* ආණ්ඩුවේ විහිළු දැක දරුවෝ පාසල් නොයති
* රජය යන්නට සැරසෙන ජනපති ජේආර් ගිය ගමන
* මුස්ලිම් පල්ලි පරීක්ෂාවේදී හමුදාවට කොන්දේසි
ජාතියේ
අවාසනාව පිළිබඳ මේ කතාව දැන් නොකියාම බැරි තැනකට තල්ලූ වෙමින් ඇත. මේ
මොහොතේ රට ඉදිරියේ තිබෙන්නේ බරපතළ අභියෝගයකි. එහෙත් යථාර්ථය ඇත්තේ සැඟවීය.
පැහැදිලිවම කිවහොත් සැඟවෙමින් නොව, එය ඇත්තේ සඟවා දමමින්ය. ඉතිං පෙනෙන්නට
තිබෙන ඒ ඇත්ත දැන දැනත් නිහඬව සිටිය හැකිද....?
ඉතිහාසය තුළ අප
කියවා ඇති කාවන්තිස්ස නිරිඳුන්ගේ පතෝල, වැටකොළු සිස්ටම් එක එදා ඔහුගේ පුත්
දුටුගැමුණු කුමාරයාට බරපතළ ගැටලූවක් මතු කළේය. ඒ හමුවේ ඔහු කළේ පසෙකින්
ගොළු මුහුද සහ අනෙක් පැත්තෙන් හැඩි දෙමළුන් යැයි පවසමින් වකුටුව නිදා ගැනීම
විය.
ඉතිහාසයේ කතාව එසේ වුවද අද අප ජීවත්වන වර්තමානය ඊට බොහෝ
වෙනස් වී ඇත. දැන් මේ රට ඉදිරියේ එක් පැත්තකින් තවමත් සිටින්නේ හැඩි
දෙමළුන්ය. අනෙක් පැත්තෙන් ඇත්තේ ගොළු මුහුද සමග අන්තවාදී ඉස්ලාමයේ මිනීමරු
ත්රස්තවාදීන්ය. ඇත්ත එය වුවද ආණ්ඩුව කාවන්තිස්ස තියරිය අනුගමනය කිරීමට
වෙහෙසෙන බවක් පෙනෙන්නට නොතිබේද? පැහැදිලවම පෙනෙන්නට ඇත්තේ එවන් වටපිටාවකි.
හේතුව මැතිවරණයකදී ලැබෙන සුළු ජාතික ඡන්ද ටිකය. රටත් ජනතාවත් වැනසී ගියත්
ඒ ඡන්ද ටිකෙන් බලයට එමියි සිතන මජර දේශපාලන විඥාණය සියල්ලට මූලික වී ඇත.
එහෙත් ආණ්ඩුවක් එසේ පාණ්ඩු න්‍යායෙන් කටයුතු කරද්දී ජාතියක් වශයෙන් අප
වකුටුව නිදන්නට සැරසුණහොත් කුමකින් කුමක් සිදුවනු ඇතිද?
වේලූපිල්ලේ ප්රභාකරන්ගේ තිස්වසරක ත්රස්තවාදයේ ශාපයෙන් සියදහස් වාරයක්
මැරි මැරී උපන් අපට යළිත් ඒ ගමන මුල සිට ආරම්භ කිරීමට මේ පාදඩ දේශපාලනය
නිසා ඒකාන්තයෙන්ම සිදුවනු ඇත. අතීතයේදීද මෙය මේ ආකාරයෙන්ම සිදුවිය.
එදා යාපනය නගරාධිපතිව සිටි ඇල්ප්රඞ් දොරේඅප්පා මහතා අමානුෂික ලෙස වෙඩි
තබා මරා දමන විට වේලූපිල්ලේ ප්රභාකරන් යනු සාමාජිකයන් පහළොස් දෙනකුගෙන්
පමණ සමන්විත, අද සමාජගත භාෂාවෙන් කිවහොත් පාතාල කණ්ඩායමකට නායකත්වය දුන්
අපතයකු විය.
