ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, April 27, 2019

එතෙර ජනමාධ්‍ය ලංකාවේ ප්‍රහාරය දුටු හැටි....!!!

පාස්කු ඉරිදා සිදුවූ මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ ජනමාධ්‍ය විශේෂාංග ලිපි ගණනාවක් පළකර තිබිණි. එයින් කිහිපයක සඳහන් වූ දෑ මෙහි පළවේ.


කුමන කණ්ඩායමක් ආවත් එය අයි එස් කණ්ඩායමක පෙළඹවීමක්
බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පත්‍රය

දශක තුනක් තිස්සේ ඇදි ඇදී ගිය ලේ වැගිරුණු සිවිල් යුද්ධයක් තුළ ජීවත්වූ ශ්‍රී ලාංකිකයින්ට ත්‍රස්තවාදය අරුමයක් නොවේ. එහෙත් ඉරිදා එක දිගට සිදුවූ මනුෂ්‍ය ඝාතන රැල්ල පෙන්වාදෙන ලද්දේ රටේ සතුරන්ගේ පවිටු හැසිරීම් නව වේශයකින් ක්‍රියාත්මක වෙන බවයි. එය ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සියලුම ලක්ෂණවලින් සමන්විත විය. අනුකම්පා විරහිතව ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියාත්මක විය. 
එම පිපිරීම්වලින් මිනිත්තු කිහිපයක් ඇතුළත MI 5 උත්සාහ ගත්තා සනාථ කිරීමට මෙම කුමන්ත්‍රණය සිදුකළ අය පිටුපස යම්කිසි බ්‍රිතාන්‍ය සම්බන්ධතාවක් තිබීමට ඇතැයි යන්න.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති අතර එය සිදුකිරීමට මුල්වූ හේතුව ද සොයාගෙන නැත. එසේ වුවත් සැකකරුවන් 13දෙනකු ඉරිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ 139 දෙනකුගේ නම් ගම් හා සියලු තොරතුරු මේ වනවිට ආරක්ෂක අංශ මගින් සොයාගෙන ඇත.  
ජාතික තව්ෆික් ජමාත් යනුවෙන් හඳුන්වන මෙම ආගමික කොට්ඨාසය සතු පල්ලි 45ක් රටපුරා පවතින අතර, මෙම පල්ලිවලට ඇතුල්වීමට කාන්තාවන්ටද
හැකියාව ඇති බව   අනාවරණය වී ඇත.  

 නිසාම් නමින් හැඳින් වූ පුද්ගලයෙක් එංගලන්තයේ බැරිස්ටර්වරයෙක් ලෙස ඉගෙනුම ලබා 2012 දී සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වී පුහුණුවීම් ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, ඉන් පසුව ඔහු 45 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමග යළි සිරියාවට ගොස් ඒ අයට ද පුහුණුවීම් ලබාදී ඇති බවත් අනාවරණය කර ගෙන ඇත. එහිදී නිසාම් නමැති පුද්ගලයා ඝාතනය වී ඇති අතර ඉතිරි අය යළි මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.  

සරණාගතයන් ලෙස දහදාහක් බුරුමයෙන් පාකිස්ථානයෙන් ඇවිත්....!!!

