ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, April 28, 2019

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් සොයාගනී....!!!

තලාතුඔය  උඩුදෙණිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීති වීරෝධීව මෙරටට ගෙන්වා ඇති සිගරට් හා රතිඤ්ඤා තොගයක් අද (28) දහවල් තලාතුඔය පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ.
  නිවසේ ඉබි යතුරු දමා වෙන් කළ කාමරයක මෙම ද්‍රව්‍ය තිබී ඇති අතර එහි පෙට්‍රල් ලීටර් 300 ක්, ඩීසල් ලීටර් 80 ක් ද තිබී හමුවී ඇත.

පානදුරේ වැටලීමකින් සැකපිට 20 දෙනෙකු අත්අඩංගුවට....!!!

පානදුර උතුර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී සැකපිට පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් බහුතරය ප්‍රදේශයේ බේකරියක සේවය කර ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් හැටන්, තලවකැලේ, නානුඔය සහ කෙසෙල්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ආගමික ස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් ගැන තොරතුරු (PHOTOS)

ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් කාන්තාවන් උපයෝගී කර ගනිමින් ආගමික ස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් පිලිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය සමත්ව තිබෙනවා. එම ප්‍රහාරය සඳහා කාන්තාවන් අදින සායවල් සහ හැට්ට් යුගල පහක් පසුගිය දින සයින්දමර්දු පුපුරා ගත් නිවසේ තිබී සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව ඇත.
පසුගිය 29 වෙනිදා ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළදසැලකින් මුස්ලිම් කාන්තාවන් විසින් සුදු ඇඳුම් කට්ටල 09ක් සහ ඇඳුම් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් 29000ක මුදලක් වැය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඔවුන් එම ඇඳුම් මිලදී ගන්නා අයුරු එම වෙළදසැලේ ආරක්‍ෂිත කැමරාවන්හි පටිගතවී ඇති බව සඳහන්. (PHOTOS)

අරාබි බසින් ලියන ලද බැනර් සහ තහඩු 500 ක් කල්පිටියෙන් හමුවෙයි

මේ වන විට රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් විල්පත්තු රක්ෂිතයේ යුද හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. එසේම මේ වනවිට විල්පත්තු රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරන අතර විල්පත්තු රක්ෂිතයට මායිම්ව පිහිටි නිවාස ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් එහි ඇතැම් නිවාසවල පුද්ගලයින් නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් නාච්චිකල්ලිය ප්‍රදේශයේ කලපුව අද්දර  දමා ගොස් තිබූ අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් සොයාගැනීමට කල්පිටිය පොලිසිය සමත් වී තිබෙනවා.

එකවර ඇමතුම් 8 ක් නොමිලයේම ගතහැකි සන්නිවේදන උපකරණයක්....!!!

දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක්, රවුටරයක් සහ කිනිසි දෙකක් සමඟ   නිට්ටඹුව කල්එළිය ප්‍රදේශයේදී   පුද්ගලයකු අද (28)  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.
මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි. එම නිවැසියාද පොලිස් බාරයට ගනු ලැබ ඇත.
වේයන්ගොඩ පොලිසිය  ත්‍රිරෝද රියක් සෝදසියට ලක් කළ අවස්ථාවේදී  වෙනත්  අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගත්  කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මුස්ලිම් අන්තවාදයට එරෙහිවුන යහියා මවුලවි කියන කතාව...!!!