එහෙත් 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා
ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ රජයට එදා ප්රභාකරන් නම් වූ ඒ පඟර නැට්ටා
අල්ලා දමනය කිරීමේ වුවමනාවක් නොතිබිණි. ජාතික අසමගිය හමුවේ රාජ්‍ය පාලනය
කොරාන්ට පහසු යැයි ජයවර්ධන මහතාට වැටහී තිබීම ඒ අතපසු කිරීමට හේතුවුවාද විය
හැකිය. ජේ.ආර්. ගෙන් පසුව පැමිණි පේ‍්‍රමදාස යුගයද අයත් දාහත් අවුරුදු
එජාප පාලනය පුරාම එය එසේම සිදුවිය.
ඉන්පසුව මේ රට භාර වූ
ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලයේද එලෙසින්ම කටයුතු සිදුවූ
අතර එයට තිත තැබුණේ මහින්ද රාජපක්ෂයන් රට භාරගැනීමෙන් පසුවය.
එහෙත් මේ අවසානයට අප ළ`ගාවන විට ජාතියක් වශයෙන් ශී‍්‍ර ලාංකිකයන්
වේලූපිල්ලේ ප්රභාකරන් ඉදිරියේ සිදු කරන ලද ජීවිත පූජාව ඉතාම බරපතළ එකක්
විය. මේ රටේ මෑත ඉතිහාසය විමර්ශනයේදී එය මැනවින් වටහාගත හැකිය.
එසේ ඉතිහාසය විසින් කියා දී ඇති පාඩම පැහැදිලිවම අප ඉදිරියේ තිබියදීත්
වත්මන් අර්බුදය හමුවේ අද ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ කුමක්ද? ආණ්ඩුව මේ
සැරසෙන්නේ එදා ජේආර් ගිය ගමනට යළි පණ දීමටද?
කියන්නට වචන නැත.
ඉකුත් අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කි්රස්තියානි ජනතාව සහ
විදේශික සංචාරකයන් ඉලක්ක කර එල්ල කෙරුණු ඉස්ලාම් අන්තවාදයේ ම්ලේච්ඡු
ප්‍රහාරය පැහැදිලි ලෙසම ත්‍රස්තවාදී ප්රහාරයකි. එසේම එය පෙන්වා දිය
හැක්කේ 1977 දී වේලූපිල්ලේ ප්රභාකරන් සිටි තැනටත් එහා ගිය ඉතාම
සංවිධානාත්මක සහ ජාත්‍යන්තරය දක්වාම විහිදුණු එකක් ලෙසිනි.
ඇත්ත
එය වෙද්දී අපේ‍්‍රල් 21 ප්‍රහාරය පිළිබඳ කතා කරන ආණ්ඩුව අද රටට කියන්නේ
කුමක්ද? ආණ්ඩුවට අනුව සහරාන් හෂීම් නමැති ඉස්ලාම් ත්රස්තවාදියා නිර්මාණය
කළ තව්හිද් ජමාත් නමැති ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් මෙරට තුළ සිට
ඇත්තේ ඉතාම සුළු පිරිසකි. ඉන් 152 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන අවසන්
බවද කියන ආණ්ඩුව තව දෙතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද කියයි.
මේ අනුව බලන කල දැන් රටේ ප්‍රශ්නයක් නැත. එසේ වුවද ආණ්ඩුවේම කොටස්කරුවකු
වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත්
ෆොන්සේකා කියන්නේ වෙනත් කතාවකි.
ඔහුට අනුව අපේ‍්‍රල් 21
ප්‍රහාරයත් සමඟ රට තුළ මතුවූ ඉස්ලාම් ත්‍රස්තවාදී අර්බුදය විසඳා ගැනීමට
නම් අවම වශයෙන් තවත් දෙවසරක පමණ කාලයක් අප සැලසුම් සහගත කි‍්‍රයාදාමයක්
සිදු කළ යුතුය. මේ කතාව කියන්නේ එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහි සටනේදී මේ
රටේ යුද හමුදාවට නායකත්වය දුන් හමුදාපතිවරයාය. එනිසා එය ලෙහෙසියෙන් බැහැර
කිරීමටද කිසිවකුටත් නොහැකිය.