සරණාගතයන් වශයෙන් මෙරටට පැමිණෙන මුස්ලිම් ජාතිකයන් අතර ත්‍රස්තවාදීන් ද සිටිය හැකි බව රාවණා සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.  
මේ වෙන විට සරණාගතයන් වශයෙන් බුරුමයෙන් හා පකිස්ථානයෙන් 10,000කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් පිළිබඳව බුද්ධි අංශ කිසිම සොයා බැලීමක් කර නැති බවද උන්වහන්සේ කීහ.  
‘‘අපිට ජාතිවාදීන් කියල දොස් කිව්වා. අපිට ජාතිවාදයක් නැහැ. අපි කතා කරන්නෙ ඇත්ත. සරණාගතයන් කියල ඕනෑම අයකුට අපේ රටට එන්න පුළුවන්. මේ අය ගැන තොරතුරු අපේ රටේ නැහැ. තොරතුරු සෙවීමේ වැඩපිළිවෙලකුත් නැහැ. කිසිම කෙනෙක් මේව ගැන වගකීමක් ගත්තෙත් නැහැ. මේක බොහෝ බරපතළ ප්‍රශ්නයක්’’. 
මේ ආපු අය මොනවා කරනවද කවුද දන්නෙ? සිරියාවෙන් එන අය තමන් අත්විඳපු භයානක අත්දැකීම්වලින් මේ රටේ මුස්ලිම් ජාතිකයන් ප්‍රකෝප කරවිය හැකියි. උදාහරණයක් ගත්තොත් දකුණේ වෙසෙන සිංහල ජනතාවට වඩා උතුරේ සිංහල ජනතාවට පීඩාව වැඩියි. මේ එන අයට තමන්ගෙ පීඩාව කියල අනෙක් අයගෙ මතය වෙනස් කරන්න පුළුවන්. බුද්ධි අංශවල වැඩ කටයුතු අඩපණ වෙමින් පවතින වේලාවක මේ රටේ මොනවා කළ නොහැකිද...?  

බුර්කාවට අදත් පාර්ශව රැසක විරෝධය

බුර්කාව තහනම් කිරීමට රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව සිංහල රාවය සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. මේ, එහිදී අදහස් පළ කළ එහි මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන්.
බුර්කාව තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ද අද ප්‍රකාශ කළා. ...ශබ්ද සටහන් සඳහා පිවිසෙන්න

ත‍්‍රස්ත මෙහෙයුම් තවත් පෙරට… විල්පත්තුව හමුදා අණසකට යටත් වේ..

අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ක්‍රියාකාරකම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති විල්පත්තුව අභයභූමිය ආශ්‍රිත වනාන්තර කලාපය ආරක්ෂක හමුදා අණසකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.
අලුතින් පනවන ලද හදිසි නීති රෙගුලාසි යටතේ මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව විල්පත්තු වනාන්තර කලාපයේ විශාල ප්‍රමාණයේ යුද හමුදා කඳවුරු දෙකක් මුලින්ම ස්ථාපනය කෙරේ.
මෙම කඳවුරුවලින් හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය ද සංවිධානය කෙරේ.

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවෙකුගේ පුතෙකුගෙන් - ගෙන්වා ඇත්තේ් මුජුබර් රහුමාන්ගේ ලඟම හිතවතෙක් ‘‘

‘ මුදල් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවෙකුගේ පුතෙකුගෙන් - ගෙන්වා ඇත්තේ් මුජුබර් රහුමාන්ගේ ලඟම හිතවතෙක් ‘‘ ඉස්ලාම් පල්ලියෙන් හමුවූ කඩු තොගය ගැන තොරතුරු හෙළිවෙයි..!!!

 කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී ඊයේ සොයාගත් කඩු ගෙනආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන තාජුඞීන් නමැත්තෙකු බවට තොරතුරු  අනාවරණය කරගෙන තිබෙනවා. එසේම ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවද අනාවරණ වී තිබෙනවා.
මෙම කඩු තොගය  චීනයෙන් ආනයනය කර ඇති බවද විමර්ශනවලින් හෙළිකරගෙන ඇති අතර  මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත‍්‍රයෙකු විසින් මෙම කඩු ගෙන ඒම සදහා මුදල් ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා.

තව්හීත් ජමාත් තහනම්

ජාතික තව්හීත් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලටු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (JMI) නම් සංවිධාන මෙරට තුල තහනම් සංවිධාන බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙම සංවිධානවල සියළු ක්‍රියාකාරකම් සහ නිශ්චල හා චංචල දේපළ  සියල්ලක්ම තහනම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැඟෙන බව කාදිනල් හිමිපාණන් කියයි

රජයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවුනාදැයි හැගෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී විදෙස් මාධ්‍ය අමතමින් උන්වහන්සේ කියා සිටියේ මෙය යම් කිසි තරමක පාවාදීමක් බවයි.

