* පිටකොටුව ආදුරුප්පුවීදියේ ඖෂධ ගබඩාවක්ම අත්අඩංගුවට...
උපත් පාලන බෙහෙත් තොගයක් සහ මත්පෙති තොගයක් සහිත ගබඩාවක් කොළඹ
ආදුරුප්පුවීදියේ තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. පසුගිය පළමු
වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද එම
වැටලීමේදී රුපියල් ලක්ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් මත්පෙති, ගබ්සා
පෙති සහ ලිංගික උත්තේජන පෙති හැත්තෑදහසකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබිණි.
ඒ සමඟ මෙම ජාවාරම කරගෙන ගිය මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ද පොලිස්
අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ
මුස්ලිම් අන්තවාදී කණ්ඩායම විසින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට ද
කරුණු අනාවරණය වෙමින් තිබේ.
එහෙත් මේ බෙහෙත් ගබඩාව අද ඊයේ ආරම්භ
වූවක් නොවේ. වසර ගණනාවක සිට රටට වඳ පෙති සහ මත්පෙති බෙදාහරිනු ලැබූ
මධ්‍යස්ථානයකි. දැන් අපට ඇති ගැටලූව වන්නේ මෙරට ප්‍රධාන නගරයේ ගුබ්බෑයමක
පවත්වාගෙන ගිය නීති විරෝධී මේ බෙහෙත් ගබඩාව ගැන රටේ බුද්ධි අංශ වෙත හෝ
තොරතුරු අනාවරණය නොවී තිබීමය. මුස්ලිම් අන්තවාදී ත්රස්තවාදීන් විසින්
මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් මේ රට ලේ විලක් බවට පත් කරන තෙක්, මේ
බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීමට කොන්දක් සහිත නිලධාරියෙක් නොසිටීම ගැනය.
ප්‍රමාද වී හෝ ජාතිය අංගවිකල කරන මේ වස බෙහෙත් ගබඩාව අත්අඩංගුවට ගැනීම ගැන
පොලිස් විශේෂ කාර්ය බළකායට මල් මිටක් පිළිගැන්විය යුතුය.
* ආණ්ඩුවේ විහිළු දැක දරුවෝ පාසල් නොයති
* රජය යන්නට සැරසෙන ජනපති ජේආර් ගිය ගමන
* මුස්ලිම් පල්ලි පරීක්ෂාවේදී හමුදාවට කොන්දේසි
ජාතියේ
අවාසනාව පිළිබඳ මේ කතාව දැන් නොකියාම බැරි තැනකට තල්ලූ වෙමින් ඇත. මේ
මොහොතේ රට ඉදිරියේ තිබෙන්නේ බරපතළ අභියෝගයකි. එහෙත් යථාර්ථය ඇත්තේ සැඟවීය.
පැහැදිලිවම කිවහොත් සැඟවෙමින් නොව, එය ඇත්තේ සඟවා දමමින්ය. ඉතිං පෙනෙන්නට
තිබෙන ඒ ඇත්ත දැන දැනත් නිහඬව සිටිය හැකිද....?
යුද්ධය නිසා
අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප්‍රදේශයේ නැවත පදිංචි කරන ලද
බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි
ප්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම්
නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018
වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද හෙළිදරව් කර ඇත. 2018 වසරේ මන්නාරමේ දී
පැවැත්වුණු පරිසර සමුළුවකදී ජනධිපතිවරයා විසින් රිෂාඞ් බදියුදීන්
අමාත්‍යවරයා ඉදිරියේම පවසා ඇත්තේ අතීතයේ කළ වැරදි නැවත නොකළ යුතු බවත්
සිටුවන ගස් ලක්ෂය ඔහු විසින් රැක බලා ගත යුතු බවත්ය. වැරදි පිළිගැනීම සමාව
දීම සිංහල බෞද්ධයන් ගේ සිරිතකි. එහෙත් මේ මුස්ලිම් ඇමැතිලාගේ වහාබ්වාදය
නිසා බෝම්බ පිපිරී විශාල විනාශයක් සිදුව ඇත. එයට සමාව දෙන පිළිවෙළක් ගැන
ජනාධිපතිවරයා සහ අගමැති වරයා සිතන බව පෙනේ. වහාබ්වාදයට උදව් කළ අමාත්‍ය
රංචුවේ බැංකු ගිණුම් නිවාස සහ ඔවුන් කළ ගමන් බිමන් ගැන පරීක්ෂා නොකරන්නේ
එබැවිනි. නැවත මෙවැනි විනාශයක් නොකරන බවට සහතිකයක් මේ නායකයන් දෙපළට දිය
හැකිද යන්න ප්රශ්නයකි.
