ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, April 22, 2019

පුද්ගලයන් පරීක්ෂා කරන්න - අත්අඩංගුවට ගන්න හමුදාවට බලය දෙන්න....!!!

රටේ උද්ගත වී ඇති තත්ත්වයන් වළක්වා ගැනීමට පවතින නීති රාමුව තුළ හමුදාවට තනිව කි‍්‍රයාකිරීමට බලයක් නොමැති බවත් පොලිසිය නොමැතිව  පුද්ගලයන් පරීක්ෂා කිරීමට, අත්අඩංගුවට ගැනීමේ කටයුතු සඳහා දින කිහිපයකට හෝ හමුදාවට බලය ලබා දිය යුතු බවද හමුදාපතිවරයා අද  (22) කියා සිටියේය.
මෙම සිද්ධියේදී  බුද්ධි තොරතුරුවලද පැහැදිලි අඩුවක් දක්නට තිබූ බවත් මේ සම්බන්ධයෙන් හමුදාව දැනුවත් කර නොමැති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ  බව පැවසුවේ අද (22) කොළඹ අගරදගුරු නිල නිවසේදී  මැල්කම් කාදිනල්  රංජිත් අගරදගුරුතුමන් හමුවීමට ගොස් සිටි අවස්ථාවේදීය.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ආරක්ෂක කවුන්සලයේ පැවැත්වූ සාකච්ඡා  ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා පවත්වා තිබුණි.
එම සාකච්ඡාව නිමවී එහි සිටි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හමුදපතිවරයා  මේ බව සඳහන් කළේය.

සංචාරක හෝටල් ව්‍යාපාරයක්.. ආරක්‍ෂාව ඔවුන් බලාගත යුතුයි.. රජයෙන් ආරක්‍ෂාව දුන්නෙත් නෑ-දෙන්නෙත් නෑ..- ආරක්‍ෂක ලේකම් විදෙස් මාධ්‍යට කියයි..[Video]

ස්ථාන කිහිපයක පහරදීම් සිදු වනු ඇතැයි කලින් තොරතුරු වාර්තා වූ නමුත් මේ ආකාරයේ බරපතළ පරිමාණයේ ප්‍රහාරය එල්ල වනු ඇතැයි නොසිතූ බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  පවසයි.
ඔහු මේ බව කියා සිටි බෝම්බ ප‍්‍රහාරයකට ලක් වූ කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු කරමින් සිටියදී විදේශීය මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.
හෝටල් යනු ව්‍යාපාරයක් බවත් ඒවායින් ලාභ උපයන ඔවුන් එහි ආරක්ෂාව ද සපයා ගත යුතු බවත් පැවසූ ආරක්ෂක ලේකම්වරයා රාජ්‍ය හමුදා පොලිසියේ යොදා ඒවා ආරක්ෂා කර දී නැති බවද ඉදිරියේදී ඉදිරියේ දී ද එසේ නොකරන බවත් කියා සිටියේය.

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…!!!

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක – සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයයි.
අයිසිස් සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවක් දියත් කළ අන්තර්ජාතික ත‍්‍රස්තවාදී සංවිධානයකි. පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් වැල හේතුවෙන් 290 ක් පමණ දෙනා මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සමීක්‍ෂණයක නිරත වන බුද්ධි අංශයක් විසින් හෙළිදරව් කරගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උද්දාමයට පත්ව සිටින බවයි. මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවද වාර්තා වේ.
ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකීම බාරගෙන නැත. එහෙත් පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරනු ලබන ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් දින 10 කට පමණ පෙරදී අනතුරු අඟවා තිබුණ බවයි.
මුස්ලිම් සංවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත පූර්ව සාක්ෂි එල්ල වන අතරම බුද්ධි අංශ ප‍්‍රධානීන් අවවාද කරන්නේ තව තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවයි. ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විමසිල්ලෙන් සිටින බුද්ධි අංශ කණ්ඩායමක අධ්‍යක්‍ෂවරිය වන රීටා කැට්ස් මහත්මිය පවසන්නේ අයිසිස් ආධාරකරුවන් ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් වන හානිය වැඩිවන තරමට අන්තර්ජාලය ඔස්සේ අත්පොළසන් දුන් බවයි.

