ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 25, 2019

සිංහල මුස්ලිම් කෝලාහල ගැන ධර්මපාලතුමා කිව්වේ මොනවාද...?

අද වන විට ශ‍්‍රී ලාංකීය සමාජයේ ඇති වී තිබෙන අරගලකාරී තත්ත්වයන් සලකා බැලීමේදී ඊට බලපෑම් කරනු ලබන ඓතිහාසික පසුබිමක් පවතින බව පෙනී යයි. එපමණක් නොව ඉතිහාසය නැවත ප‍්‍රතිරාවය වීමක් එසේත් නැතිනම් කාලය නමැති සාධකය වෙනස් වුවද ඊට බලපානු ලබන අවකාශමය සංසිද්ධීන් වල සමානතාවන් පවතින බවද අතීත සිද්ධි සියුම්ව විමර්ශනය කිරීමේදී පෙනී යයි. සැබෑ ජාති මාමක, උදාර පෞරුෂ ගුණයෙන් අනූන ජාතික වීරවරයෙකු වූ අනගාරික ධර්මපාලතුමන් මිය ගොස් අපේ‍්‍රල් මස 29 වැනි දිනට දශක 8 ක් ගත වුවද අදටත් අපට එවැනි යුග පුරුෂයකුගේ රික්තය පිරවීමට නොහැකි වීම ජාතියේ අවාසනාවක් බව කනගාටුවෙන් වුවද පිළිගත යුතුය. එදා එතුමන් විදේශ වෙත පවා ගොස් අභීතව හඬ නගා කීවේ අප රට, ආගම, ජාතියේ පවතින උදාර ගාම්භීර බවය. නමුත් අවාසනාවකට වත්මන් දේශපාලකයන් විදේශ හමුවේ මවන චිත‍්‍රය මහා ජාතියට ඉතාම හානිදායකය. මේ අනුව මෙම ලිපියේ අන්තර්ගතය මුළුමනින්ම සැකසෙන්නේ අද ජීවමානව නොසිටියත් එතුමන්ගේ අදහස් හා විග‍්‍රහයන් අද පවතින තත්ත්වය හඳුනා ගැනීමට සුදුසු වන පරිද්දෙනි.

 අතීත ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් සිංහල කෝලහාල පිළිබඳ සාකච්ඡාව ඇරඹීමට පෙර දම්පල් තුළින් ඊට පෙර වකවානුවල ඉන්දීය බෞද්ධ සිද්ධස්ථාන වලට මුස්ලිම් ප‍්‍රහාර සිදු කළ ආකාරය පිළිබඳව කළ විග‍්‍රහය විමසා බැලීම වටී.

 ඉන්දීය බෞද්ධ සිද්ධස්ථාන වලට අතීත මුස්ලිම් ප‍්‍රහාර ඉන්දියාවේ බුදු සමය පිළිබඳ සාකාච්ඡාවේදී මුස්ලිම් ආක‍්‍රමණිකයන් චීන, තුර්කිස්ථානයට, බ‍්‍රැක්ටියාවට, ගාන්ධාරයට පැමිණෙන තුරු එම ප‍්‍රදේශ වල බුද්ධාගම ජීව ආගමක් ලෙස පැවතුණි. මුස්ලිම් ආක‍්‍රමණ සිදු වන තුරු තක්ෂිලාවල කුරු, කෝසල, කාසි ජනපද, බෞද්ධයන්ගෙන් පිරී පැවතුන බව ඓතිහාසික මූලාශ‍්‍ර සාක්‍ෂි දරයි. බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා තුරු සින්ද් ප‍්‍රදේශ බෞද්ධයන්ගෙන් පීරී පැවතුණි. කි‍්‍ර.ව. 1200 දී නාලන්දා විශ්වවිද්‍යාලයත්, බුද්ධගයා මහා විහාරයත්, භක්තියාර් බල්ජි විසින් විනාශ කර දමනු ලැබීය. ආරාමික දහමක් වූ බුද්ධාගම විහාරාරාම, පුස්තකාල විනාශ කර භික්‍ෂුන් ඝාතනය කිරීමත් සමග අභාවයට යන ලදි. පැරණි බෞද්ධ විහාරස්ථාන සියල්ලම මුස්ලිම් සමින්දාර්වරුන්ගේ වාසභූමි බවට පත් විය. මෙලෙස ඉන්දියාවේ බුදු සමය මුසල්මානුවන් විසින් විනාශ කළ අයුරු දක්වන දම්පල්තුමන් කි‍්‍ර. ව. 1008 දී කාශ්මීරයටය පැමිණි ඉස්ලාම් හමුදා යුද ප‍්‍රකාශ කරනු ලැබූ ආකාරය සවිස්තරව දැක්වූයේය. කි‍්‍ර. ව. 1016 දී ඝස්නීයේ මහම්මද් විසින් අරඹනු ලැබූ විනාශකාරී කි‍්‍රයාදාමය මත ප‍්‍රතිමා භංග කිරීම, කලාකෘති විනාශ කිරීම සිදු කරන ලදි. ශී‍්‍රමත් උගඋග හන්ටර් දක්වන ලෙස දිල්ලියේදී එකම දවසක ගැහැණු, පිරිමි, ළමා ළපටීන් 8000 ක් කපා කොටා ඝාතනය කරනු ලැබීය. සිද්ධස්ථානවල වන්දමාන කරන අහිංසක බැතිමතුන් ඝාතනය කිරීමටද ඔවුහඳු මහත් ආශාවක් දැක්වූහ. මිනිසුන් කඩුවෙන් හා හෙල්ලෙන් කපා කොටා ඇන මරා දැමුහ. අන්තවාදි මුසල්මානු ත‍්‍රස්තවාදය පිළිබඳ එතුමන් අතීත තොරතුරු ඔස්සේ එලෙස ලියා තැබූහ.

