිට තප්පුළන අම්බරුවන්ගේ කථාව...!!!

ඊයේ ස්වාධීන රූපවාහිනී සේවය සිය 41 වන උපන්දිනය සමරන ලදී.ඊට නිර්මාණශීලී දායකත්වය දහඩිය සහ ශ්‍රමය මෙන්ම ජීවිතයේ දශක කිිපයක් එහි උන්නතිය වෙනුවෙන් කැපකළ මාද ඒ පිළිබඳව සතුටු වෙමි .මා මෙන්ම අද ඵහි සේවය නොකලද ඊට සේවය කළ සෑම අයෙකුගේම සතුටට ඵය හේතුවකී.ඵදා සිටි බොහෝ අය අද නොමැත.

නමුත් අද ඵය පත්ව ඇති සෝචනීය තත්වය සරුව පිත්තල අටවා ,අළවා රටට ලෝකයට පෙනෙන්නට කෑ ගැසුවද වැඩක් නැත.
අද රූපවාහිනියේ මහගෙදර යනුවෙන් හැඳින්වුවද අද ඵහි එදා අප භාවිතා කළ මුල් යුගයේ කැමරා ආම්පන්න හෝ උපකරණ සංරක්‍ෂිතව නොමැත කොටින්ම කිවහොත් වෙනකක් තබා අතිවිශාලවූ වීඩියෝ කැසට් පට තොගයක් අද විනාශයට පත් කොට ඇත.මේ ගැන මා දිගින් දිගටම හෙළිදරව් කළෙමි.ඒවා ඵක ඵකාගේ බූදල නොව ඵදා මාද ඇතුළුව අතළොස්සක්වූ ශිල්පීන් පිරිසක් ඵක් රැස් කළ ඵකළ ලංකාවේ ජීවත්වූ රටේ විද්වතුන් සහ කලාකරුවන්ගේ ජීවදත්තය. මේවන විට ඒවා නැවත ප්‍රයෝජනයට ගත නොහැකිසේ විනාශ වී ඇත.මීට ඉහතදී දේශපාලන බලයෙන් ඵයට පත්ව ආ නිව්ටන් ගුණරත්න නැමැත්තා මෙම ආයතනය සතුව පැවති මිලිමීටර් 16 සහ 35 ප්‍රමාණයේ සිනමාපට අති විශාල සංඛ‍යාවක් සමග ජීවදත්ත ඇතුළත් යූ මැටික් වර්ගයේ කැසට්පට අතිවිශාල සංඛ‍යාවක් ගිණිතබා විනාශ කරවන ලදී. ඵකල අනාථව තිබූ ලක්හඬ ගුවන්විදුලිය මෙම ආයතනයට බද්ධ කරවන ලදී .ඵහි විපාකය ලෙසින් අදටත් ඵයින් ලබන පාඩු ස්වාධීන රූපවාහිනී සේවය විඳ දරා ගත යුතුය .ස්වාධීන රූපවාහිනී සේවයට දේශපාලනය ගෙනාවේ නිව්ටන් ගුණරත්නය .ඵවැනි මෙම ආයතනය විනාශකර දැමීමට මග පෑදු පුස් මිනිසෙකුගේ අදහස් මෙම 41 වන උපන්දිනය සමරන මොහොතේදී උඩින් තැබීම විහිළුවකී.

අවධානයට.....!!! ෆෝමලින් ‍යෙදු කරවල, මාළු දැන් වෙළදපලේ


කරවල විසවීමෙන් එක පවුලේ  පස්දෙනෙක් රෝහලේ .

පසුගියදා රාගම කඩවත ප්‍රදේශයේ  නිවසක එකම පවුලේ පස්දෙනෙකු කරවල විස වීමෙන් රෝහල්ගත කොට තිබේ.  ඔවුන් රාත්‍රි ආහාරය ගැනීමෙන් අනතුරුව පැය කිහිපයකින් පසුව සිහිසුන්ව ගොස් ඇති අත‍ර රෝහල් ගතකර තිබේ.  ඔවුන් වෙළදපොළෙන් මිලදීගත් කරවල එදින ආහාරය සදහා එක්කරගෙන ඇති අතර මෙම් කරවල විසවීම නිසා ඔවුන් මෙලෙස රෝගිව වූ බව වාර්තාවේ. මෙම කරවල  කල්තබා ගැනීමට යොදා ගත් ෆොමලින් විශ වීමෙන්  මෙය සිදුවන්නට ඇතිබවයි පැවසෙන්නෙ.

Monday, April 20, 2020

මහ මැතිවරණය ජූනි 20.. අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න ..

පරණ පාර්ලිමේන්තුව කැදවිල්ලක් නෑ..
පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජූනි මස 20 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
අද රැස්වූ මැතිවරණ කොමිසන් සභාව විසින් මෙම තීරණය ගත් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වූ අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය මේ වන විට රජයේ මුද‍්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීමට අවසර දෙයි

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අමතර මූල්‍ය උපකාර සැපයීම සඳහා බාධාවක් නොමැති බවත් ඊට අවසර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මෙසේ  පවසයි.දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ ශිෂ්‍ය හෝ ඊට සමාන වීසා බලපත්‍ර මත විදේශගත වී සිටින තම පවුලේ සාමාජිකයන් වෙත එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මුදල් යැවීමට  ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයිත්  උනන්දු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක් වී ඇත.  මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් පැහැදිලි කිරීම් සිදු කිරීමට බලාපොරොත්තු වේ.

