ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, April 30, 2019

ඇමති රිෂාඩ්ගේ ලේකම්වරයෙකු අත්අඩංගුවට...!!!

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් හයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක අංශ විසින්   මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
යුද හමුදාව සැකකරන්නේ ඔහු සන්තකයේ තිබියදී හමුවූ ඩෙටනේටර් හය යම් අයෙකුට භාර දීම සදහා හෝ සගවා තැබීමට රැගෙන යන්නට ඇති බවයි.

මේ නපුන්සක ආණ්‌ඩුව නිසා ලක් වැසියනට වී තිබෙන විපත ....!!!

මරණයේ ඉරිදාව...! - අන්ත වාදි බෝම්බය කටුවපිටිය ගම මළගමක් කළ හැටි...!!!

මෙවැනි අවාසනාවන්ත මරණ දකින්න ලැබීම ද අප කළ කරුමයකි. එහෙත් අපගේ ජීවිතයේ දැනුම් තේරුම් ඇති කාලේ සිටම තවමත් අත්විඳින්නේ මහ පොළව නොහූලන තරමේ අමානුෂික ඛේදවාචකයන්ය. සමූල ඝාතනයන්ය. 
 
වසර තිහක පමණ කාලයක් මිනීමරු කොටි ත‍්‍රස්තවාදීහු විටින්, විට බෝම්බ පුපුරවා මේ රට ලේ විලක් බවට පත් කළහ. කොටි මියැදුණු රටේ නැවත එවැනි ඛේදවාචකයන් දකින්නට නොලැබේ යන සිතුවිලි පෙරදැරි කරගෙන මිනිස්සු අප‍්‍රමාණව සතුටු වූහ. එහෙත් කොටි ත‍්‍රස්තවාදය මියැදී දසවසරක් ගෙවෙන තැන ම්ලේච්ඡු මිනීමරු අන්තවාදී ත‍්‍රස්තවාදීහු මේ රට නැවතත් ගිනි ගොඩකට ඇද දැමූහ. දැන් අප සිටින්නේ පසුගිය පාස්කු ඉරිදා උදෑසන ත‍්‍රස්තවාදීන් විසින් පුපුරවා දැමූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ සුන්බුන් අතරය.වීඩියෝ මෙතනින්

මහනායක සිව්රෝ බදාගෙන කන සම්පත් එපා කීයු ආදර්ශමත් කිතුණු හිමිපාණෝ ....!!!

අගරදගුරුතුමෝ වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කරති...!!!  රජයෙන් තමන්ට ලබා දුන් වෙඩි නොවදින මෝටර් රථය යළි භාරදීමට කටයුතු කළ බව මැල්කම් කාදිනල්  රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද(30) පැවසූහ.
තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වැදගත් බැවින් තමන්ගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙසද අගරදගුරුතුමෝ රජයෙන් ඉල්ලීමක් කළහ.
බොරුල්ල අගරදගුරු මැදුරේ පැවති මාධය හමුවකදී  අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.      ‘‘ආරංචියක් ගියා  වෙඩි නොවදින රථයක් මට දුන්නා කියළා. එවැනි රථයක්  මට දීලා තියෙනවා. අනිත්  එක මට එහෙ මෙහේ යන්න එපා කියලත් කියලා තියෙනවා.
ආරක්ෂාව  සදහා යොදවලා තියෙන අය  ගෙනත් දෙන වාහනයකට මම නගිනවා. මම අහන්න  යන්නේ නැහැ මෙකට වෙඩි වදිනවද නැද්ද කියළා. ආරක්ෂකයින් ලබා දෙන වාහනයකින් මම මගේ ගමන යනවා. වෙඩි නොවදින රථයක් මට ලබා දුන්නා කියන ආරංචිය ලැබුණු විගස  මම එම රථය ප‍්‍රත්ක්ෂේප  කරලා ඒක රැගෙන යන ලෙසට දැනුම් දුන්නා. දැන් ඒක යවලා තියෙනවා.  ඒක ඉස්සරහට මම පාවිචචි කරන්නේ නැහැ.

"ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක්, අපිත් ඔවුන් අනුගමනය කළ යුතුයි" බුර්කාව තහනම් කිරීමේ ශ්‍රී ලංකා නීතියට ලෝකයෙන්ම ප්‍රශංසා!

මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුනා.
ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා  සිරිසේන  සිය බලතල භාවිතා කරමින් පැනවූවා.
ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ ලොවම ගත යුතු තීරණයකට ශ්‍රී ලංකාව මුල් පියවර තැබූ බවත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සිය රටවල් ශ්‍රී ලංකාවේ නිර්භීත තීරණය අනුගමනය කළ යුතු බවයි.
එවන් අදහස් කිහිපයක් පහතින්,

මඩකලපු ෂරියා විශ්ව විද්‍යාලය ගැන භයානක තොරතුරු හෙළිවේ!

"උගන්වන්නේ ෂරීයා නීතිය - පාකිස්තානයෙන් පවා මුස්ලිම් සිසුන් ගෙන්වීමට සුදානම්, හිස්බුල්ලාගේ වැඩක්"
 නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළිකළේය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.
 මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී හෙළිදරව්වක් සිදු කළේය.වීඩියෝව මෙතනින්

ඉස්ලාම් අන්තවාදය වපුරන ජාතිවාදී රූපවාහිනි නාළිකාවක් ශ්‍රී ලංකාවේ....!!!

"පාකිස්තානය, බංග්ලාදේශයේ පවා තහනම් - ශ්‍රී ලංකාවේ තවමත් නෑ" 

 මෙරට ඉස්ලාම් අන්තවාදය වපුරන වහබ් රූපවාහිනි නාළිකාවක් පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා. ඒ කේබල් රූපවාහිනී නාලිකාවක් වශයෙන් ලොව පුරා ප්‍රචලිත පීස් ටිවී නම් රූපවාහිනි නාළිකාවයි.  ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් කිහිපයක කි‍්‍රයාත්මක පීස් ටී. වී කේබල් රූපවාහිනී නාලිකා අන්තවාදි ඉස්ලාම් ඉගැන්වීම් හා සම්බන්ධ බවට මේ වන විට හෙළිව තිබේ.
ලොවපුරා ප‍්‍රචලිත පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාවද වහබ්වාදය පැතිරවීමට යොදාගෙන ඇති බවමේ වනවිට අනාවරණ වී තිබේ. මෙම රූපවාහිනී නාලිකාවේ හිමිකරු වන්නේ වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැති ලෝක ප්‍රසිද්ධ අන්තවාදී ඉස්ලාම් දේශකයෙක්. 
මෙම නාලිකාව 2012 වර්ෂයේදී ඉන්දිය රජයද තහනම් කරනු ලැබුවා. බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව 2016 වසරේදී තහනම් කෙරුණු අතර ඊට හේතුවූයේ ඩකා අගනුවරදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමයි.

මහමඟ දමා ගොස් තිබූ ටී 56 ගිනි අවියක් කල්මුණෙන් සොයා ගැනේ (PHOTOS)

අම්පාර කල්මුනේ කල්මුණකුඩි ප්‍රදේශයේ මහමඟ දමා ගොස් තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කල්මුනේ පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා. පසුව පොලිස් නිලධාරීන් විසින් පොලිස් නිල සුනඛයන් යොදවා ගිනි අවිය පරීක්ෂා කර ඇති අතර එම පොලිස් නිල සුනඛයා කල්මුණකුඩි හුදා ජුම්මා පල්ලිය තුළට ගොස් ඉව අල්ලමින් ගමන් කර ඇති බවද ලංකා නිවුස් වාර්තාකරු පැවසුවා.(PHOTOS)

‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බවට වීඩියෝ සාක්‍ෂි ....!!!

ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයක් ආරම්භ කරන්න ඕනෑ කියූ මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදයේ පියා අසාත් සාලි අද කොහේද ඉන්නේ....?  ලංකාවේ වැඩිම බෝම්බ ගණනක් පුපුරුවා ගත් බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවරයා.  බස්නාහිර පලාතේ පළමු පුරවැසියා ත්‍රස්තවාදියෙකු නම් ත්‍රස්තවාදය  මර්දනය කරන්නේ කොහොමද?  ඒ නිසා මේ ත්‍රස්තවාදියා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කර අත්අඩංගුවට අරගෙන ත්‍රස්ත විරෝධි සටනේ අවංකභාවය පෙන්වන්න කියා අපි ආණ්ඩුවට අභියෝග කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.