 මුස්ලිම්වරුන්ගේ ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණය දම්පල්තුමාගේ විග‍්‍රහයට අනුව 16 වන සියවසේදී ලංකාවේ බටහිර වෙරළ ප‍්‍රදේශය පෘතුගී‍්‍රසි පාලනයට යටත් වන විට මුස්ලිම්වරුන් වෙළඳාම් කරමින් මහා ජාතිය වන සිංහලයන් සමග සහයෝගයෙන් කටයුතු කර ඇත. මුහඳුදුබඩ වෙරළ ආදිපත්‍ය ලබා ගැනීමට පෘතුග‍්‍රීසින් විසින් මුස්ලිම් සමූල ඝාතනය කිරීමට සැරසෙන විට ඔවුන්ට ආරක්‍ෂාව ලබා දුන්නේ සීතාවක මායාදුන්නේ රජුය. මහනුවර යුගයේදී ඔවුන්ව බේරා ගත්තේ මහනුවර සෙනරත් රජුය. ඉන් පසු ඔවුන්ට රට අභ්‍යන්තර වෙළඳ කටයුතු සඳහා උතුරු හා නැගෙනහිර පදිංචියට අවසර දෙන ලදි. මේ අනුව පෘතුග‍්‍රීසි සමූල ඝාතනයෙන් බේරා ගත් මායාදුන්නේ සහ සෙනරත් රජු නිසා ඉතා සුළු ප‍්‍රතිශතයක් වීමට ඉඩ තිබූ මුස්ලිම් ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව තුළ වැඩි වර්ධනය විය. රට අභ්‍යන්තරයේ සංචාරක වෙළඳුන් වූ මොවුන් සිංහල වැන්දඹු කාන්තාවන්ව විවාහ කරගනිමින් සිංහල මුස්ලිම්වරුන් විය. මොවුහඳු විහාරස්ථානවල හාමුදුරුවරුන් සමග හිත මිත‍්‍ර වී සිංහල පාලි සංස්කෘත භාෂා ප‍්‍රගුණ කර හෙළ වෙදකමද ඉගෙන ගත්හ. ඒ නිසා දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරුන් මොවුන් අතරින් බිහිවිය. 20 වන සියවසේ ඡුන්ද හිමි නාම ලේඛනවල උඩරට මුස්ලිම්වරුන්ගේ වාසගම් සිංහල විය. මේ ලංකා මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයයි.