ත්‍රස්‌තවාදීන් සියල්ල අත්අඩංගුවට ගන්නටත් රජය මේ වන තෙක්‌ අපොහොසත් වී තිබේ....!!!

පසුගිය ඉරිදා ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු රටම නතරවී තිබේ. කුමන මොහොතක හෝ පිපිරීමක්‌ සිදුවෙතැයි රටේ ජනතාව පසුවන්නේ දැඩි බියකිනි. එහෙත් තවමත් ප්‍රහාරයට වග කිවයුතු තවුහිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානය තහනම් කරන්නට අපේ රටේ ආණ්‌ඩුවට නොහැකිවී තිබේ.
  එසේම ජනතාවගේ බිය නැති කරන්නටත්, ත්‍රස්‌තවාදීන් සියල්ල අත්අඩංගුවට ගන්නටත් රජය මේ වන තෙක්‌ අපොහොසත් වී තිබේ. මේ මොහොතේ කවර හෝ ක්‍රියාමාර්ගයක්‌ ගෙන මේ ත්‍රස්‌තවාදීන් මර්දනය කළයුතු බව අපගේ අදහසයි.

 ඒ සඳහා දින තුන හතරක්‌ එක දිගට ඇඳිරි නීතිය පනවා හෝ රටපුරා පූර්ණ පරීක්‌ෂාවක්‌ ලක්‌කර සමස්‌ත ත්‍රස්‌ත කණ්‌ඩායමම අත්අඩංගුවට ගැනීම හෝ විනාශ කිරීම හැර වෙනත් විකල්පයක්‌ නොමැත. මරාගෙන මැරෙන ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන් සමග අපට සාමයක්‌ හෝ සාමය පිළිබඳ සාකච්ඡාවක්‌ නොමැත. ඔවුන් සාමයට හෝ සාකච්ඡාවට පැමිණියද එසේ පැමිණෙන්නේ කල් ගැනීමට හෝ මීළඟ අවස්‌ථාව එන තුරු පමණක්‌ බව අපගේ විශ්වාසයයි.
 

මේ ප්‍රශ්නයේදී කිතුනු ජනතාව සාමකාමී කර ගැටුම් වළක්‌වන්නට මැදිහත් වූයේ කාදිනල්වරයා ඇතුළු කතෝලික පියතුමන්ලාය. එම නිසා මුස්‌ලිම් ආගමික නායකයන්ගෙන්ද එවැනි හැසිරීමක්‌ අපි බලාපොරොත්තු වන්නෙමු. මේ පරීක්‌ෂණවලට කිසි ලෙසකින් බාධා නොකරන්නට දේශපාලනඥයන් වගබලාගත යුතුය. අනෙක්‌ අතට මේ පරීක්‌ෂණවලදී තරාතිරම නොබලා වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නට ආරක්‌ෂක අංශවලට ඉඩදිය යුතුව තිබේ. මුස්‌ලිම් ඡන්දවලට ඇති කෑදරකමෙන් පරීක්‌ෂණවලට බාධා නොකළ යුතුය.  එම නිසා රටේ ජනතාවගේ ආරක්‌ෂාව සහතික කරමින් වහාම රට යථා තත්ත්වයට ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. දිනෙන් දින මේ ප්‍රශ්නය දිග්ගැසීම යනු තවත් කාලයක්‌ රට ආපස්‌සට ගමන් කිරීමය.

විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවත් දැනුවත් නෑ - SLT සහ Mobitel ජාලවල නෙත් වෙබ් අඩවි අවහිර කරයි..!

