ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, August 25, 2019

අතිශය බිහිසුණු මාවතක් දෙසට දැන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යළිත් මේ රට රැගෙන යමින් තිබෙන්නේය. ..!!!

පරගැති දේශපාලනික කෙරුවාවක් තුළ ගෙවී ගිය වසර පහකට ආසන්න කාලයේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට සිදු කළ විනාශය හමුවේ අපි දැන් යළිත් බිහිසුණු බවේ උච්ඡුතම අවස්ථාවට ළගා වී සිටිමු.
මේ රටේ ජනතාවගේ වැටහීම පිණිස ඒ බව අප සටහන් කරනුයේ ඉතා වගකීමෙනි. මිනිසුනේ සිහිතබා ගන්න. අවධානයෙන් සිටින්න. යළිත් අපට මරණය දෝතට ගෙන ජීවත් වීමට සිදුවන වටපිටාවක් නිර්මාණය වෙමින් ඇත.
එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අප යුදමය වශයෙන් මේ රට තුළ පරාජයට පත් කරනු ලැබුවේ ඉකුත් 2009 වසරේ මැයි මස 19 වැනිදාය.
එතැන් සිටි මේ රටේ ජීවත් වූවන්ගේ හදවත් හිරිවට්ටවා තිබූ මරණයේ භීෂණය ඉවතට ගියේය. එහෙත් ඒ නිදහස පැවතියේ දස වසරක කාලයක් පමණකි.
ඉකුත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය යළිත් අපට ඒ රුදුරු මරණයේ තරම සිහිකර දුන්නේය. ඒ අනුව දැන් කාගේත් මාතෘකාව බවට පත්ව ඇත්තේ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය සහ සහරාන් හෂීම්ය.
එහෙත් මේ මොහොතේ රට ඇත්තේ තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදය හා සහරාන් හෂීම්ගේ භීෂණයේ ගොදුරක් බවට පත්වී පමණක්ද?
නැත. ඊටත් එහා ගිය අතිශය බිහිසුණු මාවතක් දෙසට දැන් එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යළිත් මේ රට රැගෙන යමින් තිබෙන්නේය.

සිංහල මුස්ලිම් කෝලාහල ගැන ධර්මපාලතුමා කිව්වේ මොනවාද...?

අද වන විට ශ‍්‍රී ලාංකීය සමාජයේ ඇති වී තිබෙන අරගලකාරී තත්ත්වයන් සලකා බැලීමේදී ඊට බලපෑම් කරනු ලබන ඓතිහාසික පසුබිමක් පවතින බව පෙනී යයි. එපමණක් නොව ඉතිහාසය නැවත ප‍්‍රතිරාවය වීමක් එසේත් නැතිනම් කාලය නමැති සාධකය වෙනස් වුවද ඊට බලපානු ලබන අවකාශමය සංසිද්ධීන් වල සමානතාවන් පවතින බවද අතීත සිද්ධි සියුම්ව විමර්ශනය කිරීමේදී පෙනී යයි. සැබෑ ජාති මාමක, උදාර පෞරුෂ ගුණයෙන් අනූන ජාතික වීරවරයෙකු වූ අනගාරික ධර්මපාලතුමන් මිය ගොස් අපේ‍්‍රල් මස 29 වැනි දිනට දශක 8 ක් ගත වුවද අදටත් අපට එවැනි යුග පුරුෂයකුගේ රික්තය පිරවීමට නොහැකි වීම ජාතියේ අවාසනාවක් බව කනගාටුවෙන් වුවද පිළිගත යුතුය. එදා එතුමන් විදේශ වෙත පවා ගොස් අභීතව හඬ නගා කීවේ අප රට, ආගම, ජාතියේ පවතින උදාර ගාම්භීර බවය. නමුත් අවාසනාවකට වත්මන් දේශපාලකයන් විදේශ හමුවේ මවන චිත‍්‍රය මහා ජාතියට ඉතාම හානිදායකය. මේ අනුව මෙම ලිපියේ අන්තර්ගතය මුළුමනින්ම සැකසෙන්නේ අද ජීවමානව නොසිටියත් එතුමන්ගේ අදහස් හා විග‍්‍රහයන් අද පවතින තත්ත්වය හඳුනා ගැනීමට සුදුසු වන පරිද්දෙනි.

 අතීත ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් සිංහල කෝලහාල පිළිබඳ සාකච්ඡාව ඇරඹීමට පෙර දම්පල් තුළින් ඊට පෙර වකවානුවල ඉන්දීය බෞද්ධ සිද්ධස්ථාන වලට මුස්ලිම් ප‍්‍රහාර සිදු කළ ආකාරය පිළිබඳව කළ විග‍්‍රහය විමසා බැලීම වටී.

නැති දෙමළ නිජ බිමක් හැදූ කාසිචෙට්ටිගේ කුමන්ත‍්‍රණය සහ උතුරේ දෙමළ රජු පී.ඒ. ඩයික් ...!!!