සරත් ෆොන්සේකා මහතා එසේ කියද්දී
දැනුවත්ව සිටියද සහරාන් හෂීම්ගේ ත්රස්තයන් අත්අඩංගුවට ගැනීමට රටේ නීති
නොතිබුණේ යැයි පසුගිය දිනවල විදේ මාධ්‍යයට කී අගමැති රනිල් වික්‍රමසිංහ
මහතා දැන් කියමින් සිටින්නේ අවදානම තවමත් අවසන්ව නොමැති බවකි.
ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ රජය අද රටේ ජනතාවට දෙන පණිවිඩය
තිබෙන්නේ මෙවන් තැනකය. එසේ නම් ජනතාව තේරුම් ගතයුතුව ඇත්තේ කුමක්ද? කවුරුන්
කුමක් කීවත් මරණයේ අවදානම තවමත් අවසන්ව නැති බව නොවේද?
පවතින බරපතළ තත්ත්වය පිළිබඳ ඇත්ත දැනදැනත් ආණ්ඩුව මේ දේශපාලනික පැවත්ම හමුවේ කළු යකා සුදු කිරීමට සැරසීමය. එය මොනතරම් කැතද?
මේ අන්දමට මිනීමරු ත්රස්තවාදයක් හමුවේ රටට විහිළු සපයමින් සිටින රජය මේ
දිනවල කරන ලොකුම විහිළුව වී බවට දැන් පත්ව තිබෙන්නේ දරුවන් පාසල්
එවන්නයැයි කියමින් ජනතාවට කන්නලව් කිරීමය. මේ රටේ මිනිස්සු ප්රභාකරන්ගේ
බෝම්බ හතර අතේ පත්තු වෙද්දීත් එදා තමන්ගේ දරුවන් පාසලට යැවූහ.
එසේ කළේ රාජ්‍ය පාලනය කෙරෙහි තිබූ විශ්වාසය නිසාය. ආරක්ෂාව සම්බන්ධයෙන්
ඇතිවූ විශ්වාසය නිසාය. ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේදී තමන්ගේ උපරිම
සහායද රජයට ලබාදිය යුතු බවට හැ`ගීමක් ජනතාව තුළ තිබූ නිසාය. අපේ මව් පියන්
පාසලට ගොස් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඳවුරු බැන්දේ ද ඒ හැ`ගීම නිසාය.
එහෙත් අද දවසේ රටේ ජනතාව තුළ එවන් වූ විශ්වසනීය හැ`ගීමක් ආණ්ඩුව කෙරෙහි
නැත. රජය දහඅතේ වැඳ වැටෙද්දීත් අද දවසේ තමන්ගේ දරුවන් පාසලට එවීමට
දෙමාපියන් බියවී සිටින්නේ එකී අවිශ්වාසී හැ`ගීම නිසාය.
එවන්
හැ`ගීමක් අද ජනතාව තුළ ජනිත වී තිබෙන්නේද නිකම්ම නොවෙති. ගෙවී ගිය වසර හතරක
කාලය පුරාම රජයෙන් සිදුවූ සමස්ත හතරවරං කි‍්‍රයාදාමය එයට එක් හේතුවක් වී
ඇත. අනෙක් කරුණ වන්නේ රටේ මිනිස්සු තුන්සිය පනහකට මරු කැඳවමින් එල්ල කළ
බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් හමුවේ මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින්
සිටින අලජ්ජී ආකාරයය.