 ෑගඊ ඩන්හැම්ට අනුව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම්වරුන් කොටස් දෙකකි. ශී‍්‍ර ලාංකීය මුස්ලිම් හා මුහඳුදු බඩ මුස්ලිම් ලෙසිනි. 1911 මුල්ම රජයේ ජනසංගණන වාර්තාවට අනුව ශී‍්‍ර ලංකාවේ වාර්ගික සංයුතිය මෙසේය. සිංහල ජනගහනය 2715420 කි. එයින් 2474170 ක් බෞද්ධයන් විය. ඉතිරි අය කිතුනු හා කතෝලික භක්තිකයන් විය. ලංකා දෙමළ ජනගහනය 528024 විය. ඉස්ලාම් ආගම ඇදහූ මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව 266625 ක් වේ.

 ධර්මපාලතුමන් විශේෂ වශයෙන් අවධාරණයට ලක් කරන ඉන්දීය මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික කි‍්‍රයාවලිය විමසා බැලීමේදී ඔවුන් දකුණු ඉන්දීය දෙමළ කම්කරුවන් සමග හම්බන් ඔරු වලින් ලංකාවට පැමිණි බව දක්වයි. ඔවුන්ට ‘හම්බ’ යන නාමය පට බැඳුනේ මේ නිසාය. මෙසේ පැමිණෙන විට මොවුන් අත යම් මුදල් ප‍්‍රමාණයක් තිබූ අතර සිංහල නායකයන්ට විරුද්ධව ඉංග‍්‍රීසින්ට ඔත්තු සැපයීමේ කි‍්‍රයාවලිය මත ඔවුන්ගේ සිත් දිනා ගැනීමටද ලක්විය. මොණරවිලල කැප්පෙටිපොළ නිලමේතුමා හා අනිකුත් සිංහල නායකයන් පිළිබඳ ඔත්තු දීමට හැකි වූයේ ඔවුන් සංචාරක වෙළෙඳුන් ලෙස ගම් දනව්වල සැරි සැරීම මතය. එනිසා ඔවුන්ට නගර වල කඩ සාප්පු ඉදිකර ගැනීමට ඉංග‍්‍රීසි රජයේ ආධාර ලැබිණි. කොළඹ, මහනුවර, කුරුණෑගල ප‍්‍රදේශ වල සිල්ලර කඩ ආරම්භ කළ ඔවුහඳු නාගරික ප‍්‍රදේශ වල වාණිජ බලය තහවුරු කර ගත්හ.

 ධර්මපාලතුමා පෙන්වා දෙන පරිදි බෞද්ධ හින්දු කි‍්‍රස්ත‍්‍රියානි බැතිමතුන් සමග මොවුන් ආරවුල් ඇති කර ගනිමින් ආගමික සහජීවනය පළුදු කර ගත් අවස්ථා ක‍්‍රමයෙන් පැන නැගිණි. ස්වකීය වෙළෙඳ ව්‍යාපාර ආරක්‍ෂා කර

 ගැනීම පිණිස දැඩි ලෙස කි‍්‍රයාත්්මක වීමේදී සාහසික කි‍්‍රයා මාර්ග අනුගමනය කළහ. ස්වකීය පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට කටයුතු කළේ අනිකුත් ආගමික සංස්ථාවන්ට හිංසා වන පරිදිය. විශේෂයෙන්ම බෞද්ධ, හින්දු, ආගමික බැතිමතුන් ලබන ආගමික වරප‍්‍රසාද පිළිබඳව ඔවුන් බරපතළ විරෝධතා දක්වන ලදි.