යාපනේ රාජ්‍යය ශ‍්‍රී ලංකාවට ශ‍්‍රී මහා බෝධිය වැඩම කරවූ පරපුරට හිමි උප රාජධානියකි. පාන්ඩිය දේශයට සම්බන්ධ මෙම පරපුර සිය රාජ්‍යය පෘතුගීසින් 1620 දී යටත් කරගත් විට රජුගේ දියණියන් දෙදෙනා උඩරට කුමාරවරු දෙදෙනෙකුට විවාහ කරදුනි. යාපනේ රාජ්‍යය විමලධර්මසූරිය රජුට අයත්ව තිබූ බව යාපනේ ඉතිහාස පොත යාල්පාන වෛපවමාලයේද සඳහන් වේ. යාපනේ සිංහල විරෝධී රජයක් තිබුණාය යන්න 19 සියවසේ ගොඩනැගූ මිථ්‍යා මතවල ප‍්‍රතිඵලයකි. මෙවැනි මතයක් ප‍්‍රචාරය කළේ රටේ එක්සත් බව නැති කිරීම සඳහා ය.

 මෙරටට 1806 පැමිණි ඉංග‍්‍රීසින් පළමු දස වර්ෂය තුළ අත්කරගත් ජයග‍්‍රහණයක් නොමැත. එම නිසා 1806 දී මුස්ලිම් තේසවලාමේ, රෝම ලන්දේසි නීතිද පසුකාලීනව උඩරට නීතිය ද පනවා රට අසමගි කළහ. සිංහල ප‍්‍රධානීන්ගේ බලය අහිමිකර ජාතීන් අතර තිබූ බැඳීම ද පලූදු කළහ. බි‍්‍රතාන්‍යයේ දෙවන ජනගහනය මුස්ලිම් වන අතර අදටත් මුස්ලිම් නීතියක් ද පනවා නැත. ඇත්තේ පොදු නීතියයි. අපේ රටට එවැනි නීතියක් 1796 ගෙන ඒමේ යටි අරමුණ එයින් පැහැදිලි වනු ඇත.
 

මසාජ් - ෆන් දෙකම දෙන SPA ....!!!

* කොළඹ තියෙන සම්බාහන කඩ ගණන පොලිසියටත් කියන්න බෑ...
* සමහර සම්බාහිකාවන්ගේ දවසක ආදායම පහළොස්දහස පනී...
* රටේ සෑම නගරයකම වගේ හතු පිපෙන ගානට සම්බාහන කඩ විවෘත වෙනවා
* දැන් රෑටත් සම්බාහන කඩ විවෘතයි...
 
රටක් ආරාජිකත්වයට පත්වන විට එරටේ සමාජ අපචාර, දුරාචාර සහ නීති විරෝධී ගනුදෙනු සිදුවීම අරුමයක් නොවේ. කාලයක සිට මෙරට ද ආර්ථික සහ සමාජයීය වශයෙන් දැවැන්ත පරිහානියකට ලක් වෙමින් තිබේ. මහ මග ප‍්‍රසිද්ධියේ මරා ගන්නා තරමට රට තුළ පාතාල ක‍්‍රියාකාරකම් වර්ධනය වී තිබේ. මහ බැංකු කොල්ලකෑමේ සිට ගමේ සණස සමිතිවලත් සිදුවන මුදල් වංචා නිරන්තරයෙන් වාර්තා වේ. ඒ අල්ලපනල්ලේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ගණිකා ජාවාරම ද සීග‍්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන බෝඞ් ලෑල්ලට මුවා වී කරගෙන යන ගණිකා ජාවාරම ද මුළු රටේම වසංගතයක් සේ පැතිර යන බව රහසක් නොවේ. මේ වන විට මෙරට සම්බාහන බෝඞ් ලෑල්ලක්, ස්පා කඩයක් නැති

නගරයක් නැති තරම්ය. එහෙත් අප මේ කතා කරන්නේ විවිධ රෝගාබාධවලට ප‍්‍රතිකාර ලබාදීම සඳහා පවත්වාගෙන යන නීත්‍යානුකූල සම්බාහන මධ්‍යස්ථාන ගැන නොවේ. සම්බාහන බෝඞ් ලෑල්ලට මුවා වී පවත්වාගෙන යන ගණිකා මඩම් ගැනය.

* මතක් වුණොත් සිහිය නැතිවන තරමේ ගනුදෙනුවක්
* හදපු බිල්ඩිම නැවත හදන්න තවත් කෝටි ගණනක් වියදම් කරලා
* ගෘහ භාණ්ඩ මිලට ගන්න නාස්තිකාර වියදමක් 

 නැවතත්, යහපාලන ආණ්ඩුවේ ‘පරණ කතාවක්’ සහ ‘අලූත් කතාවක්’ කියන්නට සිදුව තිබේ. යහපාලන ආණ්ඩුවට අවුරුදු හතරක් ගතවූ තැන මේ ‘අලූත් - පරණ’ කතා කියවන්නට යැයි අප කියන්නේ ඒ අවුරුදු හතර තුළ අප බත් වෙනුවට තණකොළ කා දමා ඇති ප‍්‍රමාණය සිහිපත් කරවන්නටය. අලූත් කතාව මෙසේය.

ජනාධිපතිවරයා විසින් 2015.01.15 දා සිට 2018.12.31 දක්වා සිදුව ඇති වංචා දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරනු ලැබූ කොමිෂන් සභාව මේ දිනවල සාක්‍ෂි කැඳවන්නේ බත්තරමුල්ල ඞී. පී. ජේ. ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඒමේදී සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳවය. හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පසුගිය දිනවල එහි සාක්‍ෂි ලබාදීම සඳහා කැඳවා තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.