කොවිඩ් 19 රෝගීන් ගණන 300 ඉක්මවයි

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයන් 08දෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 303ක් වේ.

21 උදේ 8.47ට හැමෝම පහනක් දල්වන්න

පසුගිය වසරේ පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප‍්‍රහාරවලින් විපතට පත් පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා (හෙට) 21 වැනිදා රට පුරාම කිතුනු දෙව්මැඳුරුවල උදෑසන 8.40ට සීනු නාද කරනු ඇත.
මේ හැර එදන උදේ 8.45ට විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමින් එම බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වූවන් සිහිපත් කරන ලෙසත් එදින උදෑසන 8.47 ට ඉටි පහන් දන්වන ලෙසත් සියලූම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සෑම කිතුනු නිවසකම ශුද්ධ වූ ජපමාලය සිදුකරන ලෙසත් ඉල්ලා සිටියි.

සහරාන්ගේ දෙවැනි ප‍්‍රහාරයේ සැලසුම් හෙළිවෙයි ....!!!

නීතීඥයා අත්අඩංගුවට ගත්තේ ප‍්‍රමාණවත් සාක්‍ෂි අනුවයි...!!! 

ගිය වසරේ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙවන පෙළ බෝම්බ ප‍්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමක් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න  පැවසීය. මේ අනුව පළමු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු යම් කිසි දිනකදී නැවත දෙවන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව ද ඔහු  කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
එම දෙවන පෙළ ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
සහරාන් සිටි කාලයේම මේ ප‍්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය. එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප‍්‍රහාර කි‍්‍රයාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද එහෙත් සිදු කරන ලද පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීමට යැයි ද ඔහු පැවසීය.
දැනට අත්අඩංගුවට පත්ව ඇති නීතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැුසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න කීවේය.
එම අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ එකක් බව ද ඔහු සඳහන් කළේය.

Thursday, April 16, 2020

කෝපි කඩේ අප්පු මිය යයි

ශ්‍රි ලාල් අබේකෝන් මුලින්ම අප්පුවා ලෙසට කෝපිකඩේ ටෙලිනාට්‍යය මාලාවට හඳුන්වා දෙන ලද්දේ සුමිත් ජයන්ත ඩයස් මහතා විසිනී.ඔහු පිළිබඳව විශේෂ වැඩසටහනක් සිහනෙත් හඬවිසිර මගින් විසුරුවා හැරීමටද කටයුතු කර තිබේ.එම පරීක්‍ෂණ විකාශයට ඔබට සවන්දිය හැකියි..
http://radio.garden/listen/sihaneth/JWOVnUUk 
ස්වාධීන රූපවාහිනියේ කෝපි කඩේ ටෙලි කතාංගනයේ අප්පුගේ චරිතය රඟපෑ තිස්ස  ශ්‍රී ලාල් අබේකෝන් මහතා 66 අද (16)  සවස මීරිගම මූලික  රෝහලේ දී අභාවප්‍රාප්ත විය .
අබේපුස්ස බෝතලේ පහළගම මාදෙනිය වත්ත පදිංචිව සිටි  මිය ගිය ශ්‍රීලාල් මහතා දෙදරු පියෙකි .
වසර පහක පමණ කාලයක සිට  අසනීප තත්ත්වයෙන් පෙළුණු ශ්‍රීලාල් මහතා ගතවූ මාස දෙකේ දී දැඩි ලෙස ගිලන්ව වතුපිටිවල මීරිගම හා රාගම රෝහල්වල ප්‍රතිකාර ලැබ ඇත.
  දින පහක් තිස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබා ඇති ශ්‍රී ලාල් මහතා දෙදිනකට පෙර ඔහු පදිංචිව සිටි මීරිගම තවලම්පිටිය නිවසට පැමිණ ඇත මෙසේ සිටින අතර අද(16) පස්වරු වේ යළි රෝගාතුර වීමෙන් පසු සුව සැරිය ගිලන් රියකින් මිරිගම රෝහලට ඇතුලත් කරන අවස්තාවේ මරණයට පත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය,.

Tuesday, March 31, 2020

ඉතිහාසය කම්මුතු කළාට බැට කෑ අශෝකමාලා

අශෝකමාලා තොමෝ දුටුගැමුණු මහා රජුගේ (ක්‍රි.පූ. 161-137) එකම පුත්‍රයා වූ සාලිය රාජකුමාරයාගේ භාර්යාව වූවාය. ඔවුන් දෙදෙනා පිළිබඳ පුවත ලංකා ඉතිහාසයෙහි සඳහන් වන ප්‍රේම කතා අතුරෙන් විශිෂ්ට එකකි. මහා වංසයෙහි මේ ප්‍රවෘත්තිය ඉතා සැකෙවින් දක්වා ඇති හෙයින් අශෝකමාලාව ගැන වැඩි යමක් දැන ගැනීමට අපට ඉන් පිහිටක් නොලැබේ.
    ඉතා රූමත් සැඩොල් තරුණියක වූ අශෝකමාලාව කෙරෙහි ඇලුම් කළ සාලිය රාජකුමාරයා රාජ්‍යය නොකැමැති වූ බව එහි දැක්වෙයි. එහෙත් මහා වංසයෙහි වූ අඩුපාඩුව පුරවාලන මහා වංස ටීකාව ඇය අනුරාධපුර නගරයෙහි නැගෙනහිර දොරටුව අසල පණ්ඩුකාභය රජු පිහිටුවා ලූ සැ​ෙඩාල් ගමක් වූ සාලි නම් වඩු ගමෙහි දෙටුවඩුවාගේ අශෝකා නමැති දුව බවත් දිනක් උයනට පිවිසි සාලිය රාජකුමාරයා එහි හෝපලු රුකක නැග මල් නෙළමින් සිටි ඒ වඩු දුවගේ ගී රැව් අසා ඇය කරා එළඹ එකෙණෙහි උපන්නා වූ බලවත් ස්නේහ ඇතිව ඇය මාළිගාවට ගෙන ගොස් භාර්යාව කර ගත් බව පවසයි.   



