ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 12, 2019

විල් ‘පත්තුව’ වනසා හදපු Jassim City කාටද?

‘විල්පත්තුව’ නමින් ජාතික උද්‍යානයක් අපට ඇත. එනමුත් විල්පත්තුව කිවූ සැණින් අපට සිහිවන්නේ විල්පත්තුවේ වන විනාශයයි. නැතහොත් වනාන්තර විනාශ කර හැදූ ජනාවාසයි.
2014 වසරේදී විල්පත්තුවේ අනවසර පදිංචිකිරීමක් වාර්තා විය. පදිංචිය සිදුවූයේ විල්පත්තුව ජාතික උද්‍යානයේ උතුරු සීමාව නිමාවන ‘මෝදරගං ආරු’ ඔයෙන් එගොඩ භූමියේය. මේ පිළිබඳව පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා භික්‍ෂූන් වහන්සේ රජයට කරුණු පන්වා දුන් අවස්ථාවේ එසේ පදිංචියක් හා වන විනාශයක් සිදුව ඇත්තේ විල්පත්තුවේ නොවේ යැයිද, ”අපි විල්පත්තුව කැපුවේ නැහැ” යනුවෙන්ද මුස්ලිම් දේශපාලකයෝ කියා සිටියහ. එවක රජයේ ප‍්‍රබල ඇමැතියකුව සිට පසුව යහපාලන රජයේ සුව ඇමැතිධුරයටද පත් දේශපාලකයකු මේ විරෝධතා තුට්ටුවකට නොසලකා සිද්ධිය සාධාරණීයකරණය කර චූදිත, නැවත පදිංචිකිරීමේ ඇමැති රිෂාඞ් බදියුදීන් ආරක්‍ෂා කර ඔහුගේ මුර දේවතා බවටද පෙනී සිටියේය.

පුදුමය නම්, එවක වනජීවී ඇමැතිකම දැරූ විජයමුණි සොයිසාද පරිසරවේදීන් නැගූ මේ චෝදනාව දැඩි සේ ප‍්‍රතික්‍ෂේප කළ අතර විරෝධතා උත්සන්න වනවිට එහි ක්‍ෂේත‍්‍ර චාරිකාවක්ද කළ හෙතෙම ‘‘නෑ එය විල්පත්තුවේ අපට අයිති සීමාවේ සිදුවූ දෙයක් නොවන බවට අප හඳුනාගත්තා.’’ යැයි මුසාවාදයක් ඉදිරිපත් කළේය.එහෙත්, ඔහු නොදැන හිටිය සත්‍යයක් එහි තිබුණේය. නොහොත් වසංකළ සත්‍ය ඉස්මතුවිය. වනජීවිය ගැන නොදත් වනජීවී ඇමැතියකු වශයෙන් අදත් අපට ඔහු හඳුන්වාදෙන්නට හැකි කරුණක් එහි තිබිණි. එනම් වනජීවී ආඥාපනත ඇතිකළ 1938 දීම ප‍්‍රකාශයට පත්කළ ‘යාල’ හා ‘විල්පත්තු’ ජාතික උද්‍යාන දෙකේ, තවත් පරිවාරක අභයභූමියක් ලෙස විල්පත්තුවට ඇඳා විල්පත්තු උතුරු අභය භූමිය වනජීවී ආඥාපනත යටතේ මෝදරගංආරු ඔයට ඉහළින් ප‍්‍රකාශයට පත්කර තිබීමය. ඒ අනුව වනජීවී නිලධාරීන් ගේ විමර්ශනයේදී අනාවරණය වූයේ මෙසේ පවුල් 44 ක් තාවකාලික ලෙස කැළෑව හෙළිපෙහෙළිකර පදිංචිවූ භූමිය විල්පත්තු උතුරු අභය භූමියට අයත් බවය.

තාවකාලික නිවාස 28 ක් හා කූඩාරම් 16 ක් අතරින් ස්ථිරව පදිංචිවූ මෙයින් 18 ක් හඳුනාගෙන වනජීවී නිලධාරීන් මන්නාරම් අධිකරණයේ නඩුවක් ගොනුකළ අතර (36/349) අදටත් එම නඩුව කැඳවේ. පදිංචිකරුවන්ගේ නිවාස අධිකරණ නියෝගයෙන් ඉවත්කළ අතර, 2014.04.20 දින එහිදී පැවැති පදිංචිකරුවන්ගේ උද්ඝෝෂණයේදී විල්පත්තු උතුරු අභය භූමියේ ඉඩම් ඉල්ලා සිටි 120 කගේ නාමලේඛනය අදටත් වනජීවී නිලධාරීන් සතුව ඇත.


