ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 25, 2019

නැති දෙමළ නිජ බිමක් හැදූ කාසිචෙට්ටිගේ කුමන්ත‍්‍රණය සහ උතුරේ දෙමළ රජු පී.ඒ. ඩයික් ...!!!

යාපනේ රාජ්‍යය ශ‍්‍රී ලංකාවට ශ‍්‍රී මහා බෝධිය වැඩම කරවූ පරපුරට හිමි උප රාජධානියකි. පාන්ඩිය දේශයට සම්බන්ධ මෙම පරපුර සිය රාජ්‍යය පෘතුගීසින් 1620 දී යටත් කරගත් විට රජුගේ දියණියන් දෙදෙනා උඩරට කුමාරවරු දෙදෙනෙකුට විවාහ කරදුනි. යාපනේ රාජ්‍යය විමලධර්මසූරිය රජුට අයත්ව තිබූ බව යාපනේ ඉතිහාස පොත යාල්පාන වෛපවමාලයේද සඳහන් වේ. යාපනේ සිංහල විරෝධී රජයක් තිබුණාය යන්න 19 සියවසේ ගොඩනැගූ මිථ්‍යා මතවල ප‍්‍රතිඵලයකි. මෙවැනි මතයක් ප‍්‍රචාරය කළේ රටේ එක්සත් බව නැති කිරීම සඳහා ය.

 මෙරටට 1806 පැමිණි ඉංග‍්‍රීසින් පළමු දස වර්ෂය තුළ අත්කරගත් ජයග‍්‍රහණයක් නොමැත. එම නිසා 1806 දී මුස්ලිම් තේසවලාමේ, රෝම ලන්දේසි නීතිද පසුකාලීනව උඩරට නීතිය ද පනවා රට අසමගි කළහ. සිංහල ප‍්‍රධානීන්ගේ බලය අහිමිකර ජාතීන් අතර තිබූ බැඳීම ද පලූදු කළහ. බි‍්‍රතාන්‍යයේ දෙවන ජනගහනය මුස්ලිම් වන අතර අදටත් මුස්ලිම් නීතියක් ද පනවා නැත. ඇත්තේ පොදු නීතියයි. අපේ රටට එවැනි නීතියක් 1796 ගෙන ඒමේ යටි අරමුණ එයින් පැහැදිලි වනු ඇත.
 


jeffna2ඩොයිලි නමැති භාෂා පරිවර්තක චරපුරුෂයා ද ඔහුට සහාය වූ මුස්ලිම් ඔත්තුකරුවන්ද දක්ෂ ලෙස උඩරට රාජ සභාව අවුල් කළහ. එහි ප‍්‍රතිඵලය උඩරට රාජ්‍යය බි‍්‍රතාන්‍යයන් සතුවීමයි. 1818 කැරැල්ලට ආසන්න හේතුව වූයේ වෙල්ලස්සේ හජ්ජි මරික්කාර්ට මුහන්දිරම් තනතුරක් ලබාදීමයි. මෙම කැරැල්ල මර්දනය කිරීම සඳහා නිරායුධ මිනිසුන් ලක්ෂ දහයක්ද, ඔවුන්ට අයිති ගේ දොර, සතා සිවුපාවන්, වැව් අමුණු, ඇළදොළ හා ධාන්‍ය යන සියලූ දේ විනාශ කළේය. 1816 දී ඇමෙරිකානු හා යුරෝපීය මිෂනාරීන් රටට ගෙන්වාගෙන ක‍්‍රිස්තියානිකරණය හා අධ්‍යාපනය සමාන්තරව ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. ඇමරිකානු මිෂනාරීන් යාපනයේ අධ්‍යාපනය උසස් මට්ටමකට ළඟා කළ අතර රාජ්‍ය සේවය ඔවුන්ගෙන් පිරී ගියහ. 1824 දී ජෝන් ඩොයිලි අවසන් ගමන් ගියේ ය.