රසවාහිනියෙහිත් එය ඇසුරෙන් විරචිත සද්ධාර්මාලංකාරයෙහිත් අශෝකමාලා පිළිබඳ තොරතුරු අනුව හෙල්ලෝල (හෙල්ලෝලි) නම් ගම ප්‍රධාන නැවෑමියාගේ (ලෝකුරුවාගේ) දූ වූ දේවී නමැති එක්තරා සැඩොල් තරුණියක් වූවා යැයි දැක්වේ. සාලිය රාජකුමාරයාට මුණ ගැසෙද්දී ඇය ගී ගයමින් සිටි බවක් ඒ පොත්වලින් නොකියැවෙයි. ඇය හෝපලු රුකෙක දී දුටු හෙයින් අශෝකමාලා යි නම් කරන ලද බවත් දුටුගැමුණු රජතුමා ඇයගේ රූප සම්පත්තිය දැක මහත් වූ සන්තෝෂයට පැමිණ ඔවුන් යවුළ රුවන් රැසක් මත සිටුවා අභිෂේක මඟුල් කොට ඇය සාලිය රාජකුමාරයාට පාවා දුන් බවත් ඒ පොත් දෙකෙහිම සඳහන් වෙයි. ඉහත කී හෙල්ලෝල නම් ගම අනුරාධපුරයේ දකුණු වෙහෙරටත් ඉසුරුමුණි වෙහෙරටත් අතර පිහිටා තිබුණු බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසයි. 

Monday, March 30, 2020

පොදු ජනතාව රජයට මෙසේ කියයි....

මේ වන විට ආරම්භවී දින ,සති කිහිපයක් පුරාම ඇඳිරිනීතිය රටේ සෑම අස්සක මුල්ලකම ක්‍රියාත්මක වේ. ඵය රටේ පුරවැසියන් ලෙසට අප මේ අවස්ථාවේදී නිතර්කයෙන්ම පිළිපදිමින් රජය ගෙන යන කොරෝනා වෛරසය මැඩළීමේ ක්‍රියාවලියට සහය දෙන්නෙමු. නමුත් මෙසේ ඵක් වරම අනපේක්‍ෂිත ලෙසින් ඇඳිරි නීතිය ඒක පාක්‍ෂික තීරණයෙන් දැමීම අපට අනුමත කළ නොහැකිය. අප සමහර අයගේ නිවෙස් තුළ ඇතැම් විටෙක වැඩිහිටියන් සිටිය හැකිය.ඔවුනට ඖෂධ අවශ්‍යය .රජයේ අමනෝඥ පුරෝහිත සට්ටැඹියන් ගේ ගොබ්බ තීරණ මතින් රටේ ඖෂධ ශාලා මේ වන විට වසාදමා ඇත .ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ වැඩි මිළට ඖෂධ විකිණීමයි කියැවේ .එය ඵසේ නම් ඊට ඵරෙහිව ඵකී ඖෂධ ශාලා හිමි කරුවනට ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවත්වූ වැඩ පිළිවෙලක් සකසනු විනා ඒවා වසා දැමීමෙන් ජනතාව මහත්සේ අසීරුතාවයකට ලක්වේ .ඵය මේ වනවිටද සිදුව ඇත. රජයේ ඔසුසැල් රටේ සෑම ස්ථානයකම නොමැත.
ඊළඟට අප සාමාන්‍යය දුගී දුප්පත් ඵදිනෙදා හරිහම්බ කරන් කෑ අසරණ දරුපවුල් මේ නිසා මහත් අසරණ තත්වයකට පත්ව ඇත.
සතොස වැනි ආයතන මගින් නිවෙස් කරා ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ඇතැයි කියැවේ .නමුත් සතොස ශාඛා රටපුරාම නොමැත .දී ඇති දුරකථන අංකයනද සැම වේලාවකම කාර්‍ර්‍‍ය බහුලය.මේ අසීරු අවස්ථාවේ ජනතාව අතර ඇති ජංගම දුරකථන රීලෝඩ් කිරීමටද පහසුකම් අවස්ථා නොමැත .ඵම නිසා සතොස හෝ ඵවැනි ආහාර ද්‍රව්‍ය බෙදාහරින ස්ථානවලට අමතා පැයගණන් සිට නිකරුණේ තමන් සතුව ඇති ජංගම දුරකථන තුළ ඇති සීමිත මුදල් නාස්ති කරගත නොහැකිය.

Sunday, March 29, 2020

දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම....