'Attackers Most Likely Trained Abroad': Sri Lanka Minister Hints at Multiple Hands Behind Easter Attack....!!!



The deadly attacks on Easter Sunday could be an act of revenge for those killed in New Zealand's Christchurch mosque shootings during Friday prayer last month, Sri Lanka's Minister of State for Internal and Home Affairs JC Alawathuwala said.
Speaking exclusively to News18 over telephone from Colombo, Alawathuwala said, "We have detained few youths in connection with the blasts. They are mainly from Panapura (Province of Sabaragamuwa in Sri Lanka) and Dematagoda (suburb in Colombo). Primary leads tell us that it could be an act of revenge for Christchurch mosque attack, where the gunman live-streamed the shootings."
 "Our CID team is looking into various angles. Apparently, the suicide bombers were trained abroad. The suicide bombers and those who were detained belong to middle-class, educated families. All of them were young Sri Lankans. Most of them were living in a rented accommodation in suburbs, including Panapura and Dematagoda area," he added.

මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද....!!!

මුස්ලිම් අන්තවාදය කොතරම් දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී තිබේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ තුෂ්නිම්භූත වී සිටින බව ද වාර්තා වේ. මරාගෙන මැරෙන බෝම්බ ජැකට් අගනුවර හා ප්‍රධාන නගර හරහා හුවමාරු වී ඇති අන්දම, එබඳු කිසිදු ක්‍රියාකාරකමක් හසු කර ගැනීමට බුද්ධි අංශ අවසාන මොහොත දක්වාම සමත් නොවී තිබීම වැනි කාරණා මේ වන විට සාකච්ඡාවට ලක් වෙමින් තිබේ.
මේ සිදුවීම හටගන්නා විට සියලුම බුද්ධි අංශ නිෂ්ක්‍රිය තත්වයක පැවති බවට මෙම සිදුවීම උදාහරණයක් ද වේ.
  ජාතියන්තර මාධ්‍ය සියල්ලම කියන්නේ ප්‍රහාරයට සම්බන්ධව පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන ඇති නමුත් මේක කලේ මොන සංවිධානයෙන්ද කියලා තාම රජය නිල වශයෙන් සොයාගෙන නැති බවයි. අන්තිමේ කියන දේවල් වලින් හැගවෙන්නේ මේක බෞද්ධයින් කරපු වැඩක් විදිහට. නිවට ආණ්ඩුව තාමත් ත්‍රස්තවාදීන්ට කඩේ යනවා.

පිපිරීම් සම්බන්ධයෙන් පාකිස්තාන-ඉන්දීය ජාතිකයින් 12 ක් අත්අඩංගුවට....!!!

Relatives of a blast victim grieve outside a morgue in Colombo, Sri Lanka, Sunday, April 21, 2019.
AAP
ඊයේ (21) දින කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මැයි මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න  අද (22) නියෝග කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු, සිංහල ජාතිකයකු සහ දමිළ ජාතිකයකු සිටින බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සේන් සීලවන් නැමැත්තාගේ බිරිඳ සහ ළමයා දෙමටගොඩ මහවිල පාරේ නිවසක සිදු වූ බෝම්බ පිපිරීමෙන් මිය ගොස් ඇති බව මෙහිදී අධිකරණයට පොලිසිය දැනුම් දෙනු ලැබුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉන්සේන් සීලවන් නැමැත්තාට අයත් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
මේ අතර එහි සේවයේ යෙදී සිටි ඉන්දීය හා පකිස්තාන ජාතිකයින් 30කට ආසන්න පිරිසක් ද පරීක්ෂාවට ලක් කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.