 ගම්පොල කෝලහාලය

 මේ අනුව මුසල්මානුවන් බෞද්ධයන්ට එරෙහි මුල්ම ප‍්‍රහාරය එල්ල කළේ ගම්පොල (ගඟසිරිපුර) වලහගොඩ දේවාලයේ වාර්ෂික පෙරහැරට පහර දීමෙනි. වලහගොඩ දේවස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර එදා සිට අද දක්වාම පවතින්නක් වේ. 1907 වන විට ගම්පොළ අඹගමුව වීදියේ (මේ වන විට දී ද ගම්පොළ අඹගමුව වීදීයේ කතෝලික පල්ලියක් හා මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී තිබුණි) මුස්ලිම් පල්ලියේ පාලකයන් ප‍්‍රථම වරට 1907 දී පෙරහැරට බාධා එල්ල කරන ලදී. මුස්ලිම් පල්ලිය අසලින් යන විට ඊට යාර 100 බැගින් වූ දෙපැත්තේ සිට තූර්ය වාදන නවත්වා නිශ්ශබ්දව යන ලෙස දැන්වීමක් සවි කරන ලදි. මෙය බෞද්ධයන් ගණන් නොගන්නා ලදී. මේ අවස්ථාවේදී මුස්ලිම් වරුන්ද ඔවුන්ගේ විරෝධය දැඩිව ප‍්‍රකාශ කළේ නැත. යටත් විජිත රජය 1912දී මේ විරෝධය දැඩිව ප‍්‍රකාශ විය. මේ වන විටදී සුරාබදු පනතට විරෝධය පළ කරමින් යටත් විජිත පාලකයන් සමග සිංහල බෞද්ධ ජනතාව අතර ඇති වූ අර්බුදය ප‍්‍රයෝජනයට ගනිමින් යටත් විජිත රජය 1912 දී වළහගොඩ දේවාල පෙරහැර නවතන ලෙස බස්නායක නිලමේ ඇලිකේවෙල මහතාට දන්වන ලදි. නමුත් පෙරහැර තූර්ය වාදන සහිතව ගමන් ගන්නා ලදි. නමුත් මහනුවර දිසාපති ඨග ීග සැක්ස්ටන් මහතාට මුස්ලිම්වරුන් කරන ලද පැමිණිල්ලක් මත ඔහඳු විසින් පෙරහැර පැවැත්වීම දැඩි නීති සහිතව තහනම් කරන ලදි.

anagarika2නමුත් නැවත පෙරහැර 1914 දී පැවැත්වීමට මහනුවර දිසාපති අභියාචනා ඉදිරිපත් කරමින් බෞද්ධ පෙරහැර තහනම් කිරීමට එරෙහිව අවශ්‍ය විධි විධාන සකසන ලදි. කෙසේ වෙතත් මෙකී තත්ත්වයන් හමුවේ මුස්ලිම් ජනයා සිංහල බෞද්ධ ජනයාට විරුද්ධව විවිධාකාර ලෙස පීඩාකාරි හැසිරීම් දක්වමින් ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවලින්හි නිරතවිය. යටත් විජිත පාලකයන් මෙය අවස්ථාවක් කරගනිමින් මහා ජාතියේ බලය හා අභිමානය මර්දනය කරමින් සුළු ජන කොටස් වල වරප‍්‍රසාද වැඩි කිරීම මගින් මෙම දෙපිරිස අතර භේදය ඇති කිරීමත් එමගින් ඔවුන් බෙදා වෙන් කර පාලනය කිරීමත් පහසු බව හඳුනා ගන්නා ලදි. මෙයින් නොනැවතුණ මුස්ලිම්වරුන් හින්දු බැතිමතුන්ටත් හිංසා කරන ලදි. 1915 දී ජනවාරි 27 කුරුණෑගල මහනුවර මාර්ගයේ තෙල්ලියගමුව පසු කරන බෞද්ධ පෙරහැරකට මුස්ලිම්වරුන් ප‍්‍රහාර එල්ල කරන ලදි. පෙරහැරේ ගෙන ගිය බුදු පිළිම පොලූ පහර දී කඩා දමන ලදි. මේ කාලයේදී නැවත නැවතත් බෞද්ධ පෙරහැර වලට ගල්, පොලූ, කඩු වලින් පහර දීම සාහසික ලෙස මුස්ලිම්වරුන් විසින් සිදු කරන ලදි.