කොළඹ, ගම්පහ , කළුතර ,යාපනය , පුත්තලම සහ මහනුවර යන් දිස්ත්‍රික්ක සඳහා  නැවත දැනුම් දෙනතුරු  ඇදිරිනීතිය  දිගටම ක්‍රියාත්මක කිරීමට  රජය තීරණය කර ඇත.
මේ වන විට රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම සෙසු  සියලුම දිස්ත්‍රික්කයන්හි  හෙට (30 ) උදෑසන 6.00ට ලිහිල් කරන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පැනවීමට නියමිතය.
මේ අතර කාලයේදී අත්‍යවශ්‍ය  සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
එමෙන්ම  අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා  භාවිත වන  ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද දැනුම් දී  ඇත.

Saturday, March 28, 2020

ලෝක මුස්ලිම් අන්තවාදය....

පවතින කිරීටක හදිසි අවස්ථා වැනි ස්වාභාවික විපත් ඉස්ලාම් භක්තිකයින්ට ඔවුන්ගේ “අපැහැදිලි අදහස්” “ප්‍රගුණ කිරීමට” සහ ප්‍රවර්ධනය කිරීමට අවස්ථාවක් ලබා දෙන බව තරුණ මුස්ලිම් බුද්ධිමතෙකු වන කමෙල් අබ්දෙරාහ්මනී පවසයි. මුස්ලිම් පල්ලි සහ වෙනත් පූජනීය ස්ථාන වැසීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට. ශුද්ධ වූ මක්කාව පවා වසා දමා ඇත.නමුත්, මෙම ක්‍රියාමාර්ගවලට සමහරු විරුද්ධ වෙති, අන්තවාදීන්, ඉමාම්වරු සහ දේශකයන් මෑතක් වන තුරුම, පුපුරා යාමෙන් තම රටවලට තවමත් බලපෑමක් සිදු නොවූ විට , වෛරසය “අල්ලාහ්ගේ ද දඬුවම” ලෙස දුටුවේය. දැන් ඔවුන් COVID-19 වෛරසය “ඇදහිල්ලේ පරීක්ෂණයක්” ලෙස දකී. මෙයින් පෙන්නුම් කරන්නේ “ඉස්ලාම් ධර්මය අන් අයගේ අවාසනාවෙන්, ඔවුන්ගේ කඳුළු හා ඛේදවාචකයන්ගෙන් ලාභ ලබන මාරාන්තික මතවාදයක් වන්නේ මන්ද යන්නයි. ” අබ්දෙරාහ්මනීගේ සිතුවිලි අනුගමනය කරයි.

COVID-19 වසංගතය බටහිර ජාතීන් කිහිපයක විනාශකාරී ප්‍රතිවිපාක සමඟ වේගයෙන් පැතිරෙමින් පවතින අතර, වෙනත් රටවල් ප්‍රමාද වීමට පෙර සූදානම් වීමට පටන් ගෙන තිබේ. විශේෂයෙන් මුස්ලිම් රටවල් ඉරානය මෙන් අවසන් වීමට කැමති නැත. එය වඩාත් බලපෑමට ලක්වූ මුස්ලිම් රට වන 1,300 කට ආසන්න සංඛ්‍යාවක් සහ 18,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ. මෙතෙක් ටෙහෙරානය වසංගතය පාලනය කිරීමට අපොහොසත් වී ඇත. පැතිරීමේ අවදානම වළක්වා ගැනීම සඳහා, සියලු මුස්ලිම් රටවල බලධාරීන් සෞදි අරාබියේ පොදු ස්ථාන, ආපනශාලා, සිනමා ශාලා, ක්‍රීඩාංගණ, මුස්ලිම් පල්ලි ආදිය වසා දමා ඇති අතර, බලධාරීන් ඉස්ලාමයේ ශුද්ධස්ථානය වන මක්කාව වසා දමා සියලු ආකාරයේ වන්දනා ගමන් අත්හිටුවා තිබේ. ශුද්ධ නගරය දින විස්සක් පමණ.

හොරොව්පොතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි  23 හි දොරගුළු    නැවත දැනුම් දෙන තුරු  වසා දැමු බව  හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම්  (28) පැවසීය.
සභාපති වරයා එසේ පැවසුවේ  හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන්  70 ක  භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් පැවසුවේ ඊයේ (27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මෙම ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවසීය.


යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි මෙම ලාංකිකයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් වන අතර ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ  සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.
මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය පැවසුවාය .

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට...

හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ  පූර්ණ භාරකාර මණ්ඩලයම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර  තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ.
නැවත දැනුම්  තුරු  සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස  දැනුම් දී තිබියදී ඉකුත්  27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.

ලංකාවේ පළමු කොරෝනා රෝගියා මරුට....

කොරෝනා ආසාදනය වී කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  කියයි.
මිය ගිය ආසාදිතයා අවුරුදු 60ක පිරිමි පුද්ලයකු වන අතර මාරවිල පදිංචිකරුවෙකි.

ප්‍රංශයේ නවතම තතු...

මේ ප්‍රංශයේ  වෙසෙන අප හිතවතියක වන එවන්තියා වින්සන්ට් අප වෙත ලියා ඵවා තිබූ සටහනකී.
මම සාමාන්‍යයෙන් පැරීසියේ ජීවත් වන්නේ අවාසනාවන්ත ලෙස මගේ දර්ශනය එතරම් විශාල නොවන නිසා දින 2 කට පෙර මගේ ස්වාමියා සමඟ අපි පැරිසියේ සිට පැය 5 ක් ඈතින් ජීවත් වන මගේ මව වෙත යාමට තීරණය කළා.ප්‍රංශයේ මෙහි අගුලු දැමීම ආරම්භ වූ විට බොහෝ ප්‍රංශ ජනතාව පැරිසියෙන් පිටත ගොස් ඔවුන්ගේ පවුල් සමඟ විශාල නිවාසවල සිටීමට තීරණය කළහ.