පසුගිය දින රටේ ඇතිවූ හදිසි තත්වයත් සමඟ මෙරට ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙම මුස්ලිම් අන්තවාදයට එරෙහිව කතා කරපු සහ කතා කරන යහියා මවුලවී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන්ගේ බලවත්ම ජීවමාන ආගමික සතුරා බවට පත්වෙලා තියෙනවා. කොච්චිකඩේ නිවුන්හැම් චතුරස්‍රයේ පිහිටි ජුම්මා දේවස්ථානයේ මෙන්ම කොළඹ නගර සභාව අසල පිහිටි ප්‍රකට දවටගහ පල්ලියේද නිතිපතා ධර්මය දේශනා කරන ඔහු තව්හීඩ් ජමාත් අන්තවාදීන්ගේ ඝාතන ප්‍රයත්නයන්ගෙන් සහ පැහැර ගැනීම් වලින් දිවි ගලවාගෙන මේ වෙද්දි හුදකලාව ජීවත් වෙනවා.
කොහොම වුනත් ආගමික ගුරුවරයෙකු වන යහියා මවුලවී අද සතිඅන්ත පුවත්පතක් හා එක්වෙමින් බොහොම වැදගත් කරුණු කාරණා රැසක් හෙළි කර තිබුණා. ඒ අතර වහාබ් වාදයට එරෙහිව කතා කිරීම නිසා අන්තවාදීන් විසින් තමන්ට වෙඩි තැබූ බවත්, පසුව පැහැරගෙන ගොස් දවස් තුනක් තිස්සේ වධදුන් බවත් සඳහන් කරන අතර ඔහු මක්කම ගිය අවස්ථාවේදී කටේ දකුණු පැත්ත කපා දැමූ බවත් අලවි මවුලානා ආණ්ඩුකාර එම සිදුවීම දුටු බවත් සඳහන් කරනවා.
මීට කලින් අපි මේ අන්තවාදය ගැන පුලුවන් විදිහට ආණ්ඩුවට කරුණු දැන්වුවා. නමුත් මුස්ලිම් ඇමතිවරු වැඩි දෙනෙක් මේ වහාබ්වාදයේ අනුගාමිකයන් නිසා ආණ්ඩුව කිසිම දෙයක් කළේ නෑ. රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, වගේ ඇමතිවරු මොවුන් ආරක්ෂා කරනවා. ඉතින් අපි පැමිනිලි කලාට කිසිම දෙයක් වෙන්නෙ නෑ. රටේ මිනිස්සු හිතන්නේ මේ උදවිය තමයි නියම මුස්ලිම්වරු කියලා. නමුත් මේ දේශපාලන තක්කඩිකම පහුගිය ඉරිදා එළියට වැටුණා.
මවුලවි ඒ සම්බන්ධයෙේ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්.

ඉස්ලාමීය ත‍්‍රස්ත භීෂණය මැද්දේ ඇමරිකාව ගොඩ බසී ....!!!

නැවතත් භීතිය ගෙමිදුලටම පැමිණ තිබේ. අතීත මතකය හොල්මන් කරමින් පවුලේ සැම එකට ගමන් බිමන් නොයන්නට ශ‍්‍රී ලාංකේයයා තීන්දු කර තිබේ. දුම්රිය හා බස්වල පාර්සල් ගෙන යෑම තහනම් ව තිබේ. දේශපාලකයන්ගේ කතා බහ වෙනුවට බෝම්බ පුවත් බැලීමට රූපවාහිනිය සක‍්‍රීය කරනු ලැබ තිබේ. එකිනෙකාට බැන ගන්නා ඊළඟ මැතිවරණ උණුසුම් පුවත එනතුරු බලා සිටි ලාංකේයයාට වසර 10 කට පෙර මතකය යළි අවදිව තිබේ. හදිසි නීතිය, ඇඳිරි නීතිය ආදි ශබ්දකෝෂයේ නොපෙරළුණු වචන මුල් පිටකවරයටම පැමිණ තිබේ. අහිංසක වන්දනාවකටවත් නොයා සිටීමට තරම් ලාංකේයයා ත‍්‍රස්ත වී තිබේ.
  සාකච්ඡුා කරමින් සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැනය. නැතහොත් විසිවෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනය. නැතහොත් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම ගැනය. මේ සියලූ යෝජනාවන් මගින් උතුර ද නැෙඟනහිර ද ඇතුළු පළාත් නවයක්් පිහිටුවා දේශය දුර්වල කිරීමේ කුමන්ත‍්‍රණය හා එමගින් විදේශීය රාජ්‍යයන්ට හා සංවිධානවලට ගිල දැමීමට පහසු වනු සඳහා රට කුඩා ගොදුරු ගුලි තනාදීම පිළිබඳවය.

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත ...!!!


 
 කෙසේ වෙතත් කතෝලික ජනතාවගේ සුවිශේෂී දිනයක් වන පාස්කු දිනය ලෙයින් තෙත් කළ ඒ ම්ලේච්ඡු අන්තවාදීන්ගේ අනතුර ගැන මෙරට බුද්ධි අංශ මෙන්ම විදෙස් බුද්ධි අංශ දැනුවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය.

 ඒ පිළිබඳ බුද්ධි අංශ යොමු කළ රහස් වාර්තා ද මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද නිරන්තරයෙන් සැරිසරන්නේය. සැබැවින්ම ඇත්තද එයමය. ජනතා මුදලින් නඩත්තු වන රටේ දුර්වල පාලකයන් ඒ වාර්තා ගණනකට ගෙන නැත. එහෙයින් සිදු වූ විනාශය සුළු පටු නැතුවා සේම අහිමි වූ ජීවිත දේපළ ඉමහත්ය.

 ජාතික තව්හිද් ජමාත් අන්තවාදීන් පිළිබඳව බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා හා එහි අන්තර්ගතය පිළිබඳව සමාජය තුළ ඉමහත් කතාබහක් මතුව ඇත්තේ එම අනාවරණයන් ජාතික ආරක්ෂාවට ඉමහත් වැදගත්කමක් ගෙන දෙන්නාක් බැවිනි.
 

