ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, January 20, 2019

මහින්දගේ ගොන් මස්සිනා කෑ එයාර් ලංකා පාහර රනිලා ගේ හෙන්චයියන් ඉතුරු ටිකත් කෑ අයුරු ....!!!

ශ‍්‍රී ලංකන් වවාගෙන කෑ එයාර් බස් අලවංගුව (අවලංගුව) ; යහපාලන කොස් කටින් න්‍යායෙන් සිදු කළ විනාශය...!!!


 මේ අසාර්ථකභාවය පිළිබද ප‍්‍රශ්නයක් නොවේ. වංචනිකභාවයේ වර්ගඵලය පිළිබඳව සිදුකෙරෙන නිරාවරණයකි. 2012 වසර වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා බලඇණිය සැදී තිබුණේ, ඒ - 320 හෙවත් පටු බඳ ගුවන් යානා, ඒ - 330, ඒ - 340, යන පුළුල් ගුවන් යානාවලිනි. මෙයින් අර්ධයක් පමණ සමන්විත වූයේ, ඒ - 320 ගුවන් යානා මගිනි. 1992 වසර වන විට ඒ - 340 යානා හයක්, එවකට තිබූ එයාර් ලංකා ගුවන් සමාගම සතුව තිබුණි. වසර දහසයක් පමණ ගතවන විට, මෙම ගුවන් යානා වැඩ ගත නොහැකි තත්ත්වයකට පත්වීම එහි ස්වභාවය ය. මේ නිසා ජනාධිපති පේ‍්‍රමදාස විසින් එයාර් බස් ආයතනයෙන් නව ගුවන් යානා කිහිපයක් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව එයාර් බස් වර්ගයට අයත් 340 යානා දෙකක් පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය. වසර දහසයකින් පමණ ඉවත දැමිය යුතු එම යානා, අවුරුදු 22 ක කාලයක් පුරා පාවිච්චි කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩු කාලයේදී හෙවත් 2014 වන විට නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා යායුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය තීරණය කළේය.

බුහ් - බුහ්

අප දන්නා නාඩු ජාති තුනක් තිබේ. පළමු නාඩුව තමිල්නාඩු ය. දෙවන නාඩුව මළය නාඩු ය. තෙවන නාඩුව නාඩු හාල් ය. මේ අතරට තව නාඩුවක් එකතු වෙමින් පවතී. ඒ වූකලී ඔරුමිත්තනාඩු ය. මොකද්ද මේ ඔරුමිත්තනාඩුව? සුමන්දිරන් කියන්නේ ඒකීය රාජ්‍යයකට දෙමළෙන් කියන නම ඔරුමිත්තනාඩුව බවය. මෙහිදී තවත් වැදගත් ප‍්‍රශ්නයක් මතුවේ. ඒ වූකලී ඔරුමිත්තනාඩුව මේ හදිසියේ මතුවූයේ කොහොමද යන්නයි. ලංකාව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අභිමුඛයෙහි සිටී. එකී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම පිණිස නිර්දේශ ලබාදීම සඳහා පත් කරන ලද විශේෂඥයන් පිරිසකගේ කමිටුවක වාර්තාවක් පාර්ලිමේන්තුවේදී රැස්වූ ව්‍යවස්ථා මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙකී විශේෂඥයන්ගේ නම් ගම් මොනවාද යන්න අදටත් හෙළිකර නැති අතර ඔවුන් සිටින්නේ සිය නම් ගම් හෙළි කිරීමට බැරි තරම් අඳුරු තත්ත්වයක ද යන ප‍්‍රශ්නය මතුවේ. ආරංචියේ හැටියට නව ව්‍යවස්ථාව යටතේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දෙන අතර සෙසු ආගම්වල අයිතිවාසිකම් ද ආරක්‍ෂා කෙරේ. ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුවේ කැමැත්ත අනුවය. ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති, කිසිදු දේශපාලන පක්‍ෂයක නිල තල නොදරන කෙනෙක් විය යුතුය. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා අගමැති ය. අමාත්‍යවරුන්ගේ විෂය තීරණය කරන්නේ ද ඔහුය. මේ යෝජනා සියල්ල හොඳයි. එහෙත් භයානකම කාරණය වන්නේ මේ ව්‍යවස්ථාව ෆෙඩරල් ක‍්‍රමය ප‍්‍රවර්ධනය කරන ව්‍යවස්ථාවක් බවට ඇති ආරංචිය ය.