සාන්තුවරයන්ගේ  (මම දැනට නවාතැන් ගෙන සිටින ස්ථානය) මෙහි වයිරසය වර්ධනය වීම අඩු වුවද ජනතාව නිවෙස් තුළටවී බියෙන් සහ සැකයෙන් ජීවත් වෙති, මෙහි ජනතාව පෝලිම් වල සිටින්නේද පරතරයක් සහිතවයි. අද උදෑසන මම සිල්ලර බඩු සාප්පු සවාරි ගිය අතර මෙහි පින්තූර කිහිපයක් සහ කුඩා වීඩියෝවක් ගත්තා.

Friday, March 27, 2020

Covid_19 - එන්නත බිහිවන්නේ කවදාද... ?

නව කොරෝනාවෛරසය දේශ සීමා නොතකා ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතී.
එය මරා දැමිය හැකි ඖෂධයක් හෝ ඉන් මිනිසා ආරක්ෂා කරගත හැකි එන්නතක් තවමත් සොයා ගෙන නොමැත.
ඒ වෙනුවෙන් ලොව පුරා විද්‍යාඥයෝ දිවා රෑ සටනක යෙදී සිටිති. එසේනම්, නව කොරෝනාවෛරසයට අභියෝග කළ හැකි ඒ ඖෂධය හෝ එන්නත මේ වනවිට ඇත්තේ තව කෙතරම් ඈතින් ද?

කොරෝනාවෛරස එන්නත බිහිවන්නේ කවදාද ?

පෙර නොවූ විරූ තරම් වේගයකින් පර්යේෂණ සිදු වෙමින් ඇත.
මේ වනවිට එන්නත් 20ක් පමණ සකස් කර වර්ධනය කරමින් පවතී. ඉන් එක් එන්නතක් මිනිස් දේහය මත අත්හදා බැලීම මේ වනවිටත් ආරම්භ වී ඇත.
සාමාන්‍යයෙන් එන්නතක් මුලින්ම අත්හදා බැලෙන්නේ සත්ව දේහ මතය. නමුත් මෙම එන්නත එම සම්ප්‍රදාය බිඳ ඇත.
එහි ආරක්ෂිතභාවය හෝ සඵලත්වය මුලින්ම සත්ව දේහ තුළ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කාලය වැය කළේ නැත. එය කෙලින් ම අත්හදා බැලෙන්නේ මිනිස් සිරුර තුළම ය.

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ.

කොවිඩ් 19 - ආරක්ෂාවිම ගත හැකි පියවර

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 රෝගය ව්‍යාපත්වීමත් සමගින් එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙහිදී එදිනෙදා සෞඛ්‍ය සම්පන්නව සිටීමට ගත හැකි ආකාරය පිළිබඳව ඔවුන් පැහැදිලි කර තිබේ.

අටුළුගම ගම්මානය සම්පූර්ණයෙන් වසා දැමේ

කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය  (27) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ඒ නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින්.
මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති නිසා මෙම පියවර ගැණුනි.
ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.

විදෙස්ගගත ලාංකිකයන්ගෙන් රජය විශේෂ ඉල්ලීමක් කරයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසය දිවයින තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටියි.
රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබීය.
විදේශගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කොට තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බව රජය දැනුම් දෙයි.

බජට් එකට හරියන්නට දිගින් අඩු වූ අපේ චිත්‍රපට

චිත්‍රපට අධ්‍යක්ෂ
දිනේෂ් ප්‍රියසාද් විසිනි
චිත්‍රපටයක ධාවන කාලය පිළිබඳ වඩ වඩාත් සැලකිල්ලට ගත යුතුමය. නරඹන්නා ටිකට්පතක් සඳහා අද සිනමාහලට ගෙවන 'මුදල' අති විශාලය. යටත් පිරිසෙයින්, එයට සරිලන සාධාරණ ප්‍රමිතිගත ධාවන කාලයක් චිත්‍රපටයක් තුළ තිබිය යුතුමය.
නිෂ්පාදකයා අද චිත්‍රපට තනන්නේ පැයකට හමාරකට සීමා කොට, නිෂ්පාදන පිරිවැය කපා හරිමිනි. එයින් බැට කන්නේ අහිංසක ප්‍රේක්ෂකයාය.
අප ප්‍රේක්ෂකයා සිනමාහලට පැමිණෙන්නේ නිෂ්පාදක හෝ අධ්‍යක්ෂකගේ අසරණකම වෙනුවෙන් අනුකම්පාවට නොවන බව අප මතක තබා ගත යුතුය.
ලෝකයේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපට එදත් - අදත්, කවදත්, ධාවන කාලය ඉතා දිර්ඝ බව මෙනෙහි කරන්න. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සහ ටොලිවුඩ් නිපදවන සියළු චිත්‍රපට ධාවන කාලය පැය තුනකට ආසන්නය. නැතහොත් ඊට වැඩිය.
ප්‍රමාද නොකර ඒ පිළිබඳව සිනමා විද්වතුන් සංසන්දනාත්මක සමීක්ෂණයක් කරන්නේ නම් වඩා උචිත යැයි ද කලෝචිත යැයි ද මට හැඟේ.