මේ අතර, මෙම සිද්ධියට පෙර 2013 පෙබරවාරි 4 වැනිදා එවක මන්නාරම් දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත ලිපියක් (EMDද්‍ය/04/02/08/11/2012) යොමුකරන එවක වන සංරක්‍ෂක ජනරාල් කේ. පී. ආරියදාස කියා සිටින්නේ ‘‘අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචිකිරීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීම’’ යන කරුණ යටතේ 2013 ජනවාරි මස 15 දා කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වන සංරක්‍ෂණ නිලධාරීන් සමඟ පැවැති

රැුස්වීමේදී ගන්නා ලද තීන්දු පරිදි ඉඩම් ලබාදීමට අදාළ තීරණ පහත ඉදිරිපත් කරන බවය.

ඒ අනුව, මරිච්චකට්ටු - සිලාවතුර මාර්ගයේ කිලෝමීටර් 23 සිට කිලෝමීටර් 29 කණු දක්වා අතරතුර ප‍්‍රදේශයේ කිලෝමීටර් හයක් හා පළලින් මීටර් 250 බැගින් වනසේ පළලට පාර දෙපස බිම් තීරුවල ඉඩම් නිදහස් කිරීමට තීරණය විය යනුවෙනි. (මෙය දළ වශයෙන් හෙක්ටයාර් 150 කි.) තවද, පිච්චායි හා වන්නියාකුලම් ගම්මානවලට යාබදව මීටර් 200 ක පළලට තීරුවක් වන ලෙසට ”අවශ්‍ය ඉඩම් ප‍්‍රමාණයක්” නිදහස් කිරීමට කටයුතු තීරණය වීමද,

සන්නාර් - වෙඩිතලතිව් ප‍්‍රදේශයේ අක්කර 300 ක් මේවනවිටත් නිදහස් කිරීමට අදාල කටයුතු කර ඇති බවත්, අවශ්‍යතාව අනුව ඉදිරි ප‍්‍රදානයන් එම ස්ථානයෙන් නිදහස් කිරීමටත් තීරණය විය, යනුවෙන් කිසිදු වගකීමකින් තොර ලෙස එවක වනසංරක්‍ෂක ජනරාල් කේ. ටී. ආරියදාස විල්පත්තු උතුරේ මෙසේ ඉඩම් නිදහස් කිරීමට කටයුතු කර ඇත. විල්පත්තු උතුරේ මහා වන විනාශයට පාර කැපෙන්නේ ආරියදාසගේ මෙම ලිපියත් සමගය. හරිහැටි ප‍්‍රමාණයක් දක්වා නැත ආරියදාසගේ මෙම ලිපිය ඉබ්බා දියේ දැම්මාක් සේ වූ නිසා ඇමැති රිෂාඞ් බදියුදීන් ප‍්‍රමුඛ නැවති පදිංචි කිරීමේ බලධාරීහු මෙහි ප‍්‍රයෝජනය උපරිමව ලබා ගත්හ.

දැනට විමර්ශනය කර ඇති පරිදි මෙම අවසරයෙන් බදියුදීන් ඇමැතිවරයාගේ අධීක්‍ෂණයෙන් විල්පත්තු උතුර, කල්ලාර් මරිච්චකට්ටි වන රක්‍ෂිතයෙන් කැළෑ කපා හෙළිපෙහෙළි කර ඇති ප‍්‍රමාණය අක්කර 3400 කි. වන සංරක්‍ෂණක ජනරාල් කේ. පී. ආරියදාස නිර්දේශ කළ පරිදි මාර්ගය දෙපස හෙළි පෙහෙළි කර ඇත්තේ මීටර් 250 ක කොටසක්ද යන්න සොයා බැලීමට වත්මන් ඕනෑම රාජ්‍ය බලධාරියකුට, පරිසර ඇමැතියකුට එහි යන ලෙස අප ඉල්ලා සිටින්නට කැමැතිය. නොසිතූ විනාශයක් සිදුකළ විල්පත්තු උතුරු වනාන්තරවල භූමිය මෙසේ අල්ලාගත් අතර කපා බිම හෙළුෑ දැව සියල්ලම පෞද්ගලිකව විකුණා ඇත්තේ එක ගහක්වත් දැව