 1824 දී උතුරේ පරිපාලනයට පර්සිවල්ඞ් ඒක්ලන්ඞ් ඩයික් පැමිණි අතර යාපනයේ දිසාපති වී 1867 මියයන තෙක්ම යාපනේ සේවය කළේය. යාපනයෙන් බැහැර සියලූම උසස්වීම් ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. එම වර්ෂයේම සයිමන් කාසිචිට්ටි උසාවි භාෂා පරිවර්තක ලෙස රාජ්‍ය සේවයට එක්විය. මෙතැන් සිට කාසිචිට්ටි 1860 මිය යන විට මුද්‍රිත පොත් 13 ක් ද සඟරාවලට ලිපි 29 ක් ද ලියා තිබුණේ ය. දෙමළ භාෂාවක් තිබුණත් ඉන්දියාවේ කිසිම තැනක දෙමළ රටක් හෝ දෙමළ ජාතියක් නොවීය. කාසිචිට්ටි සිය ලිපි මගින් මේ රටේ දෙමළ යයි ජාතියක් නිර්මාණය කිරීමට කටයුතු කළහ. 1833 දී කෝල්බෲක් ක‍්‍රමය අනුව ව්‍යවස්ථාදායක සභාවට දෙමළ නියෝජිතයන් පත් කළ අතර එහි දෙවන නියෝජිතයා සයිමන් කාසිචිට්ටි විය. දෙමළ මතවාදය ඇති කිරීම කාසිචිට්ටිගේ ව්‍යායාමයකි. ඒ අනුව පොන්නම්බලම් අරුනාචලම් රෙජිස්ට‍්‍රාර් ජනරාල් වූ විට ලංකා දෙමළ යයි ජාතියක් ලියාපදිංචි කළහ. එතෙක් සිටියේ මලබාර් ජාතීන් ය. ප’.ඒ.ඩයික් පරිපාලනමය වශයෙන් යාපනය වෙනම රාජ්‍යයක් යන අදහස ඇතිකිරීමට කටයුතු කළ අතර ඔහුව හැඳින්වූයේ උතුරේ රජු ලෙසයි. කාසිචිට්ටි පුත්තලමේ කෝරළයේ, මුදලි, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික හා අනතුරුව සිවිල් සේවයට ද උසස් විය. මේ ලිපි ලේඛන සඳහා ඉංග‍්‍රීසි ආණ්ඩුවේ ප‍්‍රසාදය උසස් වීම් වලට හේතු වූවා මෙන්ම ඔහුට මුදලින් ද ගෙවීම් කර ඇති බව අනාවරණය වේ. ඔහුගේ සුප‍්‍රසිද්ධ ග‍්‍රන්ථය ‘‘සිලෝන් ගැසටියර්’’ නමින් වූ පොතයි.

 කාසිචිට්ටිගේ මෙම ලියවිලි ඇසුරෙන් ඇමරිකානු මිෂනාරි ආගමේ ෆාස්ටර්වරයකු වූ එස්. ජෝන් යාල්පාන චාරිත‍්‍රම් නමින්ද පොන්නම්බලම් රාමනාදන් ගේ මස්සිනා වූ සී. බි‍්‍රටෝ ‘‘යාල්පාන වෛපවමාලය’’ නමින් පොතක්ද ප‍්‍රසිද්ධ කළහ. වෛපවමාලය 1736 යාපනයේ ආණ්ඩුකාරයාගේ ඉල්ලීම පිට ලියන ලදැයි කියතත් යාපනයේ කිසිම ලන්දේසි ආණ්ඩුකාරයකු සිට නැත. 1920 දී යාපනයේ පළකළ පොතක වෛපවමාලය සාවද්‍ය රචනාවක් බව අනාවරණය කර ඇත. 1860 ගණන්වලදී බෞද්ධ ක‍්‍රිස්තියානි වාද ඇති වූ අතර එයින් බෞද්ධයෝ බොහෝ උද්දාමයට පත් වූහ. ශ‍්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊළමක් තිබූ බව මේ රචනා ආශ‍්‍රයෙන් මතයක් ඇතිකළ ද එහි සාවද්‍ය බව මෙම ග‍්‍රන්ථයෙන් අනාවරණය කරයි. 1831 දී ලංකාණ්ඩුවේ ගැසට් පත‍්‍රයට ලිපියක් ලියමින් කාසිචිට්ටි සඳහන් කර ඇත්තේ ත‍්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරය තිබූ තැන හින්දු කෝවිලක් තිබූ බවයි. එය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර ජාතිවාදය ඇතිවීමට එවැනි පියවර ද හේතු විය. 1950 ගණන් වන විටත් ගෝකණ්න විහාරයේ නටබුන් තිබුණු අතර දැන් ඒවා මත හින්දු කෝවිල් ඉදිකර ඇත. අපේ රටේ රජයන් විසින් මෙලෙස ඓතිහාසික බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමට ඉඩදීම ද මුස්ලිම් අන්තවාදය ව්‍යාප්තවීමට ඉඩදීම ද රටේ අනාගතය කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපාන බව අවසාන කළ යුතුයි.
 පියසිරි අමරකෝන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.