මෙන්න දැන් ප්‍රංශයේ සැබෑ තත්වය...


මේ වන විට මුළු මහත් ලෝකයම ගිල ගනිමින් සිටිනා කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය මේවන විට ලොව සුපතළ ජනාකීර්ණ නගර බොහෝ ගණනක් අමු සොහොන් මෙන් මිනිසුන් රහිත කළාප බවට පරිවර්තනය කොට හමාරය මේ ප්‍රංශයේ  වෙසෙන අප හිතවතෙකු අපහට මීට ස්වල්ප වේලාවකට පෙර ඵවූ දර්ශණයි.
මේ අනුව වෙනදා මහත්සේ ජනාකීර්ණව පැවති පැරිසියේ  චාල්ස් ඩිගෝල් වටරවුම  මේ මොහොතේ දිස්වන අයුරු මෙන්ම ඵදා ප්‍රංශයේ මහත් වාහන තදබද පැවති අධිවේගී මාර්ගයන් අද හිස්ව පවතී .පැරිසියේ වීදි මෙන්ම සුප්‍ර කට  අයිෆල් කුළුණ අද ජනාකීර්ණ බවක් නොමැතිව නිසොල්මනේය.සුප්‍රකට මොන්මාත්‍ර කතෝලික දේවස්ථානය අද බැතිමතුන් රහිත සිද්ධස්ථානයකී ...

සතොස භාර ඇමති වරයාට සහ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි...

සතොස පාරිභෝගික සේවා සඳහා මේ අසීරු අවස්ථාවේදී බත්තරමුල්ල සතොස ආයතනයට   0112874022  නොම්මරය ඔස්සේ දුරකථනයෙන් කථා කළ අයෙකු හට ඒ අවස්ථාවේදී එහි සිටි අයෙකු ඉතා පහත් අයුරින් කථා කොට නිවෙස් කරා පාරිභෝගික ද්‍රව්‍ය  ලබා ගැනීමට නම් පික් මී ආයතනයේ  ඇප් ඵක ලබා ගෙන ඒ තුළින්  ඇණවුම් කරන ලෙසට පවසා ඇති අතර එම පික් මී ආයතනය  සතොසට සම්බන්ධ වන්නේ කෙසේ දැයි ඇසු විට නොසරුප් භාෂාවෙන් ඊට පිළිතුරු දී ඇත .ඵම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ  03/28/ පෙරවරු 10 ට වන අතර  ඊට බොහෝ වේලාවක සිට ඇමතුම් ලබා ගත්තද ඊට ප්‍රතිචාර   දක්වා නොමැත .

ඔබට අවශ්‍ය දේ ඔබේ දොරකඩට

COVID-19 පැතිරීම අවම කිරීමේ උත්සාහයක් ලෙස දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති හෙයින්, සමහර ප්‍රධාන ගෘහස්ථ සිල්ලර බඩු ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. එබැවින් ඔබට සම්බන්ධ විය හැකි ස්ථාන ලැයිස්තුවක් මෙන්න එවිට ඔබට අවශ්‍ය දේ ඔබේ දොරකඩට ලබා ගත හැකියි.

Tuesday, March 24, 2020

සාමාන්‍ය රෝග ලක්ෂණ

COVID-19 සාමාන්‍යයෙන් උණ සහ කැස්ස ඇතුළු උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි.

සමහර රෝගීන් තුළ - විශේෂයෙන් වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති අය - මෙම රෝග ලක්ෂණ නියුමෝනියාව දක්වා වර්ධනය විය හැකිය, පපුවේ තද බව, පපුවේ වේදනාව සහ හුස්ම හිරවීම. 

එය උණකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ.සතියකට පසු, එය හුස්ම හිරවීමකට තුඩු දිය හැකි අතර රෝගීන්ගෙන් 20% ක් පමණ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වේ.



COVID-19 ආසාදනය නාසය, කිවිසුම් යාම හෝ උගුරේ අමාරුව ඇති කරන්නේ කලාතුරකිනි (මෙම රෝග ලක්ෂණ නිරීක්ෂණය වී ඇත්තේ රෝගීන්ගෙන් 5% ක් පමණි). උගුරේ අමාරුව, කිවිසුම් යාම සහ නාසය පිරී තිබීම බොහෝ විට සෙම්ප්‍රතිශ්‍යාවේ සලකුණු වේ.
වාර්තා වලින් 80% ක් මෘදුයි.

කොරෝනා නවතම සංඛ්‍යාලේඛණ ස්ත්‍රී පුරුෂ අනුපාතය අනුව

ස්ත්‍රී පුරුෂ අනුපාතය
COVID-19 මරණ අනුපාතය SEX අනුව:

* මරණ අනුපාතය = (මරණ සංඛ්‍යාව / සිද්ධීන් ගණන) = වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ සම්භාවිතාව (%). මෙම සම්භාවිතාව ලිංගිකත්වය අනුව වෙනස් වේ. මෙම සංඛ්‍යා කියවන විට චීනයේ දුම්පානය පිරිමින් අතර බහුලව පවතින බව සැලකිල්ලට ගත යුතුය. දුම් පානයෙන් ශ්වසන සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි කරයි.