 ලංකා ව්‍යවස්ථාදායක මන්ත‍්‍රණ සභාවේ මන්තී‍්‍ර ීග ීග උබේසේකර කෘෂිකර්ම බැංකු කමිටුව ඉදිරියේ සාක්‍ෂිි දෙමින් මුස්ලිම්වරුන් ගැන දක්වමින් හම්බයන් සාමාන්‍යයෙන් නිත්‍ය පදිංචිකරුවන්ට පීඩා දෙන ආගන්තුක මිනිසුන් කොටසක් වේ. ඔවුහඳු සුළු මුදලක් රැගෙන මෙහි විත් ක‍්‍රම ක‍්‍රමයෙන් ලංකා වැසියන්ගේ ඉඩම් අයිති කර ගනිති. කෘෂිකර්ම බැංකු කමිටු පිහිටුවා තිබෙන්නේ හම්බයාගේ අසාධාරණ පොලියෙන් අසරණ සිංහල ජනතාව බේරා ගැනීම පිණිසය. දුප්පත් ගොවියෙකු හදිසි අවස්ථාවකට මුහඳුණපාන තෙක් බලා සිට ඔහඳුට සුළු මුදලක් ණයට දී අවසානයේදි ඒ ගොවියාගේ පාරම්පරික ඉඩම් කැබැල්ලද අහිමි කොට ඔහඳු අපරාධ කරුවෙකු බවට පත් කරයි. 1914 දී මුස්ලිම්වරුන්ගෙන් රට වැසියාට සිදුවන හානිය පිළිබඳව බැද්දෙවල මහතා, රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයාට කරුණු පැහැදිලි කලේය. හම්බයාගේ සිත්පිත් නැති වස්තු තණ්හාවට අමතරව තවත් පුරුද්දක් තිබුණී. ඔවුන් බොහෝ විට අශීලාචාරය. ඔවුන් ඉන්දියාවේ මුහඳුදු බඩින් පැමිණියේ වස්තු තණ්හාවටය. නමුත් භාර්යාවන් කැටුව පැමිණියේ නැත. ගම්වලට පැමිණ ඇරඹූ කඩවල සෑම දෙයක්ම තිබුණි. සිංහල තරුණියන් සමග හාද වෙමින් එක්කෝ ඔවුන් දූෂණය කළහ, නැතිනම් මුස්ලිම් ආගමට හරවා අනියම් භාර්යාවන් ලෙස තබා ගත්හ. ඒ වුණත් කොළඹ සිට මීගමුව දක්වා කතෝලික පූජකවරුන් සංවිධානාත්මකව කතෝලික ජනතාව දැනුවත් කිරීම නිසා එම මුහඳුදුබඩ ප‍්‍රදේශවල හම්බයන් සමග ගනුදෙනු කිරීම වැළකුණි. එම නිසා එම ප‍්‍රදේශ වල මුස්ලිම්වරුන්ගේ කඩ අන්තයටම පිරිහඳුණි. එදා කතෝලික පූජකවරුන් ගත් කි‍්‍රයාමාර්ග නිසා ස්වකීය ප‍්‍රජාව මෙකී මුසල්මානු ආක‍්‍රමණ වලින් ආගමික ව්‍යාප්ත වාදයෙන් බේරා ගැනීමට හැකි විය. 1914 යුරෝපයේ ඇතිවූ පළමු ලෝක යුද්ධ සමයේදී ශ‍්‍රී ලංකාවේ වෙළඳාම් කළ මුස්ලිම්වරුන් නැති බඩු හිඟයන් මවමින් ජනතාව පීඩාවට පත් කරතිිග නමුත් හම්බයෝ මෙකල විශාල ආර්ථික වාසි ලබා ගත්තේ යටත් විජිතවාදින්ගේ දිරි ගැන්වීම මතය. මෙහිදී යටත් විජිතවාදින්ට අවශ්‍ය වූයේ මහා ජාතිය අඩපණ කිරීමටත් ඔවුනට එරෙහිව සුළු ජාතින් බලගැන්වීමත්ය. (අද වන විටදී දේශීය දේශපාලන නායකයන් සිදු කරන්නේද මෙවැනි අධම කි‍්‍රයා දාමයන්ය.) පොලිසිය විසින් ධනවත් මුස්ලිම් වෙළඳුන්ගේ මුදල් හමුවේ මුස්ලිම් පල්ලි සඳහා විශේෂ අනුග‍්‍රහයක් දැක්වූ බව නිතිඥ D. E. වීරසූරිය දක්වා ඇත.