මළ සිරුර සමඟ අවමංගල රථය පෙරළීමෙන් තුවාල ලත් දෙදෙනකු රෝහලේ

මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සකස් කිරීම සඳහා මල් ශාලාවට රැගෙන යමින් සිටි අවමංගල්‍ය රථයක් පෙරළී එහි සිටි අවමංගල්‍ය ශාලා හිමිකරු සහ තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.  (17දා) අලුයම් කාලයේදී මැදකන්ද මැකිලියතැන්න ප්‍රදේශයේ නිවෙසක මියගිය කාන්තාවකගේ මළ සිරුර සකස් කිරීම සඳහා මල් ශාලාවකට රැගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

WikiLeaks: Muslim Militancy In Sri Lanka – Four Groups Based In Colombo – Former US Intelligence Officer

“(C/NF) Source reported there are four primary Muslim groups based in Colombo: Sri Lanka Jamthi Islam, Thauhid Jamath, Thableeq Jamath, and Jamathi Muslim.” the US Embassy Colombo informed Washington.The Colombo Telegraph found the related leaked cable from the WikiLeaks database. The cable discusses Muslim militancy in Sri Lanka. The cable is classified as “CONFIDENTIAL//NOFORN” and written on June 09, 2004. The cable is signed by the US Ambassador to Colombo Jeffrey J. Lunstead.The ambassador wrote; “(C/NF) On 6/01/04, RSO and RSO/FSNI interviewed former Directorate of Internal Intelligence (DII) desk officer M.I. CADER (Source) at Embassy Colombo (cell phone 0777-598768, email [email protected]). Source was a former police academy classmate of the RSO/FSNI, is recently retired and now working in the private sector. As a desk officer in DII, Source’s last assignment was with a Muslim domestic intelligence unit. Recently,

60,000කට මරු කැඳවු ජවිපෙ පරාජිත දෙවැනි කැරැල්ලේ ඔබ නොදන්න කතා....!!!

ජේ .වී .පි  ක්‍රියාකාරිකයන් මරා දැමීමට මුලිකව කටයුතු කල බටලන්ද වධකාගාරයේ කාලකන්ණි  මිනීමරුවා අද ලංකාවේ අගමැතිය .උගේ නම රනිල් ය .ඒ කාලයේම ප්‍රා නමැති මිනීමරු කල්ලිය අටවාගෙන දහස් ගණන් තරුණ තරුණියන් මරා දැමු කාලකන්ණි මිනීමරුවා රාජිත සේනාරත්න අද සෞඛ්‍ය  ඇමතිය ...අද ජෙප්පන් උන්ගේ අතවැසියන් වී ඇත ....!!!


ජවිපෙ 1965 මැයි 14 ආරම්භයේ සිට 2018 දක්වා කැරලි 2කට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල වූ 1971 අප්‍රේල් 5 කැරැල්ල මර්දනය කිරීමේදී සමඟි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරැලිකරුවන් සංඛ්‍යාව 1,200ක් පමණ වේ. ජවිපෙට අනුව මියගිය සංඛ්‍යාව 10,000ක් පමණ වේ. එසේම 1971 කැරැල්ලේදී අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11ක රඳවා සිටි කැරැලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාර වූ සංඛ්‍යාව 4,200කි.

පරීක්ෂණ සභා කොමිෂන් 4ක් මඟින් 1971 අප්‍රේල් කැරැල්ල මහ නඩුව ඇතුළු පරීක්ෂණ 140ක් පවත්වන ලදී. එහිදී චෝදනා ලැබූ චූදිතයන් සංඛ්‍යාව 3,908කි. පුනරුත්ථාපනය කළ සංඛ්‍යාව 16,853කි. සෙසු අයට අත්හිටුවූ බරපතළ සහ ජීවිතාන්තය තෙක් ආදී සිරදඬුවම් නියම විය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත 1977 ඔක්තෝබර් 1 අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 එජාප ආණ්ඩුව මඟින් නිදහස් කරන ලදී.

රනිල් වික්‍රමසිංහ ගේ අනවශ්‍ය, අඥාන, දේශපාලන පාරාවළල්ල....!!!

රනිල් වික්‍රමසිංහගේ ව්‍යායාමයේ යටි අදහස කුමක්ද? මුට්ටිය දමා බැලීමක්ද? ටී.එන්.ඒ. සතුටු කිරීමට ගත් උත්සාහයක්ද? ආර්ථික අර්බුදයෙන් ජනතාවගේ අවධානය වෙනතකට හැරවීමේ අදහසින්ද? මැතිවරණ තුනක් ඉදිරියේ තබාගෙන අගමැති ගත් උත්සාහය තුළින් කළේ රට තුළ අනවශ්‍ය කැලඹිලි තත්ත්වයක් ඇති කිරීම පමණය. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට බැරි දෙයක් සඳහා අගමැති වෙර දරන්නේ ඇයි දැයි යූඑන්පීයේ මන්ත්‍රිවරුන්ටද ප්‍රශ්නයකි.
2019 උදාවීමත් සමඟම, අගමැති රනිල් වික්‍රමසිංහ, හදිසියේ දින තුනක දැනුම් දීමකින් ව්‍යවස්ථා මණ්ඩලය කැඳවා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කළේය. ඒ අතර, දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන්  මාධ්‍ය ප්‍රකාශයක් කරමින්, යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරබවාරි 4දා නිදහස් දිනට පෙර සම්මත කර ගන්නා බව කියා සිටියේය. මෙම සිද්ධීන් දෙක රට තුළ ක්‍ෂණිකව මහත් ආන්දෝලනයක් ඇති කළේය. විරෝධතා ප්‍රකාශ සහ විවිධ මතවාදී ප්‍රකාශ නිකුත් වන්නට විය. අගමැති රනිල් වික්‍රමසිංහ  එකී විරෝධතා හමුවේ ආරක්‍ෂක තත්ත්වයට පත් වූයේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පතක්වත් තවමත් සකස් කර නැති බව පුන පුනා කියන්නට අගමැතිට සිදුවිය. කුමන ප්‍රකාශ කළත්, රටට ගොස් ඇති පණිවුඩය වන්නේ, රට බෙදන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර ඇති බවයි. මහ නායක හිමිවරුන්ටද ප්‍රකාශ සිදු කරන්නට සිදුවිය.