SLT  සහ Mobitel ජාල හරහා nethnews සහ nethgossip යන වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කර තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ සිට අප වෙබ් අඩවි මෙලෙස අවහිර කර ඇති අතර මේ සම්බන්ධයෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) අප කළ විමසීමකදී එහි නිළධාරියෙකු ප්‍රකාශ කළේ එම ආයතය මේ පිළිබඳව දැනුවත් වී නොමැති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් Sri Lanka telecom ආයතනයෙන්ද nethnews.lk  විමසීමක් කළ අතර එම ආයතනය මේ සම්බන්ධයෙන් තවමත්  ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ විශේෂ සෝදිසි මෙහෙයුමක් : 4ක් අත්අඩංගුවට (PHOTOS)

බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ රථගාලේ නවතා තිබුණු සැකකටයුතු මොටර් රථයක් ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය භාරයට ගෙන තිබෙනවා. ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මර්ලී නැමති සුනඛයා විසින් අදාල මෝටර් රථය හදුනා ගත්තේ එම ගොඩනැගිල්ලේ රථගාලේ අද (27) සිදු කෙරුණූ සෝදිසි මෙහෙයුමකදීයි.
අදාල සෝදිසි මෙහෙයුම අතරතුර මර්ලී නැමැති සුනඛයා අදාල මෝටර් රථය ආසන්නයේ නතර වී දිගින් දිගටම ඉවකර තිබෙනවා. ඒ අනුව එම මෝටර් රථයේ හිමිකරු සහ තවත් තිදෙනෙකු ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණය සඳහා බම්බලපිටිය පොලිසියට භාරදී තිබෙනවා.   (PHOTOS)

බෝම්බකරුවන් රැඳී සිටි නිවාස 04ක් හඳුනා ගැනේ

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය සහ භාණ්ඩ පිළිබඳ සවිස්තර වාර්තාවක් පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. බෝම්බකරුවන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ප්‍රතිඥාවක් ලබා දුන් ස්ථානය ලෙස මෙම නිවස හඳුනාගෙන තිබෙනවා.

අදාළ වීඩියෝවේ පසුතලයට යොදා ගැනුණු බැනරය සහ බෝම්බකරුවන් හැඳ සිටි ඇඳුම් ද එහිදී සොයා ගැනුණා. එම නිවසේ තිබී බෝම්බ සෑදීමට යොදා ගන්නා අධිබල පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03ක්ද මෙහිදී සොයා ගෙන තිබෙනවා.ශබ්ද සටහන් සඳහා පිවිසෙන්න

මස්කෙලිය අනෆි ජුම්මා මුස්ලිම් පල්ලියේ තිබි පිහි 49 ක් පොලිස් අත්අඩංගුවට ගනියි (PHOTOS)

මස්කෙලිය පොලිසිය විසින් මස්කෙලිය, අනෆි ජුම්මා  මුස්ලිම් පල්ලියේ අද (27) උදැසන සිදු කල හදිසි සෝදිසි මෙහෙයුමකදි පල්ලියේ තිබි පිහි 49 ක් පොලිස් භාරයට ගත් බව මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිපවරයා සඳහන් කර සිටියි.
මේ දිනවල දිවයින පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම්වලට සමගාමිව අද උදැසන පොලිස් නිලධාරින් විසින් මස්කෙලිය පල්ලියේ ගබඩා කාමරයේ තිබි පිහි 49 ක් සහ පොරෝ තුනක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.(PHOTOS)

තියුණු ආයුධ කිහිපයක් සමග මීගමුව උප නගරාධිපති අත්අඩංගුවට

තියුණු ආයුධ කිහිපයක් සහ ජංගම දුරකතන බැටරි තොගයක් ලග තබා ගෙන සිටි මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඞ් අන්සාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී ජංගම දුරකතන බැටරි 38ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 
මේ අතර මීගමුව තෙල්වත්ත හංදිය ප්‍රදේශයේ පාවුළු පාප් මාවතේ පිහිටි හිස් ඉඩමක තිබී ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා. අදාළ ඉඩමේ හිමිකරු විසින් පිරිසිදු කිරීම් සිදු කරන අවස්ථාවකදී සැකකටයුතු පොහොර උරයක් තුළ තිබී මෙම ගිනිඅවිය සහ උණ්ඩ තොගය සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’...!!!

‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’ යි කතාවක් තිබේ. අපේ රටේ නායකයන්ට මේ අවස්ථාවේදී සරලම ආකාරයෙන් දිය හැකි ප්‍රබලම පණිවුඩය මෙය බව අපගේ විශ්වාසයයි. පසුගිය ඉරිදා සිදුවූ මෙරට ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ දරුණුම ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව රට ඉදිරියට ගෙනයාමට නම් රටේ කොතැනකවත් “වෙඩි බෙහෙත්” ගබඩා තිබිය යුතු නැති බවට ජනතාවට සහතිකයක් තිබිය යුතුය. එය කළ හැක්කේත් කළයුතු වන්නේත් ආණ්ඩුවයි. එම වගකීමෙන් මිදීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් හෝ යුතුකමක් නැත.

පාස්කු ඉරිදා දේව මෙහෙය මෙරට අන්තවාදී කල්ලියකගේ කුරිරු වුවමනාවක් ඉටුකර ගැනීමට යොදවා ගැනීම මෙරට සිදුවූ බිහිසුණු ඛේදවාචකයක් බව කිව යුතුය. ප්‍රහාරය කොතරම් දරුණු වුවද වේදනාත්මක වුවද අප රටක් වශයෙන් යළිත් නැගී සිටිය යුතුය. යුද්ධයෙන් පසුව වසර දහයක් තිස්සේ මේ රටේ ජනතාව භුක්ති විඳි අප්‍රමාණ වූ නිදහස යළි අහිමි කරගැනීමට මේ රටේ කිසිදු ජාතියකට හෝ ආගමකට හෝ අයත් කිසිම පුද්ගලයකුට හෝ අවශ්‍යතාවක් ඇතැයි අපි මොහොතකටවත් නොසිතමු. මේ අවස්ථාවේ “මුස්ලිම් තව්හීඞ් ජමාත්” සංවිධානයේ ක්‍රියා හේතුවෙන් බලවත් අසීරුතාවකට පත්ව සිටින රටේ සෙසු ජනතාවට නිදහසේ කටයුතු සිදුකර ගැනීමට තිබිය යුතු වාතාවරණය යළි ඇති කර ගැනීමට සියලු ජනතාවගේ සහයෝගය ලැබීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එය යථාර්ථයක් කර ගැනීමේ පුරෝගාමී මෙහෙවර ඉටුවිය යුත්තේ ආණ්ඩුව අතිනි.

ආයුධ ගබඩා වටලයි 7 ක්‌ අත්අඩංගුවට....!!!

සයින්දමර්දුවලදී එස්‌.ටී.එෆ්. හා යුද හමුදාව සමඟ ගැටුණු තව්හිද් ත්‍රස්‌තයෝ තුනක්‌ බෝම්බ පුපුරවා ගනිති...!!! 

අම්පාර සමන්තුරෙයි සහ සයින්දමර්දු ප්‍රදේශවල පිහිටි තව්හිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයට අයත් ප්‍රධාන පෙළේ අවි ගබඩා දෙකක්‌ වැටලීමට ගිය අවස්‌ථාවේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එම ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් අතර ඊයේ (26 වැනිදා) රාත්‍රි දරුණු ගැටුමක්‌ ඇතිවිය.

  තව්හිද් ජමාත් ත්‍රස්‌ත කල්ලියේ සාමාජිකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකරගත් අතර තවත් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ආරක්‍ෂක අංශ වෙත පැයකට ආසන්න කාලයක්‌ වෙඩි ප්‍රහාර එල්ල කරමින් සටන් කළහ.

පාර්ලිමේන්තුව අවසර පත්‍ර 06ක්‌, ප්‍රවේශ මාර්ග සිතියමක්‌, සිම් කාඩ්පත් 13ක්‌ සමග බළන්ගොඩින් ඇල්ලූ තරුණයා....!!!