 මහනුවර කෝලහාලය

 1915 මැයි 28 වෙසක් උත්සවය මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මේ සඳහා දන්සල් පැවැත්වීමට බලපත‍්‍ර ලබා ගැනීමට ගිය අදාළ පුද්ගලයන්ට යටත් විජිත බලධාරීන් විසින් ප‍්‍රකාශ කළේ මුස්ලිම් වෙළෙඳුන්ගේ කඩවලට පාඩු වන බැවින් දන්සල් බලපත‍්‍ර ලබා දිය නොහැකි බවයි. මෙසේ යටත් විජිත පාලන අධිකාරිය මුස්ලිම් පුද්ගලයන්ට හිතවත් වූයේ චර පුරුෂ සේවයේ ඔවුන් යෙදෙමින් සිංහල නායකයන්ට එරෙහිව ගත් කි‍්‍රයාමාර්ග නිසාය. තවදුරටත් මුස්ලිම් වෙළඳුන් පළමු ලෝක යුද්ධය ඇති වන විටම බඩු හිඟයක් මවා හාල්, පිටි, සීනි, ලූණු, කරවල පමණක් නොව තේ කෝප්පයේ මිලද වැඩි කළහ. මේ නිසා සිංහල බෞද්ධ පමණක් නොව කොළඹ සිට පුත්තලම දක්වා වූ මුහඳුදුබඩ ප‍්‍රදේශයේ හා තදාසන්න ප‍්‍රදේශවල කතෝලික හා කිතුනු සිංහල ජනයාද මුස්ලිම්වරුන්ට එරෙහි වෙමින් මරක්කල කඩ වලින් ගනුදෙනු කිරීම නවතා දැමුහ. මෙම වර්ජනය කොතරම් බලගතු වූයේද යත් මරක්කල වෙළඳුන් එම ප‍්‍රදේශ අතහැර දැමූහ.

 1915 මැයි 28 වෙසක් පෙරහැරට මුස්ලිම්වරුන් පහර දෙනු ලැබූ අතර එයින් විශාල කෝලහාලයක් ඇති විය. එසේ පසු දින කොළඹ සිට මුස්ලිම්වරුන් පිරිසක් දළදා මාලිගාවට පහර දීමට පැමිණෙතියි යන ආරංචිය මත නැවතත් සිංහලයන් කුපිත විය. නමුත් එදින මුස්ලිම් අයෙකු විසින් සිංහල තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මත නැවතත් කෝලහාල ඇති විය. මේ නිසා මුස්ලිම් කඩ කඩා බිඳ දමමින් විශාල කෝලහාලයක් විය. නමුන් පොලිසිය මිනීමරුවා අත්අඩංගුවට නොගන්නා ලදි. රජය කළහය මර්දනය සඳහා නිසි කි‍්‍රයා මාර්ග නොගැනීම මෙතරම් විපතක් සිදු වීමට හේතුව බව දම්පලතුමන් විසින් දක්වයි.

 කොළඹ කෝලහාලය

 මහනුවර අර්බුදය සමනය වන විට 1915 මැයි 31 කොළඹ කළහකාරි විය. මහනුවර කළහයේ තොරතුරු කොළඹට පැමිණි වන්දනාකරුවන්ගෙන් දැනගත් කොළඹ නගරවාසි සිංහල බෞද්ධයන්ද කැළඹෙන්නට විය. විශේෂයෙන්ම මේ වන විට කොළඔ නාගරික දුප්පත් ප‍්‍රජාව විවිධ වූ ආර්ථික පීඩා මැද ජීවත් වූහ. මෙකල මරක්කල වෙළඳුන් මඩිය තර කර ගනිමින් කළු කඩ වෙළඳාම පවත්වා ගන්නා ලදි. නියමිත පරිදි බඩු සඳහා මුදල් ගෙවීමට අපොසත් වූ පුද්ගලයන්ව පහත් කොට හෙළා දකිමින් උඩඟු ලෙස සලකන ලදි. කම්කරු ජනයාගේ තේ කෝප්පය තිස් ගුණයකින් වැඩි විය. අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ ප‍්‍රභූන් විශාල වශයෙන් මෙම මුස්ලිම් කැරැල්ලේදි බි‍්‍රතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අනාගතයේ ඔවුනට තර්ජනයක් විය හැකි සිංහල ජාතික නායකයන් ඉලක්ක කර ගනිමින්ය. යුද්ධ නීතිය රට තුළ කි‍්‍රයාත්මක කර ගනිමින් ම්ලේච්ඡු දඬුවම් ස්වදේශිකයන්ට ලබා දුන් බව බි‍්‍රතාන්‍ය පුවත්පත් සඳහන් කරන ලදි. මෙහිදී අත්අඩංගුවට, හිර භාරයට ගත් සිංහල ගැමියන් මුදා ගැනීමට මුස්ලිම්වරුන්ට තම ඉඩම් පවරා දීමට සිදු විය. විටෙක අතීතයේ තමුනට රැකවරණය ලබා දුන් සිංහලයන් වෙත මේ මොහොතේ මුස්ලිම්වරුන් අකෘතඥ ලෙස කි‍්‍රයාත්මක වූයේ ඒ ආකාරයෙනි. මුස්ලිම් කෝලහාලයේදි කිසිදු චෝදනාවක් නොතිබූ හෙන්ද්‍රි පේද්‍රිස් බි‍්‍රතාන්‍ය රජය විසින් මරා දැමුවේද සිංහල ප‍්‍රභූවරුන්ට රිදවීමක් ලෙසය.