 * මරණ අනුපාතය = (මරණ සංඛ්‍යාව / සිද්ධීන් ගණන) = වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ සම්භාවිතාව (%). ප්‍රතිශතයන් 100% ක් එකතු කළ යුතු නැත, මන්ද ඔවුන් ලිංගිකත්වය නිසා සිදුවන මරණ ප්‍රමාණය නියෝජනය නොකරයි.
පෙර පැවති වෛද්‍ය තත්වයන් (කොමෝර්බිඩිටි)

කලින් පැවති ("කොමෝර්බයිඩ්") වෛද්‍ය තත්වයන් නොමැති බවට වාර්තා වූ රෝගීන්ට මරණ අනුපාතය 0.9% කි. COVID-19 ආසාදනයකින් රෝගීන් මිය යාමේ වැඩි අවදානමක් ඇති පූර්ව රෝගාබාධ:
COVID-19 මරණ අනුපාතය COMORBIDITY අනුව:

* මරණ අනුපාතය = (මරණ සංඛ්‍යාව / සිද්ධීන් ගණන) = වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ සම්භාවිතාව (%). මෙම සම්භාවිතාව කලින් පවතින තත්වය අනුව වෙනස් වේ. පහත දැක්වෙන ප්‍රතිශතය පූර්වයෙන් පවතින කොන්දේසිය අනුව මරණ අනුපාතය කිසිසේත් නිරූපණය නොකරයි.
ඒ වෙනුවට, එය නියෝජනය කරන්නේ, කලින් ලබා දී ඇති රෝගී තත්වයක් ඇති රෝගියෙකුට, COVID-19 ආසාදනය වුවහොත් මියයාමේ අවදානමයි.

කොරෝනා වයිරස් මරණයේ වයස

OVID-19 මරණ අනුපාතය AGE අනුව:

* මරණ අනුපාතය = (මරණ සංඛ්‍යාව / සිද්ධීන් ගණන) = වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ සම්භාවිතාව (%). මෙම සම්භාවිතාව වයස් කාණ්ඩය අනුව වෙනස් වේ. පහත දැක්වෙන ප්‍රතිශතයන් 100% දක්වා එකතු කළ යුතු නැත, මන්ද ඒවා වයස් කාණ්ඩ අනුව මරණ අනුපාතය නියෝජනය නොකරයි. ඒ වෙනුවට, එය නියෝජනය කරන්නේ, යම් වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට, COVID-19 ආසාදනය වුවහොත් මිය යාමේ අවදානමයි.


 * මරණ අනුපාතය = (මරණ සංඛ්‍යාව / සිද්ධීන් ගණන) = වෛරසය ආසාදනය වුවහොත් මියයාමේ සම්භාවිතාව (%). වයස් කාණ්ඩ අනුව මරණ වලින් කොටසක් නියෝජනය නොකරන බැවින් ප්‍රතිශත 100% දක්වා එකතු කළ යුතු නොවේ.

පොදුවේ ගත් කල, ළමුන් අතර දක්නට ලැබෙන්නේ සාපේක්ෂව ස්වල්පයක් පමණි.

කොරෝනා නවතම සංඛ‍්‍යාලේඛණ...

කොරෝනා වයිරස් මර්දනය - "නව සාමාන්‍යය" ගැන පරෙස්සම් වන්න...
 කිට් නයිට්ලි විසින්

 වාර්ෂික උණ පැතිරීම හා සසඳන විට නිල සංඛ්‍යාලේඛන තවමත් සුළු බව පෙන්නුම් කරන්නේ වෛරසය නොවේ. ඒ වෙනුවට, එය භාවිතා කරන්නේ කුමක් සඳහා ද? බටහිරයන්ගේ ගවේෂණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයන් සහ සිවිල් නිදහස සෙමෙන් විනාශ කිරීම ඔවුන්ගේ විශාල මොහොත දැනෙන (හෝ නිර්මාණය කරන) කුරිරු අධිකාරීවාදීන්ගේ අවසාන ප්‍රහාරයකට මුහුණ දී සිටී.

ස්පාඤ්ඤය“ නමට හැර අන් සියල්ලටම යුද නීතිය ”භුක්ති විඳින අතර ඉතාලියද හමුදාව ගෙන එයි.

ප්‍රංශයේ මැක්‍රොන් කිරීටක වෛරසයට එරෙහිව “යුද්ධය ප්‍රකාශ කර” ඇති අතර, පිටත්ව යාමට “හොඳ හේතුවක්” නොමැති නම්, මුළු රටම ඔවුන්ගේ නිවෙස් තුළට කොටු කර ගනී. පොලීසියට ලිඛිතව ඉදිරිපත් කළ යුතු හේතුවක්.

මහජන රැස්වීම් ඇත්තෙන්ම තහනම්ය. මැතිවරණ නතර කර ඇත.

මාර්ගය වෙනස් කිරීමට Covid 19 වෛරස් මානව වර්ගයාගේ ජීවිත සහ සංචාර...

