අඟුණකොළපැලැස්සේ අක්කර 25 ක
ඉන්දියාව ඉස්සර කිව්වේ දුප්පතාගේ පලතුර කියලයි
ලොව විශාලම දිවුල් ප්රභේද එකතුව
නඩත්තුව, කප්පාදුව පහසු, ගහේ කටු නැති වර්ගයකුත් මේ අතර...!!!
අලියා ගිල්ල දිවුල් ගෙඩිය ගැන
කියවෙන කතාව බොහොම පරණ එකකි. එසේ වුවත් අපේ ඇත්තන්ගේ වැඩකිඩ ගැන විමසා
බලනවිට වෙන කවරදාකටත් වඩා, ඒවා අලියා ගිල්ල දිවුලට උපමා කරන්නට සුදුසු බව
ඕනෑම කෙනෙකුට දැන් දැන් පෙනී යමින් තිබේ. මන්දයත් බොහොමයක් වැඩ වල ඇතුළත
පිරික්සා බලන විට ගත යුත්තක් නැත. මෙලෝ රහක් නැත. අරගල කරමින්, ලේ හලා
ගනිමින්, සුද්දා පන්නා දමා රට නිදහස් කරගෙන වසර 70 ක් ගතවුණ තැන, මිනිසා
තුළ තිබූ යහගුණය, අලියාගේ වසුරු සමග පහවෙන දිවුල තුළ තිබූ මදය සේ, කොහේදෝ
සැඟවී ගොසිනි. සමාජයේ ඒ මේ අත පාවෙන්නේ දිවුල් කට්ට වැනි රූකඩයන්ය. උන්ගේ
පපු කුහර තුළ මදය නැත. ඇත්තේ හිස් බව පමණි.
දිවුල් ගෙඩියක් ගිලින අලියාගේ
ආමාශයික යුෂ දිවුල් කට්ටේ ඇති සිදුරු හරහා ඇතුළට කාන්දුවී, එහි ඇති දෑ
ජීර්ණය කරනු ලබයි. ඉන්පසු ඒවා එම සිදුරු හරහාම පිටතට පැමිණෙන්නේය. කටුව
ජීර්ණය කිරීමට මේ ජීර්ණ යුෂය සමත් නොවන නිසා, එය හානියක් නොමැතිව ඉතිරිවී
මල සමග පිටතට පැමිණේ. ගෙඩියක් සේ පිටතට පෙනුණත් ඇතුළේ තිබූ දෑ සිරුරට
උරාගෙන අවසන්ය.