soba4 3සංස්ථාවට ලබානොදෙමිනි. මේ කතාව දැන් පරණ කතා ගොන්නට එක්වී හමාරය. අල්ලාගත් අක්කර 3400 ක භූමියෙන් අදියර ‘එක’ ලෙස රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා, එවක නැවත පදිංචිකිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව කටයුතු කර විදෙස් නිවාස ව්‍යාපෘතියක් එහි ගෙන එන ලදී. ඒ නම් ‘ජාසිම් සිටි’ නිවාස ව්‍යාපෘතියයි.

විල්පත්තුව වනසා හැදූ නිවාස ව්‍යාපෘතිය කාටද?

‘ජාසිම් සිටි’ නිවාස ව්‍යාපෘතිය ඇතුළු ජනාවාසකරණය සඳහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වනාන්තරය කපා හෙළි පෙහෙළි කරන ලද අක්කර ප‍්‍රමාණය 3400 ක් බව පරිසරවේදීන් විසින් ගණනය කරනු ලැබ ඇත. එහෙත් ඇතැම් තැනක එය සඳහන් වන්නේ එම ප‍්‍රමාණය අක්කර 1080 ක් බවය. නමුත් අපගේ අදහස නම් කැපූ වනාන්තර ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ වෙන යම් රජයේ පරිසර බලධාරීන් කළ යුතුව ඇත්තේ ගුවන් හමුදාව යොදවා අහසේ සිට මෙම වනාන්තර විනාශය නිරීක්‍ෂණය කිරීම නොව රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලවා එම ප‍්‍රමාණය නිවැරදිව ගණනය කළ යුතුවීමය. එවැන්නක් අදටත් සිදුවී නැත.
කෙසේ හෝ හෙළිපෙහෙළි කරන ලද විල්පත්තු උතුරු වනාන්තර කලාපයේ මරිච්චකට්ටු, කල්ලාර් ප‍්‍රදේශයේ ඉදිකළ ජාසිම් නිවාස ව්‍යාපෘතිය යටතේ පළමු අදියරේදී නිවාස 179 ක් ඉදිකිරීමට සැලසුම් කෙරිණි. එහි දෙවැනි අදියර වූ ‘නූරා විලේජ්’ හි තවත් නිවාස 100 ක් ද ඉදිකිරීමට සැලසුම් කෙරිණි. නමුත් සැබෑව නම් මෙම නිවාස 279 සහ පල්ලි, ප‍්‍රජාශාලා, රෝහල්, පාසල්, ඇතුළු අනෙකුත් ගොඩනැඟිලි ද ඇතුළත්ව සැලකුවත් ඒ සඳහා අක්කර 3400 ක ප‍්‍රමාණයක් අවශ්‍ය වීද යන්නය. අප විසින් එම ප‍්‍රදේශයන්හි කරන ලද ගවේෂණවලදී කැලෑ ඉඩම් කට්ටි කර, දෙපසින් මාර්ග සකස් කර නිවාස නැති එවන් පාලූ මාර්ග දිගේ ද විදුලිය පහසුකම් ලබාදී තිබුණු බව දැකගත හැකිවිය.

මෙම ජනාවාසකරණයට හා වනාන්තර විනාශයට එරෙහිව එකල දැඩි විරෝධයක් දකුණේ සමාජයේ ඇතිවිය. නැවත පදිංචිකිරීමේ මුවාවෙන් වනාන්තර විනාශ කිරීමත් හිතු මනාපයට ඉඩම් අත්පත්කර ගැනීමත් නිසාය.

එනමුත් ඒ අතරතුර ‘ජාසිම් සිටි’ නිවාස ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර නිමාකරන්නට රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා කටයුතු කළේය.