මගේ මිතුරා, ලේඛක ලෙස් බ්ලෙන්කෝන් පැවසුවේ, "හොඳින් එහි සිටින්න. මෙම බෝවීම ලෝකය සදහටම වෙනස් කරනු ඇත."දින පහක් ඇතුළත, කොවිඩ් 19 මගේ කුඩා නගරය වන කොලරාඩෝ හි ගෝල්ඩන් නගරයේ සියලු දෙනාටම බලපෑවේය. සිනමාහල් වසා දැම්මා. අවන්හල් වසා ඇත. මගේ ජිම් එක වහලා. තටාකය වසා ඇත. නාට්‍ය අවලංගු කරන ලදි. ක්‍රීඩා ඉසව් අවලංගු කරන ලදි. මගේ පල්ලිය පසුගිය ඉරිදා මාර්ගගතව නමස්කාර සේවා අන්තර්ජාලයේ තැබීය. කිසිවෙකු තවදුරටත් අත ගසන්නේ නැත. මිතුරන් කතා කරන විට අඩි 10 ක් පිටතින් සිටගෙන සිටියි.

මිනිසුන් වළක්වා ගැනීම සඳහා අපි වසා දැමීමට ආසන්න සිල්ලර වෙළඳසැලක සාප්පු යන්නෙමු. ඕනෑම කෙනෙකුට වෛරසය රැගෙන යා හැකිය. මගේ බිරිඳ සැන්ඩි ෆීනික්ස් හි පැවති සමුළුවක් අවලංගු කළා. ඇරිසෝනා හි සෙඩෝනා හි පිළිකා රෝගයෙන් පෙළෙන ඇගේ මිතුරියකගේ සංචාරය ඇය අවලංගු කළාය. ඇය කුලී කාරය අවලංගු කළා. ඇය ගුවන් ටිකට්පත් අවලංගු කළා. ඇය එයාර් බී සහ බී වෙන් කිරීම් අවලංගු කළාය.මගේ  සහෝදරයෙක් වන ඉලේන් තායිලන්තයේ නෞකාවක නිරෝධායනයට මුහුණ දුන්නා. මාසයක් තිස්සේ ඇදහිය නොහැකි තරම් පීඩා සහ ආතතියෙන් පසු ඇය නැවත නිවසට පැමිණියාය. මගේ එක් පුතෙකු, බොහෝ දුර ගමන් කරන, ඔහුගේ පරිගණකය හරහා නිවසේ වැඩ කරයි. අනෙක් පුතා, ෆාමසි තාක්‍ෂණවේදියෙකු වන ඩෙන්වර් රෝහලක බෙහෙත් විසුරුවා හැරීම සඳහා "සඳ ඇඳුමක්" පැළඳිය යුතුය.

මෙය ඉතිහාසයේ සාමාන්‍ය කාලයක් නොවේ....

අප ජීවත් වන්නේ 21 වන ශතවර්ෂයේ ය. එම අන්තයන් මොනවාද...?


ඒවායින් හයක් මතකයට එයි: මානව ගැටුම්, රෝග ව්‍යාප්තිය, විනාශකාරී දේශගුණික අස්ථාවරත්වය, ආර්ථික ව්‍යාකූලත්වය, ප්ලාස්ටික්-විෂ සහ මානව ජනගහනය. අපට තවත් අන්ත දුසිමක් ඉදිරිපත් කළ හැකි නමුත් එයට පොතක් අවශ්‍ය වේ.පෘථිවිය වටා මිනිස් සංඛ්යාව අන්තයට වැඩි වන විට: රටවල් ජලය, බලශක්තිය, වගා කළ හැකි ඉඩම්, සම්පත් සහ තණබිම් සඳහා සටන් කරයි. උදාහරණයක් ලෙස, චීනයට එහි බිලියන 1.4 ක ජනතාව පෝෂණය කළ නොහැක. එය එක් එක් හිරු උදාව සමඟ පාරිසරික වශයෙන් වඩා තිරසාර නොවන ලෙස වර්ධනය වේ. මේ අනුව, එය අප්‍රිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, කැනඩාව සහ ඇමරිකාව දක්වා ව්‍යාප්ත වේ. කරුණාකර සටහන් කරන්න: ජන විකාශනය මගින් උසස් බව සහ ඉරණම තීරණය වේ. ස්වදේශික ඇමරිකානු ඉන්දියානුවන්ට සිදු වූ දේ මතක තබා ගන්න.

Monday, March 23, 2020

කොළඹ, ගම්පහ, පුත්තලම,උතුර ඇදිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දැනට ඇදිරිනීතිය ඉවත්කර ඇති ප්‍රදේශවලට අද පස්වරු 2.00 සිට 26 වැනිදා උදෑසන 6.00 දක්වා යළි ඇදිරිනීතිය පැනවීමටත්  දැනටත් ඇදිරිනීතිය පවතින ප්‍රදේශයන්හි හෙට උදෑසන 6.00 ට එය ඉවත් කරන නමුත් යළි දහවල් 12.00 සිට 27 වැනිදා උදෑසන 6.00 දක්වා ඇදිරිනීතිය පැනවීමටත් රජය තීරණය කර තිබේ.
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතට  මෙය බලපැවැත්වෙයි.

ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කරයි

ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර  ඇත.
එමෙන්ම විදේශිය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
නමුත් ඇදිරිනීතිය බලපැවැත්වෙන කාලයේදීකවර දිස්ත්‍රික්කයක වූවද  ගොවිතැන්  කටයුතු කිරීම සඳහා අවසරය ලබා දී තිබේ.

ලොව පුරා ලක්ෂ 3කට කොරෝනා

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ ආසාදිතයන් බවට පත්ව ඇත. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස 13,069 කි.
මේ වන විට වයිරසය පැතිර ඇති රටවල් සංඛ්‍යාව 188 කි. සුවය ලැබූ පිරිස 95,800 ඉක්මවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.