ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, April 24, 2019

මුවහත් කළ කඩු දෙකක් සමඟ පුද්ගලයෙක් අල්ලයි....!!!

දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ නිවසක තියුණු ලෙස මුවහත් කළ කඩු දෙකක් සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි.
  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ   මුස්ලිම් දේවස්ථානයක සේවය කරන මව්ලවිවරයෙකුගේ සහෝදරයකි. 
  අත්අඩංගුවට ගත් පුද්ගලයා 29 හැවිරිදි වියේ පසුවන අයකු බවත් ඉස්ලාමීය ආගමික මත ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර ද මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබුණු අයෙකු බව පොලිසිය කියයි.

පුහුණුව ලැබූ තවුෆික්‌ ජමාත් ත්‍රස්‌තයෝ 160 ක්‌; තොරතුරු හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන් ....!!!

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුෆික් ජමාත් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ලැබූ මුස්ලිම් අන්තවාදීන් 160 දෙනකු පිළිබඳව තොරතුරු මීට මාස තුනකට පමණ පෙර ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබියදීත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඉතාම මන්දගාමී අන්දමින් කි‍්‍රයාත්මක වීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
  මෙම ත‍්‍රස්ත පුහුණුව ලැබූ අන්තවාදීන්ගෙන් සැලකිය යුතු පිරිසක් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලබා ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.
  මෙම ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සහ රජයෙන් නිසි සහායක් නොලැබීම නිසා විමර්ශන කටයුතු කඩිනමින් කරගෙන යෑමට නොහැකි වූ බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
  මෙම අන්තවාදී ත‍්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු ලැබී තිබුණේ පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 75 ක් පමණ විශාල පොල් වත්තක පවත්වාගෙන ගිය තවුෆික් ජමාඞ් ත‍්‍රස්ත කල්ලියේ ප‍්‍රධාන පුහුණු කඳවුර වැටලීමෙන් පසුවය.

අන්තවාදී සංවිධාන හා රිෂාඞ් බදියුදීන්ගේ සම්බන්ධය දැන් රහසක් නොවේ ...!!!

මුස්ලිම් අන්තවාදීන්ට පෝෂණය වීමට ඉඩදීමේ විපාකය මුළු රටම අත්විඳිනවා....!!!
  වත්මන් රජය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව හිරේ දමා මුස්ලිම් අන්තවාදීන්ට නිදහසේ පෝෂණය වීමට ඉඩදීමේ මහා විපාකය අද මුළු මහත් ලංකාවම අත්විඳින බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඊයේ (23 වැනිදා* සඳහන් කළහ.
 


තම සංවිධානය මුස්ලිම් අන්තවාදීන් ගැන නම් ගම් සහිතව කිවූ සියල්ල දැන් ඇත්ත වී ඇති බවත් මෙම අන්තවාදය ගැන වැඩිදුර විස්තර රජයට අවශ්‍ය නම් වැලිකඩ හිරගෙදරට ගොස් ඥානසාර හිමියන් බැහැ දැක ඒ පිළිබඳ සවිස්තරව දැන ගැනීමට හැකි බවත් උන්වහන්සේ පැවැසූහ.

 බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ ඊයේ (23 වැනිදා* එම අදහස් පළ කළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශී‍්‍ර සද්ධර්මරාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියෝ මෙසේද කීහ.

අවධානය පිණිසයි ...!!!

පසුගිය ඉරිදා ප‍්‍රහාරයෙන් සසල වූ ශ‍්‍රී ලාංකික ජනතාව මේ වනවිට සිටින්නේ කොයි මොහොතක මීළඟ බෝම්බය පුපුරා යාවි දැයි සැකයෙනි. ඒ තරමට රටේ සමස්ත ජනතාව තුළ මරබිය යළිත් ඇති වී තිබේ. දස වසරක් තිස්සේ බියෙන් සැකෙන් තොරව ජීවත් වූ රටේ සමස්ත ජනතාව නැවතත් භීතියෙන් සන්ත‍්‍රාසයෙන් සලිත වී තිබේ.

 රජය පවසන අන්දමට මේ බෝම්බ ප‍්‍රහාර එල්ලකර ඇත්තේ තවුෆික් ජමාඞ් නමැති අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසිනි. මේ අන්තවාදී සංවිධානය සම්බන්ධයෙන් බොදු බල සේනා ඇතුළු විවිධ සංවිධානවලින් හෙළිදරව් කෙරුණේ 2014 වසරේ සිටය. ඉන්පසු මෑත කාලීනව මාවනැල්ලේ බුදුපිළිම කැඞීම, ඊට විරුද්ධව කටයුතු කළ කබීර් හෂීම් ඇමැතිවරයාගේ ලේකම්වරයා ඝාතන ප‍්‍රයත්නය, වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය හමුවීම ආදී සියලූ දේ සිදුකර තිබුණේ මේ අන්තවාදී සංවිධානය විසිනි. වනාතවිල්ලූව සිද්ධියට අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් නිදහස් කරගන්නට මැදිහත් වී තිබුණේ ප‍්‍රබල දේශපාලනඥයන්ය. මෙවර මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත්තේ එසේ නිදහස් කළ ඇතැම් තරුණයන්ය. ඒ අනුව බලන කල මේ සම්බන්ධයෙන් නිසි ලෙස පරීක්ෂණ පවත්වා නිසි අවධානයෙන් පසුවූයේ නම් මේ ප‍්‍රහාර වළක්වාගත හැකිව තිබිණි.




 අනෙක් අතට මේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකානු හා ඉන්දීය බුද්ධි අංශ මඟින් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් දින ගණනාවකට පෙර දැනුවත් කර තිබේ. එසේම ඊට පෙර දිනයේත්, බෝම්බ ප‍්‍රහාරවලට විනාඩි කිහිපයකට පෙරත් එම බුද්ධි අංශ ශ‍්‍රී ලාංකික බලධාරීන්ට දැනුම්දී ඇතැයි ශ‍්‍රී ලංකා රජය ප‍්‍රකාශ කර තිබේ. මේ අනුව සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් නිසි පියවර නොගැනීමය. එක්කෝ මුස්ලිම් ඡුන්දවලට කෑදරකමෙන් දේශපාලන බලධාරීන් නිසි පියවර නොගැනීමය.
  ඇත්ත වශයෙන්ම අපේ රටේ මුස්ලිම් ප‍්‍රජාව භුක්ති විඳින ආකාරයේ නිදහසක් ලොව මුස්ලිම් රටවලවත් මුස්ලිම් ජනතාවට භුක්ති විඳින්නට නොහැකි බව අපගේ අදහසයි. කොළඹ ඇතුළු ප‍්‍රධාන නගරවල පොදු ස්ථානයකට ගිය ද රෝහලකට ගිය ද කොළඹ ගාලූ මුවදොර, නුවරඑළිය වැනි විවේක ස්ථානයකට ගිය ද එම ස්ථාන පිරී ඇත්තේ මුස්ලිම් ජනතාවගෙනි. ඒ කිසිදු ස්ථානයකදී සිංහල ජනතාවගෙන් කිසිම හිරිහැරයක් මේ අයට සිදු නොවේ. ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වුව ද මුස්ලිම් ජනතාවගේ ආගමික වත්පිළිවෙත්වලට කිසිදු බාධාවක් සිංහල ජනතාවගෙන් එල්ල නොවීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.