මේ රටට හෙණ ගැහී ඇත්තේ මේ පාපතර දේශපාලනඥයන්ගේ වරදින්ය.....!!!

මොකක්දෝ නුහුරු නුපුරුදු වේදනාවකින් අප හදවත් කම්පනය කර ඇත්තේය. භීතිය අනාරක්‍ෂිත භාවය නැවත නැවතත් අප සිත්වලට වධ දෙන්නට පටන්ගෙන තිබේ.
  නිවසින් පිටවී යන තම සහෘදයා නැවත නිවසට පැමිණීම අවිනිශ්චිත වූ යුගය නැවත පැමිණ තිබේදෝ යන සැක සංකා අප සිත්වල ජනිත වන්නට පටන්ගෙන ඇත්තේය.
  අහිංසක මිනිසුන් 359 දෙනෙක් අමු අමුවේම මරා දමමින් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවත් සමගම මුුළු රටම නැවතත් අකර්මණ්‍ය තත්ත්වයට පත්වී හමාරය.
   අප හදවත්වලට තව තවත් වධ දෙන්නට පටන්ගෙන තිබෙන්නේ මේ අහිංසක ජීවිත බේරා ගැනීමට ඕනෑ තරම් ඉඩකඩ තිබියදීත් එය දැන දැනම පැහැර හැරියා දෝයි යන හැඟීම ජනිත වෙද්දීය.
  දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානීන් තම වගකීම හරි හැටි ඉටු නොකිරීමේ වරදට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක මිනිසුන්ටය. ඒ පාපයට වගකිව යුත්තන් කිසිවකුටත් කිසි දිනයක ගැලවී යා නොහැක.

  ජාතික තව්හිද් ජමාත් National Thowheeth Jamaath (NTJ‍) නමැති අන්තවාදී මිනීමරු ත‍්‍රස්තවාදී සංවිධානය පිළිබඳව ශ‍්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම දැන ගත්තේ පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප‍්‍රහාරයත් සමගය.
  මේ මිනීමරු ත‍්‍රස්ත සංවිධානය කොයිතරම් ම්ලේච්ඡු පාපතරයන් පිරිසක්ද යන්න රජයේ මෙන්ම ආරක්ෂක අංශවල ඇස්කන් හැරෙන්නේ රටේ අහිංසක මිනිසුන් බුරුතු පිටින් ඝාතනයට ලක්වීමෙන් පසුවය. මෙවැනි තිරිසන්නු පිරිසකගෙන් සමන්විත වූ කල්ලියක් සංවිධානය වෙමින් තිබෙන බවට මෙරට බුද්ධි අංශ අනතුරු අඟවන්නේ වසර 7 - 8 කට පෙර සිටය. එහෙත් අපේ අවාසනාවටද රටේ අවාසනාවටද මේ පිළිබඳව රජය හෝ ආරක්ෂක අංශ එතරම් තැකීමක් කර තිබුණේ නැත. රජය මෙන්ම ආරක්ෂක අංශද මේ මිනීමරු ත‍්‍රස්ත කල්ලිය අවතක්සේරුවට ලක් කළහ. එහෙත් අවසානයේ එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමට සිදු වූයේ රටේ අහිංසක ජනතාවටය.

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 4ක්-උපකරණ රැසක් ගලේවෙලින් අත්අඩංගුවට...!!!

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ අලුත්ගම සහ එන එනමල්පොත  ප්‍රදේශ වල අද (28) කළ සෝදිසි මෙහෙයුමකදී  නිවසක සඟවා තිබූ  යතුරුපැදි දෙකක්, කඩු දෙකක්,  මෙරට තහනම් ත්‍රස්ත සංවිධානවල ඡායාරූප වීඩියෝ පට සහිත ජංගම දුරකථන 02ක්, වැගන් ආර් මෝටර් රියක් සමඟ  මුස්ලිම් පුද්ගලයන් 4 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්. බී. එම්. ජීවන බණ්ඩාර ට  ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු  ඇතුළු පොලිස් කණ්ඩායමක  සහය ඇතිව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
  මෙහිදී  වහකෝට්ටේ කතෝලික පල්ලිය ආසන්නයේ පිහිටි එනමල්පොත  ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද යතුරු පැදි දෙකක්  නිවසක සඟවා තිබියදී සොයාගත් අතර  නිවසේ හිමිකරුවා කියා සිටියේ තමන් නොදන්නා අයෙකු  යතුරුපැදි දෙක තමාට ලබාදී රුපියල් පන්දහසක මුදලක් ලබාගත් බවයි.
  ඔහුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී   මෝටර් රථයක්ද ඔහු සන්තකයේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්විණි. එමෙන්ම මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නඩු කිහිපයකට සම්බන්ධ අයෙකු බවද පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිවියයි පොලිසිය කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.