මේ සඳහා කටාර් රාජ්‍යයේ බින් අහමඞ් ජාසිම් සංවිධානය සහ ‘ඔස්ටේ‍්‍රලියන් ඒඞ්’ ආයතනවල අරමුදල් යෙදවිණි. අප දන්නා පරිදි මේ සඳහා ආයෝජනය කළ මුදල කෙතෙක් දැයි යන්න පැහැදිලි නැති අතර එය මධ්‍යම රජය හරහා වැයකර නොමැති බව ද හෙළිදරව් වී ඇත. ඍජුවම නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් (Organද්‍යzatද්‍යon For Habද්‍යtatද්‍යon Resources and Development) සංවිධානයක්


අටවාගෙන ඒ හරහා අරමුදල් ලබාගෙන ඇත. එනමුත් එකල ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ද මෙහි කොටස්කරුවකු වූ නමුත් අරමුදල් ලබාගැනීම සහ විය පැහැදම් කිරීම පිළිබඳව මධ්‍යම රජයට තොරතුරු හා කරුණු දක්වා නැත.

‘ජාසිම් සිටි’ නිවාස ව්‍යාපෘතිය සඳහා හෙළි පෙහෙළි කරන ලද වනාන්තරවලින් අක්කර 500-600 ත් අතර ප‍්‍රමාණයක් පමණක් භාවිත කර ඇත. නිවාස 179 කින් හා පල්ලි, වෛද්‍ය මධ්‍යස්ථාන, ප‍්‍රජා ශාලා වැනි පහසුකම් ද ඇතුළුව තැනුණු මෙම නිවාස සංකීර්ණය සඳහා අරමුදල් සපයා ඇත්තේ කටාර් රාජ්‍යයේ නායක ‘‘ශෙයික් අහමඞ් බින් ජාසිම්’’ කුමරු හා ඔහුගේ දියණියක විසිනි. ‘බින් ජාසිම් අරමුදල’ නම් වන්නේ ඔවුන්ගේ සංවිධානයයි.

මෙම නිවාස ව්‍යාපෘතිය නැවත පදිංචි කිරීමේ සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සහභාගිත්වයෙන් හා කටාර් රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් විසින් විවෘත කරන ලද නමුත් ශ‍්‍රී ලංකා රජයේ වෙනත් මැති ඇමැතිවරුන් කිසිවකුගේ හෝ සහභාගිත්වයෙන් තොරව විවෘත කිරීම ද විශේෂත්වයකි.

තවත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අරමුදල් සපයන්නේ ‘ඔස්ටේ‍්‍රලියන් එඞ්’ ආයතනයයි.

සැබැවින්ම විල්පත්තු උතුරු කැලෑ කපා මෙසේ පදිංචිකරවන ලද පුද්ගලයන් සියල්ල යුද්ධය නිසා අනාථ වූ පිරිස් නම් අපට හිතහදාගත හැකිව තිබේ. එහෙත් මෙසේ හෙළි පෙහෙළි කරන ලද බිම් ප‍්‍රමාණය නිවාස විසි - තිස්දහසක් සෑදීමට සෑහේ. සැබෑව නම් නැවත පදිංචි කිරීමේ එකල

ඇමැතිවරයාගේ අරමුණව තිබී ඇත්තේ මෙහි නිවාස විසිදහසක් ඇති කිරීම සඳහාය. දැනගන්නට ලැබෙන පරිදි ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධීව රැඳී සිටින හා අනාථව රැඳී සිටින පකිස්තානුවන් බොහොමයකට ද මෙහි නිවාස තනාදීමේ සූදානමක් පැවති බවය. එසේම දැනටමත් තුර්කි ත‍්‍රස්තවාදීන් පනස් දෙනකු මෙරටට ඇතුළු වී ඇති බව තුර්කි රජයම පවසයි. සවුදි, කටාර් යන රටවල පුද්ගලයන් ද ඇතුළුව විදෙස් ඉස්ලාම්වරු සඳහා නිවාස තනාදීම් ද මෙහි එක් අරමුණක් වී තිබුණත් දකුණෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් එම කටයුතු ව්‍යර්ථව ඇත.

