පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව නිකුත් වී තිබේ. එම වාර්තාවට
අනුව ප්‍රහාරය වළක්වා නොගැනීමේ ප්‍රධාන වගකීම පැහැර හැර ඇත්තේ රාජ්‍ය
බුද්ධි අධ්‍යක්ෂවරයාය. ඊට අමතරව පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය
බුද්ධි ප්‍රධානියාද ප්‍රහාරයට වගකිවයුතු බව අවසන් වාර්තාවේ සඳහන් වේ.
එසේම ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද ප්‍රහාරය වළක්වා නොගැනීම
සම්බන්ධයෙන් දේශපාලන වගවීමක් ඇතැයි කමිටු වාර්තාවේ නිර්දේශ මාධ්‍යයට
ඉදිරිපත් කරමින් එහි සභාපති ආනන්ද කුමාරසිරි පවසයි.
පාස්කු
ත්‍රස්ත ප්‍රහාරය සිදුවී මේ වන විට මාස හයක් ගතවී තිබේ. ශී‍්‍ර ලංකාව
රටක් ලෙස මුළුමනින්ම අකර්මන්‍ය කළ මෙම බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයට
වගකිවයුතු පුද්ගලයන් ගැන දැන ගැනීමට රටේ පුරවැසියන්ට මාස 6 ක් බලා සිටීමට
සිදුවිය. එය බෝම්බ ප්‍රහාරයට වඩා ඛේදවාචකයකි. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවූ
මෙවැනි ත්‍රස්ත ප්රහාරවලදී ඊට වගකිවයුතු පුද්ගලයන් සිය තනතුරුවලින්
ඉල්ලා අස්වනු අප ඕනෑ තරම් දැක තිබේ. නමුත් ශී‍්‍ර ලංකාවේ කිසිදු ආරක්ෂක
ප්‍රධානියකු හෝ එම ප්‍රධානීන් වගකියන කිසිදු දේශපාලනඥයකු මේ වන තෙක්
ප්‍රහාරයේ වගකීම භාරගෙන සිය තනතුරුවලින් ඉල්ලා අස්වූයේ නැත. සිදුවූ එකම දේ
පසුගිය මාස 6 පුරා පාස්කු ප්‍රහාරයේ වගකීම ‘ෆුට් බෝලයක්’ මෙන් දේශපාලන
පිටියේ දෙපැත්තට පෙරළී යෑමය.
තේරීම් කාරක සභාවේදී හෙළිවූ
තොරතුරුවලට අනුව ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ ප්‍රධාන වගකීම පැහැර
හැර තිබුණේ ආණ්ඩුවය. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සහ ආරක්ෂක
අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ සාක්ෂිවලින් ඒ බව තහවුරු
විය. මෙහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර ලබාදුන් සාක්ෂි ඉතා බරපතළ
චෝදනාවලින් සමන්විත විය. ඉන් එක් සාක්ෂියක් වූයේ 2018 අපි‍්‍රයෙල් මාසයේදී
අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් කෙරීගෙන ගිය පොලිස් පරීක්ෂණ නතර
කරන ලෙස ඔහුට නියෝග ලැබීමය. ඒ වගේම 2018 ඔක්තෝබර් මාසයෙන් පසු
පොලිස්පතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැුස්වීම්වලට සහභාගි කරවා නොගැනීමය. ඒ
වගේම කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ඉස්ලාම් පූජකවරුන් මෙන්ම මවුලවිවරුන්ගේ
ප්‍රකාශවලට අනුව අන්තවාදී මුස්ලිම් සංවිධාන සම්බන්ධයෙන් සියලූ තොරතුරු
ඔවුන් කල්තියාම ආරක්ෂක අංශවලට ලබාදී තිබේ. මෙම තොරතුරු බුද්ධි අංශ විසින්
ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී තිබුණද ඔවුන් ඒ පිළිබඳව තැකීමක් නොකළ බව
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රකාශවලින්ම තහවුරු විය. ‘දැනගෙන
හිටියා, හැබැයි මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ’ යැයි හේමසිරි ප්‍රනාන්දු
විසින් කළ ප්‍රකාශය ගැටලූ සහගතය. ඊට හේමසිරි ප්‍රනාන්දුට පමණක් දොස්
පැවරීමෙන් ඵලක් නැත.
මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්
බාගත කරගත හැකි තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව කියවූ විට ඉතා පැහැදිලි
වන්නේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම රාජ්‍ය බුද්ධි අංශයේ ගිණුමට බැරවී
ඇති බවය. තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට බුද්ධි සම්පත්
ලබාදුන් නිලධාරීන්ට පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ
ඇයිද යන්න විමතියට කරුණකි. විශේෂයෙන්ම අවුරුදු තිහක් පුරා වන්නියේ බංකරයක
ජීවත් වූ එල්ටීටීඊ නායක ප්රභාකරන්ගේ මනස කියැවීමට සමත් වූ රාජ්‍ය බුද්ධි
නිලධාරීන්ට කාත්තන්කුඩියේ සහරාන් මග හැරුණේ කෙසේද?
රටක ජාතික
ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන්නේ ස්ථිර ප්රතිපත්තීන්ය. ආණ්ඩු මාරු වූවාට එම
ප්‍රතිපත්ති කිසිදා වෙනස් වන්නේ නැත. ඇමරිකාවේ ඔබාමාගෙන් ට්‍රම්ෆ්ට
ජනාධිපති තනතුර මාරු වූවාට ත්ගඊගෂ සහ ක්ගෂග් රාජ්‍ය ආරක්ෂක ප්‍රතිපත්ති
වෙනස් වූයේ නැත. ඊශ්‍රායලයේ එහුඞ් ඔල්මර්ට්ගෙන් බෙන්ජමින් නෙතන්යාහුට
අගමැති පදවිය මාරු වූවාට ‘මොසාඞ්’ සංවිධානයේ ආරක්ෂක ප්‍රතිපත්ති වෙනස්
වූයේ නැත. නමුත් ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු මාරුවෙන් සිදුවූයේ කුමක්ද? ජීවිත
පූජාවෙන් එල්ටීටීඊය පරාජය කිරීමට කැපවූ බුද්ධි නිලධාරීන් මහඋළු ගෙදරට ගාල්
කොට ජාතික ආරක්ෂාව රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට භාර කිරීමය. පසුගිය වසර හතරක
කාලය තුළ එවැනි පරිපාලන නිලධාරීන් පස් දෙනකු ආරක්ෂක අමාත්‍යාංශයේ
ලේකම්වරුන් ලෙස කටයුතු කළේය. ජාතික ආරක්ෂාවේ වගකීම් විරහිතභාවය ගැන කීමට
මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
දැන් කළ යුත්තේ පාස්කු ප්‍රහාරයේ
වගකීම බුද්ධි නිලධාරීන්ට හෝ පොලිසියට හෝ හමුදාවට හෝ ජනාධිපතිට හෝ අගමැතිට
හෝ පැවරීම නොව යළි මෙවැනි ත්‍රස්ත ප්රහාරයන් ඇති නොවන තැනට රටේ ජාතික
ආරක්ෂාව තහවුරු කර ගැනීමය. ඒ සඳහා ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලූ දේශපාලනඥයන්
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණිය යුතුය. නමුත් රටේ
අවාසනාවට, පසුගිය මාස 6 පුරා එවැනි එකඟතා ගැන කිසිදු සාකච්ඡුාවක් සිදුවූයේ
නැත. තවමත් ‘බෝලය’ පිටියේ දෙපැත්තට පෙරළෙමින් තිබේ. මෙය ශී‍්‍ර ලංකාවට
ආවේණික ‘ගේම්’ එකක් බව ජනතාව දැන් තේරුම් ගෙන තිබේ. එම නිසා කී‍්‍රඩකයන්
දැන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. මන්ද ඔවුන්ගේ ‘ගේම්’ එක අවසන් කිරීමේ
‘රෙඞ් කාඞ්’ දැන් ඇත්තේ ජනතාව අතේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, October 25, 2019
මේ ‘ගේම්’ එක අවසන් කිරීමේ ‘රෙඞ් කාඞ්’ දැන් ඇත්තේ ජනතාව අතේය.
Posted by
lankanews
at
October 25, 2019
Labels: muslim agenda, sajith unp, tna deals, TNA politicians, unp politicians, unp corruptions, unp deals
මේ ‘ගේම්’ එක අවසන් කිරීමේ ‘රෙඞ් කාඞ්’ දැන් ඇත්තේ ජනතාව අතේය.
2019-10-25T21:18:00+02:00
lankanews
muslim agenda|sajith unp|tna deals|TNA politicians|unp politicians|unp corruptions|unp deals|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