 අනගාරික ධර්මපාලට අනුව ලන්දේසි පාලන සමයේදි මුසල්මානුවන්ට ලංකාවේ ස්ථිර පදිංචියක් නොලැබුන අතර ඔවුන්ට දිිවයිනේ ස්ථිර පදිංචිය සඳහා අවසර ලැබුනේ බි‍්‍රතාන්‍ය පාලනයට රට යට වූ පසුවය. විදේශ ජනතාවක් වූ මහම්මදාමිකයා 19 වන ශත වර්ෂයේ මුල් භාගයේදි සාමාන්‍ය වෙළන්දෝ විය. 1915 කැරුල්ල පිළිබඳ අනගාරික දම්පල් බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්ට යැවූ ලිපියේ මෙසේ සඳහන් කරයි. බි‍්‍රතාන්‍යයට ජර්මන් ජාතිකයා මෙන් සිංහලයාට මහම්මදාමිකයා වෙයි. ඔහඳු සිංහලයාට ආගමෙන්ද ජාතියෙන්ද භාෂාවෙන්ද වෙනස්ය. ඔහඳුගේ ප‍්‍රභවය අරාබියෙන් සිදු වූ අතර සිංහලයාගේ ප‍්‍රභවය ඉන්දීය හා ආර්ය මූලයන්ට දිව යයි. පවතින ආණ්ඩුව යටත් විජිතවාදි ආණ්ඩුවක් වන හෙයින් එහි මූලික ප‍්‍රතිපත්තිය යටත් විජිතවාදි බි‍්‍රතාන්‍යයන් ආරක්‍ෂා කිරිමයි. ස්වදේශිකයා ඔවුන්ට හඳුදු ආදි වැසියෙකු පමණි. මෙම නොසකලා හැරීම්වල ප‍්‍රථිඵලයක් වන්නේ මහම්මදාමිකයා සමෘද්ධිමත් වීම හා භූමි පුත‍්‍රයා වළපල්ලට යෑමයි. බි‍්‍රතාන්‍ය නිලධාරීන් සිංහලයාට වෙඩි තැබිය හැක. සිංහලයන් එල්ලා දැමිය හැක. කපා කොටා මරා දැමිය හැක. බන්ධනාගාර ගත කළ හැක. එහෙත් මරක්කලයන් හා සිංහලයන් අතර සැම විටම නොහොඳ නොක්කාඩු පවතිනු ඇත. තවදුරටත් විදේශිකයන්ගේ අවමාන විඳීමට නොහැකි බව සාමකාමි සිංහලයා අවසානයේදි පෙන්වා දී ඇත. එකම දිනකදී මුළු ජාතියම මරක්කල ජනතාවට විරුද්ධව නැගි ඇත. ඊට හේතු ආර්ථික හා අධ්‍යාත්මිකය. බි‍්‍රතාන්‍ය නිලධාරීහඳු සිංහල සම්ප‍්‍රදායන්ද දිවයිනේ පැරණිි ඉතිහාසයද මුළුමනින්ම නොදත්තෝ වෙති. නමුත් කුඩා ප‍්‍රජාවක් සතුටු කිරීමට ජාතියක් මරා දැමීම කළ නොහැකිය. ලංකාවට අවශ්‍ය වී ඇත්තේ යුක්තිය, දයාව, මෛති‍්‍රය, නැති වූ කර්මාන්ත වල පුනරුප්ථාපනය සහ සුළු අනුකම්පාවක් පමණි. එදා සිංහලයන් ශ්‍රේෂ්ඨ ජාතියක්ව සිටින ලදි. දැනට පවතින තත්ත්වය පරිස්සමින් විමසා බලා එහි මූලය සොයා ගත යුතුය. ඉතිහාසයක් නොමැති විදේශිකයන්ද ඉතිහාසයක් ඇති භූමි පුත‍්‍රයන්ද එකම මිනුමෙන් නොමිණිය යුතුය. ඉතාම බරපතළ අයුක්තියක් නොවූයේ නම් දිවයින පුරාම මුළු මහත් ජනතාවක් නොනැගිටිනු ඇත. උතුම් සම්ප‍්‍රදායන්ගෙන් යුතු ඉතාම උතුම් ආගමක් අදහන ආර්ය ප‍්‍රභවයක් ඇති විසිපන් ලක්ෂයක ජනතාවට හදිසියේම මතු වූවන් මෙන් නොසැලකිය යුතුය.