නමුත් අපගේ යෝජනාව නම් නව ආරක්‍ෂක ලේකම්වරයකු, නව පොලිස්පතිවරයකු පත්ව සිටින මේ මොහොතේ ජාසිම් සිටි නිවාස ව්‍යාපෘතිය තුළ නිවාසලාභීන් කවුරුන්ද ඒ කෙනෙක්ද? ඔවුන් සියයට සියයක්ම දේශීය මුස්ලිම් ජනයා හා අවතැන් වූවන් ද? විදෙස් පුද්ගලයන් ඒ අතර සිටීද? යන සොයාබැලීම් වහාම එහි කළ යුතුව ඇත. තුන් පැත්තකින් ඝණ වනාන්තරයට සීමා වූ තවත් පැත්තකින් පකිස්තානය ඔස්සේ සංක‍්‍රමණිකයන්ට පාර කපන ඉන්දියානු සාගරයට සීමා වූ මෙම නිවාස ව්‍යාපෘතිය පැහැදිලිවම ආරක්‍ෂිත බලකොටුවකි. දකුණෙන් හුදෙකලාව, වෙන්ව පවතින මෙම ප‍්‍රදේශය සිලාවතුර, මන්නාරම ප‍්‍රදේශයට ප‍්‍රවිශ්ඨවන බැවින් දකුණේ සම්බන්ධය ඉතා අල්පය. ආරක්‍ෂක හමුදා සම්බන්ධතාව ඇත්තේ මොල්ලිකුලම නාවික කඳවුර පමණකි.
එබැවින් අද අපට ප‍්‍රශ්න වැලක් ඉතිරිව ඇත. එනම් විල්පත්තුව කපා හැදුව ‘ජාසිම් සිටි’ ව්‍යාපෘතිය කාටද? යන්නයි.
එහි පිටස්තරයෝ (විදේශිකයන්) පදිංචිව ඇත්දැයි වහා සොයා බැලීම අත්‍යවශ්‍යයෙන් කළ යුතුය.
හෙළි පෙහෙළි කරන ලද ප‍්‍රදේශයේ ඉඩම් තවදුරටත් බෙදාදීමට අදහස් කර ඇත්තේ කාටද?
‘ජාසිම් සිටි’ ව්‍යාපෘතියට ලැබුණු කටාර් හා ඔස්ටේ‍්‍රලියාන් ඒඞ් අරමුදල කොපමණද?
ඒවා මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් කරන ලද්දේ කෙලෙසද?
එම ආධාර මුදල් මධ්‍යම රජය හරහා භාවිත කර තිබේද? නැතිනම් ඊට හේතු කවරේද?
එසේ වියදම් කළ පුද්ගලයන් කවුරුන්ද? 

හා ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් තුළට මෙම මුදල් බැර වී ඇත්ද?

එසේ නම් ඔවුන්ට ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ග මොනවාද...?

කල්ලාර් - මරිච්චකට්ටු අක්කර 3400 ක් වන විනාශයෙන් කපා ඉවත් කළ දැව ශාකවලට සිදුවූ දේ කුමක්ද?

දැව සංස්ථාව ඒවා ලබා නොගත්තේ නැත්තේ ඇයි?

එම දැව අයුතු විකිණීමෙන් ආදායම් ලබාගත්තේ කවුද? හා එහි සමස්ත වටිනාකම කොපමණද?

කවුරුන් විසින් හෝ හොර රහසේ විකුණාගෙන ඇති බැවින් රාජ්‍ය සම්පත් අයථා භාවිතය අනුව එවුන්ට ලබාදෙන දඬුවම් මොනවාද?

ඒ අපට පැන නඟින ප‍්‍රශ්න වැලකි.

අප දන්නා තරමින් එවක නැවත පදිංචි කිරීමේ හා කර්මාන්ත ඇමැති රිෂාඞ් බදියුදීන් මෙහි ව්‍යාපෘති අධීක්‍ෂකවරයාය.

ආර්ථික කටයුතු අමාත්‍යාංශය, නැවත පදිංචි කිරීමේ විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ද මීට ඍජුවම සම්බන්ධ වූ ආයතන වේ.

එසේ නම් මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක් සිදුකර මෙහි සිදුව ඇති අනර්ථයන් රටට හෙළිදරව් කරන ලෙස ජනාධිපතිතුමන් ඇතුළු වත්මන් රාජ්‍ය ආරක්‍ෂක හා බුද්ධි නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නට කැමතියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.