ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, January 12, 2019

උන් සැප විඳින ගමන් ජනතාව නැතිවෙන්න බදු ගහන වලත්තු දේශපාලුවෝ ....!!!

රථවාහන සඳහා නිකුත් කරනු ලබන දුම් සහතිකය වෙනුවට ජනවාරි 1 වැනිදා සිට කාබන් බද්දක්‌ පැනවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම බද්ද මෝටර් රථවල එන්ජින් ධාරිතාව අනුව වර්ගීකරණ තුනක්‌ යටතේ අය කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරුපැදියක්‌ සඳහා රුපියල් 62.50 ක්‌ ද, එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක්‌ සඳහා රුපියල් 500 ක්‌ද, එන්ජි¨න් ධාරිතාව 2600 ක්‌ වන ජීප් රථයක්‌ සඳහා රුපියල් 1300 ක්‌ද, වසර 5 කට වඩා අඩු මඟී බස්‌ රථයක්‌ සඳහා රුපියල් 1000 ක්‌ ද, වසර 5 ත් 10 ත් අතර මඟී බස්‌ රථයක්‌ සඳහා රුපියල් 2000 ක්‌ද, වසර 10 ට වැඩි බස්‌ රථයක්‌ සඳහා රුපියල් 3000 ක්‌ ද වාර්ෂිකව අය කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි.මෙම බද්දේ අවසන් අරමුණ වන්නේ පෘථිවි ගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණය ක්‍රමයෙන් අවම කර ගෝලීය උණුසුම පාලනය කිරීමට හැකි අයුරින් දායක වීමය. ඒ සඳහා වඩාත් අවංක අරමුණු ඇතිව ඉදිරියට පැමිණ ඇත්තේ යුරෝපා රටවල් ය. ජර්මනිය සහ ප්‍රංශය යන රටවල් වසර 2025 වන විට තම රටෙන් ගල් අඟුරු බලාගාර ඉවත් කිරීමට මේ වන විටත් සැලසුම් සකස්‌ කර ඇත්තේ ඒ අනුවය. නමුත් ශ්‍රී ලංකාවට ඇත්තේ එවන් උතුම් අරමුණු නොව වාහනවල දුම් ටිකෙන් හරි බදු ආදායම උපයා ගැනීම වැනි සිල්ලර බදු ප්‍රතිපත්තියකි. ආණ්‌ඩුවට වායුගෝලයට එකතුවන කාබන් ප්‍රමාණය පාලනය කිරීමට අවංක වුවමනාවක්‌ තිබේ නම් පළමුව කළ යුත්තේ බදු පැනවීම නොව ශ්‍රී ලංකාවේ කාබන් චක්‍රය පුනර්ජනනීය බලශක්‌ති චක්‍රය වෙත මාරුකිරීමේ යාන්ත්‍රණය සැකසීමය. මහජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයක්‌ පිහිටුවා තිබෙන්නේ ඒ සඳහා ය.

රජයේ මාධ්‍ය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ හොරණෑවක් විය යුතුමයි - වජිර අබේවර්ධන...!!!

මාධ්‍ය මර්දනය කිරීමක්, මාධ්‍යට දැඩි බලපෑම් කිරීමක් මේ වෙලාවේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ඇයි?
එහෙම මාධ්‍ය මර්දනයක් සිදු වෙලා නැහැ. මාධ්‍ය වැඩකටයුතු කරගෙන යනවනේ.
ආසන්නතම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා කළු ඇඳුමින් සැරසුණු පිරිස් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන ඉදිරියට ඇවිල්ලා විරෝධය පළ කළේ ආණ්ඩුවේ වුවමනාවට නේද?
මාධ්‍ය ආයතන කියලා සුවිශේෂී දෙයක් නැහැනේ. මේ රටේ මන්ත්‍රිවරුන්ට එරෙහිව උද්ඝෝෂණය කරනවා. ජනාධිපතිතුමාට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. අගමැතිට එරෙහිව උද්ඝෝෂණය කරනවා. සමහර වෙලාවට සුප්‍රීම් මහජනතාව සුප්‍රීම්' අධිකරණය ඉදිරිපිටත් උද්ඝෝෂණය කරනවා. මොකද මහජනතාව තමයි සුප්‍රීම් එතකොට සුප්‍රීම් මහජනතාව කලබල වුණාම උද්ඝෝෂණ කරනවා. ඒවා ස්වාභාවික දේවල්.
එතකොට මාධ්‍ය ආයතන ඉදිරිපිට කළු ඇඳුමින් සැරසී සිදු කළ ක්‍රියාවන්ට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැද්ද?
ආණ්ඩුවට කිසිම බලපෑමක් කරන්න අවශ්‍ය නැහැ. මහජනතාව කලබල වුණාම මොනවා කරනවාද දන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතනවලට චෝදනා කළා කළු මාධ්‍ය කියලා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිටි මාධ්‍යවේදීන් දෙස බලමින් චෙක්පත් සූදානම් කරගන්න කියලා මාධ්‍ය ආයතනවලට දැනුම් දෙන ලෙසටත් ප්‍රකාශ කළා...?

සරත් ෆොන්සේකා ගේ පැටිකිරිය ....!!!

එන්ජීඕ වාසනාවෙන් කෝටිපතියන් වූ 1465ක් ලංකාවේ...!!!

 කිසිදු රැකියාවක් නොකරන කෝටිපතියන් වූ 1465 ක් මෙරට සිටින බව හෙළි වී ඇත. මේ පිරිස් එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.
  මොවුන්ට බටහිර රටවල් 17 ක්‌ විසින් පසුගිය වසර කීපය තුළ ලබාදී ඇති මුදල රුපියල් කෝටි 2000 කට අධිකය.
  මේ කෝටිපති පිරිසට සහාය දක්‌වන විදේශ කෝටිපතියෝ 381 ක්‌ මෙරට සිටිති. ඔවුහු විදේශ එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු වෙති.
  පසුගිය ඔක්‌තෝබර් 27 දා සිට මේ වනවිට අලුතින් එන්. ජී. ඕ. 17 ක්‌ද බිහි වී ඇත.

