ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, November 23, 2019

පට්ට හෙර තළතා ගැසු මිලියන 123 ගැන කෝ කථා....!!!

 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොක්කන් ලවා වත්මන් අධිකරණ ඇමතිනිය රුපියල් මිලියන 123ක පිල්ලී ගැසු හැටි.. මහා පරිමාණ දුෂණයක සත්‍ය ලියකියවිලි....!!!
 පට්ට හෙර තාම නිදැල්ලේ.....!!!
2010-2015 වර්ෂයේ දක්වා කිසිදු ශ්‍රමිකයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියාපදිංචි කිරිමට අපොහොසත් විම හේතුවෙන් බලපත්‍රය පවා අහිමිකරගත් හයිෆා මෑන්පවර් රේකෲමන්ට් ආයතනයට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මගින් නැවත රුපියල් මිලියන 81.6 ගෙවිම හරහ මහා මුල්‍ය වංචාවක් කිරිමට කටයුතු කර තිබේ.
වත්මන් අධිකරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරළ  විදේශ රැකියා ඇමතිනි ලෙස කටයුතු කල සමයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවු මහා පරිමාණ දුෂණයක් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයේ නිළධාරි යොදවා කරන ලද විමර්ශන වාර්තාවට 2016 වසරේදි රුපියල් මිලියන 123ක පාඩුවක් බවත් එය අයකර ගැනිමට කටයුතු කරන ලෙසත් යෝජනා කර ඇත.

ජිනීවා යෝජනාවලට කඩේ ගිය නිලධාරීන්ට සුද්දයක්‌ දෙන්න.... ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව විදේශගෙන් ඉල්ලයි ....!!!

ජිනීවා යෝජනාවට දායක වූ නිලධාරීන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිටින නිසා එම අමාත්‍යාංශය සුද්ද කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය නව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන ගෙන් ඉල්ලා ඇත. ජිනීවා යෝජනාවලින් රට පාවාදී ඇතැයි ද එම සංසදය කියයි.
  පසුගිය කාලයේ මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය අපි දුටුවා. ඔවුන් කටයුතු කළේ කොටි ඩයස්‌පෝරාවට අවශ්‍ය ලෙසයි. අප ජිනීවා ගොස්‌ ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකරද්දී මේ නිලධාරීන් අප "සංහිඳියාව කඩාකප්පල් කරනවා" යෑයි හඳුන්වනු ලැබුවා යෑයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඊශ්‍රායල් ඒකකයේ ලේකම් ජනෙත් විමල  පැවසීය.

කොහොමද රනිල්ගේ ටර්න් eka...!!!

සංඝරත්නයේ ආශිර්වාදයෙන් එජාපය නව ගමනක්‌ යා යුතුයි - රනිල් වික්‍රමසිංහ...!!!

 මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින් නව එක්‌සත් ජාතික පක්‍ෂයක්‌ ලෙස ඉදිරියට යැමට අවශ්‍ය යෑයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ  (22 දා) පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ සිරිකොත මූලස්‌ථානයට  (22 දා) පෙරවරුවේ පැමිණ එම කාර්ය මණ්‌ඩලයට සිය ස්‌තුතිය පළ කරමිනි.
පක්‍ෂයට නව නායකයන් සහ නව ප්‍රතිපත්ති අවශ්‍ය බවත් එවිට නව පරිවර්තනයක්‌ පක්‍ෂය තුළ ඇති කළ හැකි බවත් රනිල් එහිදී සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස  ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කොට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා දිය හැකි උපරිම සහයෝගය තමන් සහ සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය විසින් ලබාදුන් බවත් මැතිවරණ ව්‍යාපාරය අඩපණ කළ බවට ඇතැමුන් නඟන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් රනිල් වික්‍රමසිංහ කීය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්‌ඩලයකින්...!!!

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම තේරීම් මණ්‌ඩලයක්‌ හරහා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‌ෂ  තීරණය කර ඇත.
  රාජ්‍ය සංස්‌ථා මණ්‌ඩල, ව්‍යවස්‌ථාපිත ආයතනවලට සභාපතිවරුන් අධ්‍යක්‍ෂ මණ්‌ඩල හා ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී සුදුසුකම් තිබෙන වෘත්තීය දැනුමක්‌ තිබෙන අය පත්කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා සුදුසුකම් තිබෙන අය එම තේරීම් මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.
  රාජ්‍ය සංස්‌ථා මණ්‌ඩල බොහොමයක්‌ පාඩු

ලබන ආයතන බවට පත්ව ඇති බැවින් එම ආයතන ලාභ ලබන මහා භාණ්‌ඩාගාරයට බරක්‌ නොවන ආයතන ලෙස සාර්ථකව පවත්වා ගෙන යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.