බළන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ඉකුත් (24වැනිදා) රාත්‍රියේ ජීව උණ්‌ඩ කීපයක්‌ හා සැකකටයුතු උපකරණ සහ ලියකියවිලි රැසක්‌ සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නිශාර්ධීන් නිශ්ලාන් (27) නැමැති සැකකරු 25වැනිදා සවස බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කරන ලදී. එහි දී පරීක්‍ෂණ මෙහෙයවන බළන්ගොඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක්‌ අනුව මොහුගෙන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දෙන ලදී.

"ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ.

ඇතැම් රටවලට මෙි දෙය කරන්නට තරම් ශක්තිමත් නායකත්වයක් තිබුණට අපේ උන්ට එහෙම තියා ත්‍රස්තවාදී සංවිධානයක් වත් තහනම් කර ගන්න ශක්තිමත් භාවයක් නැහැ' මෙහෙම දුර්වල පාලනයක් ලෝකේ කොහෙවත් රටක දකින්නට වත් නැති තරම්..!කිසිම අරාබි රටක පුරවැසි භාවයවත් ලබා නොදෙන වකවානුවක අප කුමන බලවේගයක් නිසා මේ අවාසනාවන්ත ඉරනමට ඉඩ ලබා දෙන්නෙහිද...?

එළිපත්තේ සිටි සතුරා අප්‍රේල් 21 වැනිදා ගෙතුළටම පැමිණියේය....!!!

 ලංකාව තුළ අයිසිස්‌ බෝම්බකරුවන් නවදෙනකු සිදුකළ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය හිටි හැටියේ සැලසුම් කළ විනාශකාරී මෙහෙයුමක්‌ නොවේ. කොටි පරාජය කර වසර 10 කට පසු සිදුවූ මේ ප්‍රහාරයට ජාත්‍යන්තර සබඳකම් ඇති බව පැහැදිලිය. මෙරට අන්තවාදී ඉස්‌ලාමීය කල්ලියට දොර විවෘත වූයේ වසර 16 කට පෙරය. ඇමෙරිකානු තානාපති කාර්යාලය රහසිගතයි යන ශීර්ෂය යටතේ 2003 ඔක්‌තෝබර් 17 වැනිදා ඇමෙරිකානු තානාපති කාර්යාලය එරට රජයට වාර්තාවක්‌ යවමින් ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පළාතේ ඉස්‌ලාමීය අන්තවාදය ක්‍රියාත්මක වන බව දන්වා තිබිණි. එහෙත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සෙවීමක්‌ කළේ නැත. අනතුරුව 2016 දී යුරෝපයේ යූරෝපොල් පොලිසිය අනතුරු ඇගවීමක්‌ කරමින් අයිසීස්‌ ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාව, ඉන්දියාව යන රටවල බඳවා ගැනීම් සිදුකර ඇති බව සඳහන් කර තිබිණි.

  එසේ වුවත් මුස්‌ලිම් ඡන්ද කෙරේ බලාපොරොත්තුව තැබූ මෙරට දේශපාලන පාර්ශ්ව නිහඬ විය. එහෙත් එතෙක්‌ කල් එළිපත්තේ සිටි සතුරා අප්‍රේල් 21 වැනිදා ගෙතුළටම පැමිණියේය. එහි ප්‍රතිඵලය භයානක විය. අහිංසක ජීවිත 359 ක්‌ රුදුරු ඉස්‌ලාමීය අන්තවාදීන්ට ගොදුරුවිය.

කොම්පඤ්ඤවීදිය පල්ලියේදී කඩු 47ක්‌ සමග මව්ලවි අල්ලයි; තවුහිද් ජමාත් සමඟ සමීප ඇසුරක්‌ පවත්වලා ...!!!

තවුහිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානය සමග සමීප සම්බන්ධතා පවත්වමින්a අවි ආයුධ රැස්‌ කළ මුස්‌ලිම් මවුලවිවරයකු ඊයේ (28 වැනිදා) අත්අඩංගුවට ගත් කොම්පඤ්ඤ වීදිය පොලිසිය මුස්‌ලිම් දේවස්‌ථානයේ ස`ගවා තිබූ කඩු 47 ක්‌ද සොයා ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ කොළඹ නගර සභාවේ මුස්‌ලිම් ජාතික නාගරික මන්ත්‍රීවරයකුද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෝදර මුතුවැල්ල ප්‍රදේශයේදී බෝම්බ 21 ක්‌ සමග පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගත් තවුහිද් ජමාත් ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකයකු මෙම කඩු තොගය ගෙනවිත් භාරදුන් බව කොම්පඤ්ඤ වීදිය මුස්‌ලිම් දේවස්‌ථානයේ මව්ලවිවරයා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෝදරදී බෝම්බ සමග අත්අඩංගුවට ගත් ත්‍රස්‌තවාදියා ශැංගි්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානි කරගත් ත්‍රස්‌තවාදීයාගේ සමීපතම මිතුරකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

අප යන්නේ කොයිබටදැයි ඔබම තීරණය කරන්න....!!!

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රතිශතය 9.7% කි.
 යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝ විට ඔවුන් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.

අපේරටේ දේශපාලුවන්ගේ නිදහස් අදහස් එකතුව ....!!!

මුන්ට නැවත අපේ කැමැත්ත දෙනවාද   නැද්ද ඔබම සිතා බලන්න ....!!!  පක්ෂ පාට නොමැතිව අප සැම එක්විය යුතු කාලය දැන් පැමිණ ඇත ....!!!

මහරගම අක්කර ගණනක් විශාල ඉඩමක අරාබි පාසලක්‌....!!!

සැකකටයුතු තරුණ පිරිස්‌ නිතර යනඑනවා පරීක්ෂාවට ඉඩදෙන්නෙත් නෑ; ගම්මු කියති...!!!

 මහරගම, පමුණුව ප්‍රදේශයේ පිහිටි අරාබි පාසල තුළට සැකකටයුතු තරුණ පිරිස්‌ නිතර යන එන බව ප්‍රදේශවාසීහු පැවසූහ.

  මේ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ පවා දැනුවත් කර ඇතැයිද ඔවුහු කියා සිටියහ.
  මෙම අරාබි පාසල පිහිටි ඉඩම අක්‌කර ගණනකින් සමන්විත බවත් මේ තුළ මෙම දිනවල කුමන ක්‍රියාකාරකම් සිදුවන්නේදැයි කිසිවකුත් නොදන්නා බවත් ඔවුහු කියා සිටියහ.
  පසුගිය දින කීපය තුළ ඒ සිදුවන දැ නිරීක්‍ෂණය කිරීම සඳහා යැමට උත්සාහ දැරුවත් එහි සිටින තරුණයන් යාමට ඉඩ නොදුන් බවද එම ප්‍රදේශවාසීහු කීහ.

වතුකරයෙන් සැක කටයුතු භාණ්ඩ තොගයක් අත්අඩංගුවේ.. හෙලිකොප්ටර් ගුවන් පථයක්ද හමුවේ.. අරාබි ලොක්කෙක් ගුවනින් වතුකරයට..!!!

නල්ලතන්නිය පොලිසිය මගින් ඊයේ (26) ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදි සන්නිවේදන උපකරණ රැසක් සහ දුරස්ථ පාලක ඇම්ප්ලිෆරයක් සහ එයට අදාල උපකරණ රැසක් සොයා ගැනිමට හැකි වු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු  පැවසයි.
එක්සත් ආරාබි රාජ්‍යයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරන එරට පදිංචි ශ්‍රි ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් හදුන්වා දෙන අයෙකුට අයත් මස්කෙලිය පික්විව් වතුයායේ ඔහු මෙරටට පැමිණි අවස්තාවේ නවාතැන් ගන්නා කාමරයේ තිබි මෙම සන්නිවේදන උපකරණ රැස අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.
එම කාමරයේ  තිබි විශාල දුර ප්‍රමාණයකට කතා කල හැකි වොල්කි ටොකි සන්නිවේදන යන්ත්‍ර හතරක් , දුරස්ත පාලකයක් සම්බන්ධ කරන ඇම්ප්ලිසරයක් සහ එයට අදාල උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අක්කර 82 සමන්විත එම වතුයායේ පාලන කටයුතු සොයා බැලිම සදහා එක්සත් අරාබි රාජ්‍යයේ පදිංචි එම අධ්‍යක්ෂකවරයා එරට සිට නිතර නිතර මෙරටට පැමිණෙන බවත්, ඔහු පැමිණෙන බොහො අවස්තාවල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවක් මගින් එම වතුයායයට පැමිණෙන බව නල්ලතන්නිය පොලිසිය කියා සිටියේය.