යළි යළිත් කිවයුතු නැහැ. අපේ‍්‍රල් 21
පාස්කු ඉරිදා ඉතා සංවිධානාත්මක වූ භිහිසුණු ත්‍රස්තවාදී ප්රහාරයකි. ලොව
ඕනෑම රටක් මෙවන් සිදුවීමකදී කටයුතු කළ යුතු ක්‍රමයක් ඇත. ඒ ක්‍රමය
කුමක්දැයි පසුගියදා මෙරටට පැමිණ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ
ශාලාවේදී දේශනයක් පැවත්වූ ශී‍්‍ර ලංකාවේ හිටපු ඇමැරිකානු තානාපති රොබටෝ
බ්ලේක් මහතා ආණ්ඩුවට පෙන්වා දුන්නේය.
ඇමරිකානු ජාත්‍යන්තර
දේශපාලන දැක්ම අනුව මේ රටේ සිටි තානාපතිවරයා ලෙස ප්රභාකරන් පරදිනු
දකින්නට රොබටෝ බ්ලේක් එදා අකමැති විය. එහෙත් අකමැත්තතෙන් වුව ප්රභාකරන්ට
පරාජය අත්වූ හැටි හේ සියැසින් බලා සිටියේය.
එහිදී ඔහුට ඉකුත්
2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් පසු ඇමරිකාව
ත්රස්තවාදයට එරෙහිව කි‍්‍රයාත්මක වූ අන්දමද සිහියට නැගෙන්නට ඇත.
ඒ අනුව අපට එල්ලවූ ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ එදා එල්ටීටීඊය
පරාජය කළ සටනේදී මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ ගිය මඟ
ශී‍්‍ර ලංකාව යළි ගමන් කළ යුතුව ඇතැයි රොබටෝ බ්ලේක් මහතා ප්‍රසිද්ධියේම
කීය.
කලක් ආසියානු කලාපය භාර ඇමැරිකානු රාජ්‍ය ලේකම්වරයාද වූ
රොබටෝ බ්ලේක් මහතා වැනි හසල අත්දැකීම් ඇති අයකු ඉස්ලාම් ත්රස්තවාදයට
එරෙහිව කි‍්‍රයාත්මක වියයුතු අන්දම එසේ පෙන්වා දෙද්දීත් වත්මන් රජය මේ
මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද?
රට ඉදිරියට පැමිණි අභියෝගය
හමුවේ අද සියල්ල සිදු කරමින් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
විසිනි. එහිදී සිදුවෙමින් තිබෙන්නේ එකෙක් අල්ලාගෙන උගෙන් අසා දැනගත් කරුණු
අනුව අනෙකා අල්ලා ගනිමින් සිදු කෙරෙන පොලිසිය කසිප්පු අල්ලන අකාරයේ
මෙහෙයුමකි.
ආණ්ඩුවට සීඅයිඞීයෙන් එහා ලෝකයක් නැති සේය. එනිසා
සහරාන් හෂීම්ගේ ඉස්ලාම් ත්‍රස්තවාදය පිළිබඳ මනා අවබෝධයක් ඇති යුද සහ නාවික
බුද්ධි නිලධාරීන් තවමත් සිටින්නේ කුණු මුල්ලේය. අවම තරමින් මේ වන තෙක්
සීඅයිඞී අත්අඩංගුවේ සිටින ඉස්ලාම් ත්රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේ
අවස්ථාවවත් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබී නැත. රනිල් වික්‍රමසිංහ මහතා
ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයකට ඇති බුද්ධි අංශ ඇලජික් එක මෙයට
හේතු වී තිබෙනවාදැයි අපි නොදනිමු. එහෙත් මේ මොහොතේ සිදුවිය යුත්තේ මෙයද?
මේ අන්දමට කටයුතු කිරීමෙන් අද රට ඉදිරියේ ඇති ඉස්ලාම් ත්රස්තවාදයට
එරෙහිව නිසි පියවර ගැනීමට හැකි වෙතැයි ආණ්ඩුව සිතන්නේද? එවන් කල්පනාවක රජය
සිටින්නේ නම් අපට කියන්නට ඇත්තේ අංගොඩ කොටු තාප්පය ඇතුළේ සිටින අයටත් මීට
වඩා හොඳට මේ රට පාලනය හැකියි යන්නය.