සුමන්තිරන් පොලිස් බලතල ඉල්ලන්නේ කේරළ ගංජා ජාවාරම ජයටම කරන්නද....?

සුමන්තිරන් මන්තී‍්‍රවරයා නිරන්තරයෙන් උතුරට පොලිස් බලතල ඉල්ලන්නේ පොලිසියේ බාධාවකින් තොරව කේරළ ගංජා ජාවාරම කරන්න ද යන ප‍්‍රශ්නය එම මන්ත‍්‍රීවරයාගෙන් විමසීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.

 ගම්මන්පිල මන්තී‍්‍රවරයා ඒ බව සඳහන් කර සිටියේ  පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ 
ගම්මන්පිල මෙසේ ද පැවසීය.
  කිලිනොච්චි පොලිසිය විසින් පලෙයි ප‍්‍රදේශයේ දී ලංකාවට රහසිගතව ගෙනා කේරළ ගංජා නමැති මත්ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගන්න වැටලීමක් කරනවා. ඒ අවස්ථාවේ මේ ජාවාරම්කරුවන් පොලිසියට පහර දෙනවා. නමුත් මේ අය අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙනවා. පොලිසියට පහර දෙන්න තරම් හයියක් ජාවාරම්කරුවන්ට ලැබුණේ කොහොමද කියන එක හෙළිවෙන්නේ මේ අපරාධකරුවන් පොලිසියට ගෙනාවට පස්සේ.
  නොනිල අගමැති ලෙස රටම දන්නා දෙමළ ජාතික සංධානයේ යාපනයේ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු පොලිසියට කතා කරලා මේ පිරිස තමන්ගේ ආධාරකරුවන් නිසා වහාම නිදහස් කරන්න කියා නියෝග කරනවා. මේ අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිසියට තදින් බැණ වදිනවා. මේ පිළිබඳ පොලිස්පති විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන නිසා මේ පිළිබඳ මීට වඩා මම විස්තර කියන්නේ නෑ.

පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ සහාය ගන්න දෙමළ ඩයස්පෝරාව හිටපු ජනාධිපති චන්ද්‍රිකා ට විශාල මුදලක් ලබාදී තිබෙනවා ....

මෛත්‍රී - මහින්ද දේශපාලන සන්ධානය කඩිනමින්ම ඇරඹිය යුතුයි
 සුමන්තිරන්ගේ ඊළාම් සිහිනය කෙසේ හෝ පැරදවිය යුතුයි....!!!

 රණවිරුවන් දස දහස් ගණනක් දිවිපුදා නතර කළ ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරන සුමන්තිරන්ලාගේ ප්‍රයත්නය කෙසේ හෝ පරාජය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  ප්‍රකාශ කළේය.
  වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ
  08 වැනිදා සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී විමල් වීරවංශ  වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

 මේ දිනවල රනිල් වික්‍රමසිංහ පන්සල් වෙත යනවා, බෝමළුව මත හිස තබා වන්දනා කරනවා. මහනායක හිමිවරුන් බැහැදකිනවා, දේවාල වෙත යනවා අපට දැකගත හැකියි. තමන් සිංහල බෞද්ධ නායකයකු බව පෙන්වීමට ඔහු කටයුතු කරනවා. මේ සියල්ල ඔහු සිදු කරන්නේ සුමන්තිරන්ලා වැනි බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීම පිණිස ගෙන එනු ලබන නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සිංහල බෞද්ධ ජනතාවගෙන් නිසැකවම එල්ල වන විරෝධය සමනය කර ගැනීමටයි. මේ ව්‍යවස්ථා ක්‍රියාදාමය පිළිබඳ සිංහල බෞද්ධ සමාජය තුළ බලවත් සැකයක් ඇති වී තිබෙනවා. ඉන් ගැලවීමටයි මේ නාටකය රඟ දක්වන්නේ.

සිංහල ජනතාවට කොලේ වසා රනිල් ඇතුළු අපතයන් ගෙන ඒමට යන ව්‍යවස්ථාව ...!!!

ශ‍්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’ කරයි.. පලාත් සභාවලට පොලිස් බලතල..- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..!!! 
 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා නිර්දේශ ලබා දීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී රැස් වූ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාවලිය අනුව ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් සහ ඔරුමිත්ත නාඩු ලෙස හඳුන්වා දීමට යෝජනා කර ඇත.
නව ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරාපත් කර ගැනෙන අතර ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයකු විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ නිලය දැරීම තහනම් කර ඇත.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රී හිතවතිය සමග යාල කැලේ මහ රාත‍්‍රියේ විශේෂ දේව යාගයක්…!!!

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප‍්‍රබල ඇමතිවරයෙක්   වන සජිත් ප්‍රේමදාස  හා ඇමතිවරයා ගේ ආසනයට අයත් පලාත පාලන ආයතනයක තරුන මන්ත්‍රීවරියක් එක්ව යාල වන උද්‍යානයේ පෙරේදා රාත්‍රියේ විශේෂ අශිර්වාද දේවයාගයක් පවත්වා තිබේ.
මේ සදහා අදාල මන්ත්‍රීවරිය ගේ ලගම හිතවත් කාන්තාවන් කිහිප දෙනෙක් හා ඇමතිවරයා ගේ පුද්ගලික ආරක්ෂකයින් පමණක් සහබාගි වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.