ලංකාවේ බෝම්බ පිපිරවීම් තවුහිද් ජම්මාත්..- ඉන්දීය මාධ්‍ය කියයි..!!!

ශ‍්‍රී ලංකාවේ සිදුව ඇති බෝම්බ පිපිරීම් මාලාව තවුහිද් ජම්මාත් සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට සැක කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මේ ආකාරයේම පිපිරවීම් මාලදිවයිනේ හා බංග්ලාදේශයේ සිදු කර ඇතැයිද times of india වාර්තාවේ දැක්වෙයි.යොමුව

කොටහේනේ වෑන් රථයක තිබු බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ : බෝම්බය මත රුපියල් 1000 නෝට්ටු අතුරා තබලා ..!!!

කොච්චිකඩේ, ජින්තුපිටිය හන්දිය ප්‍රදේශයේ පිහිටි කොළඹ වරායේ අංක 04 පිවිසුම් මාර්ගය අසල නවතා තිබු වෑන් රථයක යම් පිපිරීමක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ එම වාහනය තුල තිබු බෝම්බය ගෑස් සිලින්ඩර 04ක් යොදා ගනිමින් සකස් කරන ලද බෝම්බයක් බවයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රකාශ කර සිටියේ වෑන් රථය තුල සකස් කර තිබු බෝම්බය සිලින්ඩර් 04ක් සමග ටයිමරයක් යොදා සකස් කර තිබු බවයි. ඊට අමතරව එම බෝම්බයට නුලක් ද සවිකර තිබු බවත් ඒ මත රුපියල් 1000 මුදල් නෝට්ටු කිහිපයක්ද අතුරා තිබු අයුරු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
යම් කිසි පුද්ගලයෙකු එම මුදල් නෝට්ටු දැක ඒවා ගැනීමට ගොස් යම් හෙයකින් බෝම්බයට සවිකර තිබු නුල ඇද්දා නම් එම බෝම්බය පුපුරා යන ආකාරයට සකස් කර තිබු බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

‘ඇමති පුතා පල්ලි යන්නෙත් නෑ - කාරණාව රටට කියන්නෙත් නෑ’....!!!

අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත් ජනතාව දැනුවත් නොකිරීම බරපතල වරදක් බවත් සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු කියති.
  සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරුන් ලෙස ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ කටයුතු කරති.
  බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ එසේ පැවසූහ.
  මාධ්‍ය හමුව ඇමතූ මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණෝ මෙසේ ද පැවැසූහ.
“මේක වළක්වන්න පුළුවන් කියල දැනගත්තාම අපි ඔළුවේ අතගහ ගත්තා”
“ඇමතිගෙ තාත්තා කියනව පුතාට පල්ලියට යන්න එපා කියල. ඇමති පුතා පල්ලි යන්නේ නැහැ. ඒත් රටට කාරණාව රටට කියන්නේත් නැහැ..... ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්වා නම් මේ ජීවිත රැක ගන්න තිබුණා’’ යැයි ද කාදිනල්තුමා පැවැසූහ.

ඊයේ මගේ තාත්තා අද සිදුවීම දැනගෙන හිටියා.. මට පල්ලි යන්න එපා කිවුවා..- ඇමති හරීන් හෙලි කරයි..!!!

අද දිනයේ පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වනු ඇති බව පවසමින් ඒවාට නොයන ලෙස තම පියා තමනට අවවාද කළ බව ඇමැති හරීන් ප්‍රනාන්දු  සඳහන් කරයි.
දැනට සති තුනක් පුරා තම පියා කොළඹ රෝහලක නැවතී ප්‍රතිකාර ගන්නා බවත් එසේ සිටින ඔහු පවා මෙම තොරතුරු ලබා ගත්තේ කෙසේදැයි සිතා ගත නොහැකි බවත් ඇමතිවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සතියකට කලින් මට දැන්වුවා..- ඇමති මනෝ....!!!