සහරාන් හෂීම් මෙදා රට
ඉදිරියට රැගෙන ආ ඉස්ලාම් ත්‍රස්තවාදය මේ බිමෙන් මුලිනුපුටා දැමීම මෙසේ
කි‍්‍රයාත්මක වීමෙන් අපට කිසිදා කළ නොහැකිය. අද පොලිසිය කරන පරිදි එකින්
එකා අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ප්රශ්නය විසඳා ගැනීමට වෙහෙසීම කිසිසේතම
ප්‍රායෝගික නැත.
ඕනෑම තැනකදී ත්‍රස්තවාදය යනු අභිරහස්
කි‍්‍රයාදාමයකි. ත්රස්තවාදියා සිටින්නේ සාමාන්‍ය ජන සමාජය තුළය. එවැන්නකු
එකවර හඳුනා ගැනීම අපහසුය. මේ රටේ හොඳම ව්‍යවසායකයන් ලෙස සම්මානයට
පාත්රවී සිටියදීත් දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයකු
වූ මොහොමඞ් ඊබ්රාහිම්ගේ පුත්තු මෙම සිද්ධියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්
ලෙස අප ඉදිරියට එන්නේ ඒ අභිරහස් බව නිසාය.
ඒ අනුව ත්‍රස්තවාදය
අවසන් කිරීමේදී ඒකාන්තයෙන්ම සිදුවිය යුත්තේද අතිශය රහස් කි‍්‍රයාදාමයකි. එය
කළ යුත්තේ ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු සියලූ පාර්ශ්ව එක් තැනකට
කේන්ද්‍රගත කරමින් සිදු කෙරෙන රටේ බුද්ධි අංශ සකී‍්‍රයව දායක වන ඒකාබද්ධ
කි‍්‍රයාන්විතයක් තුළිනි.
ඇත්ත එය වුවද අද ආණ්ඩුවට
නොවැටහෙන්නේද මේ කරුණය. භයානක අභියෝගයක් රට ඉදිරියේ තිබියදී පොලිසිය අතරේ
හුවමාරු කෙරෙන ත්රස්තවාදයට අදාළ රහසිගත සහ බිහිසුණු අනතුරු ඇඟවීම් සහිත
ලිපි පවා මේ මොහොතේ රටේ ජනතාව හොල්මන් කරමින් සමාජ ජාල වෙත එන්නේද රජයේ මෙම
අච්චාරු වැඩපිළිවෙළ නිසාය. ඒ අනුව දිනෙන් දිනම සිදුවෙමින් තිබෙන්නේ ජනතාව
තුළ අනාරක්ෂිත හැ`ගීම් වර්ධනය වීමය.
රූපවාහිනිය ඉදිරියට එන
ආරක්ෂක ප්‍රධානීන් කුමක් කීවත් වැඩක් නැත. හරි දේ සිදු කෙරෙනතුරු කිසිවක්
නිවැරදි වන්නේ නැත. ආණ්ඩුව වටහාගත යුත්තේ මේ ඇත්තය. එහෙත් ඇත්ත වටහා ගනු
වෙනුවට ආණ්ඩුව අද තවත් පැත්තකින් කරමින් සිටින්නේ කුමක්ද?
මේ
රටේ ආරක්ෂක හමුදාවන්ට හොඳ විනයක් සහ හික්මීමක් ඇත. ඉකුත් දා ඉස්ලාම්
ත්රස්තවාදීන් පිරිසක් අම්පාර සයින්දමරුදු හිදී සිදුකළ බෝම්බ පුපුරවා
ගැනීමේදී බරපතළ ලෙස තුවාල ලබා සිටි සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියාගේ
බිරිඳ හා දරුවා බේරා ගැනීමට තරම් අපේ ආරක්ෂක අංශ කාරුණික වූයේ ඒ හික්මීම
නිසාය.