එදා ශ‍්‍රී ලාංකීය ජනතාව පීඩාවට පත් කරනු ලැබුවේ විදේශ පාලන රජයන් විසිනි. අද ද ජාත්‍යන්තර බලවේගවල කි‍්‍රයාදාමය ඒ ආකාරයෙන්ම සිදු වේ. නමුත් ඊට දේශීය පාලකයන්ගේද උඩගෙඩි ලැබුනහොත් රටකළ ජාතියක අනාගතය කවර නම් ලෙස දුක්ඛ දායක වේද යන්න විචාර බුද්ධියෙන් අවබෝධ කර ගත යුතුය. විශේෂයෙන්ම බටහිරට අවශ්‍ය රූකඩ හෝ අතකොළු නොවී අතීතයේ මෙන් අභීත සිංහනාදය නැවතත් රාව ප‍්‍රතිරාව කරන ලෙස පාලක පන්තිය වෙතින් මුළු මහත් ජාතියක් මේ මොහොතේ ඉල්ලූම් කරයි.

 අනගාරික ධර්මපාලතුමන් යටත් විජිත භාර ලේකම්ට එම ලිපිය ලියන්නේ 1915 දීය. අද වන විට ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනය මිලියන 22 කි. වාර්ගික අනුපාතය අනුව සිංහලයන් 75‍% ක් වේ. ශ‍්‍රී ලාංකීය දෙමළ 11%කි. ඉන්දීය දෙමළ 4%කි. මුස්ලිම් වරුන් 9%කි. මේ අනුව පාලකයන්ට හඬගා කිව යුත්තේ රටේ පුරවැසියන් එකිනෙකා අතර අවිශ්වාසය හා වෛරය ඉස්මතු කරමින් අදවන විට සිදුවන සියලූ කි‍්‍රයාදාමයන් වගකීමෙන් යුක්තව විසඳීමට මැදිහත්වන ලෙසය. සැබෑ දේශ හිතෛශීන් ලෙස රටට ජාතියට ආගමට බරක් නොවන අතීතයේ සිටි වීරවරයන් මෙන් මෙවැනි ජාතික ව්‍යසනයකදී අභීතව කි‍්‍රයා කරන ලෙසය. හඳුදෙක් පටු අරමුණින් ස්වකීය ඡුන්ද පදනම වර්ධනය කර ගැනීමට සුළු ජාතීන් ඇපයට නොගන්නා ලෙසය. එසේම රටේ බහඳුතර සිංහල ජනයාගේ හඬට කන් දී ඔවුන්ගේද අවශ්‍යතා හා ඉල්ලීම් මොනවාද යන්න විචාර බුද්ධියෙන් අවබෝධ කරගන්නා ලෙසය. වත්මන් පාලකයන් විසින් ජාතික සංහිඳියාව යන වචනය අවභාවිත කරමින් සිදු කරනු ලබන අමනෝඥ කි‍්‍රයාදාමය වහාම නවතා මෙම ජාතික ව්‍යසනය සඳහා අවංකව එක් වී කි‍්‍රයාකාරී වන ලෙසය.

  ආචාර්ය ගයාති‍්‍ර විජේසුන්දර
 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 සමාජවිද්‍යා අධ්‍යනාංශය
 රුහඳුණ විශ්වවිද්‍යාලය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.