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් සතියකට පෙර තමනට තම ආරක්‍ෂක නිලධාරීන් විසින් දන්වා තිබූ බව ඇමති මනෝ ගනේෂන්  පවසයි.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු දේශපාලඥයන් ඉලක්ක කරමින් කොලඹ ස්ථානගත වී සිටින බවද ඔවුන් තමනට දැන්වූ බවද ඇමතිවරයා සදහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇමතිවරයා මේ බව සදහන් කර තිබේ.

අන්තවාදීන් මුහුදෙන් පළායාම වැළැක්වීමට ඉන්දියාවෙන් මෙහෙයුමක් ...!!!

මෙරට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක සාමාජිකයින් ඉන්දියාවට ඇතුල් වීමට වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සිමාවේ සිය නිරීක්ෂණ මෙහෙයුම් වැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඕනෑම මොහොතක ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට ගුවන් නිරීක්ෂණ පහසුකම් සැපයීමට සහ අවශ්‍ය යාත්‍රා පහසුකම් සැපයීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සුදානම් බව දැනුම් දී තිබෙනවා.

ප්‍රසිද්ධ හෝටල් දෙකේ පිපිරීම් සිදු කළ ප්‍රබල ව්‍යාපාරිකයාගේ පුත්‍රයින් දෙදෙනා ගැන විශේෂ අනාවරණයක්...!!!

කොළඹ ප‍්‍රධාන හෝටල් 02ක් වන ෂැන්ග‍්‍රිලා සහ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් යන හෝටල්වලට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා.
ඒ අනුව වාර්තා වන්නේ මෙම ප‍්‍රහාර එල්ල කර ඇත්තේ සහෝදරයින් දෙදෙනෙකු බවයි. ඔවුන්ගේ පියා කුළුබඩු ව්‍යාපාරිකයෙක්. ඔහු වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා, ඒවා මෙරට ගම්මිරිස් බව හඟවා ප‍්‍රතිඅපනයනය කරන පුද්ගලයෙකු බවට ද තොරතුරු පවතිනවා. ඔහු කරුංකා ව්‍යාපාරයට ද සම්බන්ධ බවටයි තොරතුරු පවතින්නේ.
මෙම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයා බෝම්බය පුපුරවා ගෙන ඇත්තේ ෂැන්ගි‍්‍රලා හෝටලයේයි. බාල පුත‍්‍රයා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී බෝම්බය පුපුරවා ගෙන තිබුණා.
දෙමටගොඩ මහල් නිවාසයක් ආශී‍්‍රතව ආරක්ෂක අංශ විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබියදී නිවෙස් ඉහළ මාලයක පිපිරවීමක් සිදු කර ගෙන ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයාගේ බිරිඳයි.

බැස්ටියන් මාවතේ බස් නැවතුමෙන් ඩෙටනේටර් 87 ක් සොයාගනී

පිටකොටුව  බැස්ටියන්  මාවතේ  බස්නැවතුම්පොලෙහි  තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි.
 පිටකොටුව / ඇඹිලිපිටිය බස් නැවතුම අසළ තිබී ඩෙටනේටර් තොගයක් සොයා ගැනේ. මෙම ද්‍රව්‍ය බෝම්බ පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වෙනවා. එම ස්ථානයේ තිබී ඩෙටනේටර් 87ක් හමු වී ඇති බවටයි වාර්ථා වෙන්නේ.
මුලින්ම බස්නවතුම්පොලෙහි බිම වැටී තිබූ ඩෙටනේන්ටර් 12 ක් පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අද දින පස්වරු 01.00 ට පමණ සොයා ගත් බවත් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එම ප්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයේ තිබී තවත් ඩෙටන්ටර් 75 ක් සොයා ගත් බවත් වාර්තා විය.

කිලෝ 65ක බෝම්බයක් සහිත ජැකට් එකක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ ...!!!

කිලෝ 65ක බෝම්බයක් සහිත ජැකට් එකක් ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් මීට සුලු වෙලාවකට පෙර සොයාගෙන තිබෙනවා.