මව්බිම ට සිලෝන් ටුඩේ ට සුමන්තිරන් බුරයි....!!! මැස්සෙක් ගිය උඩ ....!!!

දේශපාලනඥයන්ට වඩා පහත් දේශපාලනය කරන්නේ මාධ්‍ය බවට චෝදනා කරමින් බොරු ප්‍රචාර කරන කට්ටිය අඳුනාගෙන ඒගොල්ලන් මාධ්‍ය වුණොත් මාධ්‍ය ක්‍ෂේත්‍රයෙනුත් දේශපාලනඥයකු වුණොත් දේශපාලනයෙනුත් ඉවත් කරන්න අවශ්‍යතාවක් තිබෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්  තර්ජනය කළේය.
ඔහු එලෙස චෝදනාවක් කරමින් තර්ජනය කළේ පෙරේදා (16දා) දින 'මව්බිම', 'සිලෝන් ටුඩේ' යන පුවත්පත්වල ප්‍රධාන පුවතින් ඔහුගේ රූපයද සහිතව පළ කළ පුවත ගැන ප්‍රකාශයක් කරමින් එම පුවත්පත් ජනතාවට ප්‍රදර්ශනය කරමින් පෙරේදා (16දා) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මහජනතාව අමතමිනි.

රට බෙදීමට ව්‍යවස්ථා ගෙන ඒමට දඟලන වල් පරයන් දැනගත යුතුය ....!!!

පොංගුතමිල් කල්ලි ඇවිත් ගරුකන්ද රජමහා විහාරය කෝවිලකට ගන්න හදයි....!!! දෙමළ දේශපාලනඥයොත් ඇවිත් පිරිස 200කට වැඩියි !!!... 
 අත්තිවාරමත් දාන්න පටන් අරගෙන...
විහාරාධිපති හාමුදුරුවන්ටත් තර්ජනය කරලා...
දෙමළ දේශපාලනඥයොත් රොත්තක්ම ඇවිත් සේරම පිරිස දෙසීයකට වැඩියි...


  උතුර - නැගෙනහිර අන්තවාදී දේශපාලනඥයන්ට ඉඩම් සහ පොලිස් බලය හිමි වුවොත් සිදුවන විනාශය මේ රටේ මහ ජාතිය තේරුම් ගත යුතුය. එසේ නොවෙන්න අපට උතුරක් නැත. ඉතිරි වන්නේ වෙනම පාලනයක් සහිත කොදෙව්වක් පමණි. අකැමැත්තෙන් වුවද සිංහලූන් විදිහට අප තේරුම්ගත යුතු යථාර්ථය එයයි...
 උතුරේ අන්තවාදීන්ගේ සිංහල බෞද්ධ විරෝධය නැවතත් උච්චත්වයටම පැමිණ තිබේ. පසුගිය 14 වැනිදා මුලතිව් නායාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පැමිණි අන්තවාදීන් පිරිසක් බලහත්කාරයෙන් විහාර භූමිය තුළ තෛපොංගල් උත්සවය සැමරීමට සූදානම් වී ඇත. කඩු, කිණිසි, කැති මන්න රැගෙන ට‍්‍රැක්ටර්වල නැඟී පැමිණි දෙසීයකට ආසන්න දෙමළ අන්තවාදී කණ්ඩායමක් විහාර භූමිය තුළ ලිප් බැඳ කිරිබත් පිසීමට සූදානම් වී ඇත. ගුරුකන්ද පිංබිමේ සිට ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ප‍්‍රදේශය පුරා සිසාරා රැව්දෙන ලෙස ද්‍රවිඩ ගීත ප‍්‍රචාරය කර ඇත. ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට බැණවදිමින්, තර්ජනය කර උදලූ, අලවංගු ගෙන විහාර භූමිය තුළ ගෙබිම් කපමින් කෝවිලක් ඉදිකිරීමට පාදම සැකසීමට ද ඔවුන් සූදානම් වී ඇත. 

සියලූ දෙනා වෙතටයි,..!!!


  අප රටේ ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු/ මන්ත‍්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.
 

 ත‍්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්‍ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.

hamudawa102ත‍්‍රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත‍්‍රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.

 අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.