එජාප මන්ත‍්‍රී අත්අඩංගුවට ගනී.. කඩු 46 ගැන ප‍්‍රශ්න කෙරේ..!!!

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ නාගරික මන්ත‍්‍රී නුර්දීන් මොහොමඩ් තජුඩීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හමුදාවේ පතුරොම් ඇමති බදියුදීන්ගේ බලපෑමෙන් ඊබ්රහීම්ගේ ෆැක්ටරියට.. ඒවා බෝම්බ බවට පත්කර පල්ලි-හෝටල් වෙත.. පාස්කු ඉරිදා රාජ්‍ය අනුග්‍රහය ලද සමූලඝාතනයක් ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..!!!

ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව භාර ගත යුතුයි....!!!
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වුණු ජීවිත වල වගකීම ත්‍රස්තවාදින් වගේම ආණ්ඩුව වගේම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවත් භාර ගත යුතුයි. බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ආරක්ෂක යටිතල පහසුකම් කඩා බිඳ දැම්මේ යුද්ධය ජයග්‍රහණය කළ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හමුදා ප්‍රධානින් උසාවි ගෙනෙවිත් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනතාවට කිව්වේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ යෝජනා අනුව ආණ්ඩුව කටයුතු කළ නිසා.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ත්‍රස්තවාදින්ට වන්දි ගෙවන්න පනතක් ගෙනාවා. ත්‍රස්තවාදින් එහි නායකයන් සිහි කිරීමට උත්සව පැවැත්වීම නීත්‍යානුකූල කළා. රණවිරුවන් හිරේ දාන ගමන් කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා. ආණ්ඩුව ජනතාවට දුන්නු පණිවිඩය තමයි ඔබේ දරුවා රණවිරුවෙකු නොව ත්‍රස්තවාදියෙකු කරන්න” කියන එක. අපි දන්නව මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනේ ලංකාවේ කතෝලිකයන් හා මුස්ලිම්වරුන් අතර ඇති ප්‍රශ්නයක් නිසා නොවෙයි. ජාත්‍යන්තර අයිඑස් අයිඑස් සංවිධානයේ අවශ්‍යතාවයටයි. අයිඑස්අයිඑස් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයට ලංකාව තෝරා ගත්තේ එකම හේතුවක් නිසයි. ඒ තමයි ලංකාවේ බුද්ධි අංශ විනාශ කරලා හමුදාව මානසිකව වට්ටවලා ත්‍රස්තවාදයේ තෝතැන්නක් වී තිබුණු නිසා. ආණ්ඩුව මේ සියල්ල කලේ මානව හිමිකම් සභාවේ සම්මත වුණු යෝජනා අනුවයි. ඕවා කරන්න කියලා අපේ ආණ්ඩුවට බලපෑම් ආවාම අපි නම් බෑ කිව්වා. කොන්ද පණ නැති මේ ආණ්ඩුව කියන කියන පදයට නැටුවා. ආණ්ඩුව වසර හතරක් පුරා වැපිර‍ෑ බීජ වල අස්වැන්න තමයි ඔය නෙලලා තිබෙන්නේ. ආණ්ඩුව එතැනට තල්ලු කළ අද බොරුවට කිඹුල් කදුලු හෙලන බටහිර රටවල් ප්‍රමුඛ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව මේ විනාශ වුණු සෑම ජීවිතයකම වගකීම ගන්න ඕනෑ.
ෆේස්බුක් තහනම්. ඒත් තව්හිත් ජමාත් තහනම් නෑ...!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.