සිරියාවේ
අයිසිස් පුහුණු කඳවුරුවලට සමානව කාත්තන්කුඩිහි නිරීක්ෂණ මැදිරියකින් යුත්
පුහුණු කඳවුරක් ඉදිකිරීම ගැන රජයේ අවධානය යොමු නොවූයේ මන්ද? මේ සංහිඳියාවද?
⋆ සිරියාවට පැමිණි ශ්‍රී ලාංකික තව්හිද් ජමාත් කි‍්‍රයාකාරීන් රහස් වචන වලින් තොරතුරු හුවමාරු කර ගත්තා
⋆ තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් මිය ගියේද? නැත්නම් පැනගත්තාද?
⋆ තව්හිද් ජමාත් ගැන මුස්ලිම් ප්‍රජාව දැනගත්තේ පාස්කු ඉරිදා
ප්‍රහාරයෙන් බව සවුදි අරාබියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජවාද් යුසුප්
පවසයි..!!!
⋆ ශ්‍රී ලංකාවේ අයිසිස් කි‍්‍රයාකාරීන් ගැන හෙළිකරද්දී මුස්ලිම් සංවිධාන 40 ක් එරෙහිවූ බව අනාවරණය වෙයි
⋆ බංගලාදේශයේ අයිසිස් ප්‍රහාරය සහ මෙරට ප්‍රහාරයේ සමානකම්
‘‘සතුරා වැට අසල සිටින විට ඔබ අහක බැලූවොත් ඊළඟ දවසේ සතුරා සිටින්නේ ඔබේ නිවස තුළයි - ලින්ඩන් ජොන්සන් හිටපු ඇමරිකානු ජනාධිපති
‘විල්පත්තුව’ නමින් ජාතික උද්‍යානයක් අපට
ඇත. එනමුත් විල්පත්තුව කිවූ සැණින් අපට සිහිවන්නේ විල්පත්තුවේ වන විනාශයයි.
නැතහොත් වනාන්තර විනාශ කර හැදූ ජනාවාසයි. 2014 වසරේදී විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් වාර්තා විය. පදිංචිය
සිදුවූයේ විල්පත්තුව ජාතික උද්‍යානයේ උතුරු සීමාව නිමාවන ‘මෝදරගං ආරු’
ඔයෙන් එගොඩ භූමියේය. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා භික්ෂූන්
වහන්සේ රජයට කරුණු පන්වා දුන් අවස්ථාවේ එසේ පදිංචියක් හා වන විනාශයක් සිදුව
ඇත්තේ විල්පත්තුවේ නොවේ යැයිද, ”අපි විල්පත්තුව කැපුවේ නැහැ” යනුවෙන්ද
මුස්ලිම් දේශපාලකයෝ කියා සිටියහ. එවක රජයේ ප්‍රබල ඇමැතියකුව සිට පසුව
යහපාලන රජයේ සුව ඇමැතිධුරයටද පත් දේශපාලකයකු මේ විරෝධතා තුට්ටුවකට නොසලකා
සිද්ධිය සාධාරණීයකරණය කර චූදිත, නැවත පදිංචිකිරීමේ ඇමැති රිෂාඞ් බදියුදීන්
ආරක්ෂා කර ඔහුගේ මුර දේවතා බවටද පෙනී සිටියේය.
පුදුමය නම්, එවක වනජීවී ඇමැතිකම දැරූ විජයමුණි සොයිසාද පරිසරවේදීන් නැගූ
මේ චෝදනාව දැඩි සේ ප්‍රතික්ෂේප කළ අතර විරෝධතා උත්සන්න වනවිට එහි
ක්ෂේත්‍ර චාරිකාවක්ද කළ හෙතෙම ‘‘නෑ එය විල්පත්තුවේ අපට අයිති සීමාවේ
සිදුවූ දෙයක් නොවන බවට අප හඳුනාගත්තා.’’ යැයි මුසාවාදයක් ඉදිරිපත් කළේය.