ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, April 26, 2019

රට යන අත,ප‍්‍රමාදය, පසුතැවීමට නොව විනාශයට හේතුවකි ....!!!

දස වසරක් තිස්සේ සාමකාමීව තිබු රට යළිත් ගිනිගෙන තිබේ. කවර මොහොතක බෝම්බයක් පුපුරායාවි දැයි බියෙන් ජනතාව දවස පුරා බියෙන් පසුවෙති. උදේට දකින තම ආදරණීයයන් යළිත් සවසට දකින්නට වේදැයි බියෙන් ගත කරන්නට ජනතාවට සිදුව තිබේ. කොටින්ම කිවහොත් රටම මේ වන විට නතර වී තිබේ.
  කොළඹ හා අනෙකුත් ප‍්‍රදේශවල පුපුරා ගිය බෝම්බ නිසා මේ වන විට මියගිය බවට නිල වශයෙන් ප‍්‍රකාශවී ඇත්තේ තුන්සිය ගණනක් වුවද බෝම්බ ප‍්‍රහාරවල බරපතලකම සලකන විට සැබෑ ලෙස මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකිය.


  තවුහිද් ජමාත් සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි
  රජය පවසන අන්දමට මේ බෝම්බ ප‍්‍රහාර එල්ලකර ඇත්තේ තවුහිඞ් ජමාද් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසිනි. එසේම මේ තරම් විනාශයක් සිදුවී දින පහක් ගතවී ඇතත් එය සිදු කළ තවුහිඞ් ජමාද් සංවිධානය ශ‍්‍රී ලංකා රජය විසින් තවමත් තහනම් සංවිධානයක් ලෙස නම් කර නොමැත. එම සංවිධානය වහාම තහනම් කර එම සංවිධානයේත් ඊට සහය දක්වන සංවිධානවලත් බැංකු ගිණුම් හා දේපල තහනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලොව අනෙකුත් රටවලින් ඉල්ලීම් කළ යුතුව තිබේ.
  මේ අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් බොදු බල සේනා ඇතුළු විවිධ සංවිධානවලින් හෙළිදරව් කෙරුණේ 2014 වසරේ සිටය. එම හෙළිදරව්ව සිදුකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට විවිධ චෝදනා මත සිරගත කර තිබේ.

බදුර්දීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - එස්. බී. දිසානායක

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව වහාම පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව එස්. බී. දිසානායක  සඳහන් කළේය.
  මරාගෙන මැරුණු ත‍්‍රස්තවාදීන් ගැන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් බදුර්දීන් ගේ දේශපාලන පක්‍ෂයේ ක‍්‍රියාකාරීන් සහ සම්බන්ධීකරණ ලේකම්වරු ලෙස පත්කර තිබූ බව මේ වනවිට හෙළි වී ඇති බව ද ඊයේ (25 වැනිදා* පුංචි බොරැුල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

  මන්නාරමේ අක්කර තුන්දහසක් පමණ විශාල දූපතක් බදුර්දීන් ඇමැතිවරයා තමන්ගේ පවුලේ අයගේ නමින් ලබාගෙන ඇති බවත් ඒ සඳහා රු. මිලියන 240 ක පමණ මුදලක් වියදම් කිරීමට එරෙහිව මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් පැවැත් වූ පරීක්‍ෂණ අතරමඟ නතර වී ඇතැයි දිසානායක  පැවසීය. ඊට අමතරව ආර්. ඒ. එන්. නමැති කටාර් පදනමකින් මන්නාරම් නගරයේ මුස්ලිම් පල්ලියක් සෑදීම සඳහා ලබාදුන් රියාල් හය ලක්‍ෂ පනස් දාහක මුදලට සිදු වූ දේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ පරීක්‍ෂණ ද නතර වී ඇති බවත් ඔහුගේ ළඟම මිතුරකුගේ මරණයක් සම්බන්ධයෙන් ද බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ පරීක්‍ෂණ අතර මඟ නතර වී ඇති බවත් හෙතෙම පැවසීය.

ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට.....!!!

කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව  තොරතුරුවලින් හෙළිවී ඇත.
මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.
මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඞ්, අංක 111/්6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඞ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.
වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.
ඉම්ෆාස් අහමඞ්ගේ පවුලේ සොයුරු සොයුරියන් නව දෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.

පිපිරවීම් 198ක් කලහැකි ඩෙටනේටර් 198 හමුවේ..

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය.
නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එහි තුල ඩෙටිනේටර් 198 තිබු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසුවේය.

දෙහිවල මහල් නිවාසයක සිටි සැකකටයුතු දෙදෙනෙකු අත්අඩංගුවට

දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සුමුදු රාජපක්ෂ මාවතේ මහල් නිවාස සංකීර්ණයක සෝදිසි මෙහෙයුම් වල නිරත පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අයිඑස්අයිඑස් සංවිධානයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බවට මූලික විමර්ශන වලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.