මන්නාරම ගෙවත්තකින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවේ....!!!

මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි.
  ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ ගෙවත්තක අදාළ පුපුරණද්‍රව්‍ය තොගය තිබූ බවද ගෙවත්ත හිමියා ගෙවත්ත පිරිසිදු කරන අවස්ථාවේ එය දැක ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දී ඇති බවද පොලිසිය කියයි.   ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තිබී සොයාගෙන ඇත. මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එම ස්ථානයට පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩට ගෙන නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.
  සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

පිපිරිම් වලින් මිය ගිය ගණන ඉහළ ගොස් ඇත...!!!

ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන  බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

ෂැංග්‍රිලා බෝම්බකරුගේ සේවකයන් 9 ක් රක්ෂිත බන්ධනාගාරයට...!!!

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරුම සිදු කළැයි කියන සැකකරුට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලවක සේවය කළ   අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනා ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න  නියෝග කර තිබේ.

ඇමරිකානු තානාපති කාර්යාලය හෙට වසා දැමේ...!!!

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය හෙට (23 ) වසා තබන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.
  පාස්කු ඉරිදා කොළඹ තදාසන්න ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුවෙන් ඇතිවූ හදිසි තත්ත්වය නිසා තානාපති කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.
  මීට අමතරව කොළඹ ඇමෙරිකානු කේන්ද්‍රය සහ අනෙකුත් ඇමෙරිකානු පියස්ද වසා තැබෙන බව ඇමරිකානු තානාපති කාර්යාලය කියා සිටී.

බෝම්බ ගැහුවේ ‘තවුහිත් ජමාත්’…. ඒක දේශීය සංවිධානයක්..- රාජිත හෙලි කරයි

ඊයේ දිනයේ දිවයිනේ ස්ථාන කිහිපයකම බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීද් ජමාත්’ නම් සංවිධානය බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
මෙම ප‍්‍රහාරයන් සියල්ල මරාගෙන මැරෙන ප‍්‍රහාර බවද ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සංවිධානය දේශීයව බිහිව ඇති සංවිධානයක් යයිද කී ඇමතිවරයා ඔවුන්ට ඇති අනෙකුත් සම්බකම් ගැන නොදන්නා බවද කීය.

ෂැන්ග්‍රිලාව තාවකාලිකව වසාදමයි....!!!

නැවත දැනුදෙන තුරු ෂැංග්‍රිලා හෝටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාරීත්වය දැනුම් දී ඇත.
හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව පවත්වන පරීක්ෂණවලට සහාය ලබාදීමක් ලෙස හෝටලය වසා දැමූ බවද හෝටල් පාලනාධිකාරිය පවසයි.
  පාස්කු ඉරිදා දින එම හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පුහාරයෙන් එහි සිටි ලංකිකයින් ඇතුළු විදේශිකයින් 25 කට වැඩි පිරිසක් ද, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පහකට වැඩි පිරිසක්ද මිය ගොස් ඇතැයි එම හෝටල් ආරංචි මාර්ග කියා සිටී.   කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවසේ.

ෂැංග්‍රිලා හෝටල් පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

නීති වීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට...!!!

ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක්  අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ආසන්න වශයෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 275 පමණ  ඇතියි  සොයාගෙන  ඇත.
  ශ්‍රී  ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය මගින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින්  මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්... තව්හීත් ජමාත් සංවිධානය (එන්.ටී.ජේ) සංවිධානය.

ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු සම්බන්ධ නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මයිකල් මක්කෝල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
  හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ආගමික ස්ථානවලට රැස්ව සිටි අහිංසක ජනතාව ඉලක්ක කරගෙන සිදු වූ මෙම බියගුළු ක්‍රියාවෙන් පසක් වන්නේ රැඩිකල් අන්තවාදය මුළු ලෝකයටම තර්ජනයක් වී ඇති බව ද මයිකල් මක්කෝල් සඳහන් කර ඇත.
  ඔහු නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

“පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර ඉන් බිලිගත් 2--00කට වැඩි ජීවිත සහ සිය ගණනක් තුවාල ලැබූ පුවත් අසා මම තැති ගත්තෙමි. අන්තර්ජාතික ප්‍රජාව එක්ව මෙම ත්‍රස්ත ක්‍රියා සහ ආගමික නිදහස ඉලක්ක කර එල්ල වන ඕනෑම තර්ජනයක් මුළුමනින්ම හෙළා දැකිය යුතුයි. මෙම ඛේදවාචකයට ගොදුරු වූ සියල්ලන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඇමෙරිකානු පුරවැසියන්ට ද මගේ ශෝකය පළ කරමි. තොරතුරු ලැබෙන පරිදි අපි තත්ත්වය නිරීක්ෂා කරමින් සිටින්නෙමු.

මේ ත‍්‍රස්ත භීතියට වගකිව යුත්තෝ කවරහුද.... ?

පව් ගෙවන්න පින් කරන්න යන්නේ පල්ලි පන්සල් වලටනේ මහත්තයෝ එත් මොකද මේ උනේ මගේ පුතයි බෑනයි දෙන්නම නැහැ හයියෝ ඩෝං ගාලා පිපුරුනා ඔක්කොම කඩා වැටුනා මම පිටිපස්ස දොරෙන් පැනලා අවා’’ මේ ප‍්‍රකාශය සිදුකරනු ලැබුවේ ලේ වැකි කමිසයකින් සැරසී සිටි කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිටි වැඩිහිටි පුද්ගලයෙකි. ඔහුගේ නම කුමක්දැයි අපි නොදනිමු. ඔහු මේ ඛේදවාචකයට මුහුණ දුන්නේ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ උදෑසන පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදීය. කිසිදා නොපැතූ නොසිතූ කණගාටුදායක සිද්ධියකට මුහුණදීමට මේ වැඩිහිටි පියාට සිදුවිය. මෙලෙස සිය ගණනක් දෙනා හඬා වැටෙන බව නම් සහතිකය. මීගමුව කටුවපිටිය පල්ලියේ පුපුරා ගොස් ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බයකි. මේ බෝම්බය පුපුරවගත් බෝම්බකරුවගේ හිස පල්ලියේ අල්තාරය මතට වැටී ඇති බව ප‍්‍රදේශවාසීහු පවසන්නේ මහත් භීතියෙනි. එසේම සෙසු ප‍්‍රහාර බෝහොමයක්ම එනම් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමත් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් බව පෙනී ගොස් ඇත. ෂැන්ග‍්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් පුද්ගලයා එහිම නැවතී සිටි සහරාන් හසීම් නැමැත්තෙකු බව හෙළිව ඇත. එසේම මඩකලපුවේ සියොන් පල්ලියේ ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අබු මොහමඞ් නම් තැනැත්තෙකි. සාමාන්‍යයෙන් අබු නම ලැබෙන්නේ අයිසිස් සංවිධානයට එක්ව සටන් වැදුණු ත‍්‍රස්තයන්ට බව නොරහසකි. එසේ නම් මොහු මඩකලපුවට පැමිණියේ කෙසේද? මෙලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැමිණියේ කොහෙන්ද? ලංකාවෙන්ද? සිරියාවෙන්ද? පකිස්ථානයෙන්ද? අද මේ ගලාගිය ලේ කඳුළුවලට වගකිව යුත්තේ කවරකුද? ලංකාව පුරා පිපිරීම් අටක් සිදුව ඇත.

 ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව යළි දෙදරා ගොස් ඇත. මෙයට වගකිව යුත්තේ කවරකුද? එදා ප‍්‍රභාකරන් මියගිය පසු සැනසුම් සුසුම් හෙළුව ද පාස්කු ඉරිදා ලංකාවම භීතියට පත්කළ අන්තවාදීහු කවරහුද? ත‍්‍රස්තවාදය නැවත අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේෂයෙන්ම පමණක් නොවන බව දැන් සැමදෙනාටම අවබෝධවී ඇති බව නම් පැහැදිලිය.