එසේ විනයක් සහිතව කි‍්‍රයාත්මක වන හමුදාවන්ට ඉකුත්
බ්‍රහස්පතින්දා ඉස්ලාම් පල්ලි පරීක්ෂාවේදී අනුගමනය කළ යුතු කොන්දේසි
මාලාවක් පැණවීමට රජය කටයුතු කරනු ලැබීය. එයට හේතුව වූයේ මේ දිනවල මුස්ලිම්
ජාතිකයන් නෝම්බි උපවාසයට එක්ව සිටින බැවින් පරීක්ෂා කිරීම්වලදී ඔවුන්ට
හිරිහැරයක් සිදු නොවිය යුතුයි යන කරුණ ඉස්මතු වීම විය.
මෙය රජය
හමුවට ගෙන ආවෝද මුස්ලිම් ආගමික හා සංස්කෘතික ප්රධානීහුය. එහෙත් රට තුළ
ඇතිවූ තත්ත්වය සහ සමස්ත ජනතාවගේ ජීවිත ආරක්ෂාව පැත්තෙන් බලන කල රජය ගනු
ලැබූ මෙම තීරණය ඥානාන්විත එකක්ද?
ඕනෑම අයෙකුට රිසිසේ තමන්ගේ ආගම
ඇදහීමේ නිදහස මේ රටේ සුරක්ෂිත වියයුතුය. එහි කතා දෙකක් නැත. එසේ වුවද
බෝම්බ සහ කඩු කිණිසි තිබෙන්නේ පල්ලි ඇතුළේ නම් පරීක්ෂා කිරීම හැර වෙන
කරන්නේ කුමක්ද?
එසේ නොකරන්න නම් මින් ඉදිරියට ඉස්ලාම් පල්ලි
තුළ මාරක අවිආයුධ නොතිබෙනු ඇතැයි සහතික වන්නට මෙරට අතිබහුතර මුස්ලිම්
ප්‍රජාව සම්බන්ධ ආගමික නිකාය වන තබ්ලිග් ජමාත් නිකායේ ප්‍රධානීන්ට සහ එය
පාලනය කරනු ලබන ජමියතුල් උලමා සංවිධානයට හැකියාවක් තිබිය යුතුය. ඒ සහතිකය
දෙන්නට මෙකී ආගමික නායකයෝ සූදානම්ව සිටිතිද?
ඔවුන්ට ඒ හැකියාව
නැත. එහෙත් ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කරන්නට හැකියාව ඇත. එසේ ගෙනෙන
ඉල්ලීම්වලට ක්ෂණිකව ඇහුම්කන් දී කටයුතු කරන්නට ආණ්ඩුව සූදානම්ය. හේතුව වී
තිබෙන්නේ රටට හෙණ වැදුණත් බලයට අවශ්‍ය යැයි දේශපාලනඥයන් කල්පනා කරන සුළු
ජාතික ඡුන්ද ටික නොවේද?
මෙසේ ආණ්ඩුවට කියා නෝම්බි සමයේ නිදහසේ
යාඥා කිරීමට අවස්ථාව උදාකරගත් ජමියතුල් උලමා සංවිධානය ප්‍රධාන මුස්ලිම්
දේශපාලන සහ ආගමික මෙන්ම සංස්කෘතික ප්‍රධානීන් එකතුව පවතින තත්ත්වය පිළිබඳ
කතා කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. එය ඔවුන්ගේ
අදහස් ප්‍රකාශ කිරීමට පමණක් සීමා වූවක් මිස මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමේ
අවස්ථාවක් නොලැබුණු විශේෂිත එකක්ද විය.