ෂැන්ග්‍රිලා බෝම්බය හැදූ සැලසුම - අමුද්‍රව්‍ය සොයාගනී...!!!

ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන  බෝම්බකරු කුලී පදනම මත පදිංචිව සිටි පානදුර පරත්ත ෂෙරිට් මාවතේ නිවසින් බෝම්බය නිෂ්පාදනය පිළිබඳ සැලසුම්, සැකසීමට යොදාගත් ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.


  ඒ අතර සාදන ලද බෝම්බයේ දළ සටහන ඇතුළත් කඩදාසියක්, බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා යකඩ බෝල දමා තිබූ දවටන විශාල ප්‍රමාණයක්, බැටරි සහ වයර් ඇතුළු උපකරණ රැසක්, විනාශ කර පුළුස්සා දමන ලද ජංගම දුරකථන තුනක කොටස්, සිම්පතක්, සිම්කාඩ් පතක සැකිල්ලක් සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.

Who's Zahran Hashim, alleged mastermind of one of the Sri Lanka attacks...?

Shortly after bombing attacks struck Sri Lanka on Easter Sunday, media reports began disseminating the name of one of the terrorists responsible for events that killed 290 people and wounded more than 500 others. The alleged suicide bomber and mastermind behind the attack on the Shangri La hotel has been identified as Islamic extremist Moulvi Zahran Hashim. An Islamist extremist imam, he was a prolific lecturer for National Tawheed Jamaath.
 CNN reported that Hashim also wanted to attack the Indian High Commission in Colombo earlier this month, but the attack was thwarted. According to the CNN report, that attack was planned for April 4.
 CNN also noted that at least two suicide bombers were responsible for some of the attacks that took place on Easter Sunday. As Hashim’s name began disseminating on social media, an Al-Jazeera journalist pushed back, accusing the mainstream press of being “Islamophobic” for reporting his name.

පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ....!!!

සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් වර අත්අඩංගුවට ගන්නා ලද ගත් පුද්ගලයන් 24 දෙනකු කොළඹ අවට රඳවාගෙන සිටින බව පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

ප‍්‍රහාර සැලැස්මේ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයට ලැබිලා...!!!

ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama'ath - NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත.

මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයා ද ඉකුත් 9 වැනිදා මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති බවත් ඒ අනුව මේ පිළිබඳව දැඩි සැලකිල්ල යොමු කළ යුතු බවත් විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත දන්වා තිබේ.

විශේෂ ආරක්‍ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියලාල් දසනායක  විසින් ඇමැති ආරක්‍ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසය, විශ‍්‍රාමික ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය සහ තානාපති ආරක්‍ෂක කොට්ඨාසය යන ආරක්‍ෂක කොට්ඨාසවල අධ්‍යක්‍ෂවරුන් වෙත මේ පිළිබඳව ලිපි මගින් දැනුවත් කර ඇත.

කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව නවත්වයි...!!!

කොළඹ සුපිරි හෝටල් තුනකට සහ දිවයිනේ ස්ථාන තුනක පිහිටි දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.


 නියමිත පරිදි අද (22) වෙළෙඳ කටයුතු ආරම්භ නොකළ කොළඹ කොටස් හුවමාරුව වෙළෙඳ කටයුතු ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව නිවේදනය කළේය.
  විනිමය සහ සුරැකුම්පත් කොමිසම සමඟ සාකච්ඡා කර කොළඹ කොටස් හුවමාරුව එම තීරණය ගෙන තිබිණි.
  කොළඹ සිනමන් ග්‍රෑන්ඞ්, කිංග්ස්බරි සහ ෂැංග්‍රිලා යන හෝටල් තුනට, කොටහේන ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, මීගමුව කටුවන ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.