එහිදී ඔවුන් කීවේ
කුමක්ද? මෙම මාධ්‍ය හමුවේදී මුලින් අදහස් දැක්වූ සමස්ත ලංකා මුස්ලිම්
සංස්කෘතික සංගමයේ ප්‍රධානී එන්. එම්. අමීන් මහතා කියන්නට වූයේ තමන් ඇතුළු
සමස්ත මුස්ලිම් ප්‍රජාව රට තුළ සිදුවූ බෝම්බ පිපිරවීම පිළිබඳ කිසිවක්ම දැන
නොසිටි බවය.
එසේම මුස්ලිම් නිවාසවල කඩු තිබෙන්නේ තමන්ගේ
දියණිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවද කී හෙතෙම එසේ කඩුවක් තබා ගැනීම නීති
විරෝධී දෙයක් ලෙස නොසිතන්න යැයි අපූරු ඉල්ලීමක්ද කළේය.
ඇත්ත
වශයෙන්ම තබ්ලිග් ජමාත් සහ ජමියතුල් උලමා ඇතුළු අති බහුතර මුස්ලිම්වරුන්
අයත් වන ඉස්ලාම් ආගමික් නිකායන් සහ සංස්කෘතික ප්‍රධානීන් ඉස්ලාම් අන්තවාදය
තුළින් මතුවූ සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදය මෙවන් බිහිසුණු ප්‍රහාරයකට
සූදානම් වන බව නොදැන සිටියේ යැයි කියන්නේ හිතට එකඟ වූ අවංක හැ`ගීමකින්ද?
මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතරට නිකාබය සහ බුර්කාව ආවේ මෙකී
ආගමික නිකායන් බිහිවීමෙන් පසුව ය. හලාල් සංස්කෘතියක් නිර්මාණය කෙරුණේ සහ,
මුස්ලිම් බැංකු ආදිය ආරම්භ වෙමින් රටේ සාමාන්‍ය නීතිය ඇතැම් තැන්වලදී
අබිබවා ගිය ඉස්ලාම් නීතියේ කොටස් මෙරට මුස්ලිම් ප්‍රජාව අතරට පැමිණියේ ද
ඔවුන් නිසාය
පැහැදිලිවම සිදු වූයේ මෙකී ආගමික නිකායන් සහ
සංවිධාන බිහිවීමෙන් පසුව මෙරට මුස්ලිම්වරුන් සෙසු සමාජයේ ඈතට ගෙනයෑම විය.
ආගමික අන්තවාදයක් තුළ එසේ මුස්ලිම්වරුන් සමාජයේ වෙන් කිරීමේදී, අන්තවාදය
අභිබවා යමින් සහරාන් හෂීම් ඇති කළාක් වැනි ත්රස්තවාදයක් බිහි වනු ඇතැයි
ඔවුන්ට කල්පනා නොවූයේ ඇයි?
එසේම ඉන්දියාවේ තමිල්නාඩුව
කේන්ද්‍රීයව ඇති තව්හිද් ජමාත් ආගමික සංවිධානය මෙරට තුළ ඇරඹෙද්දී
ප්‍රචණ්ඩකාරී අන්තවාදය දෙසට තල්ලූ වන මෙරට ඇතැම් මුස්ලිම්වරුන් එය
ත්‍රස්තවාදයකින් කෙළවර කරනු ඇතියි ජමියතුල් උලමා සංවිධානයට හෝ තබ්ලිග්
ජමාත් සංවිධානයේ ප්‍රධානීන්ට සිතුනේ නැතිද?
මේ රටේ මුස්ලිම්
ප්‍රජාව තබ්ලික් ජමාත් නිකාය සහ ජමියතුල් උලමා සංවිධානය සමඟ සෙසු සමාජයේ
ඈතට යද්දී මෙරට තුළ කි‍්‍රයාත්මක වූ මුස්ලිම් දේශපාලනය සියල්ල ජාතිවාදය
දෙසට රැගෙන යන බවක් මේ අය නොදුටුවේද? එහිදී ඇතැම් දේශපාලනඥයන් අන්තවාදයේ
සිටිමින් ප්‍රචණ්ඩත්වයට ඔක්සිජන් දුන් බවක් මොවුන් නොදැන සිටියේද?
නැත. මේ අනතුර කල්තබා දැකීමේ හැකියාව ඔවුන් සතුව ඕනෑවටත් වඩා තිබිණි.
එහෙත් සිදුවූයේ සියල්ලෝ නිහඬව සිටීම වූහ. ඒ තුළ වූයේ අභිබවා යෑමේ සහ
බලහත්කාරයේ ආත්මාර්ථය විය. සහෝදරත්වය සියුම් ලෙස ක්‍රමයෙන් අමතක කිරීම
විය.
එසේ නම් සහරාන් හෂීම්ලා පිළිබඳ හාන්කවිසියක්වත් දැන
නොසිටියේ යැයි කියමින් මොවුන් මේ කරමින් සිටින්නේ වරදකාරී හෘද සාක්ෂිය
සඟවා සමස්තය රැවටීමට වෙහෙසීම නොවේද?
කෙසේ වෙතත් දැන් සියල්ල
සිදුවී අවසන්ය. එනිසා සහෝදරත්වයේ නාමයෙන් මේ රට සහ ජනතාව වෙනුවෙන් සමස්ත
මුස්ලිම් ප්‍රජාවට කිවයුතු එකම එක දෙයක් මේ මොහොතේ අපට ඇත.
එය
වන්නේ පටු ආකල්පවලින් මිදී ජාති බේදයකින් තොරව එකම ශී‍්‍ර ලාංකික ජාතියක්
ලෙස මේ රට ගොඩනැගීමට දැන්වත් කටයුතු කරන්නැයි යන්නය. එසේම කිසිවක්ම නොදන්නා
බව කියමින් අද රට ඉදිරියට පැමිණි විටෙක කඳුළුද සලන ඔවුන් සහරාන් හෂීම්
එල්ල කළ මේ ප්‍රහාරය පිළිබඳ නොදන්නා තවත් ඉතාම වැදගත් කරුණක්ද මේ වන විට
අනාවරණය වී ඇත. එය රජය දන්නවාද යන්නද සැකසහිතය.
මතක තබා ගන්න
මෙහිදී ඉස්ලාම් ත්‍රස්තවාදය තුළ සිරවූ සහරාන් හෂීම් පසුපස කොටි ඩයස්පෝරාවද
සිටියේය. එය දැන පැහැදිලි වෙමින් ඇත. එසේ නම් ඉන් කියැවෙන්නේ මේ රට ගෙවෙන
මොහොතක් පාසා අතිශය භයානක මාවතක් දෙසට ඇදී යමින් තිබෙන බවය.
දේශපාලනය සහ බල ලෝබය පසෙක තබා මේ මොහොතේ ආණ්ඩුවත් අනෙකුත් සියලූ පාර්ශ්වත්
අවබෝධ කරගත යුතුව ඇත්තේ රටේ ඉරණම යළි ඛේදනීය කළ හැකි ඒ කතාවේ බරපතළකම
නොවේද?
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, May 12, 2019
ඒකාබද්ධ මෙහෙයුම් නෑ... ආණ්ඩුව වැට උඩ... ඉස්ලාම් නායකයන් සිටියේ සහරාන් ගැන නොදැනද?
Posted by
lankanews
at
May 12, 2019
Labels: kandy muslim attack, muslim agenda, muslim attack in churches, Muslim drugs dealers, Muslim extremist, pasku attack, racist rishard, rishard badurdeen, wilpaththu, Wilpattu National Park, yahapalanaya
ඒකාබද්ධ මෙහෙයුම් නෑ... ආණ්ඩුව වැට උඩ... ඉස්ලාම් නායකයන් සිටියේ සහරාන් ගැන නොදැනද?
2019-05-12T18:27:00+02:00
lankanews
kandy muslim attack|muslim agenda|muslim attack in churches|Muslim drugs dealers|Muslim extremist|pasku attack|racist rishard|rishard badurdeen|wilpaththu